ධනවතාගේ අත්සන
ඔන්ට
ලංකාව වගේ එක රටක දුප්පත්ම පවුලකින් පැවත එන එක පනුස්පයෙක් හිටිය. නිසි වයස ආවම,
ඉලෙක්ෂන් එකකදී මන්තිරි කෙනෙක්ට දාව වැඩ කටයුතු කරන්න එකතු උනා.. දින්නට පස්සෙ
රස්සාවක් ලබා ගැනීමේ පොරොන්දු පිට. චන්දෙන් මන්තිරිය දින්න, එත් මෙයාව දාන්න එක
තැනක්වත් නෑ.. සුදුසුකම් ගැටලුව. බැරිම තැන කුණු එකතු කරන ලොරියේ වැඩට දාන්න ට්‍රයි
කරා. ඒත් බෑ මේ මෝලට මල පොතේ අකුරක් තියා පෑනක් අල්ලල අස්සනක්වත් ගහ ගන්න බෑ.
කරන්න දෙයක් නැති තැන මෙයා ගියා එළවලු කඩයක වැඩට. අනාගතයේදී හම්බෙන පැන්සොන් එක
අමතක කරලා දාල හිට.
දැන්
වැඩ. එළවලු ගෝනි බානව- පටවනවා, තෝරනවා, සුද්ධ බුද්ද කරනවා.. හොඳට වැඩ කරන් හිටිය.
මුදලාලිලගෙ වයිපර්ලට, දුවලට බැලුම් දාන එවුන් වගේ නොවී. අවංක කමත් හින්ද මුදලාලි
මෙයාට ගොඩක් හොඳින් සැලකුව. ඔහොම කල් යද්දී වැඩ කරන වෙන අය වෙනස් උනා, මාරු උනා
එත් මෙයා දිගටම වැඩ ටිකත් හොඳට අල්ලාගෙන කරන් හිටිය. ඒත් මුදලාලිට වැඩි කල් අල්ලලා
හිටින්න පින නැතුව ගියා. තනිකඩ ජීවිතේ.. කාටත් කරදරයක් නැතුව මැරුණ. දැන් කඩේ මෙයා
බලා ගන්නවා.. කවුද මේ ලියන්න බැරි තැන. ඔය විදිහට වැඩ කෙරෙන අතරේදි කඩ, දේපල සියල්ල
මෙයාට නීතියානුකූලව අයිති උනා. දැන් බොහෝ කාලයක් ගෙවිල ගිහින්... දවසක් මෙයා
කල්පනා කරා කඩේ දියුණු කරන්න. හොඳ ලොකු ෂොප් එකක් කරා මෙයා දැන් මේක. මෙහෙම ඉන්න
අතරේ එක ලොකු සමාගමකින් මෙයාට ඉන්වයිට් කරා එන්ට කියල. මෙයාගේ දක්ෂතාවය අරව මේවා
දැකල. මෙයත් ගියා.. ඔන්න දැන් ලොකු කට්ටිය කතා කරලා, කාළ බීල, පොටෝ අරං.. සමරු
සටහනකට අත්සන් කරන්න මෙයාටත් කතා කරා.
මෙයා
ගත්ත පෑන දකුණු අතේ මහපට ඇඟිල්ලේ උඩ පාට කරා... ගැහුවා පොතේ කණ අත්සන.
බලන්
හිටපු පිටරටවලින් ඉගෙන ගත් ලොකු ලොකු කට්ටිය ඔක්කොම පුදුමයෙන්... එක්කෙනක් ඇහුව
ඔයාට අස්සනවත් ගහගන්න බැරිද කියල.. බොහොම සහෘදව.
මෙයා
කිව්ව “අස්සනක් ගහන්න පුළුවන් තරමට ඉගෙන ගෙන හිටිය නම්, තාමත් මං කුණු ලොරියක වැඩ”
කියල.
