ගූ + ගල්. ගූගල් පවා හෙළයාගේ
නිර්මාණයක් බව ඔයාල දැනන් හිටියද?. ටිකක් පරණ බ්ලොගයො නම් දන්නවත් හිට 😉.
ඔය ෂීන්හරාජෙ
සීගිරියේ තිව්න වැසිකිළි වල එකතුවුන දේ, අවසාන product එක තමා මේ ගූ
ගල්. මේවා කැටපත් පවුරෙ පොඩි වර්සන් එක. අර මහ පත්තරේට පහුව ආ ටැබ්ලොයිඩ් වාගෙ. විදේස
කුමන්ට්‍රන එක්ක මේ දේසීය ටෞක්සනය නැති වෙලා ගියා. ඒත් උස්සන් ගිය පුරාන cell ලිපිවලින් මේ system එක හොයාගත්තු පර සුද්ද උන්ගෙ
දෙයක් වගේ මේක ලෝකයට ගෙනාව. ඒකනෙ විමල් වෛරවංස හෙම google
යන්න එපා කියල හිට හෙළයා දැනුවත් කලේ... ඒ කාලේම 😂😜
අද ලෝකයේ වැඩිම දෙනෙක්
භාවිත කරන සෙවුම් යන්ත්‍රය (search engine) එක තමයි google කියන්නේ. සමහරුනම් අනිත් ඒවා ගැන දන්නෙත් නැති තරම්. ඒ තරමට google
ව්‍යාප්තයි, සමීපයි. අනික් අතින් තාක්ෂණික ලෝකයේ නැතිවම බැරි
ආයතනයක්, සන්නාමයක්.
ඒත් අදට අවුරුදු 25කට
කලියෙන්,
ඒ කියන්නේ 1988 දී නිල වශයෙන් google පටන්
ගෙන තියෙන්නෙ කැලිෆෝනියාවේ ගැරේජ් එකක. ආරම්භකයන් වෙන්නෙ ඇමෙරිකානු පරිගණක විද්‍යාඥ
Larry Page, Sergey Brin දෙන්න
කියල තමයි කියවෙන්නෙ. වර්තමාන CEO වෙන්නෙ ඉන්දියානු
සම්භවයක් තියෙන Pichai Sundararajan.
ගූගල් එකට වර්තමානයේ
අනුබද්ධ දේවල් ගත්තොත්
දැන් ඔයාල හිතනව ඇති
නමිය google
එක ගැන ගොඩක් දේවල් දන්නව වත් ද කියල. නෑ අලේ... මාත් මේ ටික
හොයාගත්තෙ google එකෙන්ම search කරල
තමා හිට. ගූගලය මේවා දන්නවනම් 🙈
එදිනෙදා
පහසුවට google වෙතින් මං ලබාගන්න/ දන්න ටිකක් පහළින් ලියන්නම්. කලින් tec post එකකුත් දැම්ම... වැඩිදුර ඕනනම් ඒවා
බලන්න.
මුලින්ම බ්ලොගේ profile photo එක දාන/ මාරුකරන හැටි එක කියන්නම්.
සමහර බ්ලොගර්ස්ල pic දාල නැති හන්ද ☺. Setting වල අන්තිමට තියෙන User Profile එකට ගිහින්... නැහ්නං කෙලින්ම https://www.blogger.com/edit-profile.g මේ link එකට ගිහිං පින්තූරෙ විතරක් නෙමේ
විස්තරත් හිට ඇතුල් කරන්න පුලුහං.
E-Mail -
මුලින්ම කියන්නම් email ගැන. අපි ගොඩ දෙනෙක් එක එක ඒවාට වෙනවෙනම mail
address පාවිච්චි කරනව. නැත්තං දෙකතුනක් වෙන්නත් පුළුවන්.
ඒත් ප්‍රධාන/නිල mail එකක් තියෙනවනෙ. ඒක phone no එකක් හරහා verify
තියෙන්නම ඕන. සහ අනෙක් mail වලට මේ ප්‍රධාන එක recovery
email විදිහට පාවිච්චි කරන එකත් නුවණට හුරුයි. මොකද අපිට පස්සෙ
කාලෙක මේ වෙනත් mail එකක password මතක නැතුව ගියොත්... ඒක blog එකට පාවිච්චි
කරන mail එකම උනොත්. ඒ වෙලාවට ප්‍රධාන mail එක හරහා අරක recovery කරගන්න පුළුවන්.
