ප්‍රකටයන්ගේ ප්‍රකට කියුම් කෙරුම්


 නත්තල් සීය

එක දවසක් තෝමස් අල්වා එඩිසන්, හෙන්රි ෆෝ(ර්)ඩ් සහ හාවේ ෆය(ර්)ස්ටෝන් යන මිතුරන් තිදෙනා ගමනක් අතරතුරේදී පිරවුම් හළකට ගොඩ උනා වාහනයට ඉන්ධන ලබාගන්න. වාහනයෙන් එළියේ හිටි ෆය(ර්)ස්ටෝන් ඉන්ධන ලබා දෙන සේවකයත් එක්ක කතාබහක නිරත උනා. ඒ අතර ඔහු තමා කවුද කියල සේවකයාට හඳුන්වා දුන්න. “එතකොට අර කවුද?” ඔහු රථයේ පිටුපස සිටි එක් අයෙක් පෙන්වමින් ඇහුව. ෆය(ර්)ස්ටෝන් ඒ හෙන්රි ෆෝ(ර්)ඩ් බව සේවකයාට කිව්වා.

යම් නොරිස්සුමකින් සේවකයා රථයේ සිටි අනෙක් පුද්ගලයා කවුද කියාත් ඇහුව. ඒ තෝමස් අල්වා එඩිසන් බව ෆය(ර්)ස්ටෝන් කියා හිටිය. රථයේ ඉදිරිපස සිටි අනෙක් පුද්ගලයාට ඇඟිල්ල දිගු කරමින් සේවකයා “එතකොට මේ නත්තල් සීයා ද” කියා ඇහුව. එහි සිට ඇත්තේ ස්වභාව විද්‍යාඥ ජෝන් බරෝය. සුදු දිග රැවුල නිසා ඔහු මිතුරන් අතර ප්‍රකටව සිටියේ ද නත්තල් සීයා ලෙසයි.

 

හෝ චි මිංගේ අළු

හෝ චි මිංග් සැලකෙන්නේ වියට්නාමයේ නිර්මාතෘවරයා විදිහටයි. මියගිය පසු තමන්ගේ අළු බඳුනක බහා උස් කඳු මුදුන් තුනක භූමදානය කළ යුතු යයි ඔහු කියා තිබේ. “මේ වගේ ආදාහනයක් සනීපාරක්ෂාව පැත්තෙන් විතරක් නෙවෙයි වගා බිම් වලටත් හොඳයි” කියා හෝ චි මිංග් එය පැහැදිලි කර ඇත. (එහෙත් ඔහුගේ කැමැත්තට අනුව අවසන් කටයුතු සිදුව නැති අතර මොස්කව්හි ලෙනින්ගේ සොහොන අනුකරණය කරමින් හෝ චි මිංගේ මළ සිරුරද ස්මාරකයක ඔහුගේ දේහය තන්පත් කර ඇත).

 

මාරි කියුරිගේ අවවාදය

මාධ්‍යවේදියෙකු මාරි කියුරි  සොයා පැමිණෙන විට ඇය බ්‍රිතාන්‍යයේ නිවාඩුවක් ගත කරමින් සිටියෙ. නිවසේ ඉදිරිපස, වෙනදා සිටින ඇඳුමෙන්ම සැරසී සිටි නිසා මාධ්‍යවේදියා සිතුවේ ඇයගේ සේවිකාව තමා මේ ඉන්නෙ කියල.

මාධ්‍යවේදියා - ඔබද ගෙදර බලා ගන්නෙ ?             මාරි කියුරි - ඔව්

මාධ්‍යවේදියා - ඔබේ ස්වාමි දියණිය ගෙදර ඉන්නවද ?       මාරි කියුරි - නැහැ

මාධ්‍යවේදියා - ඇය ඉක්මනට එයිද ?            මාරි කියුරි - නැහැ

එවිට මාධ්‍යවේදියා ඇයගෙන් තම ස්වාමි දියණිය ගැන යමක් කියන්න කියා ඉල්ලා සිටිය.

“කියුරි මැඩම් පත්තර වාර්තාකාරයින්ට ලබා දෙන එකම පණිවිඩය මේකයි. මිනිස්සු ගැන ඒ තරම් කුතුහලයක් ඇතිකර ගන්න එපා. ඒත් මිනිස්සු කියන දේවල් ගැන පරිස්සමින්!”