මගදී
තේරුම්ගත් ගැහැණිය/කාරණය -
මේ
කතාව හිතන්නකො පිට දේශයක උනයි කියල.. හොදේ. ඔන්න දවසක් මහත්තය දත් මැද, සෑයවල්
බ්‍රා ඇඳ පැළඳ, සපතු පොලිස් කර, රටක් රාජ්‍යයක් අල්ලන්න නෙවේ හිට වැඩට යන්න
තනනවා. ඔන්න සමුදීමේ kiss එක බිරිදට පරිත්‍යාග කරලා වාහනයට නැග,
නිදි පැදුරේ සිටි දරුවන් තිදෙනාටද kiss ලබා දී, දෑතින්
සුක්කානම බදන් R ගියරයට දමන් ඉදිරියට ඇදුන ගමනාන්තය වන
වැඩපොළ දක්වා. එදා උදේ ටිකක් වැඩ අධික උනා... කොහොමින් හරි වැඩ ටික වේලපහ කරලා ඉවර
වෙලා හිට පොඩි සොට් එකක් ආමාංසගත කර ගන්න milk bar එක ළඟ ඇති බීම හලක් ළඟ නැවතුනා. ඇතුලේ තරුණ ලඳුන්, වැඩකරන කෙල්ලො, ගී
කියන කිරිල්ලියෝ.. ඔන්න දැන් හීං හඬින් ඇහෙන අනුරාගී සංගීතයකින් කන් පිනවමින් වඩි
දෙකක් පමණක් ලබා ගත්ත. වැඩිය කඩන නරක කෙනෙක් නොවී... පොඩි සන්දියේ පටන්ම එන
කුල සිරිතට අනුව. එහෙම ලබා ගෙන කිසිම වැනීමක් නැති දේහය වත්තම් කරගෙන කාරයට ගොඩ
උනා. ගොඩ වී හීං හීතලේ ගහන පොදයට වාහන කවුළුවත් වහං, දැන් ගෙදර බලා එනව. වෙලාව
තියෙන නිසා හිමිහට අවට සිරියත් බලං එනව.
ඔහොම
හිමීට අඩිය තියන් එන වාහනය ඇතුළේ ඉඳන් මේ මහත්තය දකිනවා දුකින් බිම බලාගෙන, පොඩි
වෙච්ච, කොටට ඇඳගත් ඇඳුමින් යුතු ලස්සන කෙල්ලෙක්. මහත්තය වාහනය නතර කරා.. හොඳට
බැලුව. අම්මට හුඩු පට්ට කෑල්ලක්නෙ. ඒත් මොකද මේ පාලු පාරේ තනියම. වාහනය ලඟට ලං කරා
ඈ ගාවට. ඇහුව ඇගෙන් කාරණාව. ඈ කිව්වා “මං එක්කෙනෙක් එක්ක යාළු වෙලා හිටියෙ. සතිය
විතර අපේ ආශ්‍රය. එයා මට අද කරදර කරලා පැනල ගියා”. මහත්තයට දුක හිතුන... ඒ කෙනා මං
උනේ නෑනෙ කියල. ඔහොම දුක් වෙන අතරේ මහත්තයගෙන් අර ලස්සන කෙල්ල ඇහුව “මාව ලඟම තියෙන
hospital එකට ඇරලවනවද කියල. කරුණාවන්ත මේ මහත්තය පරීස්සමට ගෙනත් ඇරලුව කිව්වා
විදිහටම අදාළ තැනින්.
ආයේ
කෙල්ල මහත්තයගෙන් ඇහුව හරි විනීතව “මාව එක්කගෙන යනවද ඇතුළට. මගේ කකුල ටිකක්
රිදෙනවා වගේ. කියපු ගමන් මහත්තය කාර් එකෙන් බිමට බැහැල. ඇයව බොහොම ආදරයෙන් එක්ක ආව
වාට්ටුවක් ලඟට යනකම්.. ඇයගෙ බෑග් එකත් අනික් අතින් ගනිමින්. මහත්තයට හිතුන එක්කගෙන
ආපු එකේ වාට්ටුවට ඇතුල් කරලා බෙහෙතුත් අරං දීල ගෙනිහින් බස්සලම යනවා කියල..
මනුස්සකමට. අනික ගෙදර ගෑණි වගේද පාරේ තනියෙම ඉන්න කෙල්ලෙක්.. අනික ලස්සන. වාට්ටුවට
එක්ක ඇවිත් දැන් දොස්තර ගොයියා අහනව විස්තර. නම ....., වයස ...... ඔයාද ලෙඩාගෙ
භාරකාරයා දොස්තර අර මහත්තයගෙන් ඇහුව, මහත්තය දෙන්න දිහාම බැලුව. කෙල්ල මහත්තය දිහා
බලල බිම බලා ගත්ත.
“ඔව්
doctor. මහත්තය බොහොම නිර්භීතව ප්‍රකාශ කළා. දොස්තර මහත්තය විස්තරත් සටහන්
කරගෙන ඇඟේ තුවාල වැඩි දුර පරික්ෂා කරන්න රෙද්දකින් වහල තියෙන එහා කාමරේට කෙල්ලව
එක්ක ගියා. ඔන්න ටිකකින් ආයේ ආව. දෙන්න කාර් එකට ගොඩ වුනා. කිව්ව තැනින් කෙල්ලව
හරි පරිස්සමට බස්සල යන හැටිත් ටිකක් වෙලා බලං ඉඳල මහත්තය සතුටින් ගෙදර ගියා. බොහොම
හිතේ සතුටින්.. කාට හෝ උදව් කරානෙ කියල.
දවස්
දෙකකින් අර hospital එකෙන් මහත්තයට call එකක් එනව.