Google Lens -
අපිට ඉස්සර වගේ ලියපු document එකක් හෝ වෙන ඕනෑම එකක් word එකකට ගන්න, ඒ
කියන්නෙ hard copy එකක් soft copyයක් කරගන්න දැන් හරිම ලේසි. මේකට කියන්නෙ
google lens පහසුකම. කරන්න
තියෙන්නෙ තියෙන document එක පිංතූරයක් මාධ්‍යයෙන් google search by image කරලා text බොත්තම ඔබන්න විතරයි. Text එක මොහොතින් එනව. කොහෙට හරි copy කරගන්න
විතරයි තියෙන්නෙ. එතනම text එකට අමතරව option දෙකක් තියෙනව. ඒ search සහ translate. (පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් දැන් බොහෝ දුරට මේ වැඩේ බොහොම සාර්ථකයි).
- translate එකෙන් කැමති භාෂාවකට translate කරගන්නත්
පුළුවන්.
- search by image හෝ ඊට
උඩින් තියෙන find image source එකෙන්... ෆොටෝ එකක් search කරලා ඊට සමාන photo හෝ එය අන්තර්ගත තැන්, site හොයාගන්නත් පුළුවන්.
Google Translate -
ඒ වගේම තමා google translate හරහා අපිට ඕනනම් document එකක් හෝ site එක්ක article එකක් කියවාගන්න (read) පුළුවන්. ඒ වගේම අපි කියවන දෙයක් ඒකට කියල type කරවගන්නත් පුළුවන්.
Google Docs –
Google translate එක හරහා අපි කියවන දෙයක් type කරවගන්න එක දිගට කියවන්නට ඕන. ඒ හන්ද එකට වඩා ලේසි Google Docs. Docs වලට
ගිහින් tools à voice typing
තෝරාගන්න. නැහ්නං Ctrol+Shift+S ඔබන්න. ඒ කරහම මයික් එකක් එයි. එකේ පොඩිවට උඩින් තියෙනව language එක select කරන තැනක් එතැනට ගිහිං සිංහල දෙන්න.
දීල මයික් on කරන් ඕන දේ පැහැදිලිව කියවන්න type වෙයි. සමහර වචන/ වාක්‍ය පොඩ්ඩක් වැරදිවට type
වෙයි. ඒවා හදාගන්න. ඒත් වැඩේ ගොඩක් සාර්ථකයි, ඉක්මන්. උන්න හැටියට මලා මදැයි නෙ. ඒ
වගේම translate ඇතුළු තව දේවල් Docs වලින් කරගන්න පුලුහං... පොඩ්ඩක් සෝදිසි කරලා ඒවා හොයාගන්ට.
Google Drive –
Drive ගැන කියන්න ඕන නැහැනේ. GB 15ක data තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් අය එක්ක ඒවා බෙදා ගන්නත්
පුළුවන්. Anyone access දීල... link එක share කරගෙන. ඒත් සමහරු කැමති නෑ තමන්ගේ email address එක link එකට
ගියහම පෙන්වනවට. ඒකට කරන්න තියෙන්නෙ අර link එක auto download වෙන විදිහට හදාගන්න එක. ඊට පස්සේ email එක අහුවෙන්නෙ නෑ 😉
කරන්න තියෙන්නෙ drive link එකේ [/file/d/ පටන් (එය හැර) /view? දක්වා කොටස] path
එක අරගෙන auto generate link එක ගාව past
කරන එක.
auto generate link එක -
https://drive.google.com/uc?export=download&id=
අන්න ඒවනං සැහෙන්න වටින කතන්දර ටිකක්.නිවී හැනහිල්ලේ හොයලා බලන්ට ඕනේ.
ReplyDeleteකාටහරි වැදගත් දෙයක් තිව්නනං ඒ ඇති. ටැංක්ස් ආවට!
Deleteහ්ම්.....මේ ටික වැදගත්. නොදන්න අයත් ඉන්නව නෙව?
ReplyDeleteඔය Google Lens මම පාවිච්චි කරනව, චීන වගේ විදෙස් භාෂා වලින් ලියල තියන ලේබල් කියවන්න.
