Man in Black (1997) එකේ ‘Agent J’ නොදන්න කෙනෙක් නැති තරම්. Will Smithව ලෝකෙම දැන ගන්නෙ ඒකෙන්. ලෝකෙම ආදරේ කරන Will Smithගෙ 53වන උපන් දිනය යෙදිල තියෙන්න අද. Smith චිත්‍රපට වලින් අතිශය ජනප්‍රිය වුනත් කළා දිවිය පටන් අරං තියෙන්නෙ 1980 ගණන්වලින් Rap සංගීතඥයෙක් විදිහට The Fresh Prince කියන අනුවර්ත නාමයෙන්. ඒ වගේම පළමු Grammy Award එක අරං තියෙන්නෙ 1989.
The Fresh Price ලෙස රැප් කරමින් |
Will Smith රඟපාපු හැම චිත්‍රපටියක් වගේම සාර්ථක උනා. Box Office හිට් උනා. පළවෙනි Box Office එක වෙලා තියෙන්නෙ
Bad Boys (1995). ඊට පස්සෙ අවුරුද්ද ආපු Independence
Day 1996යෙ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් එකක් වෙලා තියෙනවා.
1997 දි
අපි හැමෝම බලපු Man
in Black චිත්‍රපටියත් world හිට් එකක්
උනේ ස්මිත් hollywood වල සුපිරි තරුවක් බවට පත් කරලා. ඒකෙ
ස්මිත් කල රංගනයටද විචාරක පැසසුම් මදි නොකියන්න හම්බෙලා තිබුණ. ඒ චිත්‍රපටියෙ තේමා
ගායනා කරෙත් ස්මිත්. ඒ සින්දුවත් හැම චාට් එකකම No1 උනා.
ඒ වගේම මං ඇතුළු හැමෝම බලල තියෙන Bad Boys (1995), Men in Black 2(2002), i robot (2004), Bright (2007), Hancock (2008), Focus (2015), Concussion (2015), Collateral Beauty (2016), Aladdin (2019) සුපිරි චිත්‍රපටි.
රූපය - අන්තර්ජාලයෙන් |
Concussion (2015) - ක්‍රීඩකයන්ගේ හිස් ගට්ටනය වීම නිසා ඇතිවන මොළයේ රෝගයක් සොයාගන්න වෛද්‍ය ඔමාලුගේ සත්‍ය කතාව ඇසුරින් නිපදවුණු මේ චිත්‍රපටයේ ඔහුගෙ රඟපෑම ඉතා තාත්විකයි. 2016 ආපු Collateral Beauty චිත්‍රපටියේ රඟපෑමද විචාරක පැසසුමට ලක්වුනා. ඒ වගේම චිත්‍රපටියට අත්සන් තැබීමෙන් කෙටි කලකට පසු Smithට තම පියා පිළිකාවක් නිසා අහිමි වුනා. චිත්‍රපටයේ ඔහුට රඟ දක්වන්න තිබුනෙ පිළිකාවකින් තම දියණිය අහිමි වුන පියෙකුගේ චරිතයක්. එතකොට 2007දී Netflix නිෂ්පාදකයින් එතෙක් ඔවුන් දැරූ වැඩිම පිරිවැය යොදමින් Bright චිත්‍රපටිය සඳහා ස්මිත්ව යොදා ගත්ත.
Concussion (2015) හි තාත්වික රංගනයක යෙදීමින් |
ත්‍රාසජනක
අත්දැකීම් ලබා ගන්නටද කැමැත්තක් දැක්වන Smithගෙ ඒ ක්‍රියාවන්වල යෙදෙන
video ඔහුගේම YouTube නාලිකාවෙන්
බලා ගන්නත් පුළුවන්. ඒ හරහාද විශාල පිරිසක් ඔහු හා එකතු වෙනවා.. ඉතින් සුභ
උපන්දිනක් Will Smith.
ආයුබෝවන්! ඇත්තටමඔබ කියපු චිත්‍රපට ගැන කියදදීත් විල්ස්මිත් ව යන්තං හොයා ගත්තා!~ ඒකට ඔබ කණගාටුවියයුතු නෑ. චිත්‍රපට නැරඹීමෙන් මම දැන් බොහෝ සෙයින් ඈත් වීමයි ඒකට හේතුව.ඒත් අපේ කාලයේ වීරයන්ගේ චිත්‍රපටයක් නම් තාම බලන්න කැමතියි!
ReplyDeleteඒක මාර වැඩක්ම තමයි. එකෙන්ම ආත්මාර්ථකාමී සිතුවිල්ලක්. අපි තවමත් වීරයන් ලෙස සලකන්නේ ඔවුන්. ක්ලින්ට් ඊස්ට්වුඩ්, චාල්ස් බ්‍රොන්සන්, ලී වෑන් ක්ලිෆ්, රොබර්ට් ඩි නීරෝ, ඇලිස්ටර් මැක්වීන්, චාල්ටන් හෙස්ටර්න්, ලී මාවින්, බර්ට් ලැන්කැස්ටර් ඔයවගේ අය තමයි තවමත් හිතේ ඉන්නේ. තව ජොනී ඩෙෆ්, ලියනාඩෝ ඩී කැප්‍රියෝ, කෙවින් කොස්නර්, මෙල් ගිබ්සන්, වගේ ටික දෙනෙකුටත් හිතේ ඉඩ තියෙනවා.
කොහොම උනත් ඔබගේ ලිපියෙන් මම බොහෝ කරුණු දැන ගත්තා! ඊට බොහොමත්ම ස්තූතියි! නැවත බ්ලොග් ලියන්නට පටන් ගැනීම ගැන ඊටත් වඩා තුති!
ස්තූති අදහස් දැක්වීමට බෙහෙවින්. මගෙත් කැමතිම අය බර්ට් ඩි නීරෝ, ජොනී ඩෙෆ්, ලියනාඩෝ ඩී කැප්‍රියෝ, මෙල් ගිබ්සන්.
ReplyDeleteThank you
ReplyDeleteඔබටත් ස්තූතියි. 2016 වගේ ඉඳල දකිනවා එත් bolg එකක් කරන්නෙ නෑනෙ..
Deletewild wild west අමතක වෙලා. ඒකත් සුිරියක් තමා නමියා...
ReplyDeleteමේකයි, මේකයි අමතක වෙන්නෙ නෑ.
තවත් පට්ටම සුපිරියක් තමා hitch හිංදි කොපියකුත් හැදුව ඒකෙන්. සල්මන් ඛාන් ඉන්න.
ReplyDeleteහොඳම වැඩේ මොකක්ද දන්නවද metrix එකට willට අන්ඩගැහුවම ගියේ නෑ වෙන film එකක් නිසා. එකෙන් හොඳක් උනා නේ. පස්සේ willඋත් කියල තිබ්බ කෙනු රිවුස්ගෙ රංගපෑම හොඳයි කියල තමන් කරන්න තිබ්බට වඩා.
Deleteපොර හොඳයි තමයි. සීතල යකඩ කඳක් වගේ
Deleteහරියට ඔයා වගේද ඩ්රකි..
Deleteවැඩි ඈත කාලෙක නෙවෙයි මං බලවා විල් ස්මිතුයි, එයාගේ පුතා ඩබල් ඇක්ටින් කරන ඇක්ෂන් film එකක්... නම මතක් වෙන්නේ නෑ. හැබැයි හරිම ප්‍රවේගකාරී එකක්...
ReplyDeleteනිදි පොස්ට් එකක් දාන්න කවද වෙයිද දන්නේ නෑ. වැඩ අනේ
Delete