ගංගා...

 මතක විදිහට ගංගා ගැන මුලින්ම පැදි පෙළකින් අහන්න හම්බුවෙන්නෙ සිංහල අච්චු පොතෙන්.

 මේ ගංගා කිව්වෙ මිනිස් කාන්තා රත්නයක් ගැන නෙවේ හිටං... මහීකාන්තාව මත වැඩ සිටින ස්වාභාවික රත්නය ගැන. ශිෂ්ඨාචාර, ජනාවාස බිහිවීම් ඇරඹුණෙත් ගංගා ඇල දොළ ඇසුරු කරාන කියලත් කියනව නෙ. එහෙම බැලුවොත් මිනිසා බිහිවුණු දා ඉඳලා ගංගාව ලඟින් ඇසුරු කරල තියෙනව. වතුර නැතුව මිනිසා තියා සත්තු උනත් කොහෙ ඉන්නද නෙ. ඒ හන්ද හුස්ම ඇරුණම ජලය අපේ ජීවිතයට වඩාත් සමීපයි. පරිහරණයට සුදුසු ජලය එක්රැස් වුන ස්වභා සෞන්දර්යයේ අනගි නිර්මාණය තමයි... ගංගා/ ඇල දොළ කියන්නෙ. 

ගංගා ගීතය - 1

 අපේ කාලෙ සිංහල පොතේ සඳහන් වුන ගංග විස්තරය H. M. කුඩලිගම කවියාගෙයි. ඔය H. M. කෑල්ලෙන් කියවෙන්නෙ හේවාවසම් මුනිදාසය කියලයි කියන්නෙ. කුඩලිගම වනාහි කොළඹ දෙවැනි යුගයට අයත්... සොඳුරු කවියෙක්. සොබාදහමත් මිනිස් ජීවිතයත් හරි අපූරුවට ගළපමින්... ගැඹුරු අරුතක් මතුවෙන විදිහේ ලිවීම් හැකියාවක් කුඩලිගමට තිබුණු බව ඔහුගේ කවි ඇසුරෙන් පැහැදිලි වෙනව. නිවැරදි බස් වහරත්, අව්‍යාජත්වය මුසු ගැමි සමාජ පසුබිමත්, ඔහුගේ පෙර - අපර දෙදිග අධ්‍යන කැටිවුණු සාහිත්‍යය පහසත්... කුඩලිගමගේ කවිය තවතවත් රසවත් කරන්න උපකාරයක් වෙන්නට ඇති. බටහිර ෂෙලී නම් ඉංග්‍රීසි කවියාගේ ආරට වැඩි නැඹුරුවක් දක්වන බව දකින්නට ලැබෙන නිසා වෙන්නට ඇති... 'සිංහල ෂෙලී' කියන අන්වර්ථ නාමය ඔහුට පටබැඳෙන්නට ඇත්තෙ. ඒ වගේම ඔහුට තාගෝර්ගේ ආභාෂයද ලැබී තියෙනා බව කියවෙනව. ඒ සාධක දෙකම හරි අපූරුවට සනාථ වෙනව මේ අපූරු 'ගංගා...' පැදි පෙළ හරහා. මෙය අන්තර්ගත වන්නේ කුඩලිගමගේ '' නම් පද්‍ය සංග්‍රහයේයි.

 

ගංගා ගීතය - 2

ගංගා කවි පෙළ වගේම තමයි, මේ ගීතයත් ඇහුවම එකපාරටම තේරුම් යන්නෙ නැහැ මේකෙන් කියවෙන්නෙ ගංගාවක් ගැනයි කියල. හිතෙන්නෙ... ගංගා නමින් ඉන්න කාන්තාවක් ගැන තමයි කියල. මේ අපූරු පද පෙළ සුනිල් ආරියරත්නගේ වන අතර සංගීතය වික්ටර් රත්නායකගේයි.

 අබේවර්ධන බාලසූරියගෙ සිංදු වලට මගේ එච්චර කැමැත්තක් නැති උනත්... මේ සිංදුව ඔහුගේ ගැඹුරු කටහඬින් ඇහෙන කොට ඉතාම රසවත්ව දැනෙනව.


ගංගා..

එන්නකෝ ගංගා

මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා...

 

දිරූ ඉපල් අත්දඬු ඔසවා ගෙන නියගෙන් දාගිය සිරුර වාරුකර //

 

බලා සිටිද්දී මා - අහක බලාගෙන ගලා ගියා ඔබ

නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ

 

ගංගා........

 

පිපුරුණු දෙතොලින් අහස බලාගෙන

දියපොද රහිතව අකලට මහලුව... //

 

හඬා වැටෙද්දී මා - පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ

නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ..

 

ගංගා........

31 comments:

  1. මේ හදිස්සියෙ මොකෑ පරණ කෑල්ල මතක් උනේ. :D

    අපිනං අහල තියෙන්නෙ “එම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ“ තමයි.

    ReplyDelete
    Replies
    1. හෑ, ඒකෙ තියෙන්නෙ "එම්බා ගෙම්බා, නවතිනු නවතිනු ගංගාවේ" කියල නෙමෙයිද?🤔

      Delete
    2. ඔහේ දන්නවනෙ னයින්ට ගෙම්බො පේන්න බෑ කියල.

      Delete
    3. Praසන්ன @
      නයින්ට ගෙම්බෝ පේන්නෙ නැතෙයි 😂

      Delete
  2. ඒක නෙවෙන්නන්. ප්‍රසන්න මහත්තයට වගේ මටත් ඉස්සෙල්ලම කල්පනා වුනේ නමී උන්නැහෙට 'එම්බා ගංගා' අමතක වුණේ කොහොමද කියලයි. ඇයි තව තියෙනවනේ... සුදු සඳ රැස් ගලන ගංගාවේ- ගඟ යන්නෙ කොහෙද ගලා- ගලන ගඟකි ජීවිතේ- ජීවිතේ ගංගාවකී- ගංගාවයි මහ මුහුදයි- ජීවන ගංගා ඉවුරේ අපි....

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ අපේ වයස වැඩියි නිමල් අයියෙ. හැක්..
      අපි පොඩිකාලෙ වගේ නමියට ඕව රේඩියෝ එකෙන් අහන්න හම්බවෙන්න නෑ.

      Delete
    2. නිදි -
      ටැංක්ස්!

      Praසන්ன -
      අපිටත් වඩා අපිට පහු පරම්පරාවල්... මේවා අහලම නෑ පෂා බොෂ්.

      Delete
  3. අහා! කුඩලිගම කවියා ගැන විස්තරේ පංකාදුයි, නමියො.

    ReplyDelete
    Replies
    1. තුති. ඒත් මෙතැන ඩිංගිත්තක් නෙව තියෙන්නෙ බස්.
      ආ අමතක උනා... ඔහුගෙ වැඩිමල් පුත් ගීතනාත් කුඩලිගමත් දක්ෂ කවියෙක්

      Delete
  4. මේ රටේ පමණක් නොවේ ලෝකයේ පැරණිම ශිෂ්ඨාචාර ගත්තත් ගංගාවක් මුල් කරගෙන තමයි ඇති වෙලා තියෙන්නේ. මොහෙන්දෝජාරෝ, හරප්පා, සින්දු, ඉඳන් ගෝකණ්න, කොළොම්තොට, කළුතොට ආදී වශයෙන්.

    එහ් එම් කුඩලිගම කියන්නෙ නොම්මර එකේම කවියෙක්. ඔහු කවියෙන් චිත්‍ර ඇණ්ද කෙනෙක්. කැමරාවක් බ් හාවිතා නොකලාට චිත්තරූප මවන්නට හැකියාවක් තිබුනු කෙනෙක් හැටියටයි මා දකින්නේ.
    ගංගා ගැන ගීත ගැන කීවාම මටනම්; සේකර ලියපු "මහවැළි ගීතයට" ගහන්න තව එකක් ඇත්තෙත් නෑ! ආයේ එන්නෙත් නෑ! "මහ වැව් බැඳි හෙළ රජ දරුවෝ - ඔබගෙන් යලි නව පන ලැබුවෝ!' කිව්වාම ආයේ මොකද්ද ඉත්ං.
    ඔය වගේ කළු ගඟ ගැන ලියැවුනු ගීතයකුත් තියෙනවා වගේ මතකයි. ආ! මතක් උනා "පීනමුකෝ ජළු ගඟේ!" ඒ ගීතය. ලංකාව ගැන ගැයෙන ගීතයක පටන් ගැනෙන කොට "කළු කැළණි නදි . . ." කියලා ගැයෙනවා.
    හැබැයි ඔය ඔක්කොම දෙවෙනි නාලිනී රණසිංහ ගයන; වැවක් පිළිබඳව ලියැවුනු එකම ගීතය! මේක පන්සලේ පියතුමාවූ මර්සිලීන් ජයකොඩි අතින් ලියැවුනු එකක් බවයි මතක.
    "කහවන් ගොයමට . . " ඒ ගීතයයි.
    ඔය නාලිනී රණ සිංහ කියන්නේ සුන්දර ගීත ඉතා කිහිපයක් පමණක් ගැයූ ගායිකාවක්. (කතාව වෙනත් පැත්තකට ආවා!)

    "දර දිය ඇදලා . . "

    "මගේ සිත තැන්පත්ය . . " ගීත දෙකත් ගැයූවේ ඇයයි.

    ටිපී ද කෑම් සයිට් එක තියෙන්නෙත් ගඟක් අයිනේ බව නොකියාම බෑ! (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න!)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මංජුලතුමෝ රසවත් විස්තරේට 🙏
      TPය ඇත්තටම මේ කොළඹ අවට තිබුණනම්... මල් හතයි!

      Delete
    2. මොකද කියන්නෙ ගඟ ගලන වෙලාවක ටීපීය දාමුද කැළණි ගඟට. කොළඹ කිට්ටුවෙන් අහුලගන්න බැරියැ.

      Delete
    3. අම්මප... කරනවනම් අන්න වැඩේ. මංජුලලොක්ක එහෙ ගැවසෙන්නෙ නැති වෙලාවක් බලල අපි දෙන්න කරලා දාමුකො

      Delete
  5. නමියා ඔබේ සටහන අපව වෙනස්ම පැත්තකට ගෙනගියා. ඔබ කියූ දෙවැනි ගීතය තිස් අවුරුදු මහවැලි ව්‍යාපාරය යටතේ පොල්ගොල්ල වේල්ල ඉදිකරලා රජරටට වතුර ගෙනගිය වැඩසටහනට සමගාමීව ලියැවුණු ගීත කිහිපයෙන් එකක්. ප්‍රසන්න මහත්තය ලියල තිබුණු ගීතය වගේම මහගම සේකර මහතා ලියා ආචාර්ය අමරදේවයන් ගැයු සිරිපද ලස සමනොල සිරසේ
    ( මහවැලි ගීතය ) ගීයත් ඒ අතරේ තිබුනා. ඔබ මුලින්ම ලියා තිබූ ගංගාවේ ගීතයත් ඒ කාලයේ ලියවුනු හොද කවි පෙලක්.https://www.youtube.com/watch?v=WiBzuDXUU1o

    ReplyDelete
    Replies
    1. සිරිපද ලස සින්දුවත් මගේ ආසම සින්දුවක් අනුරුද්ධ මහත්තයො.
      අපි පොඩිකාලෙ ඕව නිතරම ගුවන්විදුලියෙ විකාශනය උනානෙ.

      Delete
    2. ස්තූතියි අනුරුද්ධතුමෝ ඒ විස්තරේට

      පෂාතුමා... ඒකට දැන් රේඩියෝවල යන සිංදු

      Delete
  6. මුලින් හිතුවේ නමියා ගංගා නම් ගඟ ගැන ලියන්න යනවා කියල. අර කවි පෙළ නැවත මතක් කරලා දුන්නට ගොඩක් තුති. ඇත්තම කියනවනම් අර මුදලි හාමිගේ කතාව, මේ කවිය, සුබලයාගේ පින වගේ අපට මතක හිටින ඒ කාලේ කියවපු රසවත් සටහන් සංරක්ෂණය වෙනවා මෙහෙම. එක තැනකට ගෙනාවොත් නරකද? කවුරු හරි එහම් සරක්ෂන් බ්ලොග් අඩවියක් හදල ඒකට දාල එකතු කරලා තිබ්බොත්? නිකන් අදහසක් විතරයි. අබේවර්ධන් බාලසුරිය කිව්වහම - https://geepadura.blogspot.com/2023/05/ae-nihandawa-nethu-piya-abeywardena.html?sc=1684182896762#c1129508971206853201

    ReplyDelete
    Replies
    1. ඒ අදහසනම් මරු. සඳකඩපහණ සින්ඩියට තුළත් මේ දෙය යම් අයුරකින් වෙනවා නෙ... අජිත්බොසා
      සිංදුවට ටැංක්ස් ආ!

      Delete
    2. අර ටිපී ද කෑම්ප් සයිට් එක ගැන ඇඩ් එකක් දාලා තියෙන්නෙ? මාත් දානව ඇඩ් එකක්:
      සුබලයාගේ පින
      https://balunakuta.blogspot.com/2023/01/blog-post.html
      කොළඹ යුගයේ කවි
      https://frozenlazyowl.blogspot.com/2015/02/blog-post.html

      Delete
    3. බකුස්ගෙ පොස්ටුව... නිවීහැනහිල්ලේ බලන්ටම්.

      Delete
    4. නරිමොටා ස්තුතියි. බලුනකුට දැම්මා බ්ලොග් රෝලට.

      Delete
  7. ගංගා ගැන මටත් පල කරන්න දෙයක් තියෙනව. පුළුවං උනොත් අද රෑ දාන්නං.

    ReplyDelete
  8. "ඇලදොල ගං ඉවුරු දිගේ වනමල් පෙති පාවේ" කියලත් ඉස්කෝල පොතක කවි පන්තියක තිබුනා.

    ReplyDelete
    Replies
    1. අනේ! එහෙම එකක්නම් අහල නෑ Litseekerතුමෝ

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්