 


මොලේ චීස් වගේ

හොලිවුඩයේ ගිණිසිළුව.. මැර්ලින් මොන්රෝ ගැනද සඳහන් වන්නේ අසාමාන්‍ය ගති තිබූ තැනැත්තියක් ලෙසයි. Some like it hot (1959) චිත්‍රපටයේ ඇතැම් දර්ශන නැවත නැවත බොහෝ වාරයක් රූපගත කිරීමට සිදුව තිබේ. “කමක් නැහැ. ඔයා දුක් වෙන්න එපා” රූගත කිරීම් වලින් පසු අධ්‍යක්ෂ බිලී ඇය අස්වසන්නට කී විට “දුක් වෙන්න මොනවද?” යනුවෙන් මැර්ලින් අසා ඇත. ඒ වගේම ඇය රූපගත කිරීම් වලට පමා වී එන හැම වාරයකම කියා තිබෙන්නේ “සමාවෙන්න, මට ඔබගේ ස්ටුඩියෝ එක හොයා ගන්න බැරි උනා” යන එකම බොරුවයි. මේ හැසිරීම් නිසා අධ්‍යක්ෂ සමස්ත රූගත කිරීම් අවසානයේ මෙහෙම කියල තියෙනව. “මැරිලින්ගෙ මොළේ හරියට ස්විස් චීස් එකක් වගේ. සිදුරුවලින් පිරිලා..!”

 

සාර්ථක ගැහැණිය

ලැනා ටර්නර් ද ඇයගේ කාලයේ සිටි ප්‍රකට, සුරූපී නිරූපිකාවකි, නිළියකි. සත් වරක් විවාහ වී ඇති ඇය සාර්ථක ගැහැණිය හා විවාහය ගැන මෙහෙම කියා තියෙනව.

“සාර්ථක මිනිසෙක් කියන්නෙ තම බිරිඳට වියදම් කළ හැකි ප්‍රමාණයට වඩා උපයන පුද්ගලයායි. සාර්ථක ගැහැණියක් කියන්නෙ එහෙම පිරිමියෙක් හොයා ගන්න පුළුවන් කෙනයි”

 

වේගවත්ම අවුරුද්ද

ක්ලිෆ් රොබ(ර්)ට්සන් ද ඔහුගේ කාලයේ සිටි දක්ෂ හා ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක්. අධ්‍යක්ෂකවරයෙක් හා නිෂ්පාදකයෙක්. ඒ වාගේම එකල ධනවත්ම නළුවන්ගෙන් ඉහලින්ම සිටි කෙනෙක්. විනෝදාංශය විදිහට පැරණි ගුවන් යානා එක්රැස් කිරීම් කළ ක්ලිෆ්ව  PT 109 (1963) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට එක් වූයේ ජෝන් එෆ්. කෙනඩිගේ ඇරයුමින් බව කියවෙනව. ඒම චිත්‍රපටයේ තේමාව වෙන්නෙත් කෙනඩිගේ හමුදා දිවියේ පැතිකඩ ගැනයි. ඔස්කා සම්මානය ලැබූ පසු ඔහු මෙහෙම කියා තියෙනව.

“නළුවෙකුගෙ ජීවිතේ වේගයෙන්ම ගෙවිල යන වසර තමයි ඔස්ක සම්මානය ලබා ගත් වසර. කොයි තරම් ඉක්මනට ගෙවිල යනවද කිව්වොත් ඊළඟ වසරෙදි සම්මානය ගත්ත කෙනාම අහන්න පුළුවන් ගිය අවුරුද්දෙ ඔස්කා සම්මානය ගත්තෙ කවුද කියල”.

 


මරන්නෙ කාවද

රුසියාව, ස්වීඩනය සමග යුධ වදිමින් සිටි කාලයේ රුසියානු අධිරාජිනී එළිසබෙත් මැතිනිය කොසාක් සෙබළ නායකයට පින්ලන්තයට යන අතරතුරේ රජ මැදුරට ද එන ලෙස දැන්නුව.

