ජයමහ, කෙල්ලො නේ... සහ තවත් joke

අයිසෙ ජයමහ... මෙහෙ එනවා

කෝටිපති ව්‍යාපාරික තැන ඊයෙ දින තම සුපරි වෙළදසැල් ජාලයේ සේවයට බඳවාගත්ත ශ්‍රී ලාංකික සේවකයාට කතා කර සිටියා. ලාංකිකයා... රැකියාවේ සිය දෙවැනි දිනයේම ප්‍රධානියගෙන් කැඳවීමක් ලැබීම පිළිබඳ ඇතිවූ සතුටකිනුයි හිටියෙ. නමුත් කෝටිපති ව්‍යාපාරිකයගෙ මුහුණෙ එතරම් ප්‍රීතිමත් බවක් රැඳී තිබුණේ නැහැ.

කියනව බලන්න තමුන් ඊයෙ දවසෙ කී දෙනෙක්ට බඩු විකුණුවද? ප්‍රධානියා විමසා සිටිය.

සර්... එක්කෙනෙක්ට විතරයි ජයමහ පිළිතුරු බැන්ද.

ඔන්න ඕකනෙ අයිසෙ ලංකාවේ එවුන් ගන්නවට මගෙ කැමැත්තක් නැත්තෙ... තමුසෙලා වැඩක් කරන්න අකමැතිම ජාතියක්. බලනව මෙහෙ ඉන්න අනිත් හැමෝම... කස්ටර්මර්ස්ල 10,15 දෙනෙකුට බඩු විකුනනන්වා. තමුසෙ.. එක්කෙනයි දවසටම. මීට පස්සෙවත් හරියට වැඩ කරනව. නැත්තං තමුසෙව මං දොට්ට දානව. හිතුනොත් පුම්ක්ට පයින් දෙහෙකුත් දීල.

ඒත් මේ ලාංකික ජයමහ නොසැලුණු චිත්ත සක්තියකින් එතැන වැඩ හිටිය... ප්‍රධානියා තවත් මොනාහරි අහයි කියල. මෙහෙම හිටපු සේවකයාගෙන් ප්‍රධානියා ඊළඟට ඇහුව හොඳයි තමුසෙ ඒ කරපු එකම සෙල් එකේ ගාන කීයද... අඩු ගානේ මට ඒකවත් කියනව

සර්... ඩොලර් පනස්දාහක් විතර වෙනව

තව බනින්න කට හදන් හිටි ප්‍රධානියා ඇතිවුණු කුතුහලයෙන් මේම ඇහුව මො.කා.. 50,000ක්. උඹ අම්මගෙ පොරක්නෙ. මොනාද ඔච්චර එක කස්ටමර් කෙනෙකුට වික්කෙ

සර් එයා මුලින්ම ගත්තෙ බිලී කොක්කක්...

යකෝ කඩේ තියෙන බිලී කොකු ඔක්කොම වික්කත් එච්චර ගානක් ගන්න බෑ නෙ. තමුසෙ මක්ක කරලද ඒ මිනිහගෙන් 50,000ක් කඩා ගත්තෙ. මට ඇත්තම කියනව

එක බිලී කොක්කක් මදි නේද කියල මං එයාට බිලී කොකු පෙට්ටියකුයි, බිලී පිති දෙකකුයි, ඇමට ගන්න පණු බාස්කට් එකකුයි විකුණුව

ඒත් 50,000ක් එන්නෙ නෑනෙ ජයමහ.....

