A Separation (2011)....

    දික්කසාදයක හේතු මොනවද?.    බොනවා, කෑ ගහගත්ත ගමන්, වැරදීම හොයනවා, වෙන සම්බන්ධතා තියෙනව.. ඔය වගේ දේවල් තමා. ඒ කියන්නේ ගැලපීම් එක්කරන් කසාද බැඳලා ලං උනාට, නොගැලපීම් වැඩි වෙලා දැන් දුරස් වෙන්න හදනවා.

ඒක නෙමේ දික්කසාදය ප්‍රධානතම හේතුව කසාදය වෙන්න බැරිද......

ලංකාවේ පවා දැන් කලක පටන් දික්කසාද වැඩි වෙනෙ එක බොහොම වැඩි.  සමහර වෙලාවට හිතෙනවා කසාද බඳීනවට වඩා කස්ටියක් divorce වෙනවද කියල. එහෙම වෙන්න බෑනේ නේ. කෝම උනත් අර කිව්ව විදිහට නොගැලපීම් වැඩි තැන වෙන් වෙනකොට, වෙන් වෙන්න හදද්දි මතුවෙන ප්‍රශ්න මොනවද. ඒක ඉන්න ළමයින්ට කොහොම බලපායිද. ඕව ගැන සමහරු නම් තඹ සතේකට මායිම් නොකරන බව තමයි වැඩි හරියක් පේන්නෙ. කොහොමින් උනත් ඔය සියලු කාරණා ගැටගැහිච්ච ලස්සන film එකක් තියෙනව. A Separation (2012).

ඉරාන මධ්‍යම පාන්තික යුවලක් නීතියෙන් වෙන්වීම පතයි. බොහෝ දුරට මෙයට නැඹුරුතාව දක්වන්නෙ කාන්තාව වන Simin විසිනි. ඒ ඇයට රටින් පිටව ජීවත් වන්නට උවමනා නිසා. ඒ වගේම ස්වාමිපුරුෂයාත් තමා සමග ඒ ගමන ඒ නම් දික්කසාද වීම නැවත්වීමට පවා ඇය කැමති බව උසාවියේදී කියා සිටිනව. නමුත් ස්වාමිපුරුෂයා වන Nader එයට අකමැති වන්නේ, තම ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින පියා හේතුවෙනි. ඉතින් දෙදෙනා එක මතකය නොසිට හටගත් විරසකය උසාවිය දක්වා ඇවිත්. නමුත් උසාවියෙන් පවා උපදෙස් ලබා දෙන්නේ දික්කසාදයකට යෑම තරම් දෙදෙනා අතර ගැටළුවක් නොමැති බවයි. ඇය හා ඔහුගේ වැඩ නිසා තැලෙන්නෙ අහිංසක දුව වන Termeh ය.

උසාවිය - දික්කසාද ඔයා ඉදිරිපත් කරන හේතු මදි. ඔහු ඔයාට අඩන්තේට්ටම් එහෙම වගේ කරනවද?

Simin - නෑ. ඔහු හොඳ වැදගත් පුද්ගලයෙක්.

A Separation (2011) වසරේ නිකුත් වූ සම්මානලාභි ඉරාන අධ්‍යක්ෂ Asghar Farhadiගේ තවත් සම්මානිත සිනෙමා සිතුවමක්. එය 2012 වසරේ හොඳම විදේශ චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානයද, බර්ලින් උළලේ හොඳම චිත්‍රපටය (gold), ප්‍රධාන නළුවා, ප්‍රධාන නිළිය යන අංශ ත්‍රිත්වයෙන්ම සම්මානවලට පාත්‍ර උනා. සහ අනෙක් බොහෝ උළෙලවල් වල සම්මානවලටද පාත්‍ර උනා. සමහරෙක් විචාරකයෝ මෙය එම වසරේ ආ හොඳම නිර්මාණය බවට ප්‍රකාශ කර සිටිය. ඒ වාගේම IMDb හි 8.3/10 ද, Rotten Tomatoes 99% ද, google පරිශීලකයින්ගේ මනාප 91% ද ලබා ගෙන පමණක් නොව සාර්ථක ලෙස ප්‍රේක්ෂක ආකර්ශනයක්ද සමගින් Box office වාර්තා අතරටද මෙය එක් වී තියෙනව. සෑම නිර්මාණයක මෙන්ම අධ්‍යක්ෂ Asghar Farhadi යතාර්තවාදී රංගන කාර්යය නළු නිළියන්ගෙන් ලබා ගැනීම දක්ෂ වී තියෙන අතර ඒ සඳහා ඔවුන්ගේ දායකත්වයද ඉහලින්ම එයට ලැබී තියෙනව... ලැබුණු සම්මාන වලින් එය මනාවට පැහැදිලි වෙනවා.

