Twin Town

මේ ගමත්, අනෙක් ගම්මාන වගේමයි. කිසි වෙනසක් නෑ. තියෙන එකම වෙනස... උපදින බොහෝ දරුවන් නිවුන්නු වීමයි. එයිනුත් වැඩි පිරිසක් සර්වසම නිවුන් ගණයට තමා අයත් වෙන්නෙ.

නිවුන් උපත් දර්ශකයේ ඉහළ තැනක, ඉන්දියාවෙ නම සඳහන් වෙලා නැතන්... මේ ඉන්දියානු ගමට නම් ඒක වලංඟු නෑ වාගෙ. බලන බලන හැම තැනම නිවුන්නු. විද්‍යාවටත් හරිහැටි තේරුම් බේරුම් කරගන්න බැරි මේ ගම්මානයේ නම කොඩින්හි (Kodinhi). පිහිටා තියෙන්නෙ කේරළයේ. වාර්තාවල සඳහන් වෙන හැටියට එහි පවුල් 2000 තියෙන අතර ඒ පවුලවල් වලින් නිවුන් යුගල 400ක්වත් සිටී. කලකට ඉහත සඳහන් මේ වාර්තා නිසා දැන් තත්වය වෙනස් ඇති. ඒත් ඇති තරම් නිවුන්නු නම් අඩුවක් නැතුවම ඇති.

කෘතීම සංසේචන ආදිය නිසා බටහිර නිවුන් දරුවන් ලැබීමේ යම් වර්ධනයක් තිබුනත්... මේ ගමේ නම් එය වෙන්නෙ ස්වාභාවිකමයි. පරීක්ෂකයින් ඔවුනගේ ආහාර වේල්, ජල සැපයුම්... ඇතුළු දේවල් ගැන හිට පරික්ෂා කළත් මෙයට හේතුවක්, මෙතුවක් ලැබී නැති බවයි දකින්ට තියෙන්නෙ. ඒ උනත් ජානමය සාධක ඇතුළු දේවල් ගැන පරීක්ෂකයෝ, විද්‍යාඥයො මේ දක්වා සොයා බලන බව කියවෙනව.

 (තවමත් ඇත්තෙන්ම, මෙහි ප්‍රධාන පිළිතුර ලැබී නැත. කොඩින්හි අභිරහස දැනට අභිරහසක්ව පවතිනු ඇත. පර්යේෂක කණ්ඩායමක සාමාජිකයෙක් එලෙස අදහස් දක්වලා තියෙනවා).

ඒ වගේම කලකට කලින් කේරලයේ දොස්තරවරයෙකු වන ක්‍රිෂ්ණන් ශ්‍රීබිජු... “අවුරුද්දක් පාසාම නිවුන් ප්‍රතිශතය එහි වැඩිවන බවත්, පසුගිය අවුරුදු දහයක් පුරා කොඩින්හි ගැන අවධානයෙන් හිටි තම නිගමනය... මේ ප්‍රමාණය දෙගුණ වෙන්නට පුළුවන් බවයි.” ක්‍රිෂ්ණන් දොස්තර මහතා එසේ කියා ඇත.

කොඩින්හි වැඩිහිටියන්ට අනුව නම් මෙහි ආරම්භය වැඩි ඈතක නොව... මීට පරම්පරා තුන හතරකට පෙර බවයි. (මීට අවුරුදු 70 – 80කට පෙර). ලෝකේ සියලු දේ විද්‍යාවට හසු නොවන බව පෙන්වන මේ නිවුන් ගමේ... නිවුන් සමාජයක් ද පිහිටුවාගෙන තියෙන අත‍ර මුළු සාමාජිකයින් පිරිස 600ද ඉක්මවා තියෙනව.

27 comments:


  1. පිට පිට නිවුන් තුන් පාරක් හම්බ වුණ
    ඉන්නව පුංචි අම්මෙක් මට ඥාති වෙන
    ඒ පවුලේ වෙනකෙකු නැත එහෙම වුණ
    ජානද, පිනද නෑ විදිහක් දැන ගන්න

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම වල එකතුවක් වෙන්ට බැරිද....

      Delete
  2. මම හිතන්නේ ජාන වලින් එන දෙයක් කියල

    ReplyDelete
  3. හේතුව කුමක් වුවත් බලන්න ලස්සනට ඇති!