“ඔබතුමියගෙ පියරජු මං කීව අවවාදය පිළිගත්තා නම් අද මෙහෙම යුද්ධයක් වෙන්නෙ නැහැ” ඔහු කතාව අතරතුර ඇයට කිව්ව. “ඔබේ උපදෙස උනේ මොකක් ද” රාජිනිය ඇහුව. “හැම ශ්‍රේෂ්ඨ මිනිහෙක්ම මරන්න. සාමාන්‍ය මිනිසුන් රුසියාවට අරන් එන්න” ඔහු තම උපදෙස නැවත මතක් කළා. “ඒත් ඒක මහා සාහසික උපදේශයක් නෙ” අධිරාජිනිය කියා හිටිය.

“මටනම් ඒක එහෙම පේන්නෙ නැහැ. මොකද දැන් වෙන්නෙ ඕකේ අනෙක් පැත්ත” සෙබළ නායකයා කීව.

 

වෙනස

ඉන්දියාවේ බිහි වූ දාර්ශනික සුළු පිරිස අතුරෙන් කෙනෙක් ලෙස ස්වාමි විවේකානන්දව ද හඳුන්වන්න පුළුවන්. තම ජීවිතය දුප්පතුන් වෙනුවෙන් කැප කළ ඔහු අවුරුදු 39ක් වැනි තරුණ වයසේම ගිහි ජීවිතයෙන් ඈත්ව යෝගී ජීවිතයකට හුරු උනා. එහෙම වෙමින් තම මතය අන් අය වෙතද ගෙන ගිය විවේකානන්ද තම අදහස් ප්‍රකාශ කරමින් සිටියදී පිරිසේ එක් අයෙක් තමන් හෙලා දකින්න කටයුතු කරන බව දැක්ක. එතුමා සමග කතාබහක් ඇති වී “ස්වාමී ජී, වඳුරෙකුගෙයි, ශ්‍රමණයෙකුගෙයි අතර වෙනස මොනවගේ ද?” කියා ඔහු අසා සිටිය.

එවිට ස්වාමි විවේකානන්ද මෙහෙම කිව්ව. “ඇත්තෙන්ම ඉතාම සුළු වෙනසයි තියෙන්නෙ. මේ වෙලාවේ ඉන්නෙ එකම මේසෙ දෙපැත්තෙ”

 

වික්ට(ර්) හියුගෝගේ ලියුම

ලේ මිසරාබලලේ (Les misarables) කෘතිය රචනා කළේ ප්‍රංශ නවකතාකරුවෙකු වන වික්ට(ර්) හියුගෝ. සිංහල අනුවාදනය ‘මනුතාපය’ නමින් ප්‍රකාශ කරේ ඇමතිවරයෙකුද වූ ඊරියගොල්ල මහතා. හියුගෝ සාමාන්‍යය ලේඛකයන් මෙන් නොව සිටගෙන තම ලිවීම කළ බව සඳහන් වෙන්නෙ. ඔහු ‘ලේ මිසරාබලලේ’ ලියා ප්‍රකාශන සමාගමට භාර දී ටික කලකින් එහි විකුණුම් තත්ත්වය දැන ගැනීමට ලිපියක් යවා තියෙනව. එහි සඳහන්ව තිබුණේ “?” ප්‍රශ්නාර්ථ ලකුණ පමණයි. ප්‍රකාශකයා හියුගෝට පිළිතුරු ලිපියේ යවා තියෙන්නෙ “!” විස්මයාර්ථ ලකුණ සටහන් කරමින්. ඒ නොසිතූ ලෙස විකුණුමක් පෙන්වන බව අදහස් කරගෙන.

මේ ලිපි දෙක ලොව මෙතෙක් ලියැවුන කෙටිම ලිපි දෙක ලෙස ගිනස් පොතටද ඇතුළත් ව තියෙනව.

 


වයස හොරකම් කරන්න බැහැ

වරක් හංගේරියානු යුද්ධයේ සිටි කර්නල්වරයෙක් සමග නැපෝලියන් කතාබහක යෙදුනා. ඔහු තමා මරිය තෙරේසා හමුදාවේ සේවය කළ බව කියා හිටිය. එවිට නැපෝලියන් “එහෙනම් ඔබේ ජීවිතේ බොහෝ කලක් එයට ගත කරන්න ඇති නේද” කියා ඇහුව. “ඔව්. අවුරුදු හැට හැත්තෑවක් විතර” කර්නල්වරයා පිළිතුරු දුන්නා. “මොනව.. ඔබ මුළු ජීවිත කාලේම ගණන් තියා ගෙන වෙගයි” නැපෝලියන් කුතුහලයෙන් කිව්ව.

“මේ බලන්න මහත්තයා.. මට තියෙන සල්ලි මං ගණන් කරනවා. තියෙන කමිස ගණන් කරනවා. ඉන්න අශ්වයෝ ගණන් කරනවා. ඒත් මම කවදාවත් ජීවිතේ අවුරුදු ගණන ගණන් කරන්නෙ නෑ. මොකද කාටද පුළුවන් ඒක හොරකම් කරන්න” කර්නල්වරයා කියා හිටිය.

ප්‍රංශ අධිරාජ්‍යයා වශයෙන් හැඳින්වෙන නැපෝලියන් බොනපාට් හැඳින්වෙන්නේ විශිෂ්ටතම යුධ සෙනවියෙකු. ඔහුගේ යුද උපක්‍රම අදටත් මිලිටරි පාසල් වල උගන්වන අතර ඔහුගේ නීති සංග්‍රහය, ලිබරල් ප්‍රතිසංස්කරණ ආදිය ගැනද දාර්ශනික පැතිකඩකින් විමසා බලයි. මේ ඔහුගේ ප්‍රකට කියමන් කීපයක්...

බැහැ යන්න මෝඩයන්ගේ ශබ්ධ මාලාවේ පමණක් සොයා ගත හැකි වචනයකි.

ඔබ නිතරම එක් සතුරෙක් සමග සටන් නොකළ යුතුයි. එමගින් සිදුවනුයේ ඔබ ඔහුට ඔබගේ යුද උපක්‍රම සියල්ලම ඉගැන්වීමයි.

සිහසුන යනු වෙල්වට් වලින් ආවරණය කළ බැංකුවකි.

ඔබට ලොව සාර්ථක පුද්ගලයෙකු වීමට අවශ්‍ය නම් දස වසරකට වරක් ඔබේ උපක්‍රම වෙනස් කරන්න.

මා විටෙක සිවලෙකි. විටෙක සිංහයෙකි. ආණ්ඩුව පවත්වාගෙන යාමේ ප්‍රමුඛතම රහස නම් ඒ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය පුද්ගලයා වීමයි.

 

ඇරිස්ටෝටල්ගේ කියමන්...

නීතිය යනු පීඩාවෙන් නිදහස් වීමයි.

අපි සාමය අපේක්ෂා කරමින් යුද්ධය ඇති කරන්නෝ වෙමු.

මිනිසා ඔහුගේ උසස්ම තත්ත්වයේදී අන් සියලු ම දෙනාට වඩා උතුම් වුවද නීතියෙන් හා යුක්තියෙන් වෙන් කල විට වඩාත්ම නරකම හා දරුණුම සත්වයා වනුයේ ද මනුෂ්‍යයා ය.

යමෙකු යහපත් පාලකයෙකු වීමට නම් ඔහු තවකෙකු යටතේ පාලනය විය යුතුය.

දේශපාලකයන්ට ද නිදහසක් නැත, ඔවුහූ ද දේශපාලනයෙන් තොර යමක් ඉලක්ක කරගෙන සිටිති. බලය, කීර්තිය, හෝ සතුට ඒ අතර වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ දී දුප්පතාට වඩා පොහොසතා වඩා බලවත් මක්නිසාද යත් බහුතරය දුප්පත් වන නිසාය.

මිනිසා ස්වභාව ධර්මයෙන්ම දේශපාලන සත්වයෙකි.

 

මා(ර්)ටින් ලූතර්ගේ කියමන්...

සතුරෙකු මිනිසෙකු කළ හැකි එකම බලවේගය ආදරයයි.

සහෝදරයන් සේ එකට ජීවත් වීමට අප ඉගෙන ගත යුතුය. එසේ නැතිනම් මෝඩයන් සේ වැනසී යා යුතුය.