වැඩියමක් ඉටීම් මාත් දන්නෙ නෑ බසූ.
Deleteචීන දේවල්. නරක ගන්න අපේ දේ තියෙන ලේබල් එව්ව පාවිච්චි කරොත්... මෛන්ඩ මාත්තියාට පිං පිනිෂ 😉😅😅
වටිනා දෙයක් අද ගෙනැවිත් අපෙ නමියා
ReplyDeleteබලනා මටත් මෙය වටිනව මම දුමියා....
මට ගොඩක් වැදගත් නමියා මෙය. ස්තූතිය .
ජයවේවා
ටැංක්ස් දුමී... කයියටත්, ආ එකටත් !
Deleteනමියගෙ සහ සඳූගේ ඉල්ලීම මත් බ්ලොග් එකේ පෙනුම වෙනස් කෙරුවෙමි...😀
ReplyDeleteආන්න එව්ව යහපත් වැඩ... මෙන්න මගෙන් කෘතන්නතාව 💐🙏 (කොහොමෙයි බම් ඒක ලියන්නෙ 😜😜)
Deleteඉහළයි අගෙයි නමියෝ මේ දිග හැරුම
ReplyDeleteකාටත් පොරෝජන් වෙනවා ඇති බොහොම
මං නොදරුවෙකි, පරිගණකෙට නං තවම
චුට්ට චුට්ට හරි කරනෙමි ඉගෙනීම
ස්තුතියි!
ටැංක්ස් ලොක්ක කයියට, ආවට 🙏 !
Deleteතෝක තෝකං කනේ කනේ කියල තමා බණ පොතෙත් තියෙන්නෙ අපෙ හාන්දුරුවනේ 😉
+++++++++++++++++++++
ReplyDeleteවැටට ටැංක්ස් බොෂා!
Deleteගූ ගලක් කටේ දාන්න වටිනව මේ මසුරං ලියවිල්ලට ඉඳගෙන.
ReplyDeleteඈ බොල මැණික්ගලක් වගේ දැම්මොත් නරකද... හිටං 😜
Deleteදාමු දාමු මුගෙ හුස්ම හිර වෙලා කැහැ කැහැ ඉන්ඩ
Deleteමේක බැලුවම තමයි හිතුනෙ, අපි නොදන්න දේ කොච්චර තියනවද කියලා. Google Docs වල සිංහල වොයිස් ටයිපින් තියන බව දැණගත්තෙ අදයි.🙏👌
ReplyDeleteමේව ඉතීම් මීට වැඩිය සාර සොබාවට ලියවෙන්න ඕන තැන් ඔහෙලා 👀🙈
Deleteමාත් මේ ලඟදි බස් ඔය වොයිස් ටයිපිං වැඩේ දැනගත්තෙ
නමියා හරියට හරි...
ReplyDelete//1995 වසරේදී ලැරී පේජ් ලන්ඩන් කෞතුකාගාරයේ තිබී හමුවූ හෙළ පුස්කොළපොත් බොහොම අමාරුවෙන් පරිවර්තනය කරවාගෙන කියවද්දී ඔහුට තේරුම් ගියේ සීගිරියේ තිබූ මළපහ බැහැර කිරීමේ තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයක තිබුණ බවයි. එනම් ඔබත් සමහර විට දන්නා පරිදි සීගිරිය ගල මුදුනේ ඇති රාජ වැසිකිළි වලට මළපහ කළ පසු ඒවා ප්‍රතිචක්‍රීකරණයකට ලක් වී අසල ඇති කුඹුරු වලට පොහොර ලෙස බැහැර වෙයි.
නමුත් එකී පුස්කොළපොත් වල ඊට වඩා විශාල රහසක් ගැබ් වී තිබුණි. එනම් වැසිකිළි වලින් ඇතුළු වන මළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයකට යැවෙන අතර එහිදී ඒවායින් කොටසක් කාබනික පාෂාණ (ගල්) බවට පත් වෙයි, ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය වී කුඹුරු වෙත පොහොර ලෙස නල මගින් ගමන් කරයි.