    ReplyDelete
    Replies
    1. ලස්සන... අනේ මන්ද. මටනම් ටිකක් විකාරයි 😂

      Delete
  4. https://parenting.firstcry.com/articles/7-foods-that-increase-your-chances-of-conceiving-twins/

    ReplyDelete
  5. ඒ ගමට ගිය එකාට මොලේ මඤ්ඤං කරගෙන තමයි එන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් පෂා... යන්ට එපෑ ඒ පැත්තෙ හොදේ 😂

      Delete
  6. නමියත් මාර දේවල් තමයි හොයාගන්නෙ😀

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ.... කතාවක් කියන්නද බොට.
      මෝඩ කෙලියෙක් පිරිමි යාළුවෙක්ගෙන් අහනවා twinsල ඉපදෙන්නෙ මොනාව කරාමද කියල. කොළුවා කියනව කාබන් කොළයක් ඇඳ යටින් තියල මිනිහත් එක්ක නිදා ගනින් කියල.

      Delete
    2. ඒ කොල්ලත් පට්ට මෝඩයෙක් වගේනෙ......

      Delete
  7. සිරාගෙ කාමරෙත් මේ වගේ ගවේෂණාත්මක ලිපි ලියපු, අපි දැනුමෙන් පොහොසත් කරපු බ්ලොග් එකක්. මේ යන විදිහ ගොඩක් ම හොඳයි නමී.

    ReplyDelete
    Replies
    1. හුම්.... ටැංක්ස් ඩ්‍රැක්ස්

      Delete
  8. සංසාරෙ හැමදාම එකට ඉන්න ප්‍රාර්ථනා කරන අය එක ජීවිතයකින් අයින්වෙලා ඊලඟ උපත ලබාගන්න සැරිසරමින් ඉන්න අතරෙ ඒ ගමේ චුම්බක ශක්තියකින් ඇදලා අරගන්නවා වෙන්න ඇති. හැබැයි ඉතින් රොමෑන්ටික් ලව් වෙනුවට brotherly and sisterly love තමයි කරන්න වෙන්නෙ.

    කිව්වත් වගේ නමියා හොඳ පරාසයක ලියනවා. ඒක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔය චුම්භක ශක්තියට සමාන දෙයක් ගැන... වෛයිදික කාලේ, බුදුදහමේ එන දෙයක් කියන්නද. ඒකෙ කියවෙන්නෙ "සමාන ධාතු එකට එක වේ" කියන කන්සෙප්ට් එක.
      ලව්නම් ඉතීම් ඉලව්... 😂. ටැංක්ස්.

      Delete
    2. ''සමාන ධාතු එකට එක වේ'' ඒ නිසා වෙන්න ඇති "දෙදෙනා කෙනෙක් වී... බැඳුනා සිතේ" කියලා ක්ලැරන්ස් විජේවර්ධන කියන්නෙ.

      'එකට එක වේ' දැකලා තව දෙයක් මතක් වුනා. 'දෙක දෙකෙන් බෙදුවම බිංදුවයි' කියලා ලංකාවෙ මහා ගණිතඥයෙක් කියලා තිබුනා නේද.

      Delete
    3. ලංකාවේ බහුතර උගත්තුගෙ පොඩි එව්වමෙව්ව ගතියක් තියෙනවනේ Lotusතුමී. 😄
      ඔයා මාව අවුස්සනව අනේ. ඒ නිසා තව දෙයක් කියන්නම්.
      බුදුදහමෙ බොහොම ගැඹුරින් ඔය ධාතු එකතුවීම පෙන්වලා දීල තියෙනව. එක එල්ලෙමමත් නෙමේ. බලන්න.. බොන තැනට බොන අය එකතු වෙනවා. ඒ වගේ රත්තරං එකතු වෙන්නෙ තවත් රත්තරන් ගොඩකට. සල්ලි තවත් ඒ තියෙන තැනකටම.
      හැබැයි අපි හිතමු අහිංසක ගෑනු ළමයෙක් දූෂණය වෙනව. එතකොට අපිට හිතෙනවා අරකිව්ව විදිහේ දෙයක් වෙන්නෙ කොහොමද, අහිංසක කෙල්ලෙක්ට තමයි අපරාධයක් උනේ කියල. ඒත් නොපෙනෙන දේ කර්මය කියන එක. අර ගෑණු ළමය කර්මය පෙරභාවයක කළ පව්, පළ දෙන්න පුළුවන් තැනක ඉපදුනා. ධාතු ස්වභාවය ගැලපුණා. /මේකෙන් කියවෙන්නෙ නෑ දෛවය හෝ කර්මය කියල නියතවම සැකසිලා තියෙනව කියල. ඒත් ගැලපුම අනුව සම්භාවිතාමය විදිහට වෙන්න පුළුවන් තරම වැඩී.
      පෙර ජීවිත කතා ගත්තොත්... එඩ්ගාර් කේසි වගේ කෙනෙක්ගෙ වාර්තා එහෙම මේ කියන එකත් එක්ක මේ දේ බොහෝ සමපාත වෙනව.

