The Boy Who Harnessed The Wind (2019)


 

වැව් දියෙන් වගේ නෙවේ වැහි දියෙන් ගොවිතැන් කරන රටවල්, පළාත්. ඒ අය වැහි දිය විස්සාස කරලයි උදලු මිට අතට ගන්නෙ. සුබාවදරුමෙ මාරු වෙච්චිකොට අහස බලලා වැස්ස එන දවසක් තීරණය කොරන්ට හරියටම බැහැ. එහෙව් දේසෙ, රේඩියෝව කන ළඟ තියං කාලගුණ විස්තරේ අහගෙන කාෂ්ටක රටේ ගොවිතැන් කරන ගොවියෙක්... ගොවි ගම්මානයක්.

මෙය අධ්‍යක්ෂණය කරමින් පියාගේ චරිතය රඟදක්වන්නෙ කවුරුත් දන්න 12 Years a Slave (2013) එකේ රඟපෑ Chiwetel Ejiofor.

සත්‍යය සිදුවීමක් පාදක කරගෙන 2019දී නිර්මාණය වුන The Boy Who Harnessed The Wind (2019) සිනමා පටය අද කාලෙට හොඳටම ගැලපෙනව. කුඩා දරුවෙක් තමුන්ගෙ පවුල හා ගම සාගතයෙන්, වතුර නැතිකමින්, දරිද්‍රතාවන්ගෙන් විඳින පීඩා ගැන සංවේදී වෙලා... ඉගෙනගත් දැනුමෙන් එයට පිළියමක් සොයන්න වෙහෙසෙන කතාවක් තමයි මේකෙ තියෙන්නෙ.

සංවේදී විලියම් ගම අතහැරලා යන්න අකමැති තාත්තටම ඔබින දරුවෙක්... හැබැයි දන්න දේවලුත් එක්ක අත්හදා බැලීම් කරමින් වෙනස් යමක් කරන්න ඔහු උත්සහ කරනව. නමුත් සාම්ප්‍රදායික පියාට අවශ්‍ය ශරීරය වෙහෙසලා වැඩ කිරීමත්, ළමයා ඉගෙනුමෙන් පස්සෙ තම වැඩවලට දායක වීමත් පමණයි. විශ්වාසය, පවුල, ආදරය, පරාර්ථකාමය... අත් නොහැරි විලියම් තම ප්‍රයත්නයද අත් හරින්න ලැහැස්ති නැහැ.

සාමානයෙන් අද කාලෙ... පවුලේ ප්‍රශ්න, අඩදබර වගේ කාරණා නිසා ළමයි පවුල අතහැරලා යන්නෙ බැරිම මොහොතෙ නෙමේ... පුළුවන් වෙන පළමු මොහොතෙ. ඒ කියන්නෙ... අද සමාජය පොඩි කාලෙ ඉඳල හුරු වෙලා තියෙන්නෙ ප්‍රශ්න, ගැටළු ආහම උත්තර / විසඳුම් හොයන්න නෙමේ ඒවයෙන් පැනලා යන්න. නැතිනං අත පිහදාන් පැත්තකට වෙන්න. අන්තිම විසඳුම ඒක නම් ඒකට කමක් නෑ. ඒත් පළමු විසඳුම ඒකම ද...?

දවසකට එක වේලක් කෑම / ආධාර ලැබෙන තුරු පෝලිමේ සිටීම

පැය දෙකකට ආසන්න ධාවන කාලයක් තියෙන මේ සිනමා පටය... වෙලාවක් තියෙනව නම් බලන්න වෙලාවක් වෙන්කර ගන්න.

ෆිලුමෙ බැතිබර අනුග්‍රහය - පංචතන්තුරේ නිදි තුමා

15 comments:

  1. https://watchsomuch.to/Movie/790663-HQ-Bluray/The-First-Grader-2010

    ReplyDelete
    Replies
    1. The-First-Grader ෆිලුමත් නියමම එකක්, Litseeker!
      නමී, ඕනි නම් ඒ film එකත් දෙතහැකි.

      Delete
    2. ස්තූතියි Litseeker, නිදි......

      Delete
  2. මේ වගේ නවෝත්පාදන තරුණ පරම්පරාවට කොයි රටෙත් හිමි වෙන්නේ එකම වගේ ඉරණමක්!
    ඒක ඒ ඒ රටේ අවාසනාවද මිනිස් සංහතියේම අවාසනාවද මන්දා. මේ ප්ලොට් එකම තියෙන දමිළ film එකකුත් ගිය සතියේ බැලුවා. බලනවා නම් මෙන්න විස්තර:
    https://www.baiscopelk.com/ayngaran-2022-sinhala-subtitles/

    ReplyDelete
    Replies
    1. හරි නිදි.... ලින්කුවට ස්තූතියි

      Delete
  3. එහෙන් මෙහෙන් බලල තියනවා. දැන් මගේ රස වින්ඳනය ටිකක් වෙනස්.

    ReplyDelete
    Replies
    1. අප්පේ එහෙමෙයි බෂ්... කියන්ටකෝ ඒනම් ඔයාගේ ටැස්ට් එකත්

      Delete
    2. පිචෑර් එපා වෙලා. බලන්න ගන්න එව්වත් බාගෙට නවතිනවා. ඉක්මණට බලන්න ඇහැකි පූෂොන් ගෙ විගඩං තමයි වැඩිය බැලෙන්නෙ.
      https://www.youtube.com/watch?v=bymRNX0NJDo

      Delete
    3. ඒ පූෂට පිශ්ෂුද මන්ද.......

      Delete
  4. niyama Film ekak meka.

    ReplyDelete
  5. හරිම ආදර්ශමත් චිත්‍රපටයක්. කාලෝචිතයි.

    ReplyDelete
  6. මේක බැලුව වගේ මතකයි සෑහෙන කලෙකටකලින්. නැමිය into the wild එකත් බලන්න

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්