ඉස්කෝල රස කතා

 18+ යම් යම් දේ ඇතුලත් වන නිසා ඔන්ට කළින්ම කිව්වා. ඔක්කොම අය එහෙම නිසා අවුලකුත් නෑ නෙ. කෝකටත් රේටින් කොරන එක ඇඟට සැපයි...

 

ඉස්කෝලේ යන්න බැහැ


උදෑහනින්ම අවදි වෙච්ච වයසක අම්ම තමන්ගෙ පුතා ඉස්කෝලේ යවන්නට ඕන හැම දෙයක්ම ලකලැහැස්ති කොරල ගිහින් කතා කෙරුව. පුතාට යන්ට සුදානම් වෙන්න කියල...

අනේ අම්මේ ඉන්න දෙන්න.. හෙට යන්නම්

එහෙම පුළුවන්ද පුතේ. කෝ එන්න.

අනේ මට බෑ. මට ඉස්කෝලේ යන්න කිසි කැමත්තක් නෑ..

වාර විභාගත් ළඟයි නේද.. හැම ලමයමත් එනව. වැඩ ගොඩයි. කෝ..

ළමයි.. ඕකුන් මට පේන්න බෑ..

බෑ නෙමේ.. ටීචර්ල ටිකත් බලන් ඇති ඔයා එනකම්..

හ්ම් ටීචර්ල. උන්ට මාව පේන්න බෑ..

එවර ටිකක් කේන්ති ගිය වයසක උන්දා තමුන්ගෙ ළමයට මෙහෙම කිව්වා. එහෙම කියල පුළුවන්ද.. ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් නැතුව කොහොමද වැඩ කෙරෙන්නෙ.. කෝ යන්න ලැහැස්ති වෙන්න..


රූපය - පාසල් ප්‍රේමය කියන්නෙ මේක වෙන්ටෑති  2 රූපය - අනාගත ජීවය උපත ලබතැයි සැලකෙන විදිහ   3 රූපය - සෙටිංස් වල අවුල සොයා යෑම


පෙම් ලියමන

 

ඔන්න එකෝමත් එක පුරාණ කාලෙක අමාරිස් නෙමේ අමර කියල ළමයෙක් හිටිය. එයාගෙ පන්තියේම හිටිය හැඩකාර ලමිසසියක් නයන කියල. දිනක් ඔන්න හැඩකාර නයන ගැන දඟකාර අමරගෙ හිත වැඩ කරන්ට පටාන් අරං, තමුන්ගෙ අත්අකුරු කැත නිසා වෙන කෙනෙක් ලව්වා ලිව්ව ලව් ලෙටර් එකක්. මේක අහුඋනා ප්‍රින්සිපල් තැනට. ඉතින් ලොකු තැන මේක පොඩිවට විසඳන්න කියල හිතාන අමර හා නයනගෙ මේ මල් කඩන සීන් එක දුන්න ඔවුන්ගේම පන්ති භාර යසවතී ගුරුතුමියට. ලඟකදි සැමියා මියගියපු අවුලෙන් ටිකක් ඩාම් ඩූම් වෙලා හිටපු යසවතී ගුරුතුමිය ලියමන ටයිප් කරපු ළමයව හොයා ගත්ත. ලිව්වේ ගාමිණි. ගෙන්නගත්තා එතුමිය ලියමනත්, ගාමිනීවත් ලඟට. දැන් පන්තියම උසාවියක් ගානට නිස්සද්දයි.

ඈ ගොනෝ තොට මන් සිංහල පන්තියේ ඉගැන්නුවේ, මෙහෙම ලියුම් ලියන්න ද..

නෑ ටීච. මන් ලිව්වේ අමරගේ බල කිරීමට.. මන් නෙමේ ඕක දුන්නෙ නයනට.

වහපිය කට.. එන්න එපා මාත් එක්ක එකට එක කියන්න..

හ්..ම්..

බලපන් බලපන් වාක්‍ය අවසානෙ තිත නෑ. න ණ ල ළ වැරදි. මෙහෙමද මං උඹලට ඉගැන්නුවෙ...

න්..නෑ ටී....ච

විභාගෙට ගියත් ඉතින් ඔය ටික තමයි උඹලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.. දන ගහන් හිටපන් පීරියඩ් එක ඉවර වෙනකං.. ආයේ එක වැරද්දක් ඇතුව හරි මෙහෙම ලියල මට අහුවෙනවකො..

න්.නෑ... ටී..ච.

  ඔහොම තමයි යස කැකිල්ලෙ නඩු තීන්දුව තීන්දු කරේ යසවතී ගුරුතුමිය.


ඔහොට්ටේලියාව කොහෙද ?


ඔන්ට පහල පන්තියකට එකෝමත් එක දවසක උදා වුනා ලෝක සිතියම් අධ්‍යන වාරය... ගුරුවරිය දැන් ළමයින්ට ලෝකේ රට රටවල් බෙදිලා තියෙන හැටි. සාගරයෙන්, දේශසීමා වලින් වෙන් වෙන හැටි ගැන කියල දෙනවා. ඔය අතරේ එක නසරානි පොඩි එකෙක් ළඟ ඉන්න අයට පැන්සල් විසික් කරකර විකාර නටනවා. ගුරුවරිය ඒ ළමයව නැගිට්ටුවල ඇහුව. ඔයා දැන් පාඩමට ඇහුන්කං දීගෙනද හිටියෙ කියල.. ළමයත් ඔව් ටීච කියල කිව්වා.

මේක ඇත්තද කියල බලා ගන්න ගුරුවරිය ඇහුව, එහෙනම් කියන්න ඔස්ට්‍රේලියාව තියෙන්නෙ කොහිද කියල.

ළමයත් දන්නවා වගේ කිව්වා ටීච 23 වෙනි පිටුවේ කියල.

 

තාත්ත මොකද කරන්නෙ?

 

සමහර පොඩිඋන් ඉන්නව. නසරානි එකේ උපරිම. කවුරුත් ඉන්න තැන මොනවා හරි රෙදි නැතිවෙලා යන උත්තරම තමා දෙන්නෙ. නැත්තන් අහන්නෙ ඒ වගේ එක්ක. දෙන්න උත්තර ලොවෙත් නෑ. ගහෙත් නෑ. ඔය වෙලාවට වහ කෑවනම් ඊට හොඳයි කියල හිතෙන වාර අපමණයි.

ඔහොමත් එක ළමයෙක් ගෙදර උන්දලා හිටපු පාසලෙන් අයින් කරන් වෙන පාසලට එක්ක ආව. වෙනසක් උනොත් දඟ අඩුවෙයි කියල හිතන්. බාලාංස පන්තියකට අලුත ළමයෙක් ඇතුල් උනහම එයාව නැගිට්ටවල විස්තර අහනව පන්තිභාර ගුරුතුමිය.. බොහෝ වෙලාවට. ඔන්න දැන් ගුරුවරිය මේ දඟකාර දරුවාගෙන් විස්තර අහගෙන යනවා. එතකොට ගුරුතුමියත් ලාවට තේරුණා ආවේ නම් ඇම්ඩගෙ සහෝදරයෙක්ද කොහිද කියල. දෙකට කපපු පණුව වගේ හිටන් ඉන්නෙත්. වැඩිය නැතුව අඩුවෙන් ප්‍රශ්න ටික අහගෙන ගියා ෂේප් එකේ.

 

ඔය පුතාගේ ගෙදර තව කවුද ඉන්නෙ..

දැන් ඉන්නෙ වැඩකරන නැනීයි, බල්ලයි විතරයි

ගුරුවරිය ආයේ ප්‍රශ්නෙ පැහැදිලිව ළමයාගෙන් ඇහුව.

මායි, අම්මයි, තාත්තයි, නැනීයි, බල්ලයි, අම්මගේ බඩේ ඉන්න නංගියි විතරයි.

දැන්නම් ඇති කියල අන්තිමට ඇහුව තාත්ත මොනවද කරන්නෙ කියල.

  මූ ගත් කටටම කිව්වා. අම්ම කියන දෙයක් තමයි ඉතින්.....




රෝමෙ 30 ලිව්වේ මෙහෙමයි

 

ගණිත ගුරුතුමිය සිසුන්ට පාඩම් පොතේ ඊළඟ පාඩම වෙච්චි රෝම ඉලක්කම් වලින් ගණන් ලියන හැටි කියා දුන්න. ළමයි එතකොට තිහ ලියන්නෙ මෙහෙමයි “ XXX ”. එහෙම කියල ඉවර වෙලා කතා කරමින් ඉන්න ළමයෙක් නැගිට්ටුවල ඇහුව මොකක්ක්ද ඔතන කතාව කියල.

නෑ ටීච මන් මේ කිය කිය හිටියෙ රෝම ඉලක්කමෙන් 30 ගහල google search කරොත් එන්නෙ වෙන උත්තරයක් කියල.

 

සර්ව නාම

 

ඔන්ට ගණිත නෙමේ සිංහල විෂය භාර ගුරුවරිය උගන්නන ගමන් ළමයි දෙතුන් දෙනෙක් කෑ ගහගන්නවා දැක්ක. කෑ ගගහ ඉන්නව. දැන් කියල දුන්න පාඩම මතකද... ගුරුතුමිය එක ළමයෙක්ට ඇඟිල්ල දික් කරලා කිව්වා ආ කියනව බලන්න සර්ව නාම දෙකක්.. ළමයට හරියටම ෂුවර් නෑ තමුන්ටද අත දික් කරේ කියල හරියටම. ඒ නිසා භාගෙට වගේ නැගිටලා

කවූද..? මම...?

හරි වාඩිවෙනවා... වාඩිවෙනවා.

32 comments:

  1. නියමයි නමියො, පට්ට කතා ටික.🙏😊👌
    කලින් අහලම නැති ඒවා නිසා, තවත් වටිනවා. දැන් බොගෙ සබකෝල ගතිය සෑහෙන්න අඩුවෙලා.🤣😂

    ReplyDelete
    Replies
    1. හ්ම් එහෙමෙයි. හැබැයි ආයේ වැඩිහිටි කතා ලියවෙන එකක් නෑ. වැදගත්කොමක් ඇති ඒවා දාන්ට්ම්

      Delete
  2. Replies
    1. "හෙහ්" අපේ ඩික්-ෂ-නරියේ නැත. පැහැදිලි කරන සේක්වා!

      Delete
    2. ලද දෙයින් සතුටු වෙමු, බස්සා මහත්තයෝ. Pra Jay මහත්තයා ළඟක හිට දිග comments හෙමත් දානවනෙ 'වැට' නැතිව.

      Delete
    3. කවුරු හරි "නරි" කියල කිව්වද? මේ මස්කටු නැහ්ද?

      Delete
    4. Pra Jay, නරිමොටා ආවට ටෑන්ක්ස්. ඒ සතුටනම් හොඳයි නිදි..

      Delete
    5. මස්කටු නැත නරියෝ...

      Delete
    6. Pra Jay ඔහෙගෙ බ්ලොගයක් තියෙද..

      Delete
    7. හෙහ් හෙහ් හෙහ්

      Delete
    8. උදම් අනන්ටෙ. කිව්වනම් අපිත් එන්ටම්..

      Delete
  3. අපූරුය හරි අගෙයි නමියෝ ලියා තියෙනා රසකතා
    බුම්මට්ටො වුව නියමෙට හිනාවෙති! කියෙව්වොත් නං මේ කතා
    දුක හිතෙනවා දැකල රටටම සිද්ද වේගෙන යන කතා
    එහෙව් සමයක අගය අමිලයි සතුට දනවන මේ කතා

    ReplyDelete
    Replies
    1. සතුටුයි නිදියො කවියෙන් සංග්‍රහ කොරාට
      ඔහෙත් දෙන්නෙ සතුට මේ හැම දෙනාට
      මාත් ලිව්වා ඔන්න ඔහෙ පොස්ටුවක් ඒ හැමෝට
      ආපු එකට තුති පංචතන්තරේ කරනා ඔයාට

      Delete
    2. අමාරුවෙන් ගැට ගහ-ගහ, පැය ගණනක් කාලෙත් ගෙන
      මං ලියාපු කවි ඉස්සර - මතකෙට එනවා පැනගෙන
      නමී ඔයත් ආධුනිකයි - වගෙ හිතුනා ඒත් ඔන්න
      උත්සාහය අතාරින්න එපා, තවත් කවි ගොතන්න!

      Delete
    3. නමී, ටික දවසකට කලින් එවනවයි කිව්ව ඊමේල් එක කවියෙන් ලියමුද?

      Delete
    4. ස්තූතියි නිදි ඔබේ ඇගයීමට... සමාඅවසර. emailයක්ම දමන්ටම්.

      Delete
  4. අදයි ගොඩවුනේ මෙහාට... කතා ටික අපූරුයි...

    ReplyDelete
  5. කතා ටික අපුරුයි. දිගටම ලියන්න.

    ReplyDelete
  6. පට්ටයි ඒ ටික 🤣🤣🤣🤣🤣 හත්තික්කේ.. 😂😂😂

    ReplyDelete
    Replies
    1. හ්ම්.. එහෙමද ආයේ කවදද කවියක් දකින්ට වෙන්නෙ

      Delete
  7. නියමයි. අර කැකිල්ලේ තීන්දුව නියමෙට නියමයි

    ReplyDelete
  8. Replies
    1. ලියෝනිතුමී ආයේ තියා ගත්ත නෙව කැකිරි තලන්න...

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්