කිසි දිනෙක අමතක කරන්න එපා හිට්ලර් ජර්මනියේ දී කළ සියල්ල නීත්‍යනුකූල බව.

සෑම විටම.. සම්පූර්ණයෙන්ම වාගේ, ලෝකය ලස්සන කළෝ නිර්මාණශීලී කැපවීම් කළ සුළුතරයෝ ය.

සැබෑ නායකයෙකු යනු පොදු එකඟත්වයක් සොයන්නෙකු නොව පොදු එකඟතාව නිර්මාණය කරන්නෙකි.

අප විවිධ නැව් වලින් පැමිණියෙමු. එහෙත් දැන් අප සිටින්නේ එකම බෝට්ටුවකය.

අවසානයේ දී අපේ මතකයේ ඉතිරි වන්නේ සතුරන්ගේ වචන නොව මිතුරන්ගේ නිශ්ශබ්දතාවයයි.

 

අවසන් වදන්


එඩ්ගා(ර්) ඇලන් පෝ

ලොව පුරා ජනප්‍රිය සාහිත්‍යධරයෙක් වන ඔහු කුඩා කළ සිට අනේක දුක් කරදර විඳි අයෙක්. කුඩා කළ ම මව මිය ගොස් ඇති අතර පසුව පියාද ඔහුව අතැර ගොස් තිබේ. ඇලන් යන නාමය ඇත්තෙක් ඔහුව හදාවඩා ගත් නිසා ඒ නාමයත් තම නමට එක් කරගෙන තිබේ. ප්‍රබන්ධ, කාව්‍ය, කෙටි කතා ආදියෙන් සාහිත්‍යයට සේවය කළ එඩ්ගා(ර්) ඇලන් පෝ ගේ අවසන් වදන ලෙස සැලකෙන්නේ...

Lord help my poor soul” (දෙවියනි මගේ අසරණ ආත්මයට පිහිට වේවා).

 

ඩයනා ස්පෙන්සර්

වේල්සයේ කුමරිය ලෙසින් හඳුන්වන ඈ ලොවම දන්නෙ ඩයනා යන නමිනි. චාල්ස් කුමරු හා ඇතිකරගෙන තිබූ රාජකීය විවාහය නවතා ඈ තනිකඩ දිවියක් ගත කළ අතර ඩොඩී අල්ෆයිඩ් නම් පෙම්වතා සමග යමින් සිටි සුපිරි වාහනය ලක් වූ අනතුරින් දෙදෙනාම මිය ගියහ. සමාජ සේවිකාවක් ලෙසත්, මානව හිතවාදිනියක් ලෙසත් නම් දරා හිටි ඩයනාගේ අවසන් වදන ලෙස සැලකෙන්නේ...

My god.. What’s happen?” (දෙවියනේ මොකක්ද වුණේ?)

 

විලියම් ශේක්ෂ්පියර්

ඉංග්‍රීසි සාහිත්‍යයේ නියමුවා විදිහට හඳුන්වන ශේක්ෂ්පියර් කවියා, මහා නාට්‍ය 38ක්, සොනෙටා 154ක් ඇතුළු විශාල නිර්මාණ ප්‍රමාණයක් කළ බව කියවේ. ශේක්ෂ්පියර් 18 දී පමණ විවාහ වී ඇති අතර පෞද්ගලික තොරතුරු වැඩිය ලෝකයට විවෘත වී නැති තරම්ය. ඒ වාගේම ඔහුගේ යයි සඳහන් නිර්මාණ ඔහුගේම දැයි පවා මතභේද තිබේ. නමුත් ඔහුව වන්දනාමාන කළ අය ඒ යුගයේ සිටි බව කියවේ. අද ඔහුගේ නිර්මාණ දාර්ශනික අර්ථයකින් ලෝකයා විමසන අතර මහා නාට්‍යවේදියා ලෙසඳ හඳුනා ගැනේ. ඒ ඔතෙලෝ, මක්බෙත්, හැම්ලට් ආදී නිර්මාණ අදටත් විවිධ රටරටවල් වල වේදිකාගත කරමිනි. ශේක්ෂ්පියර් අවසන් වදන ලෙස සැලකෙන්නේ...

