Showing posts with label රස කතා. Show all posts
Showing posts with label රස කතා. Show all posts

 ධනවතාගේ අත්සන

 

ඔන්ට ලංකාව වගේ එක රටක දුප්පත්ම පවුලකින් පැවත එන එක පනුස්පයෙක් හිටිය. නිසි වයස ආවම, ඉලෙක්ෂන් එකකදී මන්තිරි කෙනෙක්ට දාව වැඩ කටයුතු කරන්න එකතු උනා.. දින්නට පස්සෙ රස්සාවක් ලබා ගැනීමේ පොරොන්දු පිට. චන්දෙන් මන්තිරිය දින්න, එත් මෙයාව දාන්න එක තැනක්වත් නෑ.. සුදුසුකම් ගැටලුව. බැරිම තැන කුණු එකතු කරන ලොරියේ වැඩට දාන්න ට්‍රයි කරා. ඒත් බෑ මේ මෝලට මල පොතේ අකුරක් තියා පෑනක් අල්ලල අස්සනක්වත් ගහ ගන්න බෑ. කරන්න දෙයක් නැති තැන මෙයා ගියා එළවලු කඩයක වැඩට. අනාගතයේදී හම්බෙන පැන්සොන් එක අමතක කරලා දාල හිට.

දැන් වැඩ. එළවලු ගෝනි බානව- පටවනවා, තෝරනවා, සුද්ධ බුද්ද කරනවා.. හොඳට වැඩ කරන් හිටිය. මුදලාලිලගෙ වයිපර්ලට, දුවලට බැලුම් දාන එවුන් වගේ නොවී. අවංක කමත් හින්ද මුදලාලි මෙයාට ගොඩක් හොඳින් සැලකුව. ඔහොම කල් යද්දී වැඩ කරන වෙන අය වෙනස් උනා, මාරු උනා එත් මෙයා දිගටම වැඩ ටිකත් හොඳට අල්ලාගෙන කරන් හිටිය. ඒත් මුදලාලිට වැඩි කල් අල්ලලා හිටින්න පින නැතුව ගියා. තනිකඩ ජීවිතේ.. කාටත් කරදරයක් නැතුව මැරුණ. දැන් කඩේ මෙයා බලා ගන්නවා.. කවුද මේ ලියන්න බැරි තැන. ඔය විදිහට වැඩ කෙරෙන අතරේදි කඩ, දේපල සියල්ල මෙයාට නීතියානුකූලව අයිති උනා. දැන් බොහෝ කාලයක් ගෙවිල ගිහින්... දවසක් මෙයා කල්පනා කරා කඩේ දියුණු කරන්න. හොඳ ලොකු ෂොප් එකක් කරා මෙයා දැන් මේක. මෙහෙම ඉන්න අතරේ එක ලොකු සමාගමකින් මෙයාට ඉන්වයිට් කරා එන්ට කියල. මෙයාගේ දක්ෂතාවය අරව මේවා දැකල. මෙයත් ගියා.. ඔන්න දැන් ලොකු කට්ටිය කතා කරලා, කාළ බීල, පොටෝ අරං.. සමරු සටහනකට අත්සන් කරන්න මෙයාටත් කතා කරා.

මෙයා ගත්ත පෑන දකුණු අතේ මහපට ඇඟිල්ලේ උඩ පාට කරා... ගැහුවා පොතේ කණ අත්සන.

බලන් හිටපු පිටරටවලින් ඉගෙන ගත් ලොකු ලොකු කට්ටිය ඔක්කොම පුදුමයෙන්... එක්කෙනක් ඇහුව ඔයාට අස්සනවත් ගහගන්න බැරිද කියල.. බොහොම සහෘදව.

මෙයා කිව්ව “අස්සනක් ගහන්න පුළුවන් තරමට ඉගෙන ගෙන හිටිය නම්, තාමත් මං කුණු ලොරියක වැඩ” කියල.

පරණ කියමන - ගෑනු කවුරුද වරදෙ නොබැඳෙන
අලුත් කියමන - පිරිමි කවුරුද වැරදි නොකරන



මගදී තේරුම්ගත් ගැහැණිය/කාරණය -

මේ කතාව හිතන්නකො පිට දේශයක උනයි කියල.. හොදේ. ඔන්න දවසක් මහත්තය දත් මැද, සෑයවල් බ්‍රා ඇඳ පැළඳ, සපතු පොලිස් කර, රටක් රාජ්‍යයක් අල්ලන්න නෙවේ හිට වැඩට යන්න තනනවා. ඔන්න සමුදීමේ kiss එක බිරිදට පරිත්‍යාග කරලා වාහනයට නැග, නිදි පැදුරේ සිටි දරුවන් තිදෙනාටද kiss ලබා දී, දෑතින් සුක්කානම බදන් R ගියරයට දමන් ඉදිරියට ඇදුන ගමනාන්තය වන වැඩපොළ දක්වා. එදා උදේ ටිකක් වැඩ අධික උනා... කොහොමින් හරි වැඩ ටික වේලපහ කරලා ඉවර වෙලා හිට පොඩි සොට් එකක් ආමාංසගත කර ගන්න milk bar එක ළඟ ඇති බීම හලක් ළඟ නැවතුනා. ඇතුලේ තරුණ ලඳුන්, වැඩකරන කෙල්ලො, ගී කියන කිරිල්ලියෝ.. ඔන්න දැන් හීං හඬින් ඇහෙන අනුරාගී සංගීතයකින් කන් පිනවමින් වඩි දෙකක් පමණක් ලබා ගත්ත. වැඩිය කඩන නරක කෙනෙක් නොවී... පොඩි සන්දියේ පටන්ම එන කුල සිරිතට අනුව. එහෙම ලබා ගෙන කිසිම වැනීමක් නැති දේහය වත්තම් කරගෙන කාරයට ගොඩ උනා. ගොඩ වී හීං හීතලේ ගහන පොදයට වාහන කවුළුවත් වහං, දැන් ගෙදර බලා එනව. වෙලාව තියෙන නිසා හිමිහට අවට සිරියත් බලං එනව.

