Kafka and the Doll Story

    අද කාලේ ළමයින්ගෙ Reality Shows ඇතුළු බොහෝ ළමා වැඩසටහන් බැලුවහම හිතෙනවා... මේවා දරුවන්ට ඔබිනවද කියල. ඒ තරම් ඒ දේවල් දරුවන්ට නොගැළපෙනව කියලයි... මටනම් හිතෙන්නෙ. එහෙම හිතෙන අය නෑ කියල හොඳින්ම සක්සුදක් සේ පැහැදිලි ඉතීම්... අර කීව වැඩසටහනක් දෙකක් බැලුහම. මගෙ අදහස නම්... අපි දරුවන්ගෙ මානසිකත්වය, ඒ අයගෙ වපසරිය දැනගෙන... ඒ අයට ඔබින විදිහට දේවල් කියල දෙන්න, පහදලා දෙන්න ඕන. දේවල් කරන්න දෙන්න ඕන කියලයි.

   ඒ ගැන හිතන්න පෙළඹෙන විදිහේ ලස්සන කතාවක්, ලඟදි Facebook අඩවියෙන් කියවන්ට හම්බුනා. බොහෝ දුරට යාන් කතාවක් වෙන්නත් පුළුවන්. 

   අපි දරුවෙකුට කොහොමද සත්‍යය පහදල දෙන්න මුලපුරන්නෙ. නැත්තං වෙන්නෙ අර පූසා සහ ලොකු නෝනා post එකේ වගේ වැඩ තමයි. මේක Kafka සම්බන්ධ ලස්සන කතාවක්... සමහර විට ඔයාල මේක කියවලත් ඇති. කෝම උනත් ඒ post එකේ තිව්න කතාව එහෙමම මං දාන්නම්... ආයේ රසවිඳගන්නත් එක්කලා. 

************

   වයස අවුරුදු 40 දීත් අවිවාහක Franz Kafka ගේ ජීවිතයට ඇතුළු වූ දැරියකගේ කතාව, ඉන් පසුව මුළු ජීවිත කාලය පුරාම බලපෑ අයුරු ගැන සත්‍යයක් දැයි නොදන්නා නමුත් ඔහු පිළිබදව එක් අපූරු කතාවක් ලොව පුරා ප්‍රචලිත විය. එය Kafka and the travelling doll නමින් ලෝකයේ විවිධ භාෂා වලට පෙරළුණු අතර විශිෂ්ට, ළමා පොතක් ලෙස ස්පාඤ්ඤ කතුවරයෙකු වූ Jordi Sierra විසින් පසුව ලියන ලදි.

   කෆ්කා දිනක්, බර්ලින්හි පිහිටි සුන්දර උද්‍යානයක් වූ Steglitz Park හි ඇවිදිමින් සිටිද්දී… ඔහු දකිනවා කුඩා දැරියක හඬමින් සිටිනවා. ඔහු දැරිය ලඟට ගොස් ඇය හඬන්නට කාරණාව අහනවා. ඇය ඉකිබිඳිමින් කියනවා ඇයගේ කැමතිම බෝනික්කා නැති වූ බවට. ඉන් පසුව කෆ්කා එම දැරිය සමග එකතුව මෙම බෝනික්කා හොයා ප්‍රතිඵලයක් නොලද තැන කෆ්කා ඇයට කියනවා ඊළඟ දවසෙත් එතනට එන ලෙස බෝනික්කා සොයන්නට.

   කිව්ව විදිහට දෙදෙනාම පසුවදාත් බෝනික්කා හොයන අතර කෆ්කා විසින් දැරියට ලිපියක් දෙනවා බෝනික්කා විසින් දුන් බවට. පුංචි දැරියට හරි සතුටුයි. දැන් ඇයට ඇසෙන්නට කෆ්කා ලිපිය කියවනවා. එහි මෙසේ තියෙනවා…

   "බබා, කරුණාකර අඬන්න එපා, මම ලෝකය වටේ චාරිකාවක් ගිහිනුයි ඉන්නෙ. එහිදී මුහුණදෙන අත්දැකීම්, ත්‍රාසජනක දේ සියල්ල මම බබාට ලිපි මගින් දන්වන්නම්"

   මෙම කුඩා සිදුවීම… කෆ්කා ගෙ ජීවිතය අවසානය තෙක් ඉතාම වැදගත් සංධිස්ථානයකට ගෙන එනවා. ඔහු විටින් විට මෙම දැරියව මුණ ගැසෙද්දි, ඔහු විසින් ඉතාම පරෙස්සමට ලියන ලද දැරියගේ ආදරණීය බෝනික්කා ගෙ ත්‍රාසජනක ක්‍රියා ඇතුළත් ලිපි හා සංවාද ඇයට කියවනවා. දැරියට හරිම සතුටුයි මෙම අපූරු කතාන්දර වලට.

