එකෙක් FB එකේ post එකක් දාල තිව්න සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට යනකොට
අපිට හරි වියදම්නෙ කියල.
ඇත්ත. සැමරුම් වලට වටිනාකමක් තියෙයි. අතින්කයිට් නොවී සමරන්න
නම් අඩුගානෙ කලින් ආණ්ඩුවල මන්ත්‍රී කෙනෙක් වෙලාවත් ඉන්ට තිව්න 😂.
පොතේ හැටියට නං අවුරුද්දට සිංහ ලේ- දමිල ලේ 😁 කස්ටියම... අවුරුද්ද
සමරනව.
නාගරීකරණය, පැතිරුන පවුල සංවෘත වීම ආදී නොයෙක් කාරණා
හන්ද වර්තමානේ නම් මේ චාරිත්‍ර සහ සැමරීම් කෙරෙන්නෙ ටිකක් අඩුවෙන්. ඒත් අතීතේ ගම්වල
සිදුවුනාටත් වඩා සාර සොබාවට... ගැමි අවුරුදු events, TV චැනල් වලින්
සංවිධානය කරනව නෙව!
ඔය අතරෙ අර බෞතිකවාදී ලයින් එකක යන අය සහ පොඩි රැඩිකල්
මතයක ඉන්න අයනං... මේ චාරිත්‍ර සහ සැමරීම් දකින්නෙ මෝඩ පහේ වැඩ හැටියටයි. මයෙත් ඒ
හැටි ඔය චාරිත්තර කෙරේ වැඩි ලැදියාවක් නැති උනත්, අනික් කස්ටිය මේ සැමරුම් කරන එකේ
අගුණක් නම් දකින්නෙ නෑ.
මොකද... පොඩි අයට තෑගී හම්බෙනවා, යාළුවො සෙට් වෙනව,
සෙල්ලං කරන්න හම්බු වෙනව. සල්ලි හම්බෙනව. පාඩම් කරන්නත් නෑ. ඒ හන්ද උන්දලාට වාසි.
වැඩිහිටි අය ගත්තම... stress
ජීවිතෙන් පොඩ්ඩක් මිදිල restart එකක් කරගන්න
හම්බුවෙනව. ගමේ යන්න, ටුවර් එකක් යන්න නිවාඩු හම්බෙනව. මහගෙදර තනි උන දෙමව්පියන්ට
දරුවන් දකින්න හම්බ වෙනව. බෝනස් හම්බුවෙනව. (වියදමුත් වෙනව තමා). ජීවිතේට දැකල
නැති ඤාති දැකගන්න හම්බුවෙනව. පරණ කෝන්තර වගේ දේවල් යටගිහින් දැනහැඳුනුම්කම් අලුත්
වෙනව. EXට විශ් කරන්නත් හම්බෙනව 😂. කොල්ලන්ට, කෙල්ලන්ට ලව් එකක් පටන්ගන්න අවස්තාවක්
හම්බවෙනව. අවුරුදු ගී අහන්න ලැබෙනව. පිරිමින්ට Wifeලගෙන්
ගෙදරම බොන්න පර්මින්සන් ලැබෙනව. කාන්තා පාර්සවේට shopping
කරන්න හම්බවෙනව. අලුත් ඇඳුම් අඳින්න හම්බෙනව. ඒවා ඇඳන් හෙම Social mediaවලට පේන්න අවුරුද්ද සමරන්න පුළුවන් වෙනව. නළුනිළියන්
අවුරුදු කන හැටි TV එකේ දකින්න හම්බෙනව.
ඕන්නං අවුරුදු උත්සව වලට සහභාගී වෙලා... සැඟවුනු අලිය
කොට්ටෙ තියල කිරි කවන්නත් අවස්තාව ලැබෙනව. ඒ ඇර තව කොච්චර ක්‍රීඩා තියේද. ඒවාට
සහභාගී වෙලා තෑගී දිනන්නත් පුළුවන් නෙ.
කෙට්ටු අපි වාගේ අයට මහත් වෙන්න චෑන්ස් එකත් හම්බු වෙනව 😂 😂
සමාජෙම පොඩි සොමි ලයින් එහෙක යනව. ඉතිං දාර්සනිකව ඉඳන්...
ඔය සොමි vibe එකට අකුල් හෙලන්ට පුලුවනෑ කියලයි මටනං හිතෙන්නෙ.
ඒ හන්ද FB, WhatsApp හැම එකේම ගොඩක් අයට අවුරුද්දට විශ් කරා. මොකද සමහරුට එක විශ් එකක් උනත් ඇති සතුටු වෙන්න... මේ සොසියිටියේ. (කාලෙකින් මිත්‍රයෙක් සුබපැතුමක් එද්දී නං අපි උනත් ඩාම් ඩූම් වෙනව තමා. ඒත් ඕන බම්බුවක් වෙද්දෙන් කියල විස් කරා)
එහෙනං... වාසනාව, සතුට සෞභාග්‍ය සපිරි සුබ උපන්දිනක්
වේවා හැමෝට්ටම 😁🎉🙏