මහත්තය
- මොනව.. පිස්සු කතා කරනවද. මම ඒ කෙල්ලව දන්නෙවත් නෑ. පාරේ ඉඳල එක්කගෙන ආවේ.
මොකා... ළමය.. ළමය මගෙ නෙමේ.
රෝහලෙන්
- ඒ ගෑණු ළමය මහත්තයගෙ නම තමයි දීල තියෙන්නෙ. ඔව්.. අනික ඔයාමනෙ එයාව ඇතුළත්
කරල තියෙන්නෙත්. ඔව්.. එයාට ළමයෙක් හම්බවෙන්න..
මහත්තයට
යකා නැග්ග. උදව් කරන්න ගිහින් වැටුන වලේ තරම දැනිල. ටග්ගාල ගත්ත පෞද්ගලික
නීතීඥතුමාට කෝල් එකක්. කිව්වා විස්තරේ මුල සිට සරලව. Lawyer කිව්වා don’t warry, be happy. දාමු
නඩුවක්, එතකොට වෛද්‍යවාර්තා වලින් දැන ගන්න පුළුවන් ඔයා නෙමේ ඒ ළමයාගේ පියා කියල.
මහත්තය දැම්ම නඩුවක්. කිව්වා වගේම ආව වෛද්‍ය වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරන්න
කියල. උසාවියෙ දි කෙල්ල එක බැල්මක් මහත්තය වෙත එල්ල කලේ නෑ. මහත්තයට පොඩි දුකකුයි,
කෙන්තියකුයි ඇති උනා තමුන් ගැනම.
ඔන්ට
දැන් වාර්තාව ඇවිත්... මහත්තය නිදහස්. එදත් කෙල්ල බැලුවෙ නෑ මහත්තය දිහා. මහත්තයට
අද නම් පොඩි සතුටක් තියෙනවා. උසාවියෙ එනකොට වෛද්‍ය වාර්තාව lab එකෙන් ආපහු මහත්තය අතටම දුන්න. ගෙවලනෙ තියෙන්නෙ. දැන් දවස් දෙකක් වැඩට
නොගිහින් උසාවි ආව. කමක් නෑ කරදරය ඉවර උනානේ කියල හිත හිත මහත්තය දැන් ගෙදර යනවා.
අදත් වෙලා වැඩි. ඒත් කමක් නෑ ගෙදර ගිහින් හැම දෙයක්ම කියනවා නෝනට. නෝනටත් පුදුම
හිතෙයි... කෝල් එකක් දීලත් කිව්වා දැන් එන බව. එහෙම එන අතරේ මහත්තය lab report එක දිග ඇරල බලමින් ගෙවල් පාරේ එනව.. Report එකේ සඳහන්ව තියෙනවා ‘....... වඳ පුද්ගලයෙකු බවත්, දරුවන් බිහි කිරීමට
කිසිඳු හැකියාවක් නොමැති බවත්...’ ඒ ටික කියවගෙන මිදුලට කාර් එක ඇතුල් කරන කොට
දරුවෝ තුන්දෙනාත් එක්ක තමුන්ගෙ ප්‍රිය බිරිය මග බලන් ඉන්නව... මහත්තය එනකං.
ලමයින්ම් කාගේ උනාම මොකද ? නේ... |
සත
5හේ වෙනස
ඈත
අතීතයෙ එක ගොවිපළක සත්තු සෙට් එක බොහොම සතුටෙන්, සාමයෙන් වාසය කරා. ඔන්න එක නිවාඩු
පාඩුවක කිකිළියො දෙන්නෙක් කතා උනා තම තමුන්ගෙ ආදායම්, වත්කම් ගැන.
එක
කිකිළියක් කිව්වා “දන්නවද මම දැන් බිත්තර දෙන්නෙ සත 75කට කියල”
අනෙත් කිකිළියට කිව්වා.
අනෙක්
කිකිළි පුදුමයෙන් ඇහුව “ඒ කොහොමද?. අපි දෙන්නම ලඟක් වෙනකං දුන්නෙ සත 70 කටනෙ
කියල.”
ආයේ
අනික් කිකිළිය ටිකක් උජාරුවෙන් කිව්වා “ටිකක් මහන්සි වෙලා ලොකු බිත්තර ටිකක්
දැම්ම නම් සත 75කට අත උඩින් දෙන්න පුළුවන්” කියල. එතකොට අඩුවෙන් දෙන කිකිළිය
ටිකක් වෙලා බැරෑරුම් කල්පනාවක් දාල මේන් මෙහෙම කිව්වා.
“එක්කො
ඕන නෑ. පුරුදු විදිහටම වෙළඳම් කරනවා. මොකටද නිකන් සත 5කට තටමල පුම්ක ඉරා ගන්නෙ
කියල”