ඔහොම හිමීට අඩිය තියන් එන වාහනය ඇතුළේ ඉඳන් මේ මහත්තය දකිනවා දුකින් බිම බලාගෙන, පොඩි වෙච්ච, කොටට ඇඳගත් ඇඳුමින් යුතු ලස්සන කෙල්ලෙක්. මහත්තය වාහනය නතර කරා.. හොඳට බැලුව. අම්මට හුඩු පට්ට කෑල්ලක්නෙ. ඒත් මොකද මේ පාලු පාරේ තනියම. වාහනය ලඟට ලං කරා ඈ ගාවට. ඇහුව ඇගෙන් කාරණාව. ඈ කිව්වා “මං එක්කෙනෙක් එක්ක යාළු වෙලා හිටියෙ. සතිය විතර අපේ ආශ්‍රය. එයා මට අද කරදර කරලා පැනල ගියා”. මහත්තයට දුක හිතුන... ඒ කෙනා මං උනේ නෑනෙ කියල. ඔහොම දුක් වෙන අතරේ මහත්තයගෙන් අර ලස්සන කෙල්ල ඇහුව “මාව ලඟම තියෙන hospital එකට ඇරලවනවද කියල. කරුණාවන්ත මේ මහත්තය පරීස්සමට ගෙනත් ඇරලුව කිව්වා විදිහටම අදාළ තැනින්.

ආයේ කෙල්ල මහත්තයගෙන් ඇහුව හරි විනීතව “මාව එක්කගෙන යනවද ඇතුළට. මගේ කකුල ටිකක් රිදෙනවා වගේ. කියපු ගමන් මහත්තය කාර් එකෙන් බිමට බැහැල. ඇයව බොහොම ආදරයෙන් එක්ක ආව වාට්ටුවක් ලඟට යනකම්.. ඇයගෙ බෑග් එකත් අනික් අතින් ගනිමින්. මහත්තයට හිතුන එක්කගෙන ආපු එකේ වාට්ටුවට ඇතුල් කරලා බෙහෙතුත් අරං දීල ගෙනිහින් බස්සලම යනවා කියල.. මනුස්සකමට. අනික ගෙදර ගෑණි වගේද පාරේ තනියෙම ඉන්න කෙල්ලෙක්.. අනික ලස්සන. වාට්ටුවට එක්ක ඇවිත් දැන් දොස්තර ගොයියා අහනව විස්තර. නම ....., වයස ...... ඔයාද ලෙඩාගෙ භාරකාරයා දොස්තර අර මහත්තයගෙන් ඇහුව, මහත්තය දෙන්න දිහාම බැලුව. කෙල්ල මහත්තය දිහා බලල බිම බලා ගත්ත.

“ඔව් doctor. මහත්තය බොහොම නිර්භීතව ප්‍රකාශ කළා. දොස්තර මහත්තය විස්තරත් සටහන් කරගෙන ඇඟේ තුවාල වැඩි දුර පරික්ෂා කරන්න රෙද්දකින් වහල තියෙන එහා කාමරේට කෙල්ලව එක්ක ගියා. ඔන්න ටිකකින් ආයේ ආව. දෙන්න කාර් එකට ගොඩ වුනා. කිව්ව තැනින් කෙල්ලව හරි පරිස්සමට බස්සල යන හැටිත් ටිකක් වෙලා බලං ඉඳල මහත්තය සතුටින් ගෙදර ගියා. බොහොම හිතේ සතුටින්.. කාට හෝ උදව් කරානෙ කියල.

දවස් දෙකකින් අර hospital එකෙන් මහත්තයට call එකක් එනව.

මහත්තය - මොනව.. පිස්සු කතා කරනවද. මම ඒ කෙල්ලව දන්නෙවත් නෑ. පාරේ ඉඳල එක්කගෙන ආවේ. මොකා... ළමය.. ළමය මගෙ නෙමේ.

රෝහලෙන් - ඒ ගෑණු ළමය මහත්තයගෙ නම තමයි දීල තියෙන්නෙ. ඔව්.. අනික ඔයාමනෙ එයාව ඇතුළත් කරල තියෙන්නෙත්. ඔව්.. එයාට ළමයෙක් හම්බවෙන්න..

මහත්තයට යකා නැග්ග. උදව් කරන්න ගිහින් වැටුන වලේ තරම දැනිල. ටග්ගාල ගත්ත පෞද්ගලික නීතීඥතුමාට කෝල් එකක්. කිව්වා විස්තරේ මුල සිට සරලව. Lawyer කිව්වා dont warry, be happy. දාමු නඩුවක්, එතකොට වෛද්‍යවාර්තා වලින් දැන ගන්න පුළුවන් ඔයා නෙමේ ඒ ළමයාගේ පියා කියල. මහත්තය දැම්ම නඩුවක්. කිව්වා වගේම ආව වෛද්‍ය වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරන්න කියල. උසාවියෙ දි කෙල්ල එක බැල්මක් මහත්තය වෙත එල්ල කලේ නෑ. මහත්තයට පොඩි දුකකුයි, කෙන්තියකුයි ඇති උනා තමුන් ගැනම.