මේ රටයෑම අවශ්‍ය බව පෙන්වීමට Simin ගෙදරින් පිටව යනවා. ඒ නිසා Naderට සිදුවෙනවා තමුන් රැකියාව කරන අතරතුර, තම පියා බලාගැනීමට හා ගෙදර වැඩ කරගැනීමට සේවකයෙක් ගන්න. ඉතින් ඒ තැනට එන්නෙ එක්දරු මවක් වන Razieh. ඇය වැඩකරන්න ආපු පළමු දවසෙම Naderගෙ තාත්ත ඇඳ තෙමාගන්නවා. වැසිකිලියට යැව්වත් වැඩි සිහිකල්පනාව නැති ඔහු සෝදාගන්න, කලිසම මාරු කරගන්න තරම්වත් අපොහොසත්. සේවයට ආපු Razieh ඇමතුම් දී Siminව දැනුවත් කරනවා. එහෙත් ඇයට එන්න විදිහකුත් නැහැ, ඒ සිසුන්ට උගන්වන ගමන් ඉන්න නිසා. Simin මහත්තයව සම්බන්ධ කරගෙන මොකක් හෝ පිළියමක් කරගන්න කියා ඔහුගේ දුරකථන අංකය දුන්නත්.. ඔහු එහෙ ඉඳන් මොනා කරන්නද.

ඉතින් වෙන කරන්න දෙයක් නැති තැන Razieh තම ආගමික දැනුවත් කරන්නිය අමතල අහනව වයසක පිරිමි පුද්ගලයෙක්ට උදව් කිරීම සඳහා ඔහුව ස්පර්ශ කරාට කමක් නැද්ද කියල......

 

මිනිසා වග කිව යුත්තේ, අනුගත විය යුත්තේ තම ආගමටද, නීතියටද, ගුණධර්ම හෝ යුක්තියටද....

ඉතින් දවසේ වැඩකර ඉවරඋන ඇය Naderට දන්වා හිටිනවා තවදුරටත් රැකියාවට එන්න විදිහක් නෑ, මේ අසීරු තත්වය යටතේ කියල. Naderටත් තේරුම් යනවා තාත්තව කාන්තාවකට බලාගන්න බැහැ කියල. ඉතින් ඔහු හොයා ගන්න වෙන සේවකයෙක් නැති උනත් Raziehට දවසේ වේතනය ලබා දී යන්න සලසනවා. නමුත් Razieh තම ස්වාමිපුරුෂයාට ඒ රැකියාව ලබා ගැනීම සඳහා Naderන් ගෙන් අවසර ගෙන හෙට පමණක් වැඩට ඒමට එකඟ කරගන්නවා... එතකොට එදින ඇයගේ සැමියාට හැකියි Nader හමුවී ඔහු හා කතාබස් කර රැකියාව තහවුරු කර ගැනීමට. ඔහු Nader හමුවුනත් පසු දින එන්නෙ නැහැ. ඒ ණය එකතු කරන්නන් ඔහුව පොලිසියට ගෙන ගොස් ඇති නිසා. පසු දවසත් ඔහු නොවේ, Raziehයි වැඩට එන්නේ.. දින කීපයක් මෙහෙම Razieh වැඩට ඒමත් සමග ඇතිවන සිදුවීම් මාලාවකින් පසුව නවතින්නේ NadarRazieh අතර ආරවුලක් ඇතිවී එය නඩුවක් දක්වා දුරදිග යෑමෙන්..

දිනක් Razieh වැඩකරන කාලය අතරතුර Naderගේ පියා ඇඳේ ගැටගසා එලියට ගිහින්.

තම පියාට කළ දෙයත්, රැකියාව හරියට නොකිරීමත් නිසා Nader, Raziehව රැකියාවෙන් නෙරපනවා.

Nader ගැබිණි Raziehව තල්ලු/ පිටමන් කිරීමෙන් ඔහුට මිනීමැරුම් චෝදනාවක් එල්ල වෙනවා.

මුදල් ගනුදෙනුවකින් ගැටලුව නිරාකරණය කරගැනීමට පවුල් දෙක සැරසෙනවා.

 

about Elly (2009) බලපු අයට මේකෙ hojjat ලෙස රඟපාන Shahabව එකපාර අඳුරගන්නත් බැරුව ඇති. අර ලස්සන කොල්ලගෙ කොන්ඩෙත් හැලිල වයසට ගිහින්... වේශනිරූපණය දස්කම්

ආගම - ගුණධර්ම - නීතිය - යුක්තිය අතර චිත්‍රපට ඇදී යනවා. Razieh, Naderගේ පියා ඇඳේ බැඳතබා ගියත් ඇය නරක කාන්තාවක් හෝ සෙරක් නොවේ. Nader ඇයව තල්ලු කරත් ඔහුත් ආදරණීය හොඳ ස්වාමියෙක්, පියෙක්. Simin, Nadarව හැර යන්න හැදුවත් ඇයද යහපත් ආදරබර බිරිඳක්, මවක්. වහා කිපෙන Hodjat පවා අසරණ මනුෂ්‍යයෙක්. අධ්‍යක්ෂකවරයා කිසිවෙක් කළු හෝ සුදු යයි කියා පෙන්වමින් චරිත බෙදා සිටින්නේ නැත. ඒ වනුවට සිදුවීම් පමණක් අපූරුවට දක්වා සිටී. වරද/ගැටලුව ඇත්තේ කොතැනද.... ආගමේද, නීතියේද, මිනිස් හැසිරීම තුලද. ඔවුන් ඔවුන්ගේ ආත්මාර්ථභාවය, කාරණාවන් වෙත දක්වන අසංවේදී බවද.

ඒ ඒ තත්වය මත ඔවුනොවුන් හිතට වහල්ව ගන්නා තීන්දු තීරණ මත තම/අනෙක් ජීවිතයට කෙබඳු බලපෑමක් ඇති වේද.

ආගම, නීතිය පවා තිබෙන්නේ මිනිසාගේ දියුණුව, හොඳ පිණිසය. චිත්‍රපටය විසින් කිසිවකට, කිසිවෙකුට ඇඟිල්ල දිගුකර නොපෙන්වමින් අප දේවල් යොදා ගන්නා, උපයෝගී කරගන්න හැටියේ වැරද්දක් පවතින බව ඉස්මතු කර පෙන්වයි. සියල්ලෝම අසරණයෝ ය. බුද්ධිමත්භාවය නොමැති ඔවුන් තම යහපත පිණිස තිබෙන ආගම පවා කටුඅකුලක් කර ගනී. සබුද්ධික නොවූ ඔවුන් යුක්තිය උදෙසා සාදා ගත් නීතියේ සිරකරුවන් වෙයි.

නීතියේ වලංගුභාවය... නීතිය පවා මානුෂීය හේතු කාරනා ඉදිරියේ හැසිරෙන්නේ යුක්ති සහගතවද. නීතිය මනුෂ්‍ය හේතු කාරණා ඉදිරියේ සංවේදීද.

- - - - -

 

අපේ සමහර අය කරන චිත්‍රපටි කරන්නෙ රසික පිරිසට නෙමේ. ඒ අය තම චිත්‍රපටය හදන්නේ ජූරි සභාවක ඉන්න 4, 5 දෙනෙක් උදෙසා. තව සෙට් එකක් ඉන්නවා.. අනේ අපිට හෝල් නෑ, රසිකයෝ නෑ, රජයයේ උදව් නෑ, මේක කොරන්න බෑ කියා කියල සිනමාව digital කරන්න, අරක මේක කරලා දෙන්න කියා කියා ආණ්ඩු පස්සේ වැඳ වැඳ යන උන්දලා.

ලෝක සිනමාවේ හොඳ චිත්‍රපට රස විඳින්නෙක් නම් Asghar Farhadi ගැන කවුද නොදන්නෙ. ඉතා දක්ෂව ප්‍රේක්ෂකයාට සිනමාව කරන අධ්‍යක්ෂකයෙක්, රචකයෙක් නිෂ්පාදක වරයෙක්. තම රටෙ රජයෙන්ම කෙනෙහිලි බාධක තිබියදීත් Farhadi වගේ අය රට වෙනුවෙන්, රටේ මිනිසුන් වෙනුවෙන් නිර්මාණ කරනවා... රට දාල Hollywood යන්න අවස්ථාව තිබුනත්. අපේ උන්දලා එක්ක බලද්දී ඔවුන් රටක් රාජ්‍යයක් වටිනවා. ප්‍රාර්ථනා කරන්න තමා ඉතින් අපි තියෙන්නෙ මෙවන් නිර්මාණකරුවෝ ලංකාවේත් පහල වේවා කියල.

42 comments:

  1. ඉතා හොඳ විචාරයක්. බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අලේ නිකායින්ට අජිත්තුමා බොලුනැතුව.....

      Delete
  2. හොඳට ලියපු විචාරයක්. ඒත් දැන් කතාවම දන්න නිසා, ආයෙ බලන්නෙ මොකටෑ?🤔

    ReplyDelete
    Replies
    1. හ්ම්. කාලය රන් හා වටි නොවැ බස්පතුමා.....

      Delete
    2. බස්සා මහත්තයෝ, කොහෙද තිබුණු කතාවක් මතක් වුණා. පණ්ඩිත කතාවක්! වචන විතරයි මගේ. අදහස වෙනත් කෙනෙකුගේ..

      අප කලා නිර්මාණයක් රස විඳින්නට යන්නේ එහි කතාව නොදන්නා නිසාම නොවේ. එය ඉදිරිපත් කෙරෙන හැටි දැක ගැනීමටය. මනමේ හෝ සිංහබාහු හෝ නරඹන්නට යන්නෝ ඒ කතා අසා නැත්තෝද?

      Delete
    3. මේක සම්භාව්‍ය සිත්තර පටියක් කියල හිතෙනවා. කොහොමත් නමියා කිව්වා වගේ, ඉරානෙන් පට්ට නිර්මාණ බිහිවෙනවා. තනිකරම ආගමික අන්තවාදයෙන්, සංස්කෘතිය හෝදපු සමාජයක, එතරම් උසස් නිර්මාණ බිහිවෙන්නෙ කොහොමද මන්දා?

      Delete
    4. ඔය කියන තරම්ම අන්තවාදයක් නැහැ බෂ්... මාධ්‍ය පුම්බල පෙන්නුව තරම්. න්‍යෂ්ඨික අවිගැනත්.... එහෙමනෙ. මමනම් අර නස්රුදීන්ගේ කතාව තමා හැමදාම දකින්නෙ. "එහෙත් ඉන්නෙ අරෙහෙ හිටිය වගේ පිරිසක් තමයි".

      මේකට අජිත්තුත් මොනාහරි කීවනම් හොදා..... දන්ට කෙනානෙ

      Delete
    5. Aria: by Nazanine Hozar- මේ පොත පුලුවන්නම් අරන් කියවන්න. මේකේ සිංහල පරිවර්තනයක් එයි ළඟදීම. අන්තවාදය ආපු හැටි.ෂා ට විරුද්ධව. වම රවටලා හෝ රැවටිලා හොමෙයිනි ට සහයෝගය දුන් හැටි. ප්‍රශ්න නැත්තේ නැහැ. මගේ බිරිඳගේ යෙහෙලියල් (ස්වීඩනයේ ඉපදුන ඉරාන දෙමාපියන්ට දාව ) බැඳලා ඩුබායි ඉඳල ඉරානෙට ගිය. හස්බන්ඩ් එක්ක අත අල්ලාගෙන යන්න බැහැ එළියේ. ගේ ඇතුලේ අල්ලන්න බැහැ හස්බන්ඩ් ගේ මව පියා සහෝදරයෝ ඉස්සරහ. සිප ගන්න බැහැ හස්බන්ඩ් වුනත්. රිලිජස් පොලිසියක් ඉන්නව. මේ අවුරුදු 8 කට විතර කලින්. බටහිර හැදුන ගැහැනියකට එහෙම ඉන්න බැහැ. වතුරට බහිනකොට මුළු ඇඟම වහගෙන බහින්න ඕනේ. දැන් ඒක ඉරාන ගැහැණියට ප්‍රශ්නයක් වුනාට එයාට ප්‍රශ්නයක් . ඒ මනුස්සය දමල ගහල ළමය එක්ක ආපහු ආව.

      Delete
    6. දැන් ඒක ඉරාන ගැහැණියට ප්‍රශ්නයක් නොවුනාට එයාට ප්‍රශ්නයක්. මේ තත්වය වෙනස් වෙනවා . ගැහැණු සටන් කරනවලු ඔලුව වහගෙන යන්න බැහැ කියල. සමහර පළාත්වල බස් එකෙන් එළියට ඇදල ගහනවා රිලිජස් පොලිසියෙන් ඔලුව වහන් නොගියොත්. ටෙහෙරානයේ දැන් අඩුලු . මිනිස්සු ඉදිරිපත් වෙනවා ගැහැණු වෙනුවෙන්. තව ඒවා ලියන්න පුළුවන්. ඕක අන්තවාදයද නැත්ද කියන්න මම දන්නේ නැහැ. මම ඒවගේ රටක ජීවත් වෙන්න කැමති නැහැ.

      Delete
  3. අපේ රූපවාහිනී නාලිකා රන්කරන උදවියටත් මෙවන් ලිපි පෙනේවා!

    ReplyDelete
    Replies
    1. මොළ නොකන නිර්මාණ පෙන්නුවොත් ඇති........Litseeker

      Delete
  4. අහා! බස්සා කිව්වා වගේ: දැන් ෆිල්ම් එක බලන්නෝන නෑනේ!? එළ!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තට්ටයතුමා ගොඩ උනාට...

      Delete
  5. මේ film එක බලන්න අරගෙන නැවතුනු එකක්... මට මතක හැටියට ඉතාම හෙමින් ගලා යන නිසා වගෙයි. අවුරුදු දහයකට ඉස්සෙල්ලානේ...
    ස්තුතියි නමී, බලන්න හිතා ගත්තා.

    ReplyDelete
    Replies
    1. හොඳයි නිදිතුමෝ... බලන්ට ගත්ත වෙලාවෙ අප්සොට් එකක්ද දන්නෙත් නෑ. නැත්නං මේක boring එකක් නෙවේ.

      Delete
    2. නමී, ඔයාට ස්තුතියි කියලා මදි මදි වගේ. මිස් වෙන්න ගිය film එකක් මේ බැලුවේ. සුපිරි!
      ෆිලුම ඒ තරම් හිතට වැදුණා. තනිකරම ජීවිත විවරණයක්... හැම චරිතයකටම හොඳම අය වෙන කොහෙවත් නැතිව ඇති!
      හැබැයි, තවමත් මම ඉන්නේ පපුවේ ලොකු බරක් දරාගෙන වගේ......
      මිනිස්සුන්ට මෙහෙම ප්‍රශ්නත් එනව නේද?

      Delete
    3. එන ප්‍රශ්න වලට වැඩිය දාගන්න ප්‍රශ්න තමා නිදි.........

      Delete
  6. ඒක නං හොඳයි වගේ. ඒත් මේ දවස් වල මන්දගාමී චිත්‍රපට වලින් ටිකක් ඈත් වෙලා.
    අන්තිමට බැුවෙ ශ්‍යම් සිංග රෝයි
    බලමු.. වෙලාවක් තිබුනොත්බලන්ට බාගෙන තියන්න ඕන

    ReplyDelete
    Replies
    1. මේක මන්දගාමී එකක්මත් නෙමේ මශේෂ්තුමෝ.. ස්වභාවික රඟපෑම අපූරුවට කැමරාවට හසුකරං තියෙන නිසාත් storyය ගොඩක් හොඳ නිසාත් කම්මැලිකමක් නැතුව නරඹන්න පුළුවන්.

      Delete
  7. නියමයි...

    පොඩි දෙයක් කියන්න කැමතියි. ප්ලොට් එක නොකියා ලස්සනට ලියන්න මිට පස්සේ. ඇත්තටම ලස්සන කතාවක් තමයි, මට ටිකක් කම්ම්ලිත් හිතුනට පස්සේ හරිගියා...

    [මේ.. මේ කළු රෙද්ද ( සොරි... කලුවාට පසුබිම) අයින් කරන්ඩකෝ... කියවනකොට අපහසුයි වගේ..]

    ReplyDelete
    Replies
    1. හොඳා... අදහසට ටැංකිව් ලිඛිතාතුමී

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. උන්න හැටියට මලා මඳැයි! දැන් ඉස්සරට වඩා නං හොඳයි, අකුරු වල සුද අඩුකරපු නිසා. ඒත් අර කලින් තිබ්බ බැක්ග්‍රවුන්ඩ් එකේ ගතිය මේකෙ නෑ. මේ තීම් එකම තියාගෙන, බැක්ග්‍රවුන්ඩ් විතරක් මෙහෙම වෙනස් කලෑකි:

    සෙටින්ස්--> තීම්ස්---> කස්ටමයිස්---> බැක්ග්‍රවුන්ඩ් යටතේ ඇති චේන්ජ් ඉමේජ්

    ReplyDelete
    Replies
    1. හ්ම්.. හරි බලන්ටම් බස්පා. ආවට ටැංකිව්

      Delete
  10. ඒ බාං, උඹත් සින්ඩියක් හදලා නේද? ඇයි ඉතිං ඕක හංගලා තියාගෙන ඉන්නෙ?🤔😮😂

    ReplyDelete
    Replies
    1. හදල තිබ්බ ටෙම්පලේටුවක්... අප්ඩේට් කරලා ගත්ත. හැංගීමක් නෑ ඉතීම් බෂ්

      Delete
  11. හොද සටහනක්. බලන්න තියෙන චිත්‍රපට ගොන්නට එකතු කර ගත්තා.

    ReplyDelete
  12. උඩ ලිඛිතා කියල තියන දේට නං මාත් එකඟයි. ස්පොයිල් වැඩී.
    එක්කො මේම ලියද්දි Spoil Aleart කියල දාහං. එතකොට බලන්න ආස අය ඒ ටික නොකියවා ඉදියි. 😊

    ReplyDelete
  13. දික්කසාඳ වෙන්න ප්‍රධාන හේතුව නම් කසාඳය ම තමා. ඒක සහතික ඇත්ත.
    අද තමා මෙහෙ ට ආවේ. එන්නම්කෝ දිගට ම..

    ReplyDelete
    Replies
    1. හොඳමයි.... අනෙක් ඒවටත් හැකි විටක ගොඩවදින්නකො අඟහරු

      Delete
  14. බලන්න ආස හිතෙන චිත්‍රපටයක්.අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. හොඳමයි පරිකල්පනා. බලලා කියන්නකො.... හොඳනරක

      Delete
    2. 🤭🤭🤭 අනිවාර්යයෙන්ම

      Delete
  15. ඉරාන චිත්‍රපටි වල සමාජ සංස්කෘතිය එක්ක ගත්තම ඒවා අපේ ලංකාවෙ ජීවිත වලට ගොඩක් සමාන නෑ නේද🤔

    ReplyDelete
    Replies
    1. මං ඉතින් ගිහිං නැති නිසා හරියට දන්නෙ නෑ නවියො.
      හැම සමාජෙකම.. පොදු, ප්‍රධාන හැඩයක්, සන්ධර්භයක් තියෙන්නෙ. ඒ ඇරුනම දේශපාලන, ආගම්, දේශගුණ... වගේ දේවල් වලින් තමයි වෙනස්කම් ඇති වෙන්නෙ.

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්