බර්බල්ගේ (Birbal) කතා දෙකක් - Two Birbal Stories

බර්බල් සැලකෙන්නෙ ඉන්දියානු ඉතිහාසයේ හිටිය, තවත් එක් දක්ෂ පුරෝහිතයෙක් හැටියට. ඔහු හිටියෙ... මෝගල් අධිරාජ්‍යයේ, මහා අක්බාර් රජු අධිරාජයා ගෙන යන සමයෙ. ඒවගේම අක්බාර් අධිරජුගේ අගමැති තනතුර ඔහු දැරූ බවත්... නව රත්න නමින් හැඳින්වූ නව දෙනෙකුගෙන් යුත් දක්ෂ ඇමති මණ්ඩලයේ වටිනාම රත්නය... මේ බර්බල් බවත්, සමහරෙක් තැන්වල සඳහන්ව තියෙනව. ඒ වගේම අක්බාර් රජු එතරම් උගතෙක් (ලිවීමට වගේ හෙම) නොවූ බවත්... ප්‍රායෝගිකව ලද අවබෝධ හා දක්ෂයන් ඒ ඒ තනතුරුවලට පත් කරන්, රාජ්‍යය ඉතා දක්ෂ ලෙස ගෙන ගිය බවත් සඳහන්.

බර්බල්. ඔහුගෙ... නම බර්බල්, බර්බිල්, බිර්බල් වගේ එක එක විදිහට පාවිච්චි වෙනව. බර්බිල් /බිර්බල්ගෙ කතා කීපයක්... Litseekerගෙ blog එකෙත් පළ වෙලා තියෙනව. කොහොම උනත් නස්රුදීන්, ඊසොප්, අන්දරේලට උනා වගේ... එකිනෙකාගේ කතා එකිනෙක මිශ්‍රව තියෙනව. ඒ නිසා 100%ම මේ කතාව කාගේදැයි කියන්න බැරි තරම්. කොහොම උනත් ඉතිං ඉතිහාසය කියන්නෙ... 100% සත්‍යය හෝ 100% අසත්‍යය දෙයක් නෙවේ නෙ... නේ.

********

 

ඔන්න දවසක් අපේ වවුල්මොටා වැඩට යනවා වගේ...😄 වෙලාව පහුවෙලා බර්බල් රාජසභාව ඉදිරියේ පෙනී හිටිය. කේන්ති ගිය රජතුමා කාරණා ඇහුවමත්, වවුලා විදිහටම... ඒ ගැන ගණන් නොගෙනම උත්තර දුන්න.

රජතුමනි, දරුවා හොඳටම ඇඬුව. නළවගන්න බොහොම අමාරු උනා.

හුම්.... මට හිතෙන්නෙ ඔබ පිය පදවිය ලැබුවට මොකද දරුවෙක්වත් නළවගන්න බැරි හැඩයි. රජතුමා නෝක්කාඩුවට වාගේ... රාජ තේජසින්ම කිව්ව.

අනේ රජතුමනි, දරුවො නළවනව කියන්නෙ පොඩි සෙල්ලමක් ද. ඔබත් පිය රජෙක් නෙ. ඒ නිසා මොහොතකට... මං දරුවා කියල හිතාගෙන කටයුතු කරන්න. එතකොට ඔබටම තේරෙයි ඒකෙ බරපතළ කම.

බර්බල් මෙහෙම කිව්වම රජතුමා එයට එකඟ උනා. එය එහෙම නෙවේ කියල පෙන්නන්නත් එක්කලා.

තාත්තෙ... මට එළදෙනක් ඕන.   - වහාම රාජ අනින් එළදෙන එතැන.

මට උගෙන් කිරි බොන්න ඕන.   - රාජ අණින් එයත් ඉටු උනා.

මට මේ කිරි එපා... මේවා තිබ්බ තැනින්ම ආපහු තියන්න.

(මේක නස්රුදීන්ගෙ කතාවලත් තියෙන්නව.. එකේ එළදෙන වෙනුවට ඔටු දෙනක් තමා ඉන්නෙ). (ඔටුවගේ ගෑනු සතා මොකාද...😂).

********

 

තව දවසක බර්බල් රාත්‍රී බෝජන සංග්‍රහයක් සඳහා එක්වන්න... මිතුරු ඇරයුමක් ලැබුණ. බර්බල් සාද වලට එතරම් කමැති කෙනෙක් නෙමේ උනත් ඇරයුමට බෑ කියන්න බැරි කමටම එය බාර ගත්ත. එහෙම කරලා ඉතිං... වෙලාවට එයට සහභාගී උනා.

ඔයාට බොහොමයක් යාළුවො ඉන්න හැඩයි. බර්බල් තමාට ඇරයුම් කළ මිතුරට කිව්ව.