   අන්තිමට කෆ්කා තව ලිපියක් කියවනවා. චාරිකාව අවසන් කර බෝනික්කා බර්ලින්වලට නැවත එන බවට. දැරිය එය විශ්වාස කල අතර කෆ්කා දැරියට හොරෙන් වෙනත් බෝනික්කකු මිළදි ගෙන ඇය අතට දෙනවා. එහිදී ඇය මෙහෙම කියනවා...

   "මේ මගේ බෝනික්කා නෙවෙයිනේ, වෙනස් කෙනෙක් නේ ".

   මෙම අපූරු බොහිමියානුවා එවිට ඇයට බෝනික්කා එවූ තවත් ලිපියක් ශබ්ද නගා කියවනවා, එහි තියෙනවා මෙහෙම...

   "බබා දන්නවද ලෝකෙ වටේ ගිය චාරිකා මාව වෙනස්ම කෙනෙක් කලා". 

   එය පිළිගන්නා පුංචි කෙල්ල, බෝනික්කාව ආදරයෙන් තුරුළු කරගෙන ගෙදර යනවා. ඊට අවුරුද්දකට පස්සේ කෆ්කා මියයනවා. අවුරුදු ගනනකට පස්සේ දැරිය තරුණියක වන අතර ඇයට අර කෆ්කා මිලට ගෙන දුන් පැරණි බෝනික්කාගේ ඇතුළු කුහරය තුළ තිබී කුඩා ලිපියක් හමුවෙනවා. එහි තියෙනවා මෙහෙම...

   "ඔබ ආදරය කරන සෑම දෙයක්ම නැති වීමට බොහෝ දුරට ඉඩ තියෙනව. නමුත් අවසානයේ දී ආදරය වෙනත් ආකාරයකින් නැවත පැමිණේ".


25 comments:

  1. සංවේදීය දැන් කියෙවූ පෝස්ටුව
    හෙළිවෙයි එයින් කෆ්කාගේ කරුණාව
    වගෙම විශද වෙයි ඔහුගේ ළතෙත් බව
    බෝ වේවා හැමට ඒ ගති මදි නැතිව

    ReplyDelete
    Replies
    1. හුම්.... බෝවේවා බොහෝවේවා🙏

      Delete
  2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    මල් වැටක්

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මේ අපේ ප්‍රා.ජේතුමා.
      ටැංක්ස් ටැංක්ස්....

      Delete
  3. ආදරය னයෙකු ලෙසින්ද පැමිණිය හැක.
    (අලකොමානං ඒකට කැමති වෙන එකක් නෑ හිටගෙන)

    ReplyDelete
    Replies
    1. ඒ ආදරේ තෙරුන්ගන්ට පහුඋනොත් னයට කොහුමිටිපාර තමා... පතෑන් ගාල 😂🙈

      Delete
    2. ආදරය ටෝච් පාරක් ලෙෂ ද පැමිණිය හැක අෆ්ෆා... 💣💥

      Delete
  4. Kafka හොඳ මොලේ තියෙන මනුස්සයෙක්.

    මේක කියවලා මට මතක්වුනේ Queen හින්දි ෆිල්ම් එක. මේ කතාවෙ බබාට එයාගෙ ප්‍රියතම බෝනික්කා නැතිවුනා වගේ, ෆිල්ම් එකේ තරුණ ගැහැනු ලමයා- රානිට ඇයගෙ වෙඩින් එකට දවසකට කලින් ඇගෙ පෙම්වතා නැතිවෙනවා. ඔවුන් දෙන්නා ගැලපෙන්නෙ නෑ කියලා පෙම්වතාම ඇය දාලා යනවා. පසුව ඇය හිත හදාගෙන ඔවුන් දෙදෙනා හනිමූන් යන්න ලෑස්ති කරගත් රටවලට තනියම සංචාරයක ගිහින්, වෙනත් යාලුවන් එක්ක විවිධ අත්දැකීම් ලබලා තමන්ව 'නැවත සොයා'ගන්නවා. සම්ප්‍රදායික ආදරය අහිමිවුනත් ඒවෙනුවට ඇය තවත් හර්දයාංගම යහලුවන් කීප දෙනෙක් ජීවිතේට ලංකරගන්නවා. අන්තිමට ඇය පෙම්වතා හොයාගෙන ගිහින් engagement ring එක පෙම්වතාටම ආපහු දෙනවා.