ඔන්ට දැන් වාර්තාව ඇවිත්... මහත්තය නිදහස්. එදත් කෙල්ල බැලුවෙ නෑ මහත්තය දිහා. මහත්තයට අද නම් පොඩි සතුටක් තියෙනවා. උසාවියෙ එනකොට වෛද්‍ය වාර්තාව lab එකෙන් ආපහු මහත්තය අතටම දුන්න. ගෙවලනෙ තියෙන්නෙ. දැන් දවස් දෙකක් වැඩට නොගිහින් උසාවි ආව. කමක් නෑ කරදරය ඉවර උනානේ කියල හිත හිත මහත්තය දැන් ගෙදර යනවා. අදත් වෙලා වැඩි. ඒත් කමක් නෑ ගෙදර ගිහින් හැම දෙයක්ම කියනවා නෝනට. නෝනටත් පුදුම හිතෙයි... කෝල් එකක් දීලත් කිව්වා දැන් එන බව. එහෙම එන අතරේ මහත්තය lab report එක දිග ඇරල බලමින් ගෙවල් පාරේ එනව.. Report එකේ සඳහන්ව තියෙනවා ‘....... වඳ පුද්ගලයෙකු බවත්, දරුවන් බිහි කිරීමට කිසිඳු හැකියාවක් නොමැති බවත්...’ ඒ ටික කියවගෙන මිදුලට කාර් එක ඇතුල් කරන කොට දරුවෝ තුන්දෙනාත් එක්ක තමුන්ගෙ ප්‍රිය බිරිය මග බලන් ඉන්නව... මහත්තය එනකං.

 

ලමයින්ම් කාගේ උනාම මොකද ? නේ...

සත 5හේ වෙනස

ඈත අතීතයෙ එක ගොවිපළක සත්තු සෙට් එක බොහොම සතුටෙන්, සාමයෙන් වාසය කරා. ඔන්න එක නිවාඩු පාඩුවක කිකිළියො දෙන්නෙක් කතා උනා තම තමුන්ගෙ ආදායම්, වත්කම් ගැන.

එක කිකිළියක් කිව්වා “දන්නවද මම දැන් බිත්තර දෙන්නෙ සත 75කට කියල” අනෙත් කිකිළියට කිව්වා.

අනෙක් කිකිළි පුදුමයෙන් ඇහුව “ඒ කොහොමද?. අපි දෙන්නම ලඟක් වෙනකං දුන්නෙ සත 70 කටනෙ කියල.”

ආයේ අනික් කිකිළිය ටිකක් උජාරුවෙන් කිව්වා “ටිකක් මහන්සි වෙලා ලොකු බිත්තර ටිකක් දැම්ම නම් සත 75කට අත උඩින් දෙන්න පුළුවන්” කියල. එතකොට අඩුවෙන් දෙන කිකිළිය ටිකක් වෙලා බැරෑරුම් කල්පනාවක් දාල මේන් මෙහෙම කිව්වා.

එක්කො ඕන නෑ. පුරුදු විදිහටම වෙළඳම් කරනවා. මොකටද නිකන් සත 5කට තටමල පුම්ක ඉරා ගන්නෙ කියල

 

මට දුක ඒකයි

දිනක් තම දීර්ඝ කාලීන මිතුරන් දෙදෙනා හමුවූ අනෙක් මිතුරා තමන් හට ඇති මහත් දුක ඔවුන් හමුවේ කියා සිටියේය.

මචං උඹ දන්නවද අපේ ගෑණි මට කලින් දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉඳල තිබිල. දන්නවද.. දන්නවද උන් මටත් වඩා අඩුවෙන් ඉගෙන ගත්ත අය.

ඉතින් උඹේ ගෑණි උඹව තෝරගත්තෙ උන් දෙන්නට වඩා උඹ බුද්ධිමත් හින්ද නිසා සතුටු වෙයන්කො දුක් වෙන්නෙ නැතුව.

සතුටු වෙන්න.. කෙහෙම්මල. මෝඩයො වෙලත් උන් දෙන්නට අපේ ගෑණිගෙන් බේරෙන්න තරම් මොලේ තිබ්බ..

 

රජය, විපක්ෂය හා ජනතාව

රජය කියන වචනෙ අහන්න හම්බවුනු පොඩි එකා ඒකෙ තේරුම මොකක්ද කියල තාත්ත නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න වෙලාවක ඇහුව. තාම හුරතල් කොළුවනෙ... තුරුලට අරං ගෙදර වැඩ සිද්ධ වෙන හැටිත් ගළපල මේ වචනෙ තේරම් කරලා දුන්න මෙන්න මෙහෙම.

පුතේ බලපං මං තමා මේ ගෙදර ලොක්ක.. ඒ කියන්නෙ රට කරන රජය වගේ. එතකොට බලපං උඹේ අම්ම. මං කරන්න හදන වැඩේවත් කරන්න දෙන්නෙ නෑ.. කියවිල්ල විතරයි. රණ්ඩුවටමයි බර. හරියට විපක්ෂෙ කියන්නෙ, අන්න ඒක වගේ. ඒ වෙලාවට පීඩා විඳින්නෙ කවුද රටේ ජනතාව.. හරියට උඹ වගේ.

ඔහොම කියල දවස් දෙකක් විතර යද්දී රණ්ඩුවක් උනා පොඩි එකාගේ තාත්ත මහා රෑක ගෙදර ආ වෙලේ අම්මත් එක්ක. පහුවදා ආපහු අර විදිහට පොඩි කොලුවා තාත්ත ගාවට ඇවිත් මෙහෙම කිව්වා.

රජය දාගෙන ඊයෙ රෑ විපක්ෂයට ගැහුවා.. ඒත් ජනතාව හිටියෙ අවදියෙන්.

 

සල්ලි දීල ගන්න

අස්පයෙකුත් ගත්තනම් තමුන්ගෙ ගොවිපොළ හැම අතින්ම සම්පූර්ණයි කියල ගොයි මහත්තයෙක්ට දවසක් හිතුන. ඉතින් උන්දෑ පහුවදා තමුන්ගෙ ළමයවත් අරගෙන නගරෙට ගියා.. අස්පය ගන්ට තමයි ඉතින්. මුනුත් අස්ප ගණන් නෙව කියල හොඳම එකෙක් දැන් ගමය තෝරනවා. මේක දැකපු පුත්තරය ඇහුව

ඇයි තාත්තෙ අශ්වයා උඩ නැගල.. එහෙම බලන්නෙ?