      Delete
    4. අනේ මන්ද ? මම ඕව ගැන හෙව්වා කාලයක්. දැන්නම් කර්මය ගැන හෙම වැඩි විශ්වාසයක් නැහැ. සත්තු මරණ එකෙන් නම් මොකක් හරි වෙනවා ඇති . මොකෙක් හරි හැම සතෙක්ම යම් විධිහකින් සම්බන්ධ වෙලා තියෙනෙන් කියල හිතෙනවා. මම කාලයක් එඩ්ගාර් කේසි, බ්‍රයන් වයිස් ගේ ඒවා කියෙව්වා. පොතුත් තියෙනවා. නමුත් පස්සේ සැක හිතුන ඒවා ගැන

      Delete
    5. ඇත්ත අජිත් බොසා. මේ දේවල් අපට ලේසියෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නත් විදිහක් නෑනෙ. කර්මය උනත් එහෙමමයිනෙ. හැබැයි මං ඕව දිහා බලන්න කැමතියි... හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියෙන තැන ඉඳල. එතකොට අපි කරන දේවල් වලටත් වගකීම් සහිත ඈයෝ වෙනවනේ.
      බ්‍රයන්වයිස්ගෙ ඒවා කියෝලම නෑ. ටැංක්ස් පෙන්නුවට.

      Delete
    6. ගෑනු ලමයෙක් දූෂණය වෙන දේ ගැනනම් කතා නොකර ඉමු, සංවේදි, සංකීර්ණ කාරනා නිසා.

      නමියා කියලා තියෙන දේට අමතරව, මම හිතන දෙයක් තමයි හුඟක් අත්දැකීම් අපිට දෙන්නෙ අපිට ඒ තුලින් යමක් ඉගෙන ගන්න, එහෙමත් නැත්නම් ඉවසීම කරුනාව වගේ spiritual qualities වැඩි දියුනු කරගන්න කියලා. නමුත් හැම අත්දැකීමම ඔය ගොඩට දාන්න බෑ වගේම, යමක් ඉගෙනගන්න ඕනෙ කියලා හැම කටුක අත්දැකීමම විඳගෙන ඉන්න අවශ්‍යත් නෑ කියලයි මගෙ අදහස.

      Delete
    7. ඔව්... ගෑනු ළමයගෙ උපමාව මෙතැනට ගත්ත එක හරි නෑ තමයි.
      ඔයා කියන spiritual qualities කතාව මටත් හිතුන දෙයක් Lotus.
      ඒ එක්කම වෛදික දහම් කතා කරපු නිසා එකේම එන දෙයක් මතක් උනා. එකේ කියවෙන්නෙ මේ විශ්වය, සොබාදහම හෑම විටම ඔබව අවබෝධයට, පරමත්වයට ඔසවාතබීම සඳහා තියෙනවා කියලයි.
      දේවල් තේරුම් බේරුම්ගැනීමයි, කරබාගෙන ඉඳීමයි දෙකක් නේ. බුදුහාමුදුරුවෝ එක තැනකදී අහිංසකව හිටි නිසා දරගොඩ බඳින්න ගත්ත නයාගෙන් අහනව ඇයි පෙනේ පිප්පුවෙ නැත්තෙ කියල.

      Delete
    8. "මේ විශ්වය, සොබාදහම හෑම විටම ඔබව අවබෝධයට, පරමත්වයට ඔසවාතබීම සඳහා තියෙනවා කියලයි" Agree

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්