ඉතින් පාෂාණ බවට පත් වූ මළ වල ඇති ප්‍රධාන ගුණයක්නම් ඒවා මත සටහන් කරන දෑ ලෙහෙසියෙන් නොමැකීමයි. එම ගල් ප්‍රධාන සම්ප්‍රේෂණාගාරයක් වෙත යැවෙන අතර එහිදී ඒවා ආරක්ෂිතව තැන්පත් වෙයි. පසුව සීගිරියේ කුරුටු ගී යන්ත්‍රාණුසාරයෙන් ඒවා මත සටහන් වෙයි. කිසියම් පාථකයෙකුට සීගිරියේ චිත්‍ර මෙන්ම කුරුටු ගී සෙවීමට අවශ්‍ය වූ විට සිගිරිය ගල තුළ ඇති යන්ත්‍ර මගින් අදාල ගල් උපයෝගී කරගෙන ලෙහෙසියෙන් ඒවා සොයා දීමට පුළුවන.
මා ඉහත සඳහන් කළ මළපහ හෙවත් ගූ මගින් නිෂ්පාදිත ගල් වර්ගය හඳුන්වා ඇත්තේ "ගූ-ගල්" නමිනි. මේ බව අවබෝධ කරගත් ලැරී පේජ් මහතාත් තම සෙවුම් යන්ත්‍රයට අර කිව් ගල් වල නමම යොදන ලදී. අද මුළු ලෝකයම උජාරුවෙන් භාවිතා කරන ගූගල් වල ආරම්භය ඇත්තේ හෙළයින්ගේ ගූ-ගල් වලය.//
උපුටා ගත්තේ, https://vargapurnikava.blogspot.com/2012/08/blog-post_10.html
කොහොම මේවා පණ පිහිටුවල ලිව්වද මන්ද... ඩ්‍රැක්ස් 😂😂
Deleteශ්‍රී ලංකා පාලන සේවයට ඉස්සරහින් "පරි" කියලා දැම්මේ ඇයි කියලා තේරෙණවා නේද?
Deleteමේක ගිය සෙනසුරාදා 10ට දැම්මානං නරකයි!?
ReplyDeleteලබන සෙනසුරාදා 10ට ලියපං ගුටි නොකා!
එතකොට හොඳ කමෙන්ට් එකක් දාන්නම්!
මේකනෙ මංජුල බොෂා... දිගටම ෂෙන්ෂුරාදට ලියාගන්ට අමාරැයි. ඩාම් ඩූම් වෙනෝ.
Deleteමේ ෂැරේටවත් එක්වෙන්නම්කො හිටං ඉතිම් 😁
කදිම සටහනක් . නමියා ඔත්තුවට ස්තුතියි. මාත් Voice typing පටන් ගත්තා.
ReplyDeleteඑල.
Deleteකාලයටත් පහසුවටත් එක උදව්වක් වෙයි!
👌👌👌
ReplyDeleteහුම්.
Deleteදැන් උබත් සනිදා දහයට ලබන සැරේ එක්කාතු වෙනො නෙ... නවී
Thank you
ReplyDeleteටැංක්ස් ප්‍රාජේ... ඔයාටත්!
Deleteඅපි නං වැඩිපුරම යූස් කරන්නෙ බ්ලොගර් තමා. 🙈🙈
ReplyDeleteසර්ච් කරන්නෙත් ගූගල් නේද.
ඩ්‍රයිව් එකත් යූස් කරනව නේද හුම්
ගූගලෙන් සර්ච් කරන්නෙ මොනායි දන්නෙ නෑ 😂
Deleteඅපුරු ලියමනක් නමි.බොහොම ඉට්ටුටියි. මම මේ voice typing එක හොයන ගමන් ඉන්නේ. හැබැයි තාම බැරිඋනා කියහන්කෝ හොයාගන්න.
ReplyDeleteඅලේ අලේ ඔක මහදෙයක්ද 😁
Deleteසනිද 10ය මංඅරින්න හේතු කියනවද කොහෙද මෙයා.
ස්තුතියි. ටිකක් කියෙව්වා. ඇහැට ටිකක් අමාරු නිසා ඊළඟ ටික පස්සේ බලන්න ඕන.
ReplyDeleteආවටත් ස්තිතියි!
Deleteඇහැට අමාරුයි කිව්ව. ඒ පසුබිම කළුපාට හා අකුරු සුදු හන්දද