ඒ කරලා මං ඇහුව ගඟ මැදට ගිහින් මාලු බාන්න කැමති නැද්ද කියල. ඒකට අඩුව බෝට්ටුවක් ගන්න එන්න කියල එක්කං ගියා අපේ බෝට්ටු යාඩ් එකට. බෝට්ටු පැද්දොත් රෑ වෙන නිසා මං කූඩාරමකුත් ගන්නත් අදහසක් දැම්ම... රෑට සත්තුන්ගෙන් බේරෙන්නත් එපෑ

ඊට පස්සෙ බඩු ටික එලියට අරං යනකොට තමා මිනිහටත් තේරුණේ එයා ආහු වාහනෙට මේ ගත්ත බඩු ටික දාන්න ඉඩ මදි කියල. පස්සෙ මං තවත් හොද අදහසක් එයට දැම්ම. ආපු වාහනේ විකුණලා බෝට්ටුවයි බඩු ටිකයි ගෙනියන්න පුලුහං... ඒවටම හදපු වාහනයක් ගත්තනම් කියල. ඊට පස්සෙ තමයි මිනිහ අපේ වාහන සෙල් එකෙන් වාහනයකුත් අරං ගියේ.

ආතභූත වුනු ප්‍රධානියාට නිකම්ම කියවුනා... තමුසෙ එහෙනම් බිලී කොක්කක් ගන්න ආපු මිනිහෙකුට මාලු බාන රස්සාවට ඕන හැම දෙයක්ම ගන්න සැලැස්සුව

ස.ර්... එයා ඇත්තටම අපේ සුපර්මාර්කට් එකට ආවේ බිලී කොකු ගන්නවත්, මාලු බාන අදහසකින්වත් නෙමේ. පොඩි හිසේ අමාරුවකින්

මොකා.. එතකොට තමුසෙ කොමද හිසේ අමාරුකාරයෙක්ට මෙච්චර බඩු තොගයක් වික්කෙ

හිසේ අමාරුවට මොනාහරි බේතක් ගන්න මිනිහ ඇවිත් තිබ්බේ. මායි එයාට හිසේ කැක්කුම, මානසික ආතතිය... ඔය හැම දේටම මාලු බාන එක හොඳයි කියල මේ හැම බඩුවක්ම එයාට ගන්න සැලැස්සුවේ

තමුසෙ මාර මිනිහෙක්නෙ... ජයමහ. මොනාද මෙහෙට එන්න කලින් කරේ

මං ලංකාවෙ ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කළා සර්..  පොඩි හෙම්බිරිස්සාවකට එන ලෙඩාට බ්ලඩ් ටෙස්ට්, යුරීන් ටෙස්ට්, සීනී ටෙස්ට්, ECG, CT ස්කෑන්, X-ray, MRI ස්කෑන් කරවන අපිට මෙව්ව සුලු දෙයක් සෑ.ර්..

අයිසෙ ජයමහ.......

තිර රෙදි

රෙදි කඩේකට ගිය ගොඩක් ලස්සන ගෑනු ළමයෙක්.... මුලු කඩේම ඇදල, පෙරලලා පැයකට පස්සෙ රෙද්දක් තොරගෙන එතැන කොල්ලට කිව්වා මේකෙන් අඩියක කෑල්ලක් දෙන්නකියල. මේ පොඩි රෙදි කෑල්ලට පැයක් ගත්ත නිසා කේන්ති ගිය කොලුව එච්චර පොඩි ජනෙල් නෑනෙකියල සද්දෙට කිව්වා.

මේක මගෙ කම්පියුටරේට... කෙල්ල එහෙම කිව්වහම කොල්ල ඇහුව ඒත් කම්පියුටර් වලට තිර රෙදි ඕන නෑනෙකියල. ආයෙම කෙල්ල කිව්වා.

එකේ තියෙන්නෙ windows අලුත්ම එක කියල ගන්න තැනින් කිව්වෙ.

 

Keybord

ඔන්න කෙල්ලෙක්... ඉස්ස ඉස්සෙලාම කම්පියුටරයක් ගත්ත අඳුරන කඩේකින්. ඒත් වැඩි වෙලාවක් යන්නත් කලින් කෙල්ල key bord එක්කත් ඇන්න ආපහු අර කඩේට මංගැච්චුව. අයියෙ මේකෙ keys අඩුයි නෙව ’. තක්බීරි උන කඩේ කොලුව ඇහුව මොන keysද නංගි දැන් මේකෙ නැත්තෙ......

කම්පියුටරෙන් කමාන්ඩ් එකක් ආව Any key එකක් press කරන්න කියල. කෝ ඒක මේකෙ නෑ නෙව.

