Showing posts with label දේසපාලන. Show all posts
Showing posts with label දේසපාලන. Show all posts

 2022 අප්‍රේල් පළමුදා, වෙනදා මෝඩයාගේ දින වාගේ විහිළුවක් කරගෙන ආතල් එකක් ගැනීමට... හුදී ජන අපට බැරි වුනි. ඒ වෙනුවට මෙදා අප්‍රේල් පළමුදා ෆුල් සීරියස්, හිතන්නට බොහෝ කරුණු එකතු වුනු දවසක් නිසායි. ඒ මාර්තු 31 රෑ මහජනයාගේ පාරට පැමිණීම නිසා.... ආණ්ඩු පෙරලන්නම නෙමේ බඩගිනි සෑර්, ඔයාලට වගේ අපටත් ළමයි ඉන්නවා, ජීවනබර බර වැඩී වගේ එක්ක කියලා යන්නය.


ගෑස් නැතිකමින්, තෙල්, විදුලිය, පොහොර, පිටි නැතිකමින් හෙම්බත් වූ පෝලිම්ගත වුනු ජනතාව හිතේ ගින්දර නිවා ගන්න, ආණ්ඩු කරන කස්ටියට කෑ ගහල දුක කියන්න... ආ මේ පාරට පැමිණීම, ප්‍රචණ්ඩත්වයකට හැරුනෙ කාගේ උවමනාවටද කියල දන්නෙ දෙයියො විතරය. ඒ දෙයියො විතරක් දන්නා කාරණය විමර්ශනයක් කර තමුනුත් හොයා ගන්නා බව පොලීසිය කියා හිටියහ. ඒත් රටේ ආරක්ෂක අංශ බලා සිටියදීම බස් රථයක් නිස්කාන්සුවේ ගිනි තිව්ව... තනි පුද්ගලයෙක් ඇවිත්. ඒවා කොයි හාස්කම් මත සිදුවුනාදැයි සොයා ගන්නට වෙන්නෙ අපටමය.

මේ හුටපට සේරෝම වඩාත් බරපතළ වෙන්නේ රටේ ජනාධිපතිවරයා වැඩ සිටින ජනපති නිවස අසල මෙය වුනු නිසයි... ඒ වගේම ඔහු ඒ මොහොතේ එහි වැඩ හිටි බවකුත් ඇමතියෙක් සාක්කි දීල තිව්නේය... මොහක හරි වැඩක ඉන්ටෑති.

සාමකාමී උද්ඝෝෂණයක ලක්සන තිව්න ජන එකතුවට... ළමයි අත දරන් හිටි කාන්තාවන්, වයසක උන්දලාගෙ අහිංසක දුක්බර මුහුණු හොඳටෝම සාක්කිය... ඒ සාක්කි පැත්තක තියපු ආරක්සක අන්ස, රටේ තත්වය නොතේරෙන පිරිසක් වාගේ... පාලකයාගේ හස්තයට ඒකාත්මික වී කිසි භේදයක් තොරව සලකලා තිව්න හැමට එකසේ... මාධ්‍යවේදීන් ද ඇතුළත් කරගෙන. නමුත් කරුවලේ ඔවුන්ව වෙනම අඳුනාගන්නට, IDයෙන් බලාගන්නට නොපෙනුනා දැයි කියා මාධ්‍ය ප්‍රකාසයකදී පවා ආරක්සක අන්ස වලින් කියවුනේ නැතිය..  එහෙම වෙයි කියල බලං හිටියත්. නැතිනං උඩින් ආ නියෝග සැමට සමව ලබාදීමට ආරක්සක අන්ස පසුබට නොවුනාද..... රණවිරු යන ගෞරව නාමේ පවා අමතක කරලා හිට.

කලක් තිස්සේ කොටඋඩ ආ රට, මෙලෙස පාරට ගෙනාවේ/ වැටුණේ මේ අවුරුදු 6,7 තුල වූ කසඩ වැඩ ගොඩකිනි. මේ අර්බුදයේ නිර්මාපකයින් කවුරුන්දැයි නොදන්නා නමුත් ජනපති ගෝඨනො මැතිතුමා තමා මෙහි පංගු කරුවෙක් නොවන වග පැහැදිලිවම කියා හිටියහ. මේ අතර අගමැති පවා ඉන්නෙ ඇල් මැරුණු තත්වයකය. නමුත් පසුගිය දවසක  වේදිකාවේ හැඟුම්බරව “මේ වෙලාවෙ දේශපාලන වාසි නොගෙන එක්වී රට ගොඩගමු ” යයි කීවේ ඇතුළේ ඉන්නා ජුදාස් කෙනෙකුන්ටද... දන්නේ මහින්ද විතරමය.

