Friday, October 6, 2023

ගෙවන්නෙ කවුද


අපි කන්න, තේකක් බොන්න කඩේට ගියහම සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි බිල ගෙවන්න එක එක්කෙනා ඉස්සර වෙන්න එක. ඒක ඉතින් අපේ හැටියක්. ඕනෙනං කියතහැකි ඒක සිරිතක්ය කියල. ඒ හන්ද සංග්‍රහ කිරීම අපේ ජානවල තැන්පත් වෙලා ඇති... බඩේ බත් වාගේ.

ඒත් ඕක ටිකක් වියදම වැඩියෙන් යන වැඩක් නම්, දැනෙන තරමේ එකක් නම් අපි ඔය සංග්‍රහය හරි, බිල ගෙවන වැඩේ හරි කරන්න ඉස්සර වෙනෝ ද?. ඤාතිකම නිසා, යාලුකම නිසා දන්සල් දාන්න සෙට් වෙන්නෙ නෑ නෙ. නේ?. මොකද ඒක පොකැට් එකට එච්චර හොඳ නැති හන්ද. ඒත් ඉතිං එහෙමයි කියලම කියන්න බෑ... සම|හරක් සිද්ධි දිහා බැලුහම 😉.


එහෙම කිව්වෙ ඉතිං ලක්ෂ, රුපියල් ලක්ෂ 26කට වැඩි මුදලක් නාමල් රාජපක්ෂ (පොඩි ශින්හය) වෙනුවෙන් ගෙවන්න පාර්ලිමන්ට් මන්ත්‍රී... පුත්තලං නිශාන්තතුමා ඉදිරිපත් වීම එක්කලා.

හ්ඃ.. මහලොකු යාළුවො කියනව. ඒත් ඔය නිදි ලොක්ක, කොලොම්පූර් හෙම මේ නමිය වෙනුවෙන් අර වාගේ ඉදිරිපත් වෙයිද මං අහන්නෙ? නැහ්නං අර ඩ්‍රැකිය ඉන්නව, බස්ස ඉන්නව... අඩුම අපේ නයි පෂා හරි මංජුල ලොක්කවත්.

නෑ නෙ. නෑ නෙ. ඒත් නාමල් වෙනුවන් ගෙවන්න තිබ්බ ලයිට් බිල නිසාන්ත ගෙවල. ඒ ලක්ස ගාන ගෙවල පිංවතුනි. ගෙවලා හිටං... අපේ මෛන්ද මාත්තයගේ පරපුරේ නම්බුව වතුරේ යන්න නොදෙන බවත් උදක්ම එතුමා මාධ්‍යයට ප්‍රකාස කර තියෙනව.




මිනිස්සුනම් කියයි... මීයක් කඩන්නෙ අත ලෙවකන්නද?. අනාගත ඇමති මණ්ඩලේ ආසන වෙන් කර ගන්නය. වාසි නැත්තං කරයි. ඕවත් ඉතිං අපෙන්මනේ අන්තිමට යන්නෙ කියා කියකියා. ඒත් කවුද ඉදිරිපත් වෙන්නෙ, මං අහන්නේ ලයිට් බිල ආපු ගෙදර එකෙක්වත් බිල ගෙවන්න ඉදිරිපත් නොවෙන කොට, ඒක ගෙවන්න නොබියව ඉදිරිපත් වෙන්න මොන වාගේ බූරුවෙක්ද. අනික මේ අමාරු කාලේ.

ඒත් නාමල් බේබිනම් කියල තියෙන්නේ... එහෙම බිලක් අපෙ අප්පටවත්, අපටවත් ආවේ නෑය කියල. මේක මේ බඳින කාලේ එකක්, අවුරුදු 4කටත් කලින් (2019) සිද්ධියක්, දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවාය කියල තමයි හිටං.



කොහොමින් උනත්... පර අරගලකාරයෝ හන්ද ගේත් ගිණි තියාගත්තු සනත්තුමා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත්තු තම පෞජ්ජලික ධනය තමයි මේ ගජමිතුරු කැල නාමල් බේබි වෙනුවෙන් යෙදෙව්වෙ කියන එක අපි අමතක කරන්න නරකයි. අපි අන්න ඒ ගුණේට සලකන්න ඕන. සලකන්නම ඕන. තාමත් රට තියෙන්නෙ ඒ දක්වපු කළගුණ හන්ද නෙ. නේ 😂.

