පොත් කියවා හිරෙන් නිදහස් වීම...

 

මේ සාහිත්‍යය මාසය නිසාත් විවිධ පොත් ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වෙන නිසාත් ඒ සම්බන්ධව අල්ලලා ලියා තිබූ ලිපියක් post එක විදිහට දාන්න හිතුව.

මේ පුද්ගල සංවර්ධන දේශක කැලුම් වැලිගම මහතා විසින් පුවත්පතක පල කළ ලිපියකි

 * * * * *

අපේ ජීවිතය පුදුමාකාර විස්මයක්. ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියල අපි කාටවත් හිතා ගන්න බැහැ. එහෙත් ජීවිතයේ සෑම ඊළඟ මොහොතක්ම විස්මිත මොහොතක් බව මතක තියා ගන්න. එසේම එය විශ්වාස කරන්න. ඔබ එහෙම විශ්වාස කළොත් පමණයි සෑම අසීරු තත්ත්වයක් තුළම වාසනාවන්ත අවස්ථාවක් සැඟවිලා තියෙන්නෙ. මේක බ්‍රසීලයේ සිදුවුණ අපූරු දෙයක්. බ්‍රසීලයේ බන්ධනාගාරයක සිද්ධ වුණ ඇත්ත කතාවක්. බන්ධනාගාරවල සිරකරුවන් වැඩියෙන් සිටීම අදටත් අපේ රටෙත් තියෙන ගැටළුවක්. මේ ගැටළුව විසදන්න බ්‍රසීල රජය ගත්ත ක්‍රියාමාර්ග නිසා සිරකරුවන්ගේ ජීවිත සැබවින්ම වෙනස් වුණා. අපි මුලින්ම ඒම කතාව වෙතට අවධානය යොමු කරමු.

සැබවින්ම සිරකරුවන් එක් කුටියක වැඩි වීම නිසා ඔවුන් වැඩිපුර දේවල් කතා කරන්න පටන් ගත්තා. මෙම කතා බොහොමයක් නතර වෙන්නෙ අන්තිමේට ලොකු ගැටුමකින්. බොහෝ වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් අනිත් කෙනාගේ අතක් පයක් කැඩෙන්න ගහනවා. දිගින් දිගටම වර්ධනය වෙන මෙම ගැටළුව නිසා බන්ධනාගාර පරිපාලනය සිරකරුවන් පැත්තකට කරලා නිශ්ශබ්දව තියන්න පුළුවන් ක්‍රමයක් ගැන හිතන්න පටන් ගත්තා. ඊට විසඳුම ලෙස සිරකරුවන් පොත් කියවන්න යොමු කිරීම, මේ ප්‍රශ්න විසඳන්න තියෙන හොඳම විසඳුම බව ඔවුන් වටහා ගත්තා. එහෙත් බොහෝ දෙනෙක් පොත් කියවන්න අකමැතියි. අදටත් රූපවාහිනිය නැරඹීමට වඩා පොත් කියවීම තුළ කෙනෙකුගේ සිත සහ කය කියන දෙකටම වාසිසහගත දේවල් සිද්ධ වුණත්, රූප පෙට්ටිය අමතක කරලා ඔලුවට මෝල බද්ධ කරන පොත්වල සුවඳ හමන පිටු අතරේ සැරිසරන්න බොහෝ දෙනෙක් අකමැතියි. නමුත් රූපවාහිනියේ සහ අන්තර්ජාලයේ ම එල්ලිලා ඉන්නවාට වඩා පොත් කියවීම ඉතා හොඳ පුරුද්දක් බව පොත් නොකියවන අය පවා පිළිගන්නවා. කෙසේ වෙතත් දරුණු සිරකරුවන් තුළ පොත් කියවීමේ පුරුද්ද ඇති කරලා ඔවුන් සන්සුන් කිරීම හිතන තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි.

ජීවිතය ක්‍රියාත්මක වෙන්නෙ අපේ පුරුදු මතයි. එම නිසා පොත් කියවීම සිරකරුවන් අතර පුරුද්දක් බවට පත් කරන්න නම් ඔවුන්ට ප්‍රතිලාභයක් ලබා දිය යුතුයි යන  තීරණයේ පරිපාලනය හිටියා. කිසියම් සිරකරුවෙක් පොතක් කියවා අවසාන කළොත් ඔහුගේ සිර දඬුවමින් දින හතරක් නිදහසක් ලැබෙනවා. මෙම වැඩසටහන ඔවුන් නම් කළේ කියවීම තුලින් නිදහස් වීම” (Redemption through reading) වශයෙන්. එහෙත් සිරකරුවන්ට වසරකට කියවන්න ඉඩ දුන්නේ පොත් දොළහක් පමණයි. එසේම එක් පොතක් කියවා අවසානයේ එම පොත පිළිබඳව කෙටි අදහසක් සිරකරුවා ලියා භාරදිය යුතුයි. වසරකට පොත් දොළහක උපරිමයක් නිසා හිතු මනාපයට පොත් ගොඩක් කියවලා දින නිදහස් කරගන්න සිරකරුවාට බැහැ. කෙසේ වෙතත් පොත් දොළහක් වරසක් තුළ කියවූ සිරකරුවෙක්ට සති 6ක් තමාගේ සිර දඬුවමින් නිදහස් වෙනවා. කටුක සිපිරිගෙදර දිවියෙන් විනාඩියකට කලින් හෝ ඉවත් වෙනවා කියන එකම ලොකු සහනයක් නිසා සිරකරුවාට මෙහි කිසියම් වාසියක් තියෙනවා. සිරකරුවන්ට අවශ්‍ය පොත් නිර්දේශ කළේ කියවීම ගැන අවබෝධයක් තියෙන කමිටුවකින්. සාහිත්‍ය, දර්ශනය සහ විද්‍යාව වැනි විෂයන්ට අදාළ හොඳ පොත් ගොඩක් තිබුණා. මොනවා හරි පොත් ගොඩකින් බන්ධනාගාර පුස්තකාලය පිරවීම ඔවුන්ගේ අරමුණ වුනේ නැහැ. සැබවින්ම බ්‍රසීලයේ දරුණුම සිරගෙදරක් තුළ ඉතා නිහඬව සිද්ධ වුන මෙම කටයුත්ත නිසා කාලයක් යද්දී එම සිරගෙදර ගැටුම් අඩු වුණා. මන්දයත් බොහෝ සිරකරුවන් නිදහසේ පොත් කියවන්න පටන් ගත්තා. සමහරු තවත් සිරකරුවන් සමග පොත් ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතා හොඳ පරිසරයක් බිහි උනා.

අරවින් ජේම්ස් (Erwin James) කියන්නෙත් මේ සිරගෙදර හිටිය සිරකරුවෙක්. ඔහු මිනීමැරුම් චෝදනාවකට වරදකරුවෙක්. වසර 20කත හිරේ ගිය දරුණු මිනිසෙක්. කෙසේ වෙතත් හිරගෙදර ඉන්න කාලේ පොත් කියවීමේ ක්‍රියාවලිය ඔස්සේ ඔහුගේ සිරදඬුවමින් සැලකිය යුතු කාලයකට කලින් සිරගෙදරින් පිටවෙන්න ඔහුට හැකියාව ලැබුණා. එහෙත් අරවින් ජේම්ස්ගේ ජීවිතය සිරගෙදරින් එළියට ආවට පස්සේ නැවතුණේ හිතාගන්නත් බැරි තැනකින්. වසර 20කත පසුව ඔහුට ‘ද ගාර්ඩියන්’ පුවත්පතට ලියන්න අවස්ථාවක් ලැබෙනවා. ඔහු සිරගෙදර සිට කියවපු පොත් ඔස්සේ ඔහුට ලියන්න කියන්න නිර්මාණාත්මක අදහස් ගලාගෙන ආවා. ද ගාර්ඩියන් පුවත්පතට ඔහු ලියපු දේවල් ජනප්‍රිය වුණා. අවසානයේ ඔහු නිව්යෝර්ක් ටයිම්ස් ලැයිස්තුවට ඇතුළත් වුණ වැඩිම අලෙවියක් සහිත කෘති දෙකක් රචනා කළ ලේඛකයෙක් ද වුණා. අරවින්ගේ ජීවිතය මේ තරම් වෙනස් වුණේ සිපිරිගෙදරදී ඔහු කියවූ පොත් නිසා බව ඔහු අද කියනවා. ගෙදරට දවසකට කලින් හෝ යන්න අවශ්‍ය නිසා පොත් කියවන්න පටන් ගත්ත ඔහු පසුව පොත් ඉතා ආශාවෙන් කියවන්න වුණා. “මම සිරගෙදර ඉඳිද්දී කියවපු පොත් මාව කලින් සිරෙන් නිදහස් කළා පමණක් නෙවෙයි, මගේ සිරවුණ සිතත් නිදහස් කළා” ඔහු පවසනවා. පොත් නොකියවපු අර්වින් පොත් කියවන්න පටන් ගත්ත නිසා ඔහුට ජීවිතය දෙස වඩා විවෘතව සහ උපේක්ෂාවෙන් බලන්න හැකියාව ලැබුණා. අපි ඒ ඉදිරිපත් කළේ ඒම සිරගෙදර හිටිය එක් සිරකරුවෙක්ගේ කතාවක් පමණයි. පොත් කියවීම ඔස්සේ තවත් බොහෝ සිරකරුවන් ජීවිතය වෙනස් කර ගත්ත අතුරු කතා ගොඩක් ඇති.

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියලා ඔබ දන්නවා. එහෙත් කියවීමේ පුරුද්ද පවතින්නේ ඉතාම සුළු ප්‍රමාණයකට පමණයි. එහෙත් තාක්ෂණය කෙතරම් දියුණු වුණත් තවමත් යුරෝපීය ජාතිකයින් පොත විසිකරලා ජංගම දුරකථනය අතට අරගෙන නැහැ. විශේෂයෙන් පොත් කියවීමේ පුරුද්ද ක්‍රමානුකූලව දරුවන් තුළ රෝපණය කළ යුතු පුරුද්දක් නිසා මේ සම්බන්ධව මව්පියන්ට කළ හැකි දේ බොහොමයි. ඔහේ දරුවාට මොකක් හරි පොතක් කියවන්න දෙනවා වෙනුවට දරුවා කියවීමේ රසයට හුරු කරන කෘති සොයා දීම මව්පියන්ගේ වගකීමක්. මා පහුගිය කාලයේදී ලංකාවේ විවිධ ප්‍රදේශ රැසකට ගියා. එය කෙටියෙන්ම යාපනයේ සිට වැලිගම දක්වා. ලංකාවේ බොහෝ නගරවල පොත් අලෙවිසැල් (bookshop) දකින්න පුළුවන් වුණා. එහෙත් මේ බොහෝ සාප්පුවල දකින්න තිබුණේ අභ්‍යාස පොත් සහ පත්තර මිසක නවකතා හෝ කෙටිකතා හෝ පර්යේෂණ කෘතීන් නොවෙයි. දරුවන් අභ්‍යාස පොත් කියවීම වෙතම කුඩා කල සිටම හුරු කරන නිසා පාසල් අධ්‍යාපනයෙන් පසුව පොත් කියවන්න බොහෝ දෙනා හිතන්නේ නැහැ. බ්‍රසීලයේ දරුණු සිරගෙදරක ක්‍රියාත්මක වුණ ඉහත සඳහන් කළ පොත් කියවීමේ වැඩසටහන වැනි දේවල් ලංකාව තුළ ක්‍රියාත්මක කරන්න උත්සහ දරනවා නම් එය ඉතා වටිනවා. විශේෂයෙන්ම අනෙක් අයටද පරිහරණය කළ හැකි කුඩා පුස්තකාල පවත්වාගෙන යන පිරිස් මට හමුවෙලා තියෙනවා. ඔබත් දන්න හඳුනන කෙනෙක් එහෙම හොඳ දෙයක් කරනවා නම්, අප වෙනුවෙන් ඔහුව හෝ ඇයව තවත් ධෛර්යවත් කරන්න.

ඔබට ඇස් අරගෙන සිහින දකින්නෙක් වෙන්න අවශ්‍යනම්, ඔබ පැහැදිලිවම පොත් කියවීමේ පුරුද්ද ජීවිතය තුළ ආරෝපණය කරගත යුතුයි.

ලෝකයේ තවමත් අවම පිරිවැයකින් වැඩිම දැනුමක් ලබාගත හැකි මාධ්‍ය වන්නේ ද පොත් කියවීමයි. ඒම නිසා එය සාහිත්‍ය මාසයට පමණක් සීමා නොකර සෑම මාසයකටම අනුගත කරගන්න.

“2015 වර්ෂයේදී මගේ අභියෝගය වන්නේ සෑම සති දෙකකට වරක්ම අලුත් පොතක් කියවීමයි. විවිධ සංස්කෘතීන්, විවිධ විශ්වාස, විවිධ මිනිස් හැසිරීම් සහ තාක්ෂණයට අදාළ පොත් කියවන්න මම බලාපොරොත්තු වෙනවා. වසර ආරම්භයේ දී විවිධ ෆේස්බුක් එකමුතු (Group & communities) රැසක් මට අභියෝග රැසක් එවලා තිබුණා. ඔවුන් සියලු දෙනාටම ගොඩක් ස්තූතියි. එහෙත් මම 2015 දී පොත් කියවීමේ අභියෝගය භාර ගත්තා. මම හිතනවා පොත් කියවීම ඔස්සේ ඕනෑම කෙනෙක් තුළ ඇතුළත බුද්ධියක් නිර්මාණය වෙනවා. අද ගොඩක් මාධ්‍යයෙන් මතුපිටින් ඔබට පෙන්වන දේවලට වඩා බොහෝ දේ ඔබට ලබා දෙන්න හොඳ පොත් සමත් වෙනවා. ඒක නිසා මම මේ වසර පොත් කියවන්න වෙන් කරනවා. මම කියවන පොත් පිළිබඳ තොරතුරු year of Books නම් පිටුවට යොමු කරනවා. ඔබට එයින් අදහසක් ගන්න පුළුවන්. ඔබ ඇත්තටම පොත් කියවන්න කැමති නම් විතරක් ඒම පිටුවට කැමැත්ත ප්‍රකාශ කරන්න”. ඒ 2015 ජනවාරි මස 02 දින මාර්ක් සකබර්ග් ඔහුගේ ෆේස්බුක් පිටුවේ යොදා තිබුණ සටහනයි. ඔහු 2015 වසර ආරම්භ කරේ සෑම සති දෙකකට වරක්ම පොතක් කියවීමේ අභියෝගය සමගින්. ෆොර්බ්ස් 2014 වර්ගීකරණයට අනුව මාර්ක් සකබර්ග් ලොව බලවත්ම මිනිසුන්ගේ ලැයිස්තුවේ 22 වැනි තැන ඉන්නවා. එසේම ලොව ලාබාලතම බලවතුන් අතර ඔහු පළමු වැනියා. එපමණක් නොව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ ඔහු පසුවන්නේ 16 වැනි ස්ථානයේ. වයස අවුරුදු 30 වෙන්නත් කලින් ලොව බලවත් මෙන්ම ධනවත් පුද්ගලයෙක් වුණ මාර්ක් සකබර්ග්ට තවත් පොත් කියවලා රැස්කරගන්න තියෙන දැනුම මොකක් ද? සෑම සති දෙකකට වරක්ම මොකක් හරි පාටියකට සෙට් වෙන්නේ නැතිව ඔහු පොත් කියවන්න හේතුව මොකක් ද? සැබෑ අධ්‍යාපනය යනු එයයි. එහෙනම් අපි ඇස් ඇරගෙන සිහින දකිමු.

44 comments:

  1. වටිනා අදහසක්. මං ඉගෙන ගන්න කාලේ ගුරුතුමෙක් කියපු දෙයක් මතක් උනා. "අතේ සල්ලි නැති වෙලාවට පොත් සාප්පු තියන පාරේ යන්නෙ නෑ. යන්න උනත් පාරේ අනිත් පැත්තෙන් යන්නේ. නැත්තං ගෙදරට බඩු ගේන්න දීපු සල්ලි වලින් පොතක් අරන් යනවා." දැං පොත්වල මිල බලපුහම අපටත් කරන්න වෙන්නේ ඒකමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් Litseekerතුමෝ... දැන් පොත්වල මිල බොහොම වැඩී. මේ යන ආර්ථික රටාවත් එක්ක මිනිස්සුන්ගෙ රසවින්දනය තවත් අගාධයටම පල්ලම් බහිනවා

      Delete
    2. පුස්තකාලෙකින් අරගෙන කියවන්න ඇහැකි නොවෙද litseeker?

      Delete
    3. ඔව් පුළුවන්, ඒ්ත් සමහර පොතපත කියෙව්වට පස්සෙත් අපි ලඟම තියනවට අපි කැමතියනෙ.

      Delete
  2. හොඳ කතාවක්. මම කොපමණ වැඩ තිබ්බත් පොතක් කියවල ඉවර කරනවා මාසෙකට සැරයක්.

    ReplyDelete
    Replies
    1. හුම්... ඒකනම් ඇගේ ඇති වැඩක් අජිත්තුමෝ🙏

      Delete
  3. ස්තුති කරන්නට වෙනවා දෙන්නෙකුට
    ඒත් ලෝබ නැත - තැන්කිව් ලීවාට!
    පොත් මසුරන්ය මට නම්, දිවි පුරාවට
    එන අත් බවෙත් - ඇබ්බැහි වෙමි පොතපතට!

    ReplyDelete
    Replies
    1. හුම්... ස්තූතියි නිදි කයියට🙏 🙏

      Delete
  4. අපි පොත් කියෝන එක අතෑරල බ්ලොග් කියවන්න ගත්ත.

    ReplyDelete
    Replies
    1. ඔව් blog වල වගේම internet, fb එකේම මොනතරම් වටිනා දේ තියේද... පෂාතුමෝ. වැදගත් වෙන්නෙ මොන මාධ්‍යයෙන් හෝ එවන් දේ කියවීම නෙව

      Delete
  5. මම මේකට මුකුත් කියල නෑනෙ. පොඩ්ඩක් ඉමු, ආපහු කියවල එන්නං.

    ReplyDelete
  6. නියම ලිපියක් නමි. ඒ වගේ ම ඉතාම වැදගත් දෙයක් මම ඒකෙන් උකහා ගත්තා. අපේ කන්තෝරුවේ ප්‍රජා සංවර්ධන නිලධාරීන්ටත් මම මේක කියවන්න දෙනවා. අපි බලමු ඒ අය තමන් බලන සභාවල පුස්තකාලවලට මේ වගේ නිර්මාණාත්මක දේවල් කරයි ද කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ හොඳා ඩ්‍රැකීතුමෝ 🙏... පත්තරේ පොටෝ එකක් ගහල එවන්ට හැදුවේ. ඒත් quality මදි.

      Delete
  7. Replies
    1. මං වහන්සේ නම් කියවන්ට කම්මැලියා... ආසාව තිව්නට 😂😂

      Delete
  8. මට නම් ඉස්කෝලෙන් තමයි කියවන්න පුරුදු කරේ,

    අපි 3,4 වගේ ඉන්නකොට අඹ යාලුවෝ, ගඟ අද්දර කැලේ වගේ පොත් කියවලා, කියෙව්වා කියලා අම්මලාගෙ අත්සනත් දාගෙන එන්න කීවා.

    ඒකෙන් තමයි කියවන්න පටන් ගත්තෙ.

    ඒත් හැම ලමයටම එහෙම කරන්න කීවත් හැමෝම කියවන්න පුරුදු වෙන්නෙත් නෑ. අනේ මන්දා ඉතින්🤔

    මං අහලා තියෙනවා කෙනෙක් තවම පොත් කියවන කෙනෙක් නෙමේ නම් එයාට හරියන පොත තවම එයාට කියවන්න ලැබිලා නෑ කියලත්........

    ReplyDelete
    Replies
    1. අපිට 3,4 නෙමේ ඉස්කෝල ලයිබ්රිය ඇතුලට ගියෙත් 6,7 වසර පහුවෙලා

      Delete
    2. අඩෝ ගඟ අද්දර කැලේ පට්ට කතාව ඈ. ස්තූතියි මතක් කළාට. ඊට පස්සෙ අපට වැදුණෙ සෝමපුර වීරයෝ, තුන් යහළු වික්‍රමය, කල්ලන්දූවෙ මුතු කොල්ලය පොත් තුන

      Delete
    3. කියන්න (අ)සතුටුයි ඔය එක්කකත් කියෝලා නෑ... මහත්තුරුණී, මා😂

      Delete
    4. ගඟ අද්දර කැලේ මම අද ගන්නව පොත් කඩෙන්, පොඩි එකා ට. මම බැලුව විදිහට රුපියල් දෙසීය ගාණක් වෙන්නෙ. පාන් ගෙඩියකට වඩා මිල අඩුයි.

      Delete
    5. එහෙනම් ඒක ගන්න එක කිසිම පාඩුවක් නෑ නේද ඩ්‍රැකී😁🥰?

      Delete
    6. අපිට නම් 3,4 ඉදලම පුස්තකාලෙ එක්කගෙන ගියා, ඊට පස්සෙ 5 දි මහජන පුස්තකාලෙටත් එක්කගෙන ගියා බලන්න. තව 5 විභාගෙට ගොඩක් ලකුනු ගන්න ළමයි ටත් කතන්දර පොත් ලැබුනා ගොඩක්.....
      (රත් හඳුන් රූපය, වනේ ඇදුනු පියසටහන් පොත් දෙක විතරයි දැන් නම් මතක )

      අපේ ඉස්කෝලේ ඒ අතින් සෑහෙන ලොකු දෙයක් කරලා තියෙනවා අපි වෙනුවෙන්🥰😇

      Delete
    7. කල්ලන්දූවේ මුතු කොල්ලය නම් කියවන්න ලැබිලා නෑ ඩ්‍රැකී😪

      අනිත් ඒවා නම් මරු👌💯

      Delete
  9. මේ ටිකේ...
    September 05, 2022 25 Comments
    post eka mata misse wela

    ReplyDelete
  10. Replies
    1. ළඟනම් හා.. කකුල් කඩෙත්තුව හදන් දුර දුවන්ට බෑ මෙන්ඩතුමෝ😂😂

      Delete
  11. අඩෝ...මම සිංහල හදා ගත්තා...දැන් වරෙව් ඕන එකෙක් කෙමෙන්ට් වලින්..දුවන්න දෙන්නේ..
    එල ද බ්‍

    ReplyDelete
    Replies
    1. මංනැතෝ.... ඕකට අල්ලගන්න හොඳම කෙනා අපේ පංචතුරේ නිදි මහතා😂

      Delete
    2. මම අහිංසකයා! දුවගන්නත් බෑ...

      Delete
  12. මම කියවන්නේ ටේර්න් එකේ ස්ටේෂන් එකේ බස් එකේ පොත දිග ඇරගන්න ඉඩ තියන ඔනම් තැනක
    පහුගිය මාස දෙක ඇතුලත කියවපු පොත්
    ඇට ගැහියා
    යස්ස ළමිස්සි
    තුන් මොල්ලු
    මොනමගුලක්ද මන්දා
    මේ දවස් වල කියවන්නේ
    මේරි හිගින්ස්ගේ ඉන්න එන්න

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා චේතන්ගෙ පොත් ටික මරු නෙහ් 🤗👌

      Delete
    2. දිලීප තමයි වටිනාකම වැඩි කරල තියෙන්න

      Delete
    3. ම්ම්. හැබැයි ගොඩක් කතා වල එකම වගේ රටාවක් තියෙනවා කියලා දැනුනා

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්