පුතේ ගන්න කොට තෝරල හොඳ එකෙක් ගන්න එපෑ..

එහෙම කියල ටික වෙලාවක යන කොට ටිකක් දුකෙන් වගේ කොලුවා තාත්තට මෙහෙම කිව්වා.

තාත්තෙ මං හිතන්නෙ අර එහා ගෙදර මාම හදන්නෙ අපෙ අම්මව සල්ලිවලට ගන්න.

 

සේරප්පුවෙන් ගැහුවොත්

“මචන් මං.. මං මොකද කරන්නෙ මේක ගෙදරින් දැන ගත්තොත්.. විසුමක් වෙන්නෙ නෑ.

සාමාන්‍යයෙන් කොම්පැනි වල වාර අවසාන පාටි, ඇනුවල් මීටින් කියල එක එක ඒවා තියෙනවා. ගොඩක් ඒව ඉතින් බෝතල් සාදා තමා. බීල කෙලින් ඉන්න උන්දෑල ටික විතරක් මීටීම තියෙනවා. රට තොට, ගෙදර ගැන, ගෑනු හුටපට තමා ඉතින් ඔතන කතාව...

ඔහොම තිබ්බ night club පාටියක කෙල්ලෙක් එක්ක හොඳ හැටි නටල වෙරි බිංදුවටම වැටුන කෙනෙක්ට ගෙදර මතක් වෙලා තරු විසි උනා.

ඕ.. දැන් මං මොකෝ කරන්නෙ. ගෙදරින් දැන ගත්තොත්.. අපේ ගෑණි හරි දරුණුයි. මට.. මට සෙරප්පුවෙන් ගහල එලවයි.

එහෙනම් මං කියන්නද නියම වැඩක්.

මොකක්ද..

ටික දවසකට උඹ සේරප්පු දෙක හංගල තියපං..

 

කෝල් එක කාටද

ඔය වගේ ලොකු කොම්පැනි වල වැඩ ඉවර උනහම සුද්ධබුද්ද කොරන්ට වෙනම පත්කළ නිලධාරීන් ඉන්නවයි කියනවනෙ. cleaning service කස්ටිය කියලා තමා හින්ගලෙන් ඒ අයට කියන්නෙ. වැඩ කොරන වෙලාවෙන් පහුත් වැඩ කොරන උන්දලත් ඉන්නවනෙ, යන්න ගෙයක් නෑති ඈයො වගේ සමහරු. තට්ටු විස්සක් තියෙන උහ බිල්ඩිමේ 19 වෙනි තට්ටුවේ තිබ්බ මේ කොම්පැනියෙ එදා එහෙම හිටියෙ ලොකු තැන විතරයි. අනිත් අය කොරපු වැඩ බලන්න වෙන්ටෑ ඉතිං.

ඔන්ට දැන් සුද්ද කොරන ගෑණු උන්දෑ ඒක කොරගෙන යනවා. පහල guard room එකෙන් call එකක් එනව. ගත්ත ගෑණු කෙනා. අහගෙන... හිතට දහිරිය අරං වීදුරු කාමරේට ගියා මේ අසුබ පණිවිඩේ කියන්න.

කමල් මහත්තයා hospital එකෙන් පණිවිඩයක් එවල. මහත්තයගෙ ලමයයි, මැඩමුයි දෙන්නම වාහනේ යන අතරේ නැති වෙලා කියල..

දැන් මේ ලොක්කට ඉහිලුම් නෑ.. ඇයි මේ මැරීගෙන හම්බ කරන්නෙ, බිස්න්ක් කරන්නෙ පවුල වෙනුවෙන්... වෙන්න ඇතිනෙ. ඇරිය ජනේලේ. ජීවිතේ එපා කියල දරුණු හිත වේදනාවෙන් පැන්න..

ඔන්න දැන් 19වෙනි තට්ටුවේ ඉඳන් 12වෙනි එකට වගේ එනකොට උන්දැට සිහි උනා.. ළමයි. මට කොයින්ද ළමයි.

ඔන්න දැන් 8වෙනි තට්ටුව හරියට වැටීගෙන එකකොට සිහි උනේ මැඩම්. මැඩම් කියන්නෙ.. මං තාම බැඳලත් නෑනෙ.

ඔන්න දැන් 2වෙනි තට්ටුව හරියට එනකොට - කමල්. කමල් කියන්නෙ කවුද මං සුනිල් නෙ.......

 

පූසා සහ ලොකු නෝනා

ඔන්න එකෝමත් එක පෝසත් ගෙදරක් තිබ්බ. එකේ හිටිය වැඩකාර ගෑනු කෙනාට ටිකක් විතර පොඩි අප්සොට් එකක් තිබ්බ. වැඩියමත් අවුලක් නැහැ... දවසක් මෙයා ගේ අස්පස් කරකර ඉන්නකොට ලස්ස ගානක් දීල ගෙනාපු ඇල්ටෙස් පූසා වහළට නැගපි. වැඩකාරි වැන්දෙ නැති ටික විතරයි බිමට වඩින්න කියල. නැග්ගට බැහැගන්න බැරි පිටරට පූස් හවස් වෙනකම්ම ඉඳල දුක දරා ගන්න බැරුවද කොහිද මැරිලා පතබෑවුනා බලාගෙන හිටපු වැඩකාරිගේ ඉස්සරහම. කොරගන්න දෙයක් නැතුව බැරිම තැන හාමු මහත්තයට ටැලිපෝන් කරල විස්තරේ කිව්වා.

හාමු සැර දැම්ම, ඔහොම දෙයක් එකපාරට කියනවද කියල. නෝනට කිව්වනම් කලන්තේ දාල වැටෙන්නත් තිබ්බ. ටිකක් හෙමීට කාරණාව කියන්න එපා. අහන කෙනා කුලප්පු නොකර. පූසා ගහට නැග්ග. ඊට පස්සෙ වහලෙට ගියා සමනලයෙක් පස්සෙ.. කියල එහෙම එපෑ හිමීට කියන්න. ආයේ එහෙම මේ වගේ වැඩ කරනවා නෙමේ. securityට කියන්න සුද්ධ කරන්න. ආ.. නෝනට ටෙලිෆොන් කරනවා එහෙම නෙමේ. මංම හිමීට කියන්නම්..

