පොඩි සන්දියේ ඉස්කෝලෙ යාළුවො
මයෙන් අහපු දෙයක් අද වගේ මතකයි. ඒ තමයි “වැඩියෙම ශක්තිවන්ත දසමහ යෝධයද, බෘස් ලී ද?”.
ඒකෙන්ම තේරෙනව අපි ඒ දෙකොටසින් වැඩිපුර කා ගැනද දැනන් හිටියෙ කියල. දසමහා යෝධයො කියන්නෙ එක්කෙනෙක්ට නෙමේ කියල ඉන්තේරුවෙන්ම අපට තේරුම් යනකොට... බෘස් ලී වීරය වී හමාරයි!
බෘස් ලීගෙ රුව සද්ධන්ත විදිහට මතකයේ රැඳුන පලවෙනි තැන තමයි වැඩිහිටි
පන්තිවලට ඉස්කෝලෙ දී පෙන්නපු චිත්‍තරපටයක්... ටිකට් නැතුව හොරෙන් බලාපු දවස. අඳුරන
වැඩිමලෙක්ට කපටි හිනාවකින් සංග්‍රහ කරලා මං පුස්කතාල දොරෙන් ඇතුලට සේන්දු උනේ හුඹහට
නයා සේන්දු වන්නැහෙ. පිටිපස්සෙම පුටුවකින් දිගෑදුනු මට මෙහායින් අටවලා තිව්න කැරකෙන
ප්‍රොජෙක්ටරයක් එහාම බිත්තියේ පෙන්නමින් හිටියේ බෘස්ලීවයි.
මදක් වැවුණු ඝන කොණ්ඩය, තියුණු ඇස්, ඔපමට්ටන් කළ මස්ගොබ ඇති මේ දේහධාරියා උඩින්
වැටෙන ගල් දොරක් උස්සාගෙන අනෙක් අයට යන්න උදව් කරයි. මේ යකානම් හැබෑම යෝධයෙක්!
ලෝකයේ එතෙක් මෙතෙක් ජනාදරයට, ගෞරවයට පාත්‍ර වුණු වෙනත් සටන් ශිල්පියෙක්, බෘස්
ලී හැරුණු කොට නැති තරම්ය. ඒ වාගේම තමා නියෝජනය කරන පිරිසෙන්ම විවිධ අභියෝග හා
බාධකවලට ලක් වූ වෙනත් කෙනෙක්ද නැති තරම්ය.
එතෙක් මෙතෙක්, පෙර - අපරදිග සියලු ජනයාට එක ලෙස... සටන්ශිල්පය ගැන ලී තරම් බලවත් අදහසක් ජනිත කළ වෙනත් අයෙකු නැති තරම් ය.
ඒ විතරක් නොව ලෝකයේ සටන් ශිල්පීයෙක් ලෙස විරුධාවලිය ලද දාර්ශනිකයෙක් ඇත්නම්
ඒ ලී පමණක්මය.
November 27, 1940 - July 20, 1973
සුබ උපන්දිනක් බෘස්!