“සියල්ලන්ටම ආදරය කරන්න. කිහිප දෙනෙක් පමණක් විශ්වාස කරන්න”

 


බීතෝවන්

ලුඩ්විග් වෑන් බීතෝවන් ජර්මන් ජාතික මහා සංගීතවේදියා. ඔහුගේ සංගීත හැකියාව මුළු ලොව පුරාම ප්‍රසිද්ධ වුණත් ජීවිත කතාව ඒ තරම් ප්‍රසිද්ධ නැත. බීතෝවන්ගේ හැකියාව මෙන්ම ගතිගුණද අසාමාන්‍ය බව ජීවිත කතාව අධ්‍යනයේ දී පෙනී යයි. දොර ජනේල වසා දමා තිබූ විට හරින්නටත්, හැර දමා තිබූ විට ඒවා වසන්නටත් ඔහු ගෝරනාඩු කළ බව පැවසේ. ඒ වගේම අධික මත්පැන් පානයටත් හුරු ව සිටි අතර ඒ නිසා හටගත් අක්මා රෝගයෙන් මරණය තවතවත් ළඟ කරගත් කෙනෙකි. රෝගය උත්සන්නව හා කන් ඇසීම නැති වූ කාලයේ ද සංගීත කටයුතු එකසේ කරගෙන ගිය බවත් 1827 වසරේ දී මිය ගිය බව සඳහන් වේ. බීතෝවන්ගේ අවසන් වදන් කීපයක් හමුවේ. (හරි එක කුමක්දැයි ස්ථීර නැත)

It's a shame, a shame — too late!" ("Schade, schade, zu spät!" in German). ("එය ලැජ්ජාවකි, ලැජ්ජාවකි - ප්‍රමාද වැඩියි!")

මට දිවය ලෝකෙදි ඇහේවි...

මම ස්වර කීපයකට වඩා ලියා නැහැ වගේ හිතෙනවා. මා කළ දෙයක් නැති හැඩයි...

 

මෝසා(ර්)ට්

සම්භාව්‍ය සංගීතයේ ප්‍රබලෙක් වන මෝසා(ර්)ට් පියානෝ, ඔපෙරා, ප්‍රසාංගික නිර්මාණ ආදී 600 කට අධික නිර්මාණ ප්‍රමාණයක් කළ බව වාර්තා වේ. බීතෝවන්ගේ මුල් නිර්මාණවලට ආභාෂයක් මෝසා(ර්)ට්ගෙන් ලැබුණු බවද කියවේ. කෙටි ජීවිතයක් ගත කළ මෝසා(ර්)ට් තරුණ අවදියේම (අවුරුදු 35) මරණයට පත්ව ඇත.

The taste of death is upon my lips.. I feel something that is not of this earth” (මරණයේ මිහිර දැන් මගේ දෙතොල් මත.. මෙලොවෙන් පරිබාහිර යමක් මට දැනෙනවා)

 

බ(ර්)නාඩ් ෂෝ

ප්‍රශස්ත නාට්‍යකරුවන් අතුරින් කෙනකේ ලෙස ප්‍රචලිත මොහු සංගීතයට, සාහිත්‍යයට ද දස්කම් දක්වා තිබේ. ඒ වාගේම ලන්ඩන් ආර්ථික විශ්ව විද්‍යාලය බිහි කිරීමේ පුරෝගාමියෙක් ද වේ. 1925 දී බ(ර්)නාඩ් ෂෝ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය ලබා ගන්නට පවා වාසනාවන්ත විය. ඔහු මිය ගොස් ඇත්තේ ගෙවත්තේ සිටිය දීයි.

I want to sleep..” (මට නිදා ගැනීමට අවශ්‍යයි..)

27 comments:

  1. හරබර පෝස්ටුව නියමය පිරිපුන්ය
    අරුමෙකි, දුලබ කරුණෙන් පරිපෝෂිතය
    සැකසුම පවා මන බඳිනා විලසින්ය
    නමියගෙ සුද පෙනෙන්නේ දැන් දැන් වගෙය!

    ReplyDelete
  2. චීස් වල වගේ හිල් තියෙන්න පුලුවන් අපේ මොලේ ඇත්තටම...

    මේක බලන්න👇

    https://m.youtube.com/watch?v=esPRsT-lmw8&bpctr=1663994502

    ReplyDelete
    Replies
    1. නවී එක video එකක තිබ්බ මනුස්සයෙක්ගෙ ඔලුවෙ එක පැත්තක් පොල් කට්ටකින් හාරලා අරන් වගේ.. කොටසක් නෑ.

      Delete
    2. ඒවා අපි හැමෝගෙම ඒ වගේ කොහෙ කොහෙ හරි හිල් තියෙනවලු සාමාන්‍යෙන්😪

      Delete
    3. ආහ් මං හිතුවෙ අර මං දාපු youtube video එකේ තිබුන දෙයක් ගැන කීවා කියලා😂😂

      Delete
  3. "කොයි තරම් ඉක්මනට ගෙවිල යනවද කිව්වොත් ඊළඟ වසරෙදි සම්මානය ගත්ත කෙනාම අහන්න පුළුවන් ගිය අවුරුද්දෙ ඔස්කා සම්මානය ගත්තෙ කවුද කියල" සාමාන්‍ය ජීවිතේ වුනත් අපි ලබාගන්න සමහර ජයග්‍රහණ, හොඳ දේවල් අපිටම කොච්චර ඉක්මනට අමතකවෙනවද කියලා තේරුම් ගන්න හොඳ උපමාවක් ඒක. "අප විවිධ නැව් වලින් පැමිණියෙමු. එහෙත් දැන් අප සිටින්නේ එකම බෝට්ටුවකය" මේකත් ශෝක්.

    අර යක්ඛ පුතුන්ගෙ රටේ 'ප්‍රකට' අයගෙ 'ප්‍රකට' කියමන් කීපෙකුත් මේකට එකතු කරන්න පුලුවන්නෙ. "මම යුද්දෙ දිනපු එක වැරදිද අපේ හාංදුරුවනේ", "මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නෙවෙයි", එතකොට "විශේෂයෙන්ම කියන්න ඕනෙ ඉදිරි සති දෙක තුල..." (අම්මෝ... විශාල සද්දයක් ඇහුනා, මේ බ්ලොග් එකේ තාක්ශනික දෝශයක්ද කොහෙද).

    ReplyDelete
    Replies
    1. 'ඔස්ක ගත්තගෙන් පස්සේ ඒ නළුවා හෝ නිලියට ශේත්‍රයේ ඉල්ලුමයි වැඩයිත් වැඩිවෙලා ඒ අවුරුද්ද වේගෙන් ගත වෙනවනේ' ඒ අර්ථයත් ඇතුවයි ඕක cilff කිව්වෙ.

      //ලබාගන්න සමහර ජයග්‍රහණ, දේවල් ඉක්මන අමතක වෙනවා// ඒ වගේම දැනෙන්නැද්ද lotus ඒ හැම දෙයක් ම සිදුවී ඉවර උනහම.. ඒ දේ නිකන් හීනයක් විතරයි වගේ හැඟීමක්. නිදිතුමාලත් එක්ක කතරගම පාදයාත්‍රා ගිහින් එදා හවස hotel එකේ ඉඳිද්දිත් මට දැනිච්ච දේ එක.

      මේ බ්ලොගේ යක්ඛ පුතුන්ගෙ ඔය කතා දාන්න කියල.... Lotus ඔයා මාව මරන්නද ලැහැත්තිය 😂😂

      Delete
  4. https://parade.com/1122095/roisinkelly/what-was-princess-dianas-last-words/

    ReplyDelete
    Replies
    1. ගියා. කියෙව්වා... ටැංක්ස් ප්‍රා. ජේ 🙏

      Delete
  5. මොලේ චීස් වගේ කිව්වම මතක් වුනේ දොස්තර හැනිබල් ලෙක්ටර්

    ReplyDelete
    Replies
    1. අහල පුරුදු නමක් නිසා ගූගලේ ගහල බැලුවා. The Silence of the Lambs (1991). මාරු ෆිලුම. ටිකක් මෑතකදි බැලුවේ ඩ්‍රැකී... 👌

      Delete
  6. නැපෝලියන් අර බෑ කියන වචනෙ ගැන කියල තියෙන්නෙ මෙහෙම දෙයක්...