 

One-way

ඔන්න ප්‍රවුත්ති බල බල හිටපු මහත්තය දැක්ක one-way එකක block එකක් නිසා පැයක් තිස්සෙ මාර්ග තදබදය තිවෙලා කියල මුළු කොළඹම. ඒත් එක්කම මහත්තයට මතක් උනා තමුන්ගෙ බිරිඳත් ඔය පැත්තෙන් නේද දැන් යන්නෙ කියල. විගහට ගත්ත phone call එකක්. බබී ඔය පැත්තෙ මාර trafficලු නේද...

ඒක තමයි බබා... මාව pass කරන ඔක්කොම vehicle අනික් පැත්තට drive කරනවනෙ. පාරම block

 

කාන්තා පොලිස්

ඔන්න ලස්සන තරුණියක් දවසක් කාන්තා පොලිස් vacancy එකකට apply කරලා හිට interview එහෙකට මූණ දුන්න. ලස්සන උනාට මොකද මේ කෙලී වැඩිය ඉගෙනුමට තැන දීල නෑ නෙව. ඔන්න කෝම හරි දැන් interview එකේ ප්‍රස්න වටය. මුල්ම පුරස්නය - ලෝකෙ මුල්ම බැටන් පොල්ල හොයා ගත්තෙ කවුද?. කෙල්ල කම්පනා කරලා මෙහෙම උත්තරයක් දුන්න.

එක මුලින්ම නැති කරගත්ත පොලිස් නිලධාරියා. දෙවැනි ප්‍රශ්නය - ලෝකෙ වැඩිම අපරාධ සිද්ධ වෙන රට? එකටත් කෙල්ල කම්පනා කරලාම ලඟින් යන උත්තරයක් දුන්න. හ්ම්... අපේ රටනං වෙන්න බෑ නේද. රටත් පොඩිනෙ’ interview කරන අය තීරණය කරා තව එකක් අහල කෙල්ලව යවනවා කියල හිට. හරි කියන්න බලන්න ඒබ්‍රහම් ලින්කන්ව මැරුවේ කවුද කියල ’. කෙල්ල අවංකව එකට උත්තරය දුන්න... මං දන්නෙ නෑ කියල. Interview bord එක කිව්ව හරි එහෙනං ගෙදර ගිහින්ම ඒ ගැන හොයාගන්නකො කියල. කෙල්ල සතුටින් ගෙදර ගියා. මගදී යාලුවෙක් හම්බෙලා විස්තර ඇහුව... මොකද උනේ

මාව බඳව ගත්ත අනේ... ඒ විතරක්ද ඒබ්‍රහම් ලින්කන්ගෙ criminal case එකත් මට භාර දුන්න

 


ඉරට යන වෙලාව

මේත් අර විදිහටම Interview ගිය කෙල්ලෙක්... තැන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්. මේවගේ තැන්වල වෙනස් විදිහෙ පුරස්න නෙව අහන්නෙ. මේ කට්ටිය ඇහුව ඉතීම් කෙලී ගෙන්.... ඔයා ගගනගාමියෙක් වුණොත් මොකක්ද දියත් කරන්න කැමති වැඩසටහන. කෙල්ල ගත්කටටම කිව්වා... මං කැමති ඉරේ පය තිබ්බ මුල්ම කෙනා වෙන්න කියල. කට්ටිය පුදුමයෙන් ඇහැව්ව ඉතින් ඔය ළමය දන්නෙ නැද්ද ඉරට ලං වෙන්නවත් බෑ ඒකෙ රස්නෙට කියල. කෙල්ල කිව්වා මං ගාව ඒකට හොඳ සැලැස්මක් තියෙනවා කියල. කට්ටිය ආයෙත් පුදුමයෙන් ඇහැව්වා මොකක්ද ඒ කියල.

මං ඉරට ගොඩබහිනවා රෑට... එතකොට හරිනෙ.

 

ගිනි නිවන්න එන්න

තව දවසක් කෙල්ලෙක්ගෙ සුළු වරදකින් මුළු ගෙදර ගිනි ගන්න උනා... මේ උය උයා ඉන්නකොට. කෝම උනත් මොළේ පාවිච්චි කරලා මේ කෙල්ල ගිහි නිවන අංශයට කෝල් කරලා හිට විස්තරය කිව්වා. ගිනි නිවන අය ඇහුව - මැඩම්, ඔයා කොහොද ජීවත් වෙන්නෙ?. දැන්නම් එලියෙ. ගිනිගන්න කලින් නම් ජීවත් උනේ ගේ ඇතුලෙ.. කෙල්ල ඇත්තම කිව්වා. ගිනි නිවන උන්ට තේරුනා කෙල්ල කම්පවුස් වෙලා මේ වෙලේ කියල ආයේ ඇහුව... මැඩම් අපි එනවනම් ඔතැනට කොහොමද එන්නෙ කියල. කෙල්ල කිව්වා.....

වෙන ගිනිගන්න තැන් වලට යන විදිහටම එන්න. අර ලොකු වතුර බව්සරෙත් අරං

 

News බැලීම

යාලුවෙක් දවසක් ගෙදරට ආපු කෙල්ලෙක් එක්ක ඔට්ටුවක් දැම්ම. මේ අර breaking news වල පෙන්නන මිහින ඔය වහලෙන් පනිනවා... දාහක් ඔට්ටුයි. එහෙම කිව්වම කෙල්ලත් හරි මාත් ඔට්ටුයි. පනින්නේ නෑ කිව්වා. ඒත් වහලෙ හිටපු මිනිහ ටික වෙලාවකින් පැන්න. ඔට්ටුවෙන් පැරදුන කෙල්ල සල්ලි යාලුවට දුන්න. ඒත් යාලුව ඇත්තම කිව්වා. මේක උදේ ගිය news එක්ක රිපීට් එකක්. මේ සල්ලි ඔයාම තියා ගන්න... බොරු කරන්න හොඳ නෑනෙ. ඒත් කෙල්ල කිව්වා...

කමක් නෑ ඔයා සල්ලි තියා ගන්න. මාත් උදේ news බැලුව. මං හිතුවෙ නෑ මිනිහ දෙවෙනි සැරෙත් වහලෙන් බිමට පනී කියල.

 

At last!

මේ කතාව ඇවිත් බොහොම ඈත යුගයෙ පිටරටක කතාවක්. ඔය උපත් පාලනයට විරුද්ධ ආගමික පරිසරයක තමයි මේ මරිය හිටියෙ. මරිය ළමයි හදල... මරුනේ නැති එක විතරයි. ළමයි දුසිං ගණනක්. විවාහ දෙකක්. කෝම උනත් මරිය කාලයක් ඕම ඉඳල මැරුණා. දැන් ඔන්න ආගමික වතාවත් කරන මොහොත... පල්ලියේ. පූජක දීර්ඝ අනුසාසනයකට පස්සෙ දෙවියන්ට කන්නලව් කරමින් ඉඳල සභාවට දේව වාක්‍යයක් කිව්වා. At last, they are finally together." කියලා. මේ ඉතින් පිටරටක් නෙව.

එතැන හිටපු ආගමට ලැදි කේලං කියන  කාන්තාවක් ඇහුව... පාදිලි උන්නාන්සේගෙන්. පූජකතුමනි ඔබ අදහස් කලේ පලවෙනි මිනිහද, දෙවෙනි මිනිහද එහෙමත් නැත්තං...

නෑ නෑ මං අදහස් කලේ මරියාගෙ කකුල් දෙක......


22 comments:

  1. සමහර ඒවා එහෙන් මෙහෙන් අහලා තිබ්බත්, ආයෙ රස විඳින්න අවුලක් වුනේ නෑ. මේ අඳුරු කාලෙට ගැලපෙන කතා ටික. නියමයි.🙏👌

    ReplyDelete
  2. ඇයි දැං ඕව ඔක්කොම ගෑනු ලමයින්ටම වෙන්නෙ! ඔය ට්‍රැෆික් කතන්දරේ නං ඇත්තටම වෙනවා දැක්කා රෝයල් කොලෙජ් එක ඉස්සරහ. පොලිස් කාරයා හංදියේ ඉඳල කිව්වා "දැං ඉතිං ඉතුරු ටිකත් ඔය පැත්තෙන්ම ගිහිං දාගන්නවා ආපහු හරවන්නෙ නැතිව" කියලා. හැබැයි කාරෙක එලෙව්වෙ මහත්තයෙක්!

    ReplyDelete
    Replies
    1. මේ ඉංගිරිසි පොතක තිව්න කතා වගයක් Litseeker... කාන්තාවන්ටම මඩ ගහන්ට සුදු මහත්තුරු කරපු එකක් වෙන්ටෑ

      Delete
  3. මරියා හිටපු පැත්තේ හැම ගෑණු කෙනෙක්ම මැරුණාම පාදිලි උන්නාසේ ඔය වාක්‍ය "At last, they are finally together." කියනවා ඇති.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. වෙන්නැති අසංක. මොනා උනත් ඒවා දේව වාක්‍ය නෙව....

      Delete
  4. නිඳි මරණා අතරෙ මේ දිනවල රෑට
    මේ කතාත් මරු නෙව කියලා දෙන්ට
    හිනා වෙන්න කට මදි තරමෙන් රහට
    ස්තුතියි නමී මෙව්වා ලිව්වාට

    ReplyDelete
  5. Replies
    1. වැටට ටැංක්ස් ප්‍රාජේ...

      Delete
    2. දැං වැටකණු යි කටු කම්බියි සෑහෙන්න ගණං හින්ද ඔයිට වැඩිය ඇප්‍රිෂියේට් ද මොකද්ද කරන්න වෙයි.

      Delete
    3. ඇප්පරියශේට් නම් ඉතින් කොයි වෙලේ කරගන්ට බැරිද පෂා.....
      මේන් මොඩර්න් වැටක් ගහල

      Delete
  6. මුල් කතාවෙ බොසාට අන්තිමේ අරූගෙන් මොන වගේ බේතක්ද දන්නෑ ගන්න උනේ.

    ReplyDelete
    Replies
    1. ලෝකෝත්තරය නිසා හොඳ බේතක් පංගාත්තු කරන්නැති. ඔන්න ආවේකට ඔයාටත් ටැංක්ස් පෂා කොල්ලො ඈ....

      Delete
  7. ආගමට ලැදි මහත්තයෙකුට පවුල් සෞඛ්‍ය සේවිකාව කිවුවලු උපත් පාලන ක්‍රමයකට යන්න කියලා. මිනිහා අහනවලු “අපිට දරුවො එවන්නේ දෙවියෝ . අපි කවුද ඒක නවත්තන්න" කියලා. මිඩ්වයිෆ් ඇහුවලු “ඔයාට වැස්ස එවන්නෙත් දෙවියො තමයි. හැබැයි ඔයා වැස්සෙන් බේරෙන්න රේන්කෝට් අදිනවා නේද ?"

    ReplyDelete
    Replies
    1. ඒ හන්ද රේන්කෝට් පැළඳ වැඩ ඇරඹුම සුදුසුයි 😄😄

      Delete
  8. "මම හිතුවෙ නෑ දෙවෙනි සැරෙත් පනියි" කියලා හිතපු ගෑනු ලමයා වගේ කොහෙද රටක ජනතාවකුත් හිතුවා නේද. අය්යා එහෙම කලාට මල්ලි කරන එකක් නෑ කියලා හිතලා උඩින්ම කැමැති වෙලා.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ. මොනා කරන්නද Lotus. තියෙන සමාජේ හැටියට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ නෙව.
      ටැංකිව් මේ පැත්තට ආවට....

      Delete
  9. අයිසෙ ජයමහ.... තමුසෙ නම්...
    ආ... මට වැරදුනා... අයිසෙ නමී... කතාව නම් මරු ඇඇ...

    ReplyDelete
    Replies
    1. හෙ..හ්හෙ😄 ටැංකිව් ආවට ලියෝනි තුමී

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්