ඔව්. ඒත් මේ හැම කෙනෙක්ම මගෙ අමුත්තො නෙමේ. මෙතැන ඉන්නෙ එක අමුත්තයි. අනික් හැමෝම මගෙ සේවකයො. පුළුවන් නම් ඒ කෙනා හොයා ගන්න. මිතුර බර්බල්ට අභියෝගයක් ඉදිරිපත් කළා.

හොදයි. ඔයා ඒ වෙනුවෙන් එක දෙයක් කරන්න. මේ පිරිස ඉදිරියේ එක විහිළුවක් කරන්න. ඉල්ලීම ඉටු උනහම... බර්බල් හරියටම ඒ අමුත්තව මිතුරාට පෙන්නුවා. ඉන් පුදුම උන මිතුර ඇහුව... කොහොමද ඔබ එයාව හඳුන ගත්තෙ කියල.

මේකනෙ මිත්‍රය, තමන්ගෙ හාම්පුතා කියන ඕන මෝඩ විහිළුවකට ඒ සේවකයො හිනා වෙනව. ඒත් අමුත්තෙක් එහෙම නෑ. 

බස්ස නොලියන එකේ අඩුව පිරවීම පිණිස... යූබටේ එකකකුත් දැව ඔන්න.




20 comments:

  1. පොස්ට් එක කොටයි, හොඳයි. හෙහ්, හෙහ් වවුල්මොටා :)
    බස්සව සිහි වීම පිණිස කිව්වෙ, ඇයි ඌ මලාද?

    ReplyDelete
    Replies
    1. හුම්....
      දැකපුකකල් කිව්වලු. සන්තෝෂයි......
      post එක කොට... වැඩ පොඩ්ඩක් වැඩි හන්ද. දැන් ආගිය අතක් නැතුවා මිසක... ඌ මැරුණේ නෑ. (මිස්කෙට් එකක්. ශොරි ඉතීම්)

      Delete
  2. බිර්බල් 'කතා එක' අදමයි මං ඇහුවේ
    'බෑ' කියලද රජා අන්තිමටම ඇඬුවේ
    ඔටු ෆීමේල් ඔටු දෙන කියලයි හිතුවේ
    නමියට ඔටු දෙනක් ඕනැද ඇන්නෑවේ

    ReplyDelete
    Replies
    1. මට මොටෑ ඔටිච්චියො... නිදියො.

      Delete
  3. පර්සි ජයමාන්න මහත්තයගේ මල් කැකුළු බ්ලොග් එකට ගියොත් තවත් කතා කීපයක් බලතෑකි!

    ReplyDelete
  4. හුම්...... නවීන් කොලුවො

    ReplyDelete
  5. අර කිරි ටික ඔටුවටම පෙව්වනං ඉවරයිනෙ.

    ReplyDelete
    Replies
    1. නයෙක්ට පෙව්වොත්... මක්ක වෙයිද

      Delete
  6. හරිම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
  7. "මට මේ කිරි එපා... මේවා තිබ්බ තැනින්ම ආපහු තියන්න" රජතුමාට කියන්න තිබුනෙ 'මට ඕනෙ නම් එලදෙනගෙ බෙල්ලෙන් අල්ලලා කිරි ටික අපහු බඩට දාගන්න කියන්න පුලුවන් හැබැයි මන් ප්‍රජාතන්ත්‍රවාදෙ ආරක්ශා කරමි.. හෙහ් හෙහ්' කියලා.

    "නව රත්න නමින් හැඳින්වූ නව දෙනෙකුගෙන් යුත් දක්ෂ ඇමති මණ්ඩලයේ වටිනාම රත්යන.." අන්තිම වචනය රත්නය නෙවෙයිද.

    ReplyDelete
    Replies
    1. හුම්.... පජාචන්චවාදයනේ. ඕක ආරස්සා කරපු සජෙක් මතක්ක උනා.😄
      ස්තූතියි පෙන්වාදීමට.... Lotus. වරදක් වෙලා, නිවැරදි කළා.

      Delete
  8. //ඔටුවගේ ගෑනු සතා මොකාද...//

    නමියගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්.

    ReplyDelete
    Replies
    1. ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන්නෙ... මිත්‍රතත්වයෙන් ආස්සරය කරන ගෑනු ළමයට කියා මා අසා තිබෙනවා

      Delete
  9. කතාව සුපිරි. ලියවිල්ලත් නියමේටම තියෙනවා. දිගටම ලියමු මල්ලි !

    ReplyDelete
    Replies
    1. බලමු නේ... ඉඩ තියෙන විදිහට ලියනවා. ටැංක්ස්

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්