ඔහොම කියල ටික කාලයක් යද්දින් නෝනා හාමුගේ මව් උන්ද එක්කන් ආව ගමේ ඉඳන්..අසනීපවෙලා බේත් කරන්න. දැන් සැප ගෙදර ඉඳන් වයසක උන්ද bed rest කරනවා. දවසක් ඔන්න ටිකක් අමාරු උනා. වැඩකාරී ඇඳ ළඟ.. ටිකක් වෙලා ගියහම මේ ගෑණි දුකෙන් කර කියා ගන්න දෙයක් නැතිව ගියා ටැලිපෝන් එක ගත්ත. එහා පැත්තෙන් හාමු ගත්ත.

මහත්තය.. ලොකු නෝනා එළියට ආව. ගහ වටේ ගියා. ව.හ..ළ.ට නැග්ග..

තියපන් ගෑණියේ ෆොන් එක... මං එනව දැන්ම. නෝනට එහෙම ගන්නවා නෙමේ.

 


              ඕන් නත්තල ළඟ හින්ද මේ කතාව.

 

ජේසු සහ මේරි කරපු දේ

 

නෝනා: ඇදුම් අල්මාරියත් ඇරගෙන මොකක්ද ඔයා කරන්න හදන්නෙ .. නත්තලත් ළඟ තියාගෙන

මහත්තය: ජේසුතුමා කළ දේම තමා.

නෝනා: ඒ මොකක්ද ?

මහත්තය: අද අතුරුදහන් වෙලා, ඉන් අනිද්දා ඔයා ඉස්සරහ පහල වෙනවා.

නෝනා: එහෙම උනොත් මට කරන්න වෙන්නෙ මේරි තුමිය කරපු වැඩේ.

මහත්තය: ඒ මොකක්ද ?

නෝනා: මහත්තයගෙ එක ඇඟිල්ලක්වත් ගාව නොගෙන ළමයෙක් බිහි කරපු එක..

ඉතින් මහත්තය හැම අවුරුද්දෙම නත්තල් සතිය නෝනත් එක්ක ගත කළා.


 18+ යම් යම් දේ ඇතුලත් වන නිසා ඔන්ට කළින්ම කිව්වා. ඔක්කොම අය එහෙම නිසා අවුලකුත් නෑ නෙ. කෝකටත් රේටින් කොරන එක ඇඟට සැපයි...

 

ඉස්කෝලේ යන්න බැහැ


උදෑහනින්ම අවදි වෙච්ච වයසක අම්ම තමන්ගෙ පුතා ඉස්කෝලේ යවන්නට ඕන හැම දෙයක්ම ලකලැහැස්ති කොරල ගිහින් කතා කෙරුව. පුතාට යන්ට සුදානම් වෙන්න කියල...

අනේ අම්මේ ඉන්න දෙන්න.. හෙට යන්නම්

එහෙම පුළුවන්ද පුතේ. කෝ එන්න.

අනේ මට බෑ. මට ඉස්කෝලේ යන්න කිසි කැමත්තක් නෑ..

වාර විභාගත් ළඟයි නේද.. හැම ලමයමත් එනව. වැඩ ගොඩයි. කෝ..

ළමයි.. ඕකුන් මට පේන්න බෑ..

බෑ නෙමේ.. ටීචර්ල ටිකත් බලන් ඇති ඔයා එනකම්..

හ්ම් ටීචර්ල. උන්ට මාව පේන්න බෑ..

එවර ටිකක් කේන්ති ගිය වයසක උන්දා තමුන්ගෙ ළමයට මෙහෙම කිව්වා. එහෙම කියල පුළුවන්ද.. ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් නැතුව කොහොමද වැඩ කෙරෙන්නෙ.. කෝ යන්න ලැහැස්ති වෙන්න..


රූපය - පාසල් ප්‍රේමය කියන්නෙ මේක වෙන්ටෑති  2 රූපය - අනාගත ජීවය උපත ලබතැයි සැලකෙන විදිහ   3 රූපය - සෙටිංස් වල අවුල සොයා යෑම


පෙම් ලියමන

 

ඔන්න එකෝමත් එක පුරාණ කාලෙක අමාරිස් නෙමේ අමර කියල ළමයෙක් හිටිය. එයාගෙ පන්තියේම හිටිය හැඩකාර ලමිසසියක් නයන කියල. දිනක් ඔන්න හැඩකාර නයන ගැන දඟකාර අමරගෙ හිත වැඩ කරන්ට පටාන් අරං, තමුන්ගෙ අත්අකුරු කැත නිසා වෙන කෙනෙක් ලව්වා ලිව්ව ලව් ලෙටර් එකක්. මේක අහුඋනා ප්‍රින්සිපල් තැනට. ඉතින් ලොකු තැන මේක පොඩිවට විසඳන්න කියල හිතාන අමර හා නයනගෙ මේ මල් කඩන සීන් එක දුන්න ඔවුන්ගේම පන්ති භාර යසවතී ගුරුතුමියට. ලඟකදි සැමියා මියගියපු අවුලෙන් ටිකක් ඩාම් ඩූම් වෙලා හිටපු යසවතී ගුරුතුමිය ලියමන ටයිප් කරපු ළමයව හොයා ගත්ත. ලිව්වේ ගාමිණි. ගෙන්නගත්තා එතුමිය ලියමනත්, ගාමිනීවත් ලඟට. දැන් පන්තියම උසාවියක් ගානට නිස්සද්දයි.

ඈ ගොනෝ තොට මන් සිංහල පන්තියේ ඉගැන්නුවේ, මෙහෙම ලියුම් ලියන්න ද..

නෑ ටීච. මන් ලිව්වේ අමරගේ බල කිරීමට.. මන් නෙමේ ඕක දුන්නෙ නයනට.

වහපිය කට.. එන්න එපා මාත් එක්ක එකට එක කියන්න..

හ්..ම්..

බලපන් බලපන් වාක්‍ය අවසානෙ තිත නෑ. න ණ ල ළ වැරදි. මෙහෙමද මං උඹලට ඉගැන්නුවෙ...

න්..නෑ ටී....ච

විභාගෙට ගියත් ඉතින් ඔය ටික තමයි උඹලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.. දන ගහන් හිටපන් පීරියඩ් එක ඉවර වෙනකං.. ආයේ එක වැරද්දක් ඇතුව හරි මෙහෙම ලියල මට අහුවෙනවකො..

න්.නෑ... ටී..ච.

  ඔහොම තමයි යස කැකිල්ලෙ නඩු තීන්දුව තීන්දු කරේ යසවතී ගුරුතුමිය.


ඔහොට්ටේලියාව කොහෙද ?


ඔන්ට පහල පන්තියකට එකෝමත් එක දවසක උදා වුනා ලෝක සිතියම් අධ්‍යන වාරය... ගුරුවරිය දැන් ළමයින්ට ලෝකේ රට රටවල් බෙදිලා තියෙන හැටි. සාගරයෙන්, දේශසීමා වලින් වෙන් වෙන හැටි ගැන කියල දෙනවා. ඔය අතරේ එක නසරානි පොඩි එකෙක් ළඟ ඉන්න අයට පැන්සල් විසික් කරකර විකාර නටනවා. ගුරුවරිය ඒ ළමයව නැගිට්ටුවල ඇහුව. ඔයා දැන් පාඩමට ඇහුන්කං දීගෙනද හිටියෙ කියල.. ළමයත් ඔව් ටීච කියල කිව්වා.

මේක ඇත්තද කියල බලා ගන්න ගුරුවරිය ඇහුව, එහෙනම් කියන්න ඔස්ට්‍රේලියාව තියෙන්නෙ කොහිද කියල.

ළමයත් දන්නවා වගේ කිව්වා ටීච 23 වෙනි පිටුවේ කියල.

 

තාත්ත මොකද කරන්නෙ?

 

සමහර පොඩිඋන් ඉන්නව. නසරානි එකේ උපරිම. කවුරුත් ඉන්න තැන මොනවා හරි රෙදි නැතිවෙලා යන උත්තරම තමා දෙන්නෙ. නැත්තන් අහන්නෙ ඒ වගේ එක්ක. දෙන්න උත්තර ලොවෙත් නෑ. ගහෙත් නෑ. ඔය වෙලාවට වහ කෑවනම් ඊට හොඳයි කියල හිතෙන වාර අපමණයි.

ඔහොමත් එක ළමයෙක් ගෙදර උන්දලා හිටපු පාසලෙන් අයින් කරන් වෙන පාසලට එක්ක ආව. වෙනසක් උනොත් දඟ අඩුවෙයි කියල හිතන්. බාලාංස පන්තියකට අලුත ළමයෙක් ඇතුල් උනහම එයාව නැගිට්ටවල විස්තර අහනව පන්තිභාර ගුරුතුමිය.. බොහෝ වෙලාවට. ඔන්න දැන් ගුරුවරිය මේ දඟකාර දරුවාගෙන් විස්තර අහගෙන යනවා. එතකොට ගුරුතුමියත් ලාවට තේරුණා ආවේ නම් ඇම්ඩගෙ සහෝදරයෙක්ද කොහිද කියල. දෙකට කපපු පණුව වගේ හිටන් ඉන්නෙත්. වැඩිය නැතුව අඩුවෙන් ප්‍රශ්න ටික අහගෙන ගියා ෂේප් එකේ.

 

ඔය පුතාගේ ගෙදර තව කවුද ඉන්නෙ..

දැන් ඉන්නෙ වැඩකරන නැනීයි, බල්ලයි විතරයි

ගුරුවරිය ආයේ ප්‍රශ්නෙ පැහැදිලිව ළමයාගෙන් ඇහුව.

මායි, අම්මයි, තාත්තයි, නැනීයි, බල්ලයි, අම්මගේ බඩේ ඉන්න නංගියි විතරයි.

දැන්නම් ඇති කියල අන්තිමට ඇහුව තාත්ත මොනවද කරන්නෙ කියල.

  මූ ගත් කටටම කිව්වා. අම්ම කියන දෙයක් තමයි ඉතින්.....




රෝමෙ 30 ලිව්වේ මෙහෙමයි

 

ගණිත ගුරුතුමිය සිසුන්ට පාඩම් පොතේ ඊළඟ පාඩම වෙච්චි රෝම ඉලක්කම් වලින් ගණන් ලියන හැටි කියා දුන්න. ළමයි එතකොට තිහ ලියන්නෙ මෙහෙමයි “ XXX ”. එහෙම කියල ඉවර වෙලා කතා කරමින් ඉන්න ළමයෙක් නැගිට්ටුවල ඇහුව මොකක්ක්ද ඔතන කතාව කියල.

නෑ ටීච මන් මේ කිය කිය හිටියෙ රෝම ඉලක්කමෙන් 30 ගහල google search කරොත් එන්නෙ වෙන උත්තරයක් කියල.

 

සර්ව නාම

 

ඔන්ට ගණිත නෙමේ සිංහල විෂය භාර ගුරුවරිය උගන්නන ගමන් ළමයි දෙතුන් දෙනෙක් කෑ ගහගන්නවා දැක්ක. කෑ ගගහ ඉන්නව. දැන් කියල දුන්න පාඩම මතකද... ගුරුතුමිය එක ළමයෙක්ට ඇඟිල්ල දික් කරලා කිව්වා ආ කියනව බලන්න සර්ව නාම දෙකක්.. ළමයට හරියටම ෂුවර් නෑ තමුන්ටද අත දික් කරේ කියල හරියටම. ඒ නිසා භාගෙට වගේ නැගිටලා

කවූද..? මම...?

හරි වාඩිවෙනවා... වාඩිවෙනවා.

 අද ලෝක ළමා දිනේ නිමිත්තෙන් ඉතින් ළමයි සම්බන්ධ කතා දෙකක් එකතුකරන්නම්...

  


ඔන්න එකෝමත් එක රටක ගෙදර වැඩ පහසුව තකා ළමයි බලා ගන්නා රොබෝ කෙනෙක් මිලදී ගන්න දෙමාපියන් හිතුව. දැන් ඔන්න රොබෝ, පාඩම් වැඩ කියාදීම කරනවා ලමයව බලාගන්න අතරේ. ඒත් මේ ළමය හරියට බොරු කියනවා. ඒක නිසා දෙමව්පියො දෙන්න තීරණය කරා රොබෝගෙ එන බොරු කිව්වොත් දඬුවම් දෙන ස්විච් එක ක්‍රියාත්මක කරන්න... දියුණු රොබෝ කෙනෙක් නේ.

   රොබෝ දඬුවම් දෙන විදිහට ක්‍රියාත්මක කල දවසෙ හවසම සද්දයක් ඇහුන. දෙන්නම දැනගත්ත ළමය බොරු කියන නිසා ගුටි කෑව කියල. අම්මට තරහ ගිහින් ළමයට හොඳටම බනිනවා දැන්. එතකොට ළමය කිව්ව ‘අම්මේ මං ආයි බොරු කරන්නෙ නෑ. මේ රොබෝ අයින් කරන්න’ කියල. ඒපාර තවත් ගුටියක් ළමය කෑවා රෝබෝගෙන්. අම්මට තවත් කේන්ති ගිහින් තාත්තට කිව්වා මේ ගැන පොඩ්ඩක් බලන්න කියල. තාත්ත ඇවිත් කිව්ව ‘පුතේ පොඩි වයසේ ඉඳල ඔහොම බොරු කියන එක හොඳ නෑ. තාත්තනං ඔයාගේ වයසේ ඔහොම නෑ’ කියල ඉඳගෙන ඉන්න කොට රොබෝ ඇවිත් තාත්තට පාරක් ගැහුවා. තාත්ත ලැජ්ජාවෙන් අම්ම දිහා හොරෙන් බලනකොට අම්ම ආයෙම කෑ ගහන්න ගත්ත ‘ඔය පේන්නෙ ඔහෙගෙ පොඩි කාලේ හැටිත්.. ඉතින් තමුන්ගෙ ළමය හැදෙයිද වෙන විදිහට’ කියල ඉවර වෙන්නත් කලින් රොබෝ අම්මටද පාරක් එල්ල කළා..

1 - රූපය අන්තර්ජාලයෙන්


**********


   මේක ප්‍රංශ කතාවක්. ඔන්න දවසක් ප්‍රාථමික භාර පන්ති ගුරුතුමිය ළමයින්, ගොඩක් සත්තු ගැන ඉගෙනගෙන තියෙන නිසා කැන්ගරුවන් ගැන අද කියල දෙනවා කියල හිතුව. හරි ළමයි මට දන්න අය කියන්න මේ සතා ගැන කියල ගුරුතුමිය ඌගේ රූපයක් පෙන්නුවා. දැන් එක එක ළමය දන්න ඒවා කියනවා. ඔය අතරේ තව ළමයෙක් කිව්වා ටීච ඌට ඕන උසක් පනින්න පුළුවන් කියල. ආ කවුද පුතාට කියල දුන්නෙ... ගොඩක් දුර, උස කැන්ගරුවන් පැන්නට උන්ටත් උපරිම සීමාවක් තියෙනවා. හරි දැන් කියන්න පුතා දන්නව නේද අපේ රටේ තියෙන Eiffel කුළුන. ආ පුතා කියන්න ඒකටත් වඩා උඩින් කැන්ගරුවන්ට පනින්න පුළුවන්ද කියල.

ළමය ගත් කටටම ඔව් කිව්වා. එතකොට ගුරුතුමිය පුදුමයෙන් ඒ කොහොමද කියල ඇහුව. එතකොට ලමය කිව්වා ටීච Eiffel කුළුණට මොනම උසක්වත් පැනගන්න බෑනේ, එකතැනමනෙ. 

2 රූපය - අන්තර්ජාලයෙන්


 

රූපය - අන්තර්ජාලයෙන්

මේ කතාව ඉංග්‍රීසි බසින් කොහි හරි තිබුණ මතකයි. හරියටම ඉතින් මතක නැති නිසා ඒ කතාවමද නැත්තං වෙන කතාවක්ද කියල කියන්නත් බෑ. ඉතින් ඒ නිසා පුවත්පතේ තිබ්බ ඒ කතාව ඒ විදිහටම දාන්නම්..

මේ කියන කාන්තාවගේ නම් ලින්ඩ අය දවසක් සාප්පු සවාරියක් ගියා. තමන්ට ඕන කරන හැම දෙයක්ම තියෙන සාප්පුවකට ගොඩවෙච්ච ඇය බොහොම නිදහසේ තමන්ට ඕන කරන බඩු මුට්ටු ටික තෝර ගත්තා. ඊට පස්සෙ බිල ගෙවන්න කවුන්ටරේ ලඟට ඇවිත් මුදල් පසුම්බිය ඇරියම කැෂියර් දැක්ක පසුම්බිය ඇතුලෙ, ගෙදර tv රිමොර්ට් එක තියෙනවා. දැන් කැෂියර්ට හරිම කුතුහලයක්. මේක හංගගෙන ඉන්න බැරිම තැන කැෂියර් ඇහුව.. “මැඩම් යන යන හැම තැනම ඔය රිමොර්ට් එක අරගෙන යනවද?. “අපෝ නෑ.. හැමවෙලාවකම නෙමෙයි.. අද මගේ හස්බන්ඩ් මාත් එක්ක shopping එන්න බෑ කිව්ව. මොකද දැන් world cup එකනෙ. මම එයාට හොඳ පාඩමක් උගන්වන්නම් කියල හිතාගෙන මේ රිමොර්ට් එක අරං ආව”.

පාඩම - ඔබගේ බිරිඳගේ විනෝදාංශවලට සහ අවශ්‍යතාවලට සහයෝගය දී ඇය සමග ඉන්න.

ලින්ඩගෙ කතාව අහපු කැෂියර්ට හොඳටම හිනා. ඒත් කැෂියර් ඇය ගත්තු හැම බඩුවක්ම මේසෙ උඩින් තියන්න ගත්ත.  ලින්ඩ දැන් පුදුමයෙන් වගේ ඒ දිහා බලාගෙන ඉන්නවා. “මොකද ඔය කරන්නෙ.. මං ඕව ගෙදර ගෙනියන්න ගත්ත දේවල්නෙ”. “සමාවෙන්න මැඩම්.. මහත්තය මැඩම්ගෙ credit card එක block කරල” කැෂියර් කිව්ව.

පාඩම - හැම වෙලාවෙම ඔබගෙ සැමියගෙ විනෝදාංශවලටත් ගරු කරන්න.

ඔය වෙලාවේ ලින්ඩ මුදල් පසුම්බිය ඇදල තවත් credit card එකක් එළියට ගත්ත. “මේක හස්බන්ඩ්ගෙ එක.. අවාසනාවට මේක block කරන්න අමතක වෙලා”. ලින්ඩ බොහොම ජයග්‍රාහී ලීලාවෙන් කැෂියර්ට එහෙම කිව්ව.

පාඩම - ඔබේ බිරිඳගේ බලය සහ මොළය අවතක්සේරු කරන්න එපා.

ඔන්න දැන් ලින්ඩ කැෂියර්ට දීපු credit card පතින් ගෙවන්නයි හදන්නෙ. ඒත් ඔන්න එකපාරටම මැෂින් එකෙන් පණිවිඩයක් එනව මෙන්න මෙහෙම. මෙය භාවිත කිරීමට ඔබේ ජංගම දුරකතනයට ලැබුණු රහස් අංකය ඇතුළත් කරන්න කියල.

පාඩම - පිරිමියා පැරදෙන්න යනකොට මැෂින් එක පවා ඔහුව බේරා ගන්නා ඉදිරිපත් වෙනවා.

ඊළඟට ලින්ඩ කැෂියර් එක්ක ලස්ස්සනට හිනා වෙලා බෑග් එකට අත දාල ගත්ත ජංගම දුරකතනයක්. ඔන්න ඒකෙ තියෙනව මේ දැන් ආපු මැසේජ් එක. “මේ ගෑනි හස්බන්ඩ්ගෙ ෆෝන් එකත් අරගෙන ඇවිත්, ෂොපින් කරද්දී එයාට කෝල් කර කර කරදර කරයි කියල”. කැෂියර් එහා පැත්තෙ හිටපු කැෂියර්ගෙ කනට ලංවෙලා රහසින් වගේ එහෙම කිව්ව. ඊට පස්සෙ ලින්ඩ තම සැමියගෙ credit card පතින් බිලත් ගෙවල බඩුත් අරං සතුටින් ගෙදර ගියා.

පාඩම - අපේක්ෂා සහගත විදිහට බිරිඳව අවතක්සේරු කරන්නට එපා.

තවම කතාව ඉවර නෑ හොඳේ. ලින්ඩ ගෙදර එනකොට සැමියගෙ කාර් එක නෑ. ඒ මදිවට ගෙදර දොරේ පුංචි පණිවිඩයකුත් ලියල අලවල. “මට රිමොර්ට් එක හොයාගන්න බෑ. මං යාළුවෝ එක්ක එළියට යනවා match එක බලන්න. ගෙදර එනකොට රෑ වෙයි. ඔයාට මොනවහරි ඕන නම් මගේ ෆෝන් එකට කෝල් කරන්න”. ලින්ඩට දැන් කරන්න දෙයක් නෑ. හස්බන්ඩ්ගෙ ෆෝන් එකත් ඈ ගාව. ඒ මදිවට හස්බන්ඩ් ගිහින් තියෙන්නෙ ගෙදර යතුරත් අරං.

පාඩම - හැම වෙලාවෙම ඔබේ සැමියාව පාලනය කරන්නට යන්න එපා. ගොඩක් වෙලාවට දිනන්නෙ ගැහැණියට වඩා පිරිමියායි.

 මේක පිටරකට වෙච්ච ඇත්ත සිද්ධියක්..

 ලෝකේ ඉතින් එක එක වගේ අය ඉන්නවනෙ. ඔය අතරෙ වයසට ගිය අය ඉන්නවනෙ. ටිකක් කේන්ති යන, කියන දේ තේරෙනව අඩු අය... ඔන්න ඒ වගේ වයසක කාන්තාවක් දවසක් යනවා සුපිරි වෙළඳ සැලකට. යන්නේ වැඩි දෙයක් ගන්න නෙමේ. ගිහින් චොකලට් බාර් එකක් අරං තමුන්ගෙ වාරේ එනකං කවුන්ටරේ ඉඳල “මට ඕන මේ බාර් එකෙන් භාගයයි” කියල cashier ට කියල සල්ලි දීල. භාගෙ කතා super market වල නෑනෙ. ආපු customer වයසක නිසාත්, එන පාරිභෝගිකයන්ට හොඳින් සලකන්න ඕන නිසාත් cashier කියල “මිස් භාග ගන්න විදිහක් නැහැ” කියල.

රූපය අන්තර්ජාලