මේ නගරය......

ආදරේ කරන කාලේ... ජෝඩු, කොච්චර නම් parkවල,


මුහුදු වෙරවල්  දිගේ ඇවිදින්න ඇද්ද. අත් අල්ලගෙන, හීන මාළිගා හදාගෙන, සිප වැළඳගෙන... ඒවයේ ගමන් කරන්න ඇද්ද. ඒ පාරේම, ඒ තැනමට තමන්ගෙ ප්‍රේම සහකරු/ සහකාරියගෙන් වෙන් උන දවසක යන්න උනොත්. එකක්... ඒක නීරසම අත්දැකීමක් වෙයි. නැත්තං විරහ මුහුවුණු, ආදරණීය සැමරුම් සිහිකැඳවන අත්දැකීමක් වෙයි. ඔය දෙකෙන් කෝක උනත් වියෝග දුක හදවතේ කොනක තියෙනව.

තුරුල් වෙලා යනකොට ඇයගෙන්/ ඔහුගෙන් දැනුණ... ආදරණීය සුවඳ, ආදරණීය ස්පර්ශය මතක් වෙන්න පුළුවන්. ප්‍රිය තෙපුල්, මුදු වදන් මතක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම දැන් අතීතයෙ කොටසක් වෙනකොට වියෝ දුක නිතැතින්ම මතුවෙනව.

------

එහෙම වියෝ දුක දැනිල... රාගය, අයිතිවාසිකම් විතරක් හොයපු, තම පෞර්ෂයට හානි උනා කියලා හිතපු පිරිමින්ට තමයි පිහි - මන්න, මාන්නන්න හිතෙන්නෙ. එහෙම නැතුව ඇය වෙන් උනහම... විකසිත පෙම් පොකුරු පියුම් ඇගේ පයට පොඩි වී ගියාදෙන් කියල විරහව දරාගන්න හැකියාවක් තියේද.

වෙන්වීම, පරාජය, ලැජ්ජාව අකැප දෙයක් විදිහට පොඩි කාලේ ඉඳල ඉතින් හුරු වෙනව. සිස්සත්තෙ පැරදුනොත්, ලකුණු අඩු උනොත්, ළමය එදා ගෙදර වසල හමාරයි. එහා ගෙදර ළමයා පාස් උනොත්... මෙහා ගෙදර දෙමව්පියන්ට ඒක අවුල්. අටලෝ දහම ගැන විෂයක් විදිහට බුදුදහමෙන් ඉගෙන ගත්තට... ජීවිතේට බද්ද නෑ. ඉතින් පොඩි එකා කාලේ ඉඳලම පැරදුම පසෙක තැබේවා කියල රේස් දුවනව. ඒ අස්සෙ, පුරුද්දට... මිනිස් බැඳීම් ඇතුළෙත් පරාජය, අහිමිවීම එක්ක දරාගැනීම් හීන වෙලා යනව.

* * * * * * * *

ඉතින් අර කියපු විදිහේ ළමයෙක්ගෙ යෞවනයගෙ කාලේ වගේ නෙමේ... මේ සිංදුව කියන තරුණයගෙ හැඟීම්, අදහස්. අද ඔහු තාරුණ්‍යය එළිපත්තේ ඉන්නේ. සරසවියේ අනන්තවත් පෙම් හබ, දියරැළි ඇති වෙලා නැති වෙනව වගේ... ඇති- නැති වෙන්න පුළුවන් බව දැනන් හිටපු ඔහු හිමි - අහිමිවීම් දෙකම දරා ගන්නව. සොබාදහමෙත් මේ රටාව නේද කියල හිත හදා ගන්නව.

ඒ මොනව උනත් පහු කාලෙ විවාපත් වෙච්ච බිරිඳ එක්ක, තම ළමය එක්ක... අර ආගිය ප්‍රේමනීය තැන්වල යද්දී පෙර ස්මරණ සිහි වෙනව. වෙන් වුණු ආදරේ දුක දැනෙනව. ඒත් ඒ තරුණය... ඒ වියෝවුණු ආදරේටත් ආදරේ කරනව.

33 comments:

  1. මේ දැන් කට්ටකාඩුවේ එකට ගිහින් මේක දැම්ම. /කෙටියෙන් කියනවනම් ලංකාවේ පිරිමින්ගේ ඔළුවට දෙන්න ඕනේ එක කෙල්ලෙක් මත්තේ නැහෙන්න ඕනේ නැහැ කියල. මම දැකපු දෙයක් තමයි ගැහැණු කැමැතියි අනික් කෙල්ලන්ගේ/ගැහැනුන් ගේ ආකර්ෂණය තියෙන පිරිමින්ට. හැබැයි ගැහැණුන්ට ඒ පිරිමියාව තමන්ට විතරක් කර ගන්නත් ඕනේ. (සමහර වෙලාවට) ගැනීටම clinging වෙලා ඉන්න පිරිමින්ට හුඟක් ගැහැණු කැමති නැහැ කියන එකයි මගේ අදහස. ඒකගල්ගුහා වල ඉන්න කාලේ ඉඳලම ආපු දෙයක්. හැබැයි දැකපු තවත් දෙයක් තමා යුරෝපීය ගැහැණු පිරිමියා ඉඳල හිටලා හරි එලියට ගිහින් යාලුවෝ එක්ක ට්‍රිපක් යන එක , පබ් ගිහින් ඩ්‍රින්ක් එකක දාන එකට හෙම කැමතියි. වෙන ගෑණු තමන්ගේ පිරිමියාට ආකර්ශනයක් නැත්නම් උන්ට ඒක අවුල්. ලංකාවේ ඕක ටිකක් වෙනස්. ගෑනි කැමති නැහැ බැන්දට පස්සේ මිනිහ යාලුවෝ එක්ක එලියට යනවට . (හැබැයි ලංකාවේ ගානට බොන්න පිරිමි දන්නේ නැහැ, ඒකත් ප්‍රශ්නයක්) යාළුවෙලා ඉන්න කෙල්ලොත් තමන්ගේ කොල්ල වෙන කෙල්ලෙක් එක්ක කතා කරනවට හිනා වෙනවට කැමති නැහැ. හැබැයි ලිබරලයිස් වෙන එකත් පිළිතුරක් නෙමේ. මොකද අර මෛත්‍රිපාල සිරිසේන නිදහස් කරපු කොල්ල. (ස්වීඩන් කෙල්ල මරපු) ඌ හිටියේ එහෙම ලිබරයිස් රිච් ක්‍රවුඩ් එකක් එක්ක. ළමයි හදන පිළිවෙලේ අවුලක් කියල හිතෙන්නේ නැත්ද? (අධ්‍යාපනයේ වරදත් එක්කම)

    ReplyDelete
    Replies
    1. //ළමයි හදන පිළිවෙලේ අවුලක් කියල හිතෙන්නේ නැත්ද. (අධ්‍යාපනයේ වරදත් එක්කම) // එතැන තමා මහත්තයෝ ලොකුම පුරස්නෙ තියෙන තැන. මුළු system එකම සකස්විය යුතුයි.

      Delete
  2. ළමයි හදන විධිහේ වැරැද්දක් තියෙනව අකියල මට හිතනවා.

    ReplyDelete
    Replies
    1. මොකෝ ළමයිව අච්චුවක දාලා හදන්නද?

      මුලු සමාජයම ඉස්සරහට යන්න ඕනි. ආර්තිකේ හොඳ් වෙන්න ඕනි. එතකොට තමයි මිනිස්සු ඔය කියන හොඳ තත්වෙකට එන්නෙ

      Delete
    2. මොකෝ ළමයිව අච්චුවක දාලා හදන්නද?// වචනාර්තෙම ගන්ට එපා බොල.

      ඔව්. යටිතල පහසුකම් ඇතුළු මූලික අවශ්‍යතා සපිරෙන්න ඕන සමාජයේ වර්ධනයට... පොදුවේ. ඒකට මුළු system එකම සකස්විය යුතුයි. එහෙමයි කියල සමස්තය හැදෙනකම්, පුද්ගල විදිහට ඒකක ඒකක හැදෙන්නවත් පුළුවන් නෙ. අපි අපිට.

      Delete
    3. පුද්ගලයො කියන්නෙ සමාජයෙන් වියුක්තයි ද?

      පුද්ගලයා ගොඩ නැගෙන්න සමාජය බලපානවා...

      එහෙම අපි අපිට තම තමන්ට කියලා හැදෙන්න පුලුවන් සමාජයේ බොහෝම සුලු පිරිසකට විතරයි..

      අන්න ඒකයි අවුල

      Delete
    4. සමාජය කියන්නෙ පුද්ගලයාගෙන් වියුක්තව ද?... කියල හරෝලා අහන්නත් පුලුහං නේ නවියෝ.
      කොහෙන් හරි පොටක් පාදගන්න නේ ඕන. ඉතින් ඒ නිසා... පුලුහං තැනින් පටන් ගමු.

      Delete
    5. අපි වෙනස් වෙමු එත්කොට ලෝකය ඉබේටම වෙනස් වෙයි

      Delete
    6. බොල නවින් කොලුවෝ මේ කතා කරන්නේ බොට වඩා ප්‍රේම සම්බන්ධකම් තිබ්බ , ළමයි දෙන්නෙක් හදපු තාත්තා කෙනෙක් හරිය. ළමයි හදන විධිහේ වැරැද්දක් තියනව කියන්නේ මේකයි. දැන් ඔය සංසිද්ධියම වෙනවනේ මේ යුරෝපිය රටවල් වලත්.සුදු එවුන්ට වැඩිය (රේප් වලදී සුද්දෝ , කළු කොල්ලෝ සහ පකිස්තානු කියන තුන සංඛ්‍යා අතින් ඉන්නේ කියලයි කියන්නේ) හැබැයි ඔය වගේ ප්‍රේම සම්බන්ධතා බිනුද්නම පලි ගන්න බලන්නේ අසියව් එඋන්. ශ්‍රී ලන්කන් දෙමල, ශ්‍රී ලනක්න් සිංහල, (මෙහෙ මිනි මැරුම් කියක් වුනාද , ළමයි එක්ක මරන්නේ පිහියෙන් ඇනල ), ඉන්දියන් ද්‍රවිඩ පැත්ත. (උතුරු ඉන්දියානු එවුන්ගේ ඒක වැඩිය නැහැ. ඒ කෙල්ලෝ කොල්ලෝ දෙතුන් දෙනා රන් ක‍රන සීන් දැකල තියනවා. උන්ට ඒකෙ අවුලක් නැහැ. ), පකිස්ථාන, බන්ලදේශ්, කුර්දිස්ථාන - උන් තමා මරන්නේ, ගිනි තියන්නේ ඇසිඩ් ගහන්නේ. ළමයි හදන විධිහේ වැරැද්දක් තියනව. උන්ට පොඩි කාලේ නිදහස සීමා කරලා, නැත්නම් ඉල්ලන ඔක්කොම දීල, එහෙමත් නැත්නම් දුප්පත් කම වැඩි නිසා නොසලකා හැරලා. අපේ ඔෆිස් එකේ වැඩ කරා ලංකාවේ දෙමළ කොල්ලෙක්. මෙහෙ ඉපදුන. ආචාර්ය උපාධියක් තියෙන හොඳ ප්රොග්‍රමර් කෙනෙක්. අම්මයි තාත්තයි වැඩට ගෙනත් බස්සල වැඩ ඉවර වුනහම අම්මයි තාත්තයි එක්කන් යනව. අවුරුදු 28 කොල්ලව. බන්දල දුන්නෙත් ඒ ගොල්ලොමයිඉන්දියාවේ හිටපු ටැමිල් කෙල්ලෙක් ගෙන්නලා. වුන දේ අහන්න එපා. එච්චරට දුකයි., මගේ අම්මටයි තාත්තාටයි මල් තියල වඳින්න ඕනේ පැතූ නිවනක් ලැබෙන්න ඕනේ නිදහස දීල හැදුවට. 😄

      Delete
    7. //බොල නවින් කොලුවෝ මේ කතා කරන්නේ බොට වඩා ප්‍රේම සම්බන්ධකම් තිබ්බ , ළමයි දෙන්නෙක් හදපු තාත්තා කෙනෙක් හරිය//

      ඒක හරි experince එකට වටිනාකමක් තියෙනවා.

      //ළමයි හදන විධිහේ වැරැද්දක් තියනව. උන්ට පොඩි කාලේ නිදහස සීමා කරලා, නැත්නම් ඉල්ලන ඔක්කොම දීල, එහෙමත් නැත්නම් දුප්පත් කම වැඩි නිසා නොසලකා හැරලා. //
      එකඟයි සංස්කෘතිකයි. එතකොට ළමයිට හැදෙන්න, ඉගෙන ගන්න සමාජයෙන්, පාසලෙන් තියෙන බලපෑම බොහොම අඩුයි ද? පවුලද ප්‍රධාන වෙන්නෙ?
      එතකොට ආයෙ ප්‍රශ්නයක් එනවා parenting ගැන නොදන්න එක🤔

      Delete
    8. පාසැලෙන් හැමදේම කියල දෙනවද පුතා , නැහැනේ . එකම දේ ළමයි ව ඔය සමිති සමාගම් වලට හෙම තල්ලු කිරීම, බාහිර ක්‍රියාකාරකම් කරන්න දෙන එක හෙම හොඳයි කියල හිතනවා.

      Delete
    9. සරලවම ළමයිට ජීවත් වෙන්න, සමාජෙ අත්දකින්න ඉඩදෙන්න ඕනි.. නිසි මඟ පෙන්වීමක් එක්ක.. එහෙමද😁🤔

      Delete
  3. හරිම කාලෝචිත සටහනක් . මමත් ආසම ගීතයක් .

    ReplyDelete
  4. ඔබ පෙම් කරනා ඔබේ කුමාරී - මටද ආදරේ කියා තිබේ
    කියල සිංදුවක් තියෙන විත්තියත් - මතක් වෙන්නෙ මට වගෙයි ඉබේ

    ReplyDelete
    Replies
    1. නිදිතුමාටත් මතක් වෙන සිංදු 🎶💔
      මේක චිත්තරපට ගීතයක් නෙමේ නෙ

      Delete
    2. අපි ඒ දවස්වල චිත්‍රපට ගීතත් ඇහුවේ කටපාඩම් කර ගත්තේ ගුවන් විදුලියෙන් අහලානේ, නමී.

      Delete
  5. ඔය හැඟීම ලංකාවට විතරක් සීමා කරන්න බෑ මං හිතන්නෙ. මේකත් කියවලා බලන්‍නකෝ.
    ඔබ කොහිද නොදන්නෙමි,

    ඔබ වටා අද සිටින අය කවුද නොදන්නෙමි.

    එහෙත් සිතනෙමි නිතර

    මතකයේ රැඳුන දුර ඈත ඒ අවදියේ

    සතුට උතුරා හැලෙන සිත වතින් පුබුදමින්

    සිටිය ඔබම ද අදත් සිටින්නේ?

    මා මෙන්ම ඔබත් ගොළු වී ඇතිද

    අහම්බෙන් මොහොතක කියවුන විට මුවඟකින්

    අප ආගිය තැනක්,

    දැනුනේ අප පයට එහි පහස බොහෝ කලකට පෙර වුවද.
    J. H. B. Peelගේ At Odd Moments කවියෙනි. (සම්පූර්ණ කවිය මගේ බ්ලොග් එකේ තියනවා.)

    ReplyDelete
    Replies
    1. //ඔය හැඟීම ලංකාවට විතරක් සීමා කරන්න බෑ මං හිතන්නෙ.// අනිවාර්යයෙන් Litseekerතුමෝ. මිනිස් කුලකයට දැනෙන හැඟීම්වල... පොදු භාවයක් තියෙනව නේ.

      අර කයිය තියෙන post එකේ ලිංක් එක දැවනම්

      Delete
    2. https://sithuviliralabinduma.blogspot.com/2021/03/blog-post.html

      Delete
  6. ඔය වගේ වෙන්වීමක් විඳදරාගන්න එක ඉස්සෝලෙ කාලෙ ඉඳලම උගන්වන්න ඕන දෙයක්. දැං කාලෙ ළමයි ඔය වගේ සින්දු අහන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසාතුමෝ... රසවින්දනේත් අන්තිමයි. ඇයි ඉතීම් ටීවී සේඩියෝවල අහන්න /දකින්න ලැබෙන කුණු ප්‍රෝග්‍රෑම් නේ ඒ ළමයින්ට.
      පාසල් මට්ටමින් කෙරෙන රසවින්දන වැඩසටහනුත් තියෙනව... ඒත් ඒවා ප්‍රමාණාත්මකව මදි.

      Delete
    2. ඉස්කෝලෙන් හැමදේම උගන්න හදන එක ප්‍රායෝගික නෑ නේද්??

      ජිවිතේට සම්බන්ධ ගොඩක් දේවල් භාවිතයෙන් අත්දැකීමෙන් සමාජයෙන් දැකලා අහලා තමයි ළමයි ඉගෙන ගන්නෙ🤔

      Delete
  7. මාතෘකාව දැක්ක ගමන් ම සිංදුව මතක් උනා අහ්😄😄

    ReplyDelete
    Replies
    1. නවීතුමත්... පරණ සිංදු අහනෝ එහෙනම් 🎶

      Delete
    2. ඕක නම් ඇහුණ සිංදුවක්.. මං අහපු එකක් නෙමේ. නමුත් මතක් උනා

      Delete
  8. මම නම් ඔය සිංදුවට එච්චර කැමති නෑ. සිංදුවෙ වැරැද්දක් නෙවෙයි, මට ඒක ඇහෙන්නෙම අඳෝනාවක් වගේ.

    තව ටිකක් කියන්න හිතාගෙන ටයිප් කරන්න පටන් ගත්තා- කම්මැලියි වගේ. ආයි මූඩ් එකක් ආවොත් එන්නම්කො.

    ReplyDelete
    Replies
    1. මගෙත් 'කැමතිම' ගොඩේ තියෙන සිංදුවක් නෙමේ Lotusතුමී. අර සිද්ධි සම්බන්ධව... ලඟින්ම යන එකක් නිසා තෝර ගත්තෙ.

      ඔයා කම්මැලි මූඩ් වෙන්න එපා අනේ... හොඳ නැගල යන සිංදුවක් අහමින් ඉන්නකො 🔥🎶

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්