සුභ උපන්දිනක් Will Smith..

Man in Black (1997) එකේ ‘Agent J’ නොදන්න කෙනෙක් නැති තරම්. Will Smithව ලෝකෙම දැන ගන්නෙ ඒකෙන්. ලෝකෙම ආදරේ කරන Will Smithගෙ 53වන උපන් දිනය යෙදිල තියෙන්න අද. Smith චිත්‍රපට වලින් අතිශය ජනප්‍රිය වුනත් කළා දිවිය පටන් අරං තියෙන්නෙ 1980 ගණන්වලින් Rap සංගීතඥයෙක් විදිහට The Fresh Prince කියන අනුවර්ත නාමයෙන්. ඒ වගේම පළමු Grammy Award එක අරං තියෙන්නෙ 1989.

The Fresh Price ලෙස රැප් කරමින්

Will Smith රඟපාපු හැම චිත්‍රපටියක් වගේම සාර්ථක උනා. Box Office හිට් උනා. පළවෙනි Box Office එක වෙලා තියෙන්නෙ Bad Boys (1995). ඊට පස්සෙ අවුරුද්ද ආපු Independence Day 1996යෙ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් එකක් වෙලා තියෙනවා.

1997 දි අපි හැමෝම බලපු Man in Black චිත්‍රපටියත් world හිට් එකක් උනේ ස්මිත් hollywood වල සුපිරි තරුවක් බවට පත් කරලා. ඒකෙ ස්මිත් කල රංගනයටද විචාරක පැසසුම් මදි නොකියන්න හම්බෙලා තිබුණ. ඒ චිත්‍රපටියෙ තේමා ගායනා කරෙත් ස්මිත්. ඒ සින්දුවත් හැම චාට් එකකම No1 උනා.

ඒ වගේම මං ඇතුළු හැමෝම බලල තියෙන Bad Boys (1995), Men in Black 2(2002), i robot (2004), Bright (2007), Hancock (2008), Focus (2015), Concussion (2015), Collateral Beauty (2016), Aladdin (2019) සුපිරි චිත්‍රපටි.

රූපය - අන්තර්ජාලයෙන්

Concussion (2015) - ක්‍රීඩකයන්ගේ හිස් ගට්ටනය වීම නිසා ඇතිවන මොළයේ රෝගයක් සොයාගන්න වෛද්‍ය ඔමාලුගේ සත්‍ය කතාව ඇසුරින් නිපදවුණු මේ චිත්‍රපටයේ ඔහුගෙ රඟපෑම ඉතා තාත්විකයි. 2016 ආපු Collateral Beauty චිත්‍රපටියේ රඟපෑමද විචාරක පැසසුමට ලක්වුනා. ඒ වගේම චිත්‍රපටියට අත්සන් තැබීමෙන් කෙටි කලකට පසු Smithට තම පියා පිළිකාවක් නිසා අහිමි වුනා. චිත්‍රපටයේ ඔහුට රඟ දක්වන්න තිබුනෙ පිළිකාවකින් තම දියණිය අහිමි වුන පියෙකුගේ චරිතයක්. එතකොට 2007දී Netflix නිෂ්පාදකයින් එතෙක් ඔවුන් දැරූ වැඩිම පිරිවැය යොදමින් Bright චිත්‍රපටිය සඳහා ස්මිත්ව යොදා ගත්ත. 

Concussion (2015) හි තාත්වික රංගනයක යෙදීමින්

ත්‍රාසජනක අත්දැකීම් ලබා ගන්නටද කැමැත්තක් දැක්වන Smithගෙ ඒ ක්‍රියාවන්වල යෙදෙන video ඔහුගේම YouTube නාලිකාවෙන් බලා ගන්නත් පුළුවන්. ඒ හරහාද විශාල පිරිසක් ඔහු හා එකතු වෙනවා.. ඉතින් සුභ උපන්දිනක් Will Smith.

11 comments:

  1. ආයුබෝවන්! ඇත්තටමඔබ කියපු චිත්‍රපට ගැන කියදදීත් විල්ස්මිත් ව යන්තං හොයා ගත්තා!~ ඒකට ඔබ කණගාටුවියයුතු නෑ. චිත්‍රපට නැරඹීමෙන් මම දැන් බොහෝ සෙයින් ඈත් වීමයි ඒකට හේතුව.ඒත් අපේ කාලයේ වීරයන්ගේ චිත්‍රපටයක් නම් තාම බලන්න කැමතියි!
    ඒක මාර වැඩක්ම තමයි. එකෙන්ම ආත්මාර්ථකාමී සිතුවිල්ලක්. අපි තවමත් වීරයන් ලෙස සලකන්නේ ඔවුන්. ක්ලින්ට් ඊස්ට්වුඩ්, චාල්ස් බ්‍රොන්සන්, ලී වෑන් ක්ලිෆ්, රොබර්ට් ඩි නීරෝ, ඇලිස්ටර් මැක්වීන්, චාල්ටන් හෙස්ටර්න්, ලී මාවින්, බර්ට් ලැන්කැස්ටර් ඔයවගේ අය තමයි තවමත් හිතේ ඉන්නේ. තව ජොනී ඩෙෆ්, ලියනාඩෝ ඩී කැප්‍රියෝ, කෙවින් කොස්නර්, මෙල් ගිබ්සන්, වගේ ටික දෙනෙකුටත් හිතේ ඉඩ තියෙනවා.
    කොහොම උනත් ඔබගේ ලිපියෙන් මම බොහෝ කරුණු දැන ගත්තා! ඊට බොහොමත්ම ස්තූතියි! නැවත බ්ලොග් ලියන්නට පටන් ගැනීම ගැන ඊටත් වඩා තුති!

    ReplyDelete
  2. ස්තූති අදහස් දැක්වීමට බෙහෙවින්. මගෙත් කැමතිම අය බර්ට් ඩි නීරෝ, ජොනී ඩෙෆ්, ලියනාඩෝ ඩී කැප්‍රියෝ, මෙල් ගිබ්සන්.

    ReplyDelete
  3. Replies
    1. ඔබටත් ස්තූතියි. 2016 වගේ ඉඳල දකිනවා එත් bolg එකක් කරන්නෙ නෑනෙ..

      Delete
  4. wild wild west අමතක වෙලා. ඒකත් සුිරියක් තමා නමියා...

    මේකයි, මේකයි අමතක වෙන්නෙ නෑ.

    ReplyDelete
  5. තවත් පට්ටම සුපිරියක් තමා hitch හිංදි කොපියකුත් හැදුව ඒකෙන්. සල්මන් ඛාන් ඉන්න.

    ReplyDelete
    Replies
    1. හොඳම වැඩේ මොකක්ද දන්නවද metrix එකට willට අන්ඩගැහුවම ගියේ නෑ වෙන film එකක් නිසා. එකෙන් හොඳක් උනා නේ. පස්සේ willඋත් කියල තිබ්බ කෙනු රිවුස්ගෙ රංගපෑම හොඳයි කියල තමන් කරන්න තිබ්බට වඩා.

      Delete
    2. පොර හොඳයි තමයි. සීතල යකඩ කඳක් වගේ

      Delete
    3. හරියට ඔයා වගේද ඩ්රකි..

      Delete
  6. වැඩි ඈත කාලෙක නෙවෙයි මං බලවා විල් ස්මිතුයි, එයාගේ පුතා ඩබල් ඇක්ටින් කරන ඇක්ෂන් film එකක්... නම මතක් වෙන්නේ නෑ. හැබැයි හරිම ප්‍රවේගකාරී එකක්...

    ReplyDelete
    Replies
    1. නිදි පොස්ට් එකක් දාන්න කවද වෙයිද දන්නේ නෑ. වැඩ අනේ

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්