රතු වැටුණාම කමිටුවක් දානවා ඕයි


* * * * * *

රියදුරු පුහුණු පාසලේ තවත් අලුත් දවසක්. පළමුව, ලිඛිත පරීක්ෂණය සඳහා නවකයින් පුහුණුව. පුහුණුකරු පංතියට පැමිණෙද්දී ඔහුගේ මේසය මත කලින්දා තියා ගිය සංඥා පුවරුව එහෙමමය. හතරමන් හංදියට දර්ශනය වන... කොළ, තැඹිලි, රතු පුවරුවයි ඒ. මෙයින්ම අද පාඩම පටන් ගැනීමට සිතූ පුහුණුකරු පංතිය දෙස නෙත් හෙළුවේ ය.

පංසලක් බලා කියාගෙන ඉන්නා ඇබිත්තෙකුත්, රබර් වතු යායයක සේවකයෙක් හා තරුණයෙකුත් පමණි පංතියෙහි සිටියේ. ඇබිත්තයා බොහෝ විට පැමිණ ඇත්තේ පන්සලේ තිබෙනා වාහනය පදින්න ඉගෙනීමටවිය හැක. කම්කරුවා එන්නට ඇත්තේ, රබර් වතුයායේ රියදුරු රැකියාව සඳහා උසස් වීමකට යාමේ අරමුණින් වෙන්න පුළුවනි. තම යතුරු පැදියෙන්ම ආ තරුණයාට අවශ්‍ය ව ඇත්තේ එයට අවශ්‍ය නීතිමය ලියවිල්ල ලබා ගැනීමට විය හැක.

"හොඳයි කියන්න බලන්න, කොළ වැටුණහම මොකද කරන්නෙ? " පුහුණුකරු, තිදෙනාගෙන්ම ඇසුවේය.


ඇබිත්තයා - මළුව අමදිනවා.

රබර් වතු සේවකයා - කිරි කපන එක නවත්වනවා.

තරුණයා - ඉස්සරහට යනවා.


* * * * * *





22 comments:

  1. මුංගෙ ආච්චිලට හාල් ගරන, නිවැරදි ක්‍රමය හොයන්න කමිටුවකුත් දැම්ම නං තමයි වටින්නෙ.
    දැන් මේ කමිටු දාගෙන ඒකෙනුත් ගරන එක නේද කරන්නෙ? අපේ සුපියල් පා කේවා!

    ReplyDelete
    Replies
    1. ගරන එක හොන්ඩර ගණනින් වෙනෝ බෂු. ඉක්කෝලෙක පිට්ටනියක් යටිනුත්... දෝනාවක් ගිහින් 😁

      Delete
  2. නමී ලියා ඇත අලුතින් පෝස්ටුවක්
    වක්‍ර උක්තියට දීලා ලොකුම ඉඩක්
    මේකට කියන්නේ නෑ මං 'පෝස්ටුවක්'
    මට නං මේක හරි අපූරු 'ග්‍රන්ථ රජෙක්'

    ReplyDelete
    Replies
    1. ආවටයි, කයියටයි ටැංක්ස් නිදි!

      Delete
  3. "හාමිනේගේ රෙද්ද ඉරිලා දාසි සරදම් කළ සැටී
    කිව්වෙ නැද්ද කොමිසන් සභාවට වැඳ වැටී."
    (මතක තියන හැටියට)

    ReplyDelete
    Replies
    1. විජයමුණි කවි නෙ. හෙහ්..හෙ 😉

      Delete
  4. අපිත් කොරන්නෙ ඉතිං කොල වැටුනම කිරි කපන එක නවත්වන එක නෙව ආයුබොවන්ඩ.

    මළුවක් ඇමදගන්න නං බැරිවුණා. වතාවක් හාංදුරු කෙනෙක් නං ආව මගෙ මළුව අමදින්න කියල.
    කොහෙද ඉතිං අපෙ මනාපයක් ඔව්වට නෑනෙ 🤭🤭

    ReplyDelete
    Replies
    1. ආයිබොන්ඩ, ආයිබොන්ඩ... මහෙස් 😅😅

      Delete
  5. ඔය ක්‍රියාමාර්ග දෙකට අමතරව කොළ වැටුනම කරන්න පුළුවන් වෙනත් දේවල් ගැන අපි සලකා බලන්න ඕන ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. නැහ්නං මේම කරපු පෂාබොෂා Pra Jay කියා තියෙන අභව්‍ය කාශ වස්තුව හොයමු... චිචීගේ චූටි ටෝච් එක ඇන්න

      Delete
  6. මාත් මේ මොකවත් දන්නෙ නැති තරම්. උදේ පත්තරෙන් තමයි... ඔක්කොම දකිනව හිටං 😎

    ReplyDelete
  7. කොල වැටුනම වෙන දේ මොනවද අසනා
    බල තිදෙනාම පිළිතුරු දුන් හැටි සොඳිනා
    විල දියවන්නාවෙ දරුවන් මට සිහි කෙරුනා
    නලියයි කටත් දැන් සිනහව බොහො පිරුනා...

    ජයවේවා නමියා

    ReplyDelete
    Replies
    1. ජය දුමිය. ටැංක්ස් කයියට!

      Delete
  8. කොළ වැටුනහම ඉතින් අතුගාල දානවා මිසක් ඕක අහන්ඩත් දෙයක්ද අප්පා. අපිත් කරන්නේ ඕකම තමා. මේ දිනවල නම් මෙහෙ නිතරම හැමෝම කරන්නේ ඕක. ඒ මොකද කියනවා නම් නමියෝ ... , fall එකට කොළ හැලෙන්න පටන් අරගෙන දැන්

    ReplyDelete
  9. කාටද මල්ලි මේව කියන්නෙ අපි? රාජ්‍ය සේවයේ දැනට තියෙන අපට දැනෙන විශාලම ගැටළුව, තාක්ෂණික සුදුසුකම් සහිත කාර්ය මණ්ඩලයේ හිග කම. ආදායම් පරීක්ෂකවරු හිග නිසා සභාවල වරිපනම් සහ අනික් ආදායම් එකතු කර ගන්න අමාරුයි. තාක්ෂණික නිලධාරීන් සහ සහායකයන් නැති නිසා සංවර්ධන වැඩසටහන් හරියට කරවා ගන්න අමාරුයි. අනෙක් ක්ෂේත්‍රවලත් ඒ විදිහයි.

    ඔයිට වඩා කියන්න බෑ. මට දේශපාලන අයිතිවාසිකම් අහිමියි.

    ReplyDelete
  10. "නෑ නෑ... මං ඇහුවෙ කොළ ලයිට් එක වැටුණම මොක ද කරන්නෙ කියලා..."
    "ආාා... ඒකනං මොකද්ද? කොළ ලයිට් එක වැටුණහම දුවල ගිහිං අහුල ගන්නව."

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්