රොබෝ හා Eiffel කුළුන

 අද ලෝක ළමා දිනේ නිමිත්තෙන් ඉතින් ළමයි සම්බන්ධ කතා දෙකක් එකතුකරන්නම්...

  


ඔන්න එකෝමත් එක රටක ගෙදර වැඩ පහසුව තකා ළමයි බලා ගන්නා රොබෝ කෙනෙක් මිලදී ගන්න දෙමාපියන් හිතුව. දැන් ඔන්න රොබෝ, පාඩම් වැඩ කියාදීම කරනවා ලමයව බලාගන්න අතරේ. ඒත් මේ ළමය හරියට බොරු කියනවා. ඒක නිසා දෙමව්පියො දෙන්න තීරණය කරා රොබෝගෙ එන බොරු කිව්වොත් දඬුවම් දෙන ස්විච් එක ක්‍රියාත්මක කරන්න... දියුණු රොබෝ කෙනෙක් නේ.

   රොබෝ දඬුවම් දෙන විදිහට ක්‍රියාත්මක කල දවසෙ හවසම සද්දයක් ඇහුන. දෙන්නම දැනගත්ත ළමය බොරු කියන නිසා ගුටි කෑව කියල. අම්මට තරහ ගිහින් ළමයට හොඳටම බනිනවා දැන්. එතකොට ළමය කිව්ව ‘අම්මේ මං ආයි බොරු කරන්නෙ නෑ. මේ රොබෝ අයින් කරන්න’ කියල. ඒපාර තවත් ගුටියක් ළමය කෑවා රෝබෝගෙන්. අම්මට තවත් කේන්ති ගිහින් තාත්තට කිව්වා මේ ගැන පොඩ්ඩක් බලන්න කියල. තාත්ත ඇවිත් කිව්ව ‘පුතේ පොඩි වයසේ ඉඳල ඔහොම බොරු කියන එක හොඳ නෑ. තාත්තනං ඔයාගේ වයසේ ඔහොම නෑ’ කියල ඉඳගෙන ඉන්න කොට රොබෝ ඇවිත් තාත්තට පාරක් ගැහුවා. තාත්ත ලැජ්ජාවෙන් අම්ම දිහා හොරෙන් බලනකොට අම්ම ආයෙම කෑ ගහන්න ගත්ත ‘ඔය පේන්නෙ ඔහෙගෙ පොඩි කාලේ හැටිත්.. ඉතින් තමුන්ගෙ ළමය හැදෙයිද වෙන විදිහට’ කියල ඉවර වෙන්නත් කලින් රොබෝ අම්මටද පාරක් එල්ල කළා..

1 - රූපය අන්තර්ජාලයෙන්


**********


   මේක ප්‍රංශ කතාවක්. ඔන්න දවසක් ප්‍රාථමික භාර පන්ති ගුරුතුමිය ළමයින්, ගොඩක් සත්තු ගැන ඉගෙනගෙන තියෙන නිසා කැන්ගරුවන් ගැන අද කියල දෙනවා කියල හිතුව. හරි ළමයි මට දන්න අය කියන්න මේ සතා ගැන කියල ගුරුතුමිය ඌගේ රූපයක් පෙන්නුවා. දැන් එක එක ළමය දන්න ඒවා කියනවා. ඔය අතරේ තව ළමයෙක් කිව්වා ටීච ඌට ඕන උසක් පනින්න පුළුවන් කියල. ආ කවුද පුතාට කියල දුන්නෙ... ගොඩක් දුර, උස කැන්ගරුවන් පැන්නට උන්ටත් උපරිම සීමාවක් තියෙනවා. හරි දැන් කියන්න පුතා දන්නව නේද අපේ රටේ තියෙන Eiffel කුළුන. ආ පුතා කියන්න ඒකටත් වඩා උඩින් කැන්ගරුවන්ට පනින්න පුළුවන්ද කියල.

ළමය ගත් කටටම ඔව් කිව්වා. එතකොට ගුරුතුමිය පුදුමයෙන් ඒ කොහොමද කියල ඇහුව. එතකොට ලමය කිව්වා ටීච Eiffel කුළුණට මොනම උසක්වත් පැනගන්න බෑනේ, එකතැනමනෙ. 

2 රූපය - අන්තර්ජාලයෙන්


12 comments:

  1. පළවෙනි එක බෝම ප්‍රසිද්ධ කුප්ප කතාවක් නෙව. දෙවනි එක නං අදමයි ඇහුවෙ.

    රොබෝල ගැන කියද්දි මතක් වුණේ. ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් බැලුවද... කාලෙකින් බැලුව හොඳ ස්ටෝරියක්.
    තව එකක් බැලුව මතක විදිහට ෂොා්ට් එකක් ඒකෙත් ඊට ටිකක් ඉතර සමාන කතාවක් තියෙන්නෙ
    චේන්ජින් බැටරීස්..

    https://youtu.be/iCWWyr3MwnU

    වෙලාවක් තියේ නං බලාන්.. ජය..

    ReplyDelete
    Replies
    1. එහෙමද. මන් අහලම නැති එක්ක නිසා දැම්මේ. හරි යන්නම්..

      Delete
  2. https://theconversation.com/after-75-years-isaac-asimovs-three-laws-of-robotics-need-updating-74501

    ReplyDelete
  3. මට මේක මිස් වෙලා නෙව? කතා දෙකත්, වීඩියෝවත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. උඩ ඉන්න දුවන රොබෝ gif එක මන් හැදුවේ!

      Delete
    2. නරකම නෑ, මගෙත් ඉස්සර ඕවට උනන්දුවක් තිබ්බා, දැන් නෑ, ඊට ලේසියි අනුන්ගෙ එකක් හොයාගන්න එක.🤣

      ඔව්, මම කම්මැලියි තමා. ඒත් ඒ කාලය පොස්ට් එක ලියන්න වැය කලෑකි නෙව?😂

      Delete
    3. හ්ම්. ටොමි මේ පැත්තෙ ආව එකට ස්තූතියි...

      Delete
  4. මුල් කතාව මාත් අහල තිබුනා...
    යට එක නම් අහලා නෑ.
    මරු හැබැයි😅

    ReplyDelete
    Replies
    1. හ්ම් එහෙමද. ගොඩවැදුනට ස්තූතියි නවීන්

      Delete
  5. යකූ මේ රොබෝ කෙනෙක් හින්ද ගෙදර කිසිම කෙනෙකුට දෙයක් කියාගන්න බැහැනේ. මෙන්න මුව ගිහිල්ලා දාපන් ආව දිහාටම.

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්