    රුසියාව ආක්‍රමණය කරපු මුල් වතාවෙ එක පටු පාලමක් තිබුණා අල්ලගන්න අමාරු. මොකද, පාලම දිගේ යනකොට එහා පැත්තෙ ඉඳං වෙඩි තියමින් ඔක්කොම කට්ටිය වෙඩි තියල මරන්න පුලුවන්. ඉතිං මුරාත් සෙනෙවියා නැපෝලියන් ට කිව්වා මේක අල්ලගන්න බෑ කියලා. නැපෝලියන් කිව්වා මුරාත් ට "බෑ කියන්නෙ ප්‍රංශ වචනයක් නෙමෙයි" කියලා.

    ඒ කතාවෙන් ධෛර්යවත් වුනු මුරාත් සෙබලුන් එකා පිට එකා වැටෙද්දි පාලම දිගේ යවලා පාලම අල්ල ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී.... ඒ කතාව දැනන් හිටියේ නෑ

      Delete
  7. තව සැරයක් පිරමිඩ් සටන්වලදි එංගලන්ත බලකොටුව අල්ලගන්න, ඒක ළඟ කඳවුරු බැඳගෙන හිටපු නැපෝලියන්ගෙ හමුදාවෙ කාලතුවක්කුවලට දාන යකඩ බෝල ඉවර වුණා. එයා කළේ, හමුදා ඛණ්ඩයක් එංගලන්ත බලකොටුව ළඟ මුහුදු වෙරළට යවපු එක. ඒක දැකපු එංගලන්ත හමුදාව කාලතුවක්කුවලින් පහර දුන්නා. කාලතුවක්කු ප්‍රහාරය නතර වුණාම නැපෝලියන්ගෙ හමුදාව අර කාලතුවක්කු උණ්ඩ ටික අහුලගෙන ඇවිත් ආපිට පහර දුන්නා.

    එංගලන්ත බලකොටුවේ අණ දෙන නිලධාරියා වරක් නැපෝලියන්ට ද්වන්ද්ව සටනකට ආරාධනා කළා. ඒකට නැපෝලියන් යවපු උත්තරේ...

    "මාත් එක්ක ද්වන්ද්ව සටනකට ලෝඩ් මාල්බරෝ වලෙන් නැගිටවලා එව්වොත් සලකා බලන්නම්. එතකල් ඔයාට ඔයාගෙ ශක්තිය පරීක්ෂා කරගන්න ආසයි නම් මුහුදු වෙරලේ රේස් එකක් දුවන්න තඩි නීග්‍රෝවෙක් එවන්නං"

    ReplyDelete
    Replies
    1. ආයෙත් සැරයක් ස්තූතියි ඩ්‍රැකී.... ඒ කතාවත් දැනන් හිටියේ නෑ 😂 🙏
      දන්න ඔයවගේ වැදගත් කතා බ්ලොගේ ලීවොත් නරකද........

      Delete
    2. කම්මැලියි. තව කතාවක් කියන්නං නැපෝලියන් ගැන.

      නැපෝලියන් වරක් ෂාල් මේන් ගෙ සොහොන බලන්න ගියා. එතන ඒ ගමනට ගයිඩ් කරපු නිලධාරියා, ඒ සොහොනෙ තිබුණු ෂාල් මේන්ගෙ කඩුව අරගෙන නැපෝලියන්ට දුන්නා සිහිවටනයක් සහ කලෙක්ටබල් එකක් විදිහට තියා ගන්න. නැපෝලියන් කිව්වා, "මට මොකටද ෂාල් මේන් ගෙ කඩුව? මට මගෙ කඩුව තියෙන්නෙ..."

      Delete
    3. 🙏🙏🙏.......
      කම්මැලිනම් අර බ්ලොග් ගලේ කොටන එන නෙ ඇත්තෙ... හුදී ජන පහන් සංවේගය සඳහා.

      Delete
  8. අගේ ඇති කතා ටිකක්.

    ReplyDelete
  9. හොද කතා එකතුවක්. නමියා වර් ගීකරණක් කලොත් පසු කාලීනව කියවන කෙනෙකුට හරි වටිනවා. හිතල බලන්න. නොදැන සිටි බොහෝ දේ දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. වර්ග කරලා තියෙන්නෙ අනුරුද්ධ....

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්