24 comments:

  1. ඔය එක එක තැන්වල හංගපු සල්ලි තියනවා කියන එක බොරු කියලා මේකෙන් ඔප්පු උනා. ඒකනේ අර අහිංසකයා දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලිවලින් ඕක ගෙවලා දානකං පවුලේ කාටවත් ගෙවාගන්න බැරි උනේ. තිබ්බනං ඔහොම ලැජ්ජා වෙනකං ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. හුම්... ඒ අහිම්සක රත්තරන් පවුලට අපේ උන්දලා හදපු කතා ගොඩ 😉

      Delete
  2. හ්ම්.... ලක්ෂ 26 ලයිට් බිල් දානයක් නේද? මෙහෙම කතාවෙනවා ඇරෙන්න, වෙන මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. ආන්න ජනසන්. ඒ හන්ද මේකට කොමෙන් කරන්න අන්තිමට තියා ගත්ත. කොහොම හරි කතා කරන්න වෙනෝ... මෙහෙම ඉස්සරාට ගියොත්.

      වෙච්ච දේ මයේ මොළ ඩිංගට දැනෙන විදිහට කොව්වොත්.
      - ඕක ගෙවන්නැතුව ශේප් කරා. මතුවෙච්ච එකත් යට ටිකකට ගියා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් කවුදෝ දැම්ම හන්ද, ඇඟ බේරගන්න ඕනකමක් ආව.
      බේබිලට දැන් ගෙවන්න ලැජ්ජාවේ යන්නත් බෑ, නොගෙවා ඉන්නත් බෑ. බළල් අතක් දාල ගෙව්ව. ගෙවල කිව්ව.. ආනේ අපි දන්නෙත් නෑ. ගෙව්වට අපේ නෙමේත් කියල. අර බූරු පුතානෝ තමා බළල් අත.


      නිශාන්තට ලස්සන නමක්, කොමඩියන් හසා (හසලක තුෂාර) දාල තිබ්බ. 'සත්තලං පුතා'. මේ නම අනික් පැත්ත හරවල බලන්න ඔට්ටු නෑ හරිය 😜

      https://www.gossiplankanews.com/2023/09/blog-post_764.html

      Delete
  3. ඔතන කතන්දර කීපයක් තියෙනව.

    ඒ ඔක්කොට ම වඩා මරු කතාව තමයි, පොරට කෝල් කරලා, අපේ ලයිට් බිලත් ගෙවනව ද කියල ඇහුවම, නෝනව දෙන්ඩ එතකොට ගෙවන්නං කියපු එක. ඒ ගැන රවි අයියා, දාල තිබුණු පෝස්ට් එක මේ...

    "අන්න බං නිසාන්තය කියනවලු ලයිට් බිල ගෙවන්නනං ගෑණි දීපංය කියල..
    *****************
    ඩියර් ඔනරබල් නාමෝල්ස්..යූ හෑව් එනිතිං ටු සේ රිගාඩිං දිස් මැටර්?"

    මේ දර්ශන කරුණාතිලකගෙ "සීයා අපේ"

    "අඹුව නුඹේ එව්වොත් මම ලයිට් බිල
    ගෙවනව කියාලා ලොක්කෙක් කවුන්සලේ
    වැටකොලු සෝදමින් සිටි තම මායියට
    ආතා අපේ කීවා මරු කතාවක්

    සත්තයි බොලං ඔය උන්නැහැ මීට පෙර
    ගෙව්ව බිලක් ලස්සවලින් බර ගාණක්
    කාගෙ අඹුවදෑ ගියෙ ඒ ගෙවන්නට
    අහන්නෙපා ඔව්ව ඉතිං අපි දල්ලෑ"

    ReplyDelete
    Replies
    1. බිලක් ගෙවන්න දී යලි හඬවා යන්න නම් එපා
      ඔබේ චන්දෙ නොදා මා බූරුවා කරන්නට එපා

      Delete
  4. මට මතක් වෙන්නේ අර වඳුරෙක්ව ලඟින් තියාන හිටිය රජාගේ කතාව.
    රජා දොයි අතරේ මදුරුවෙක් ඇඟේ වැහුවාම කඩුව අරං වඳුරා කෙළලා ඇරියලු මදුරුවට!
    ඉතිරිය හිතා ගන්නකෝ!
    මම ගත්තෙම නෑ කිය කියා ඉන්නකොට මේ බූරුවා ගෙවලා; මාජ්ජෙනුත් ගෙනල්ලා; අර මෝඩ බූරු හිනාව දාලා අරූගේ බිල මම ගෙව්වා කිව්වාම කෝමද සංතෝසේ!

    ReplyDelete
    Replies
    1. ඔය වඳුරු ගාඩ් සීන් එක.. ඉස්සරාටත් වෙන්ට නියමිත හන්ද මං පෝස්ට් එකකටත් ඕක ලිව්ව 😉

      Delete
  5. බිලක් ගෙවන්නේ පිං ලැබගන්න නොවේ
    මතු වැඩ තකා අද කරනා වියදම්වේ
    බබා හුකුංලා ඉස්සරහට රජ වේ
    කියා හිතන ගොබිලෙකි මේ ඇන්නාවේ

    ReplyDelete
    Replies
    1. හුම්... ටැංක්ස්. මරු කයිය ✌

      Delete
  6. දැන් අර පුට්ටලම් බූරූවා මෝල් පුතාගේ ගෑනි හිලව්වට අරන් ලක්ස 26 ගෙව්වානේ.. දැන් අපේ ලයිට් බ්ල අඩු කරන්න කියන්න ඕං..

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියල කියන්නෙයි කොලොම්පූර්. උඩ ඉන්න දෙයියන්ට මිසක්ක 😅

      Delete
  7. රත්තරං අශ්පයො, ලබ්බෙගිනි තියෙනව කියපු කතා එතනිංම බොරු වෙනවනෙ ඉතිං.

    ඔහේගෙ වෙඩිංම දවසට කියනව අපි බ්ලොගර්ල එකතුවෙලා අරක්කු බිල ගෙවල දාන්න හිටං.

    ReplyDelete
    Replies
    1. ආන් එව්වා යුතුකම් පෂාතුමා 😜!

      Delete
  8. දැන් ඔය (හිඟ) බිල ගැන චැනල් ෆෝ වලින් හෙට අනිද්දට ඩොකියුමෙන්ට්‍රි එකක් කලොත් රට බේරා ගත් පවුල, බුඩ්ඩ දරුමෙට හීලෑ වෙච්ච යක්ඛ පැටව් ඇතුලු මුලු ජාතියටම ලැජ්ජාවක්නෙ!!! නමියා මෙතන ඉරිසියාවෙ පැලිලා පෝස්ට් දාන්නෙ නැතුව ඉන්න.

    ඒ මදිවට ඇයි අර "විදුලිබල මණ්ඩලයේ දිනක පාඩුව මිලියන 500යි" කියලා උඩින්ම දාලා තියෙන්නෙ. ඔය බටහිර නිර්ණායක අනුව කියන ලාභ පාඩු අපි පිලිගන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. අනාගත ජනපට්ටි නායන... නාමල් බේබිට සැරද මේවා 💀
      😅😅😅

      Delete
  9. Replies
    1. මේ මජ්ජපාන බීමේ ජොලිය ගෑනු නොදන්නේ 🍻

      Delete
  10. මං හිතන්නේ එය එයාගේ පරණ බිලක් ගෙවල තියෙන්නේ. අරගොල්ල ඇමැතිකමට තල්ලු වෙන්න උඩට ගත්තට

    ReplyDelete
  11. උත්තර දියකො කමෙන්ට්වලට!

    ReplyDelete

Featured Post

හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද...

රෙසිලියන්ම රට ලංකාවය කියල මීට ටික කලකට කලින් එක උගත් තැන්පත් කෙනෙක් කියනව මං අහගෙන. හුම්, මිනිස් සමාජය කියන්නෙම ප්‍රවාහක් නෙව. ලෝකෙ කොහොමත් ...

වැඩිම සැරිසැරුණු වීදි