    ReplyDelete
    Replies
    1. හුම්.... බලලා නෑ Lotus. කියද්දි නම් හොඳ film එකක් වාගේ. google කරාමත් හොඳ review පෙන්නන්නෙ. වෙලාහක් හම්බුනොත් බලන්න ටයි කොරන්ටම්... ටැංකිව් අලේ

      Delete
    2. බලන්න බලන්න. Lotus කලින් වතාවක් comment එකකින් රෙකමන්ඩ් කළාම මමත් Queen බැලුවා. නියම ෆිලුමක්.

      Delete
    3. ඔයතාලේ හැදෙන හින්දි film බලන්න ඇත්තටම මං පොඩ්ඩක් අකමැතියි ලෝටස්, නිදි. මොකද මේවයෙ නිදහස කියල ගන්න අර්ථයට මං එච්චර මනාප නෑ. එක කතාවක නිදහස වෙනුවෙන් ඔක්කොම දාල තනියෙම ඉන්න යනවා, විවාහය නතර කරලා වෙන් වෙනවා. අනියමින්... මට පේන්නෙ මෙවයෙ නිදහස කියල ආත්මාර්ථයක් කරා යන ගමනක් වගේ. මං කියන්නෙ නෑ මැරෙනකම්ම මරාගෙනහරි එකට ඉන්න වගේ දෙයක්. ඒත් liberal, නිදහස, ස්වාදීනත්වය ගැන මේ ෆිල්ම් වලින් කතා කරන විදිහට මගෙ එතරම් මනාපයක් නෑ.
      ඒත් දෙන්නම රෙකමන්ඩ් කරනම නිසා බලන්නම් අනිවාර්යෙන්. නිදි ඉතීම් සම්පත් දායකත්වය සපයන්නෙ නැතෑ😂

      Delete
    4. ඒ ෆිල්ම් එකේනම් එහෙම තනියම ඉන්න කියලාවත්, විවාහ වෙලා ඉන්න කියලාවත් අදහස දෙන්නෙ නෑ, නමී. හිතන්නකො ඉන්දියාව වගේ රටක වෙඩින් එකට දවසකට කලින් විවාහය කැන්සල් වෙන ගැහැනු ලමේකුගෙ තත්වය. (ලංකාව මොනවා වුනත් තව හොඳයි ඒ පැත්තෙන්). ඒ ගෑනු ලමයා ඒ තත්වෙට මූන දීල, ලිඳේ වැටුනු කෙනා එතනින්ම ගොඩ එන්න ඕනෙ කියලා හිතලා තමන්ම තනියම ඇවිදලා, ආදරයේ විවිධ ස්වරූප තියෙන බව තේරුම් ගන්නවා ඔය කතාවෙ Kafka කියනවා වගේ

      Netflix වල නම් තරමක කෙටි version එකක් තියෙන්නෙ. ඔරිජිනල් එක ටිකක් දිග ඇති දන්නවනෙ ඔය හින්දි ෆිල්ම්ස්.

      තැන්ක් යූ නිමල්. බැලුවානම් හොඳයි.

      Delete
    5. ටැංක්ස් ඒ ඔත්තුවට. මං බලන්නම්. නිදිගාව නැති උනොත් බාගෙන හරි... Lotusතුමී

      Delete
  5. මේක කියවද්දි මට මතක් උනේ ළමයාට තුවාල වෙන්න ගැහුවේ ඇයි කියලා අහන තාත්තාට නියෝජ්‍ය විදුහල්පතිනිය ප්‍රතිචාර දක්වපු හැටි! ඒ වගේ අයට මේ කතා කියවීම අනිවාර්ය කරන්න ඕනෑ.

    ReplyDelete
  6. කතාව කලින් කියවල් තියනවා. සංචාරය කරනන් කරනන් පි වෙනස්ම පුද්ගලයන් බවට පත්වෙනවා කියන එක නම් ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඔව්... දේවල් දැනගනිද්දි අපි පරිතනත වෙනව නෙව

      Delete
  7. මේක මරු කතාව. ටිකක් හිතන්ඩකො, ඔය වගේ කතාවක් හදන්ඩ කොයි තරං විවේකී මනසක් ඕනෙද කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්‍රැකී... ටැංක්ස් ආවට

      Delete
  8. කාලීණ කතාන්දරයක් මිත්‍රයා! අපූරුයි!

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්