ජනෙල් කණ්ඩියේ එල්ලී හිටි ටටා මහින්ද නුගේගොඩ වේදිකාවට නග්ගා, මළවුන් මළනුවන් ජනපති අසුනේ හිඳ වූ ගම්මන්පිල, විමල් ජෝඩුව දැන් හිටං ඉන්නෙ ආණ්ඩුවෙන් පිටය. ඒ හිට අවලස්සන අමරිකානුවට බනී... සියලු අර්බුද තනි බැසිල්ගේය. මේ දෙනම ත්‍රී වීලයක යා හැකි සාමාජිකයින් ඉන්න සෙට් ඇතුළු පක්ස 11ක් එක්කලා දැන් වෙන අඩව්වක් අල්ලමින් සිටි. අන්තර්කාලීන ආණ්ඩුවක්, සර්වපාක්ෂික පූටුවක්...... ගැන දේසනා කරමින්. ගමන්පිලවා එදා අප්පොච්චිගෙ ගෙදරින් එළියට ආවේ ලෙන් දොර ඕපන් බව කියමිනි. ඒ කරලා හිට වැඩි දවසක් යන්නට නෑර ආපහු ඇයිදින් සරමේ එල්ලුනේය. විමලා රතු ඇත්තන්ගෙන් වෙන් වී අප්පොච්චිගේ සරමේ එල්ලුනේ සීගිරිය දැක ගැනීමේ ආසාව ඇතුවය. පහුව රජ සැප දැකගන්ට ඇති.... සීගිරියේ හෙම.

මේ කෙරුන්කාර නොවන,  කයිවාරු දෙනම තා ඉස්සර දවසක ‘කොරෝනා නිසා, බැසිල් නිසා, ඩොලර් නිසා වැටිච්ච රට ගොඩ ගන්න පොළොවේ සුවඳ හඳුනන තාත්තගෙ පුතා වන නාමල් බේබිට චන්දය දෙන්න’ කියලා කියන්නට බැරි නැත. ඒ තරම්ම සුවර් නැති බඩු දෙකකි මුන් දෙනම. සන්කිලි කටවල්ද ඒ හුරුවට සැකසී ඇත. ඊට විපක්සව ඉන්නා කස්ටියටද අපූරු කතා කියන්නට මේ දෙඅවුරුද්ද පවා හොඳටෝම ඇතිය. දැන් විපක්ස සජබෙ පවා ආණ්ඩු සැකැස්මවල් දියත් කොරන ගමනෙය... නැතුව ජනතා නගාසිටුවීමක් ගැන අදහසේ නෙවේය. අනුරත් රතු ආණ්ඩු සිහිනයක ඇතිය... කුළුඳුලේම හිට.

ඔය අතරෙ තවත් ජන රැලියකට, උද්ඝෝෂණ මාලාවකට 3වනදා සැරසෙන බව දැනන් ආණ්ඩුව 2වන දා රාත්‍රියේ හිට 3 උදෑහනක් වෙනකං ඇඳිරිනීතිය දමන බව නිවේදනය කරලා... පහුවට නිවේදනය කර දීර්ඝ කරා.... ඒ කපටි පාලනයේ හැටිය. ඒ මදිවට සමාජ මාධ්‍ය වෙත ගොඩවැදීමේ නිදහසද අහුරා තිව්නේය. ඔය අල්ලපනල්ලෙ සැනසුම් සුසුමක් හෙලන්ට වෙන්ටෑ විදුලිය බිඳ වැටීම පැයකට අඩු කරේ හිට. නැහ්නං ගෙදර ඉන්න වුන් කුලප්පු වෙන්ට බැරි නෑ හිරවෙලා ඉන්ට අස්සෙ මෙතන කිසි වැඩක්කක් කරගන්න නැතිව තව... කියලා හිට. ඒ අතර එදා වේල හම්බුකරන් කන අය ඇතුළු පිරිස ඇඳිරිනීති හන්ද අන්ද මන්ද වීය.

මෙහෙම පාර්තනා කරන ගමන්..... එනවාරේ මොකා එක්කං ඇවිදින් ජනපති පුටුවෙ වාඩි කරන්නද, ආණ්ඩු බලය දෙන්නද ?

අමාරුම වෙලාවලදී ගන්න තීරණ තීරණාත්මකම තීරණ කියලා කියනව නෙව. ඒ වගේම තමයි ගන්න තීරණයක් නැතිව ඉඳල ඉඳල ගන්න තීරණ බොහොම දරුණු වෙන්ටත් පුලුහං..... ඔය කොයි පැත්තටත්. ඒ නිසා මොළේ පාවිච්චි කිරීමත් අවශ්‍යයම මොහොතක්ය මේ. කොයි කොයි පැත්තත්... රට ගැන හිතල.



වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්