කොල්ලො නේ... වාඩි ගන්න විදි විවිධයි

 


ඔන්ට තරුණයො සැට් එකක් පෝය දවසක මල් වල සුවඳ විඳ ගන්ට කියලා හිටං අදහසක් ඇති කොරගත්ත. මේ මලේ උත්බිත විජ්ජාමක නාමය තණමල්විලා සුපීරියා... පැඟිරි විසේ නේ. විස්සවිජ්ජාල ළමයිනෙ. ඒත් ගන්න කියල තැනක් නෑ. හදිස්සියේ. එක එකාගෙන් ඉල්ලගෙන ගිහින් පෝය දා කැළණි හිඟන ගොඩට වැටෙන්න අදහසකුත් මුන්ට නෑ.

ටික වෙලාවක් යද්දී මතක් උනා සැට් එකේ කාලයක් හිටි පරණ හාදයෙක්ව.. ගෙවලුත් හු හඬ ඇසෙන නෑසෙන මානේ. එකම පරහ බුවා වැඩි හරියක් ගෙදර නෙමේ ඉන්නෙ. පොලෝසියෙන් හොයනවා තණමල්විල මල් සුවඳ දිගේ ඉව කොර කොර ඇවිත්. අනෙක් පරහ, කාලයක් අධිමාත්‍රාවෙන් ගෙවපු බඹර ජීවිතේ නිසා ටිකක් ට්‍රැක් පැනල වගේ ඉන්ටෙ. කොහොමින් නමුත් කට්ටිය බුවා සොයාන ගමන පිටත් වුනා.

කට්ටිය යද්දී මූ ආච්චිට අඬගහන හඬ ඇහෙනවා. දුර තියා එන ගමනින් බැලුවත් එකෙකුටවත් මූව පේන්නෙත් නෑ. බුවාගෙ හඬ විතරයි රූපෙ දර්ශන පථයේ නෑ.

ආච්චි.. මගේ බුදු ආච්චියෝ.. ඔයා මල් කඩනවාද.. එන්න මං පන්සල් එක්ක යන්නම්.. සුදු ආච්චියෝ.

ගේ පෙන්නුව නංගිම, කස්ටියට බුවා ඉන්න තැනත් අත දික් කරලා පෙන්නුව. බැලින්නං මූ ගස් දෙබලක් උඩ.. ඉස්සරහ අත්ත බදන් ඉන්නව. හිතන් ඉන්නෙ වාහනයක් පදිනවා කියල. මෙහෙමත් ජීවිත... මදෑ කස්ටිය මූගෙන් උදව්වක් ඉල්ල ගන්න ආව. මූගෙ කියවිල්ලට එහා වත්තේ පන්සල් යන්න මල් කඩන ආච්චි මූට අහෝසේට බණිනවා. බැණ බැණ මල් කඩනවා.

බැහැපන් යස්ස පැටිය. තොගෙ අම්මල මදෑ මට දීල ගිය කරුම ගොඩක මහත. අරෙහෙන් උඹේ මහ එකා කටේ ගාගත්ත ගමන් හවස් යාමේ. මූ මෙහේ අර මල් ඔතල උරල නැහෙන්න අරං.. බැහැපිය... වැටිලා තුනටිය කඩා ගන්න කලියෙන්.

 

අඩෝ බැහැපන් බිමට... මේ..

කවුද... බෑ බං. වාහනේ බ්‍රේක් නෑ.. රෑට වරෙන්. මං ආච්චිව වාහනෙන් පන්සලට දාල එන්නම්

යකෝ.. හු#@ටො තෝ ඉන්නෙ ගස් දෙබලක. ආන්.. උඹට බැනල බැනල ආච්චි ගියා තනියෙම.. බැහැපිය.

පිස්සුද ප#&යො ගස් නගින්න මං වඳුරෙක්ද...    ඒ... මෙ ඇත්තටම මේ ගහක් උඩද මං ඉන්නෙ.

ඔව් හු#@ටො තොට දැන් සිංහලෙන් කිව්වෙ ඒක තමයි. බැහැල තියේ නම් අරව ඩිංගක් දියන් අවිත්..

ඒ.. එ කවුද බ්ම් එතකොට මාව මේ ගහ උඩට නැග්ගුවේ..         ආච්චිවත්ද..

ආච්චි මගුලඅක් නෙමේ යකෝ අරව, අරව.. නැද්ද

ඒ අතරේ එකෙක් තව එකෙක්ට බනිනවා “ඒවා ඉල්ලන්න නෙමේ මූව බිමට ගන්න විදිහක් හිතපන් ” කිය කිය

අඩෝ.. උඹල මාව බලන්න ආව එහෙනම්.. ආද..රෙ.යි ඈ..

තොගෙ ල..#&ක් බලන්න ආව නෙමේ.. බැහැල ඇවිත් තියෙනවනම් මොනාහරි දීපිය අපිටත්..

- - - - - -

 


ඔන්න අරවයෙන් සප්පායම් වෙලා බෝඩිම බලා යන අතර මගදී සියලු දෙනාටම වාගේ පසුබිම් බරක් ආව එක සැරේටම. එක මොහොතේම. මේ රෑ කොයි හොයන්නද කක්කුස්සි.. කොළඹ හින්ද ඉතීම් අවුලකුත් නෑ. මහ රෑ වෙනකං කඩවල් ඇරලානෙ. ගමක උනත් ඉතීම් අවුලක් නෑ.. ගියා පඳුරක් ලඟට. ආව කාරණේ ඉෂ්ඨ වෙනව ඉන්තේරුවෙන්ම. කොල්ලෝනේ...

දැන් ගියා හොඳ සයිවර් කඩයකට.. වැඩකරන එකෙක්ගෙ කනට ලං වෙලා ඇහුව එකෙක්.. අයිය ටොයිලට් තියෙනවද..?.  අයිය මල්ලිලා දිහා මොහොතක් බලන් හිටිය.

තියෙනව මල්ලී..

ආ එහෙනම්.. තොසේ 4යි, හොදියි දාන්න..    ඒ ඇතිනේ බ්ම්

මල්ලිලට එච්..ච.රද ?

ආ.... අයියෙ ටොයිලට් එක තියෙන්නෙ කොහෙද..    කියල එක්කෙනක් අයියගෙන් ඇහුව. ඒ කෙනා පිටුපහින් අනික් සේරම එකට හිට ගත්ත... උසේ හැටියටද මන්ද. අයිය ආපහු මොහොතක් මල්ලිලා දිහා බලන් හිටිය.

අර පැත්තෙ කියල..   අයිය කඩේ පිටුපහින් වම් පැත්තට වෙන්න හැරිලා යන තැනක් මල්ලිලට පෙන්නලා දුන්න. මල්ලිලා අයිය පෙන්නලා දුන්නු ඒ පාර දිගේ පෙලට ගියා. කඩේ අයිතිකාර උන්ද මේ මල්ලිලා දිහා දාගෙන හිටි කන්නාඩිය යටින් බැලුව. බලල අර මල්ලිලට පාර පෙන්නුව අයිය දිහාත් බැලුව... පාර පෙන්නපු අයිය පාර දිහා බලන්න ගත්ත.

කොල්ලෝ ටික දැන් කඩය සතු වැසිකිලි බිමේ. තියෙන එක වැසිකිළියට ආපු පිළිවෙලට කට්ටිය එන්ටර් උනා. පිට උනා. ඔහොම පැයකට වැඩි කාලයක් අරං පිරිස කැෂියර් එක ගාවට සේන්දු උනා. පාර පෙන්නුවා අයිය සැනසුම් සුසුමක් හෙළුව. කඩේ අයිතිකාර අයිය කැල් එක දිහා බැලුම් හෙළුව... ගාන හැදුව. කස්ටිය රීල කරලා, ගෙවලත් ඉවරින් පහු, තොසේත් අරං යන්න පිටත් උනා.

ඒ.. අඩෝ. උඹ නේ මුලින් ගියේ.. වතුර ගහල තිබ්බේ නෑ හරියට හොඳද

අනේ පලයන් යන්න.. මං යන්න කලින් ඉඳල එහෙමයි තිබ්බේ..

 

ඒ මේ.. එක නෙමේ.. උඹ ඉඳගන්න පෝච්චිවල රෙන්න අකමැති එකා නේ. කොමද එතකොට එකේ ගියෙ.

ඔව් බං.. හැම එකාම පස්ස තියනවා. ඕවයෙ විසබීජ බෝවෙනවා බං..

අනේ නිකං පලයන් යන්න... උඹ ගමේ පුරුද්දට මෙහෙ ඇවිල්ලත් බිම තියෙන කක්කුස්සි වලවල් හොයනවා

හරි ඒක නෙමේ උඹ එතකොට කොහොමද බ්ම් එකේ වැඩේ කොරගත්තෙ..

මං රබර් දෙක හොඳට හෝදලා කරලා. කකුලේ දාන්.......

කකුලේ දාන්....??

කකුල් දෙක පෝච්චිය උඩ තියල ඉඳගෙන වැඩේ කර ග..ත්.ත.

මේන්ට මෙහෙම වාඩි ගෙන අර කොලුව


සුවපහසුව බලා වැරදි ජීවන රටාවන්ට හුරු වන අපි


28 comments:

  1. හ්ම්...


    (බොට රිටන් එක)

    ReplyDelete
  2. පිළිකුල් රසත් එක රසයකි බැලුවාම
    මතක් වෙන්නෙ මේ වගෙ දේ දුටුවාම
    තවමත් අපේ ඇත්තන්ගෙ නොදැනීම
    පොදු වැසිකිළියකින් දකිතැකි හෙව්වාම

    ReplyDelete
  3. අත්තලා මුත්තලා තමා හරි. එකෙත් හැටි

    ReplyDelete
  4. මේ කැටගරි වලට කඩලා ලිපි වර්ග කරන වැඩේ නියමයි. දැන් බ්ලොග් එක නියමයි සැහැල්ලුයි. ලස්සනයි, ඔහොමම තියහං. ඔයිට වඩා විච්චූරණ එල්ලන්න එපා.

    ReplyDelete
    Replies
    1. තව එකම එකක් එල්ලන්ට අවසර... කැමරා පොජ්ජක්. මගෙ එකම මාහැඟි වස්තුව

      Delete
    2. ගූගලයා දෙන ගැජට් නං ඔක්කොම එල්ලුවත් කාරි නෑ. එව්වා හොඳට ටැස් කරලා අනුමත වෙච්ච එව්වා නිසා පිස්සු කෙලින්නේ නෑ.

      Delete
    3. ඒ ගැජට් එක දැම්මේ කොහොමද . මාත් දැම්මනම් හොඳයි

      Delete
    4. මොකෑ අජිත්තුමා කීව ගජට්ටුව.....

      Delete
    5. ඔය බසු කීව එක තමා

      Delete
    6. පුළුවන් නම් screen එකට සෙට් වෙන විදිහට blog හදල දාන්ට එන අයගෙ පහසුවට

      Delete
  5. අර පොඩි එකාගේ ෆොටෝ එක දැක්ක නිශ අමං හිතුවේ මුන් ගිහිල්ල කාගේ හරි පෝච්චියකටවත් දැම්මද කියල පෝලිමේ . අපේ එකෙක් කරා ඒ වගේ වැඩක්. බිග් මැච් එක්ක ඉවර වෙලා එද්ඩ්. ඇන්ටි කෙනකුගේ මල් පොච්චියකට් අත ඇරියා. පව් ඉතින් ඇන්ටි. උදේ වතුර දන්න්න එනකොට.
    ඔය විධිහට දැන් ඉඳගන්න බැහැ බන් . බඩත් වැඩියි . හේ හේ

    ReplyDelete
    Replies
    1. අනිවා අජිත්තුමෝ.. මගෙ යාලුවොත් ඉන්ටව පරණ ඉට්ටයිල් එකේ ඉඳගන්ට අමාරු.. මහත නිසා. අපිට අතීතයට යන්ට බැහැ සරුව සම්පූර්ණයෙන් දැන් ජීවන රටාවත් එක්ක. ඒත් පරණ හොඳ දේවල් අගේ කොර හැකි නොවැ.

      Delete
    2. මට ඕක ඔඡාර හොන්ඩ ආධ්සක් කියල හිතන්නේ නැහැ. ඔහොම ඉඳගන්න ගිහින් නහය තලා ගත්ත එවුන්, කකුල කපාගෙන කොමඩ් එකත් කැඩිලා ගූ පිටින් හොස්පිටල් ඇඩ්මිට් කරපු එවුන් අනන්ත ඉන්නවා. මම නම් අවවාද දෙන්නේ නැහැ කොමඩ් එකේ එහම් ඉන්දගන්න. ඒකට තියෙන්නේ වෙන ෆ්‍රෙන්ච් ටොයිලට් එකක් හදා ගන්න එක.

      Delete
    3. https://www.dailymail.co.uk/news/article-2570828/Warehouse-installs-European-style-squat-toilet-foreign-workers-kept-breaking-loo-standing-it.html

      Delete
    4. New design- අර විධිහේ ඩිසයින් එක එනවා දැන්.
      https://www.fastcompany.com/3022098/take-a-seat-on-the-ergonomically-correct-toilet-of-the-future

      Delete
    5. ඔව් ඔව් අජිත්තුමෝ. මේක සිනා කතාවක් විදිහට දැම්මෙ... එක එක අය හැසිරෙන විදි දිහා බලං අහං ඉඳිද්දී සමහර වෙලාවට හිනා යනවා නොදැනීම.

      Delete
  6. ඉස්සර හිටියා බ්ලොග් ලෙජන්ඩ් එකක් හිස් අහස ලියපු සදරු කියලා. මෑන්ගෙ බ්ලොගෙත් මේ වගේ කතාවක් ගියා. පට්ට

    ReplyDelete
    Replies
    1. https://hisahasa.blogspot.com/2018/02/blog-post.html

      Delete
    2. ඉස්සර හිටිය බීටලේ, චාමි, සඳරූ වගේ බ්ලොග් ලෙජන්ඩ්ලාගෙ සමහර ලිපිවලට ලින්ක් මෙතන තියෙනවා.

      https://balunakuta.blogspot.com/2021/10/blog-post_14.html

      Delete
    3. ස්තූතියි දිනුක ගොඩවැදුනට හා ඔත්තුවට

      Delete
    4. බස්සා ඒ කාලේ blog නොලිව්වට කොමන්ට් නොකලට ගොඩකල් ඉඳ blog කියවන්නේ...
      අඩේ බස්පා...... සඳරුගෙ ඒ post එකත් කියවල තියේ ඉස්සරින්.. අඩේ එකේ කොපි කිරිල්ලක්වත් උනාද නොදැන හරි

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්