ගොරවනව එහෙම නෙමේ... කොහේ
හරි ගිහින් කෙනෙක්/ කට්ටියක් එක්කලා හරි නිදාගනිද්දි අහන්න හම්බවෙන කතාවක් තමයි ඉතින්
මේක. ඒ අනික් අයගෙ පැත්තෙන් නෙ. අපේ පැත්තෙන් නම් නිදන් ඉන්දැද්දි ලී නෙමේ පොල්
පරාල ඉරුවත් කමක් නෑ.... නින්දෙන් කියවන්නෙ/ දොඩවන්නෙ නැත්තං. විසේසෙන් බිරින්දෑ
එක්ක ඉන්නකොට හෙම. එහෙම නොවුනොත් ඉතින් වෙන දේවල් බැඳපු ඔහෙලම හිතා ගන්ටල ඈ....
දැන් ඉතින් නිව් මිලේනියම් එකේ නොයිපදුනු අපේ කස්ටිය දන්නව, මේ කියන්න හදන්නෙ මැරෙන්නේ නැති කාන්තාවගෙ (අමරා) සිංදුව ගැන තමා කියල. අමරා රණතුංග. දන්න විදිහට, අගේ සැමියා... දයාරත්න රණතුංගයන් තමයි මෙහි සංගීතය. ලංකාවේ තවත් දක්ෂ සහ වැඩි අවධානයකට පත් නොවුන යුවලක් තමයි මේ රණතුංග යුවල. ගීය ලීවේ කවුදැයි නං දන්නෙ නෑ. [පද වැල් - චන්ද්‍රසේන රන්ගේ මහතා. /තොරතුර Litseeker ගෙන්]
මේක මාර සයිකොලොජි
විවරනයක් දෙන සිංදුවක්. එක පැත්තකින් සිහින ගැන, අනෙක් පැත්තෙන් යටි
හිත ගැන, තව පැත්තකින් ස්ත්‍රී සිතක ස්වභාවය දැක්වෙන
අපූරූ (පෙරනොවූ), ගැඹුරු/සරල නිර්මාණයක්. අහල
තියෙන සිංදු අතරෙ.... මේ විදිහෙ නිර්මාණයක් හම්බවෙලා නෑ... මටනම්. පද රචනයට හරියන
සංගීතය වගේම... ගැඹුරු කටහඬත් ගොඩක් හොඳට සංකලනය වෙනව.
කතාවෙ හැටියට මේකේ පුරුෂ
රත්නයත් අර වාගේ වැඩේ අවුල් කරන් තියෙන්නෙ.... හීනෙන් දොඩවල හිට.
උපුලී.... උපු..ලී....
සමහරවිට ඉස්කෝලේ හිටිය
ගුරුවරියක්ගෙ නමක්, පන්තියෙදි බැන්න කෙල්ලෙක් නමක් වෙන්ට පුලුහං නෙ. ඒත් ඉතින්
බැඳපු නෝනත් ලඟින්ම දොයියගෙන ඉන්න යාමේ... නිදිමරගාතේ, සැමිය වෙනින් ස්තිරී
පරානයක් ගැන නන්දෙඩෙව්වහම හොඳද. ඇහුණේ නෑ වාගේ අනෙක් පැත්ත හැරිල ආයේ නිදා ගන්නද...
ඒ බිරින්දෑ. එතැන ඉඳලා ඉතින් නෝනගෙ කල්පනාව ඒ ගැනමනෙ... රෑ එළි වෙනකල්ම.
උපුලී.... උපු..ලී....
හුම්..... නෑ සනහුරේ
ගැටගැහිච්ච කෙලවරකවත් නෑ. හිටියනං මං නොදන්නවා ඈ... මගුල් ගෙදර ආව, ආස්සරේ කරන මිතුරියො
අතරෙත් එහෙම කෙනෙක් නෑ. බැරිවෙලාවත්... අට පැය වැඩකරන කන්තෝරුවේ ඉන්න එකියක්වත්ද.
අනේ මං වැටුණු වලක මහත. අහපු හැම එකාටම බෑ කියල.... මේක කරගත්තනෙ. දැන් ඉතින් විඳවපන්කෝ....
හ්ඃම්.. මං උදේට
අහගන්නම්කො... ඔක්කොම විස්තරේ. හ්ම්... කියයි මේන් කියල කියයි. මං දන්නෙ නැද්ද
මිනිහගෙ තරම.
කතාවෙ හැටියට නම් පුරුෂ
පරාණය... උදේ වෙනකම්ම ඇදේ උපුලිගෙ නම කියනවා/ මතක් කරනව. බිරිඳට, කොහෙදෝ යන උපුලියක්
නිසා... නින්දකුත් නෑ. ඒ අතරෙ ඉතින් අහිංසක බිරිඳට කඳුළු අතරින් හිතෙන්න ඇති වැඩේ
දුරදිග ඇදුනොත්.... දරුවවත් අරං පාරට බහින්ට තමා වෙන්නෙ කියලා. ඇවිල්ල ගෙයි බින්න
බහින්නත් බැරි නෑ ඒ ගෑනි. කවුද දන්නෙ ඉතින් පොත්ත රතු කරගත්ත... නන්නත්තාර එකියක් ද
කියල. එකත් එකටම එහෙම වෙන්න ඇති... ඉන්නවනෙ සමහර ගෑණු වේ#% කියල තමයි නෝනගෙ කල්පනාව....
මේ මහ රෑ.
දැන් සැමියාට, බොරු
හෝ නැතා.... සිද්ධ වෙනව උපුලි කියල කෙනෙක් ගැන උදෑහනින් භාරියාවට විස්තර කරල දෙන්න
හිට... අනාගත පවුල් ජීවිතය උදෙසා.
ඉතින් කවුද ඒ උපුලී.......