ආදරේ කරන කාලේ... ජෝඩු, කොච්චර නම් parkවල,
මුහුදු වෙරවල් දිගේ ඇවිදින්න ඇද්ද. අත් අල්ලගෙන, හීන මාළිගා හදාගෙන, සිප වැළඳගෙන... ඒවයේ ගමන් කරන්න ඇද්ද. ඒ පාරේම, ඒ තැනමට තමන්ගෙ ප්‍රේම සහකරු/ සහකාරියගෙන් වෙන් උන දවසක යන්න උනොත්. එකක්... ඒක නීරසම අත්දැකීමක් වෙයි. නැත්තං විරහ මුහුවුණු, ආදරණීය සැමරුම් සිහිකැඳවන අත්දැකීමක් වෙයි. ඔය දෙකෙන් කෝක උනත් වියෝග දුක හදවතේ කොනක තියෙනව.
තුරුල්
වෙලා යනකොට ඇයගෙන්/ ඔහුගෙන් දැනුණ... ආදරණීය සුවඳ, ආදරණීය ස්පර්ශය මතක්
වෙන්න පුළුවන්. ප්‍රිය තෙපුල්, මුදු වදන් මතක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම දැන්
අතීතයෙ කොටසක් වෙනකොට වියෝ දුක නිතැතින්ම මතුවෙනව.
------
එහෙම වියෝ දුක
දැනිල... රාගය, අයිතිවාසිකම් විතරක් හොයපු, තම පෞර්ෂයට හානි උනා කියලා හිතපු පිරිමින්ට
තමයි පිහි - මන්න, මාන්නන්න හිතෙන්නෙ. එහෙම නැතුව ඇය වෙන් උනහම... විකසිත පෙම්
පොකුරු පියුම් ඇගේ පයට පොඩි වී ගියාදෙන් කියල විරහව දරාගන්න හැකියාවක් තියේද.
වෙන්වීම,
පරාජය, ලැජ්ජාව අකැප දෙයක් විදිහට පොඩි කාලේ ඉඳල ඉතින් හුරු වෙනව. සිස්සත්තෙ
පැරදුනොත්, ලකුණු අඩු උනොත්, ළමය එදා ගෙදර වසල හමාරයි. එහා ගෙදර ළමයා පාස් උනොත්...
මෙහා ගෙදර දෙමව්පියන්ට ඒක අවුල්. අටලෝ දහම ගැන විෂයක් විදිහට බුදුදහමෙන් ඉගෙන
ගත්තට... ජීවිතේට බද්ද නෑ. ඉතින් පොඩි එකා කාලේ ඉඳලම පැරදුම පසෙක තැබේවා කියල රේස්
දුවනව. ඒ අස්සෙ, පුරුද්දට... මිනිස් බැඳීම් ඇතුළෙත් පරාජය, අහිමිවීම එක්ක දරාගැනීම්
හීන වෙලා යනව.
* * * * * * * *
ඉතින් අර කියපු
විදිහේ ළමයෙක්ගෙ යෞවනයගෙ කාලේ වගේ නෙමේ... මේ සිංදුව කියන තරුණයගෙ හැඟීම්,
අදහස්. අද ඔහු තාරුණ්‍යය එළිපත්තේ ඉන්නේ. සරසවියේ අනන්තවත් පෙම් හබ, දියරැළි ඇති
වෙලා නැති වෙනව වගේ... ඇති- නැති වෙන්න පුළුවන් බව දැනන් හිටපු ඔහු හිමි -
අහිමිවීම් දෙකම දරා ගන්නව. සොබාදහමෙත් මේ රටාව නේද කියල හිත හදා ගන්නව.
ඒ මොනව උනත් පහු කාලෙ විවාපත් වෙච්ච බිරිඳ එක්ක, තම ළමය එක්ක... අර ආගිය ප්‍රේමනීය තැන්වල යද්දී පෙර ස්මරණ සිහි වෙනව. වෙන් වුණු ආදරේ දුක දැනෙනව. ඒත් ඒ තරුණය... ඒ වියෝවුණු ආදරේටත් ආදරේ කරනව.