Monday, September 13, 2021

සියදිවි නසා ගැනීම් වැළක්වීමේ ජාත්‍යන්තර දිනය - සැප් 10

සියදිවි නසා ගැනීම් වැළක්වීමේ ජාත්‍යන්තර දිනය යෙදිල තියෙන්නෙ හැම අවුරුද්දකම සැප්.10 වෙනිදා.

2020 වසරේ සියදිවි නසා ගැනීම හේතුවෙන් ලංකාවේ 3,074ක් මිය ගිය බවත්, වසර කිහිපයකට පෙර පුද්ගලයන් ලක්ෂයකට 45ක් ලෙස පැවති මෙරට සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය, මේ වන විට ලක්ෂයකට පුද්ගලයන් 14ක් දක්වා පහළ වැටි ඇති බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ සිළුමිණට කියල තිබුණ.

ලෝකයේම වසර ගණනාවක ඉඳන් පුද්ගලයින්ගේ මරණයට හේතුවන සිව්වන ප්‍රධානතම කාරණයත් මේ සියදිවි නසා ගැනීම. 


චායාරූපය අන්තර්ජාලයෙන්

ගෘහස්ථ හිංසනය, මානසික ආතතිය හා ලෙඩ, විරැකියාව, හිංසා, අපයෝජනය කියන දේවල් දරා ගන්න බැරුව ඒ නිසා සියදිවි නසා ගන්න පෙලඹෙනව. මේ විදිහට සිය දිවි නසා ගන්නන් හැම රටකම පොදු උනත් ඒ අතරින් වැඩි කොටසක් අයත් වෙන්නෙ දුප්පත් කියල හඳුනාගත් රටවලට බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කරල තිබුණ. ඒ වගේම බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් වන මේ සියදිවි නසා ගැනීම අවම හා තුරන් කිරීමට ඒ ඒ රටවල රජයන් නිවැරදි තීන්දු, තීරණ ගන්න ඕන වගේම  ඒ සඳහා අවධානය යොමු කළ යුතු කරුණු ගැනත් සඳහන් කරල තිබුණ.

• සියදිවි නසා ගැනීමේ මාධ්‍යයන් වෙත ප්‍රවේශ වීම සීමා කිරීම් (උදා: පළිබෝධනාශක, ගිනි අවි, ඇතැම් ඖෂධ).

• සියදිවි නසාගැනීම් පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීම සඳහා මාධ්‍ය සමඟ අන්තර් ක්‍රියා කිරීම

• යෞවනයන් තුළ සමාජ-චිත්තවේගී ජීවන කුසලතා ඇති කිරීම

• සියදිවි නසා ගැනීමේ හැසිරීම් වලින් පීඩාවට පත් වන ඕනෑම අයෙකු කලින් හඳුනා ගැනීම, තක්සේරු කිරීම, කළමනාකරණය, පසු විපරම් කිරීම හා අධීක්ෂණය.

ගෝලීය වශයෙන් සියදිවි නසා ගැනීම් සහ සියදිවි නසා ගැනීමේ උත්සාහයන් පිළිබඳ දත්ත ලබා ගැනීමේ හැකියාව හා ගුණාත්මකභාවය දුර්වලයි වගේම ජාතික සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ක්‍රමෝපායන් ඇතැයි වාර්තා වන්නේ රටවල් 38 ක පමණක් බවත් WHO එක කියල තිබුණ.

සියදිවි නසා ගැනීමේ අදහසින් ඉන්න පිරිසට සමහර වැරදි මාධ්‍ය හැසිරීම් නිසා එයින් තවත් උත්තේජන ලැබුණ අවස්ථාද ලෝක මාධ්‍යයේ සිදුවෙලා තියෙනව. එක සිද්ධියක් නම් කාන්තාවක් ගිනි උදුනට හිස ඇතුල් කරලා සියදිවි නසා ගෙන තිබ්බ සිදුවීම නිවැරදිව මාධ්‍ය මුදා නොහැරපු නිසා ඒ ක්‍රමය පාවිච්චි කරලා බොහෝ දෙකෙන් සියදිවි නසා ගන්න පෙළඹිලා තිබ්බ. ඉතින් මේ නිසා තමයි මාධ්‍ය පවා මේ කාරණයේදී සංවේදීව වැඩ කරන්න ඕන කියල WHO එක කියල තිබ්බෙ. මොකද රටේ ඉදිරි ගමන සමස්ත පුරවැසියන්ගේ සෞඛ්‍ය හා මානසික යහ පැවැත්ම මත රඳා පවතින නිසා.



දිවි නසා ගැනීමට සිතුවිලි ඇති ඔබ හෝ වෙන අය වේ නම් මේ දුරකථන හා සම්බන්ධ වී සහය ලබා ගන්න.


ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 011 2 682 535 / 011 2 692 909

CCC පදනම - 1333 (නොමිලේ ඇමතුම්)

ජාතික මානසික සෞඛ්‍ය විධ්‍යායතනය - 011 490 000

11 comments:

  1. වටින post එකක්. මේ වගේ දේවල් හැමෝම දැන ගන්න ඕනි.

    හැබයි ඔය phone number එකකට කතා කරන්න උනත් හිත හදාගන්න හරිම අමාරුයි ගොඩක් වෙලාවට.

    මට නම් දැනිලා තියෙන විදියට ඕනි දෙයක් කතා කරන්න පුලුවන් ළගම කෙනෙක් ඉන්න එක තමයි වඩාත්ම හොඳ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් නවීන්. ඇත්තටම දැන් කාලේ එහෙම කෙනකේ හැමෝටම නැති තරම්. ඉස්සර නම් පන්සලේ නායක හාමුදුරුවෝ, ලොකු ඉස්කෝල ගුරුතුමා.. කියල අය හිටිය, ප්‍රශ්න - අදහස් කතා කරගන්න.

      හදුනන අය, ළඟම අසල්වාසීන් උනත්... අතේ දුරින් ආශ්‍රය කරන්නෙ දැන් බොහෝ දෙනා. මොකද පස්සෙන් පහු ජරමර ඇති වෙන්ට පුලුහං හන්ද. ඒකත් එක අතකින් බලද්දී ඇත්ත.

      Delete
  2. මං හිතන්නෙ මේකයි දැන් මිනිස්සු හොඳම දේ හොයන්න යනවනෙ. අපේම අදහස් වලට ගැලපෙන මිනිස්සු එහෙමත් හොයාගෙන ගියාමත් එහෙම වෙනවා ඇති කියලා, මොකද ඉස්සර නම් ඕනි කෙනෙක් එකට ඉන්නකොට තේරෙනවනෙ විරුද්ධ මත ඉවසන්න, අනිත් මනුස්සයව තේරුම් ගන්න එහෙම.

    අනිත් එක තරඟකාරී ලෝකෙ තමගෙ ජීවිතෙ ගොඩ දාගන්න හැමෝටම ලොකු ගේමක් ගහන්න වෙලා තියෙනවා. ඉතින් අනිත් මිනිස්සු ගැන හිතන්නෙ කොහොමද????

    ReplyDelete
    Replies
    1. හොඳම දේ හොයන් යනවානම් නවී හොඳම දේ හරි විදිහ හරි හම්බෙන්න එපෑ. එක්කෝ හොයන විදිහෙ අවුලක්

      උඹ කිව්ව විදිහට තරඟකාරී ලෝකෙ වගේම... දැන් මිනිස්සු ඉන්නෙ තමතමන්ට හදාගත් කොටු වෙච්ච ලෝකවල. ඒකයි මේ හැම පුරස්නයක්ම. කොටුවෙච්ච ජීවිත, කොටුවෙච්ච මානසිකත්ව.

      Delete
  3. හොඳම දේ කියලා එකක් නෑ නෙහ් ඉතින්, හොඳ දේවල් ගොඩක් තියෙනවා එච්චරයි නෙමේද?

    ඉතින් හොයලා තියෙන්නෙම වැරදි දෙයක් වෙන්න පුලුවන් ද🤔

    තමන්ගෙම ලෝකයක් එහෙම හදාගන්නෙ ඇයි ඉතින්🤔

    ReplyDelete
  4. ඉතිං ඔය ඔක්කොම බලල ඇනලයිස් කරල දානවකෝ පොස්ටුවක් අපටත් කියවන්න... නවීනෝ

    ReplyDelete

Featured Post

හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද...

රෙසිලියන්ම රට ලංකාවය කියල මීට ටික කලකට කලින් එක උගත් තැන්පත් කෙනෙක් කියනව මං අහගෙන. හුම්, මිනිස් සමාජය කියන්නෙම ප්‍රවාහක් නෙව. ලෝකෙ කොහොමත් ...

වැඩිම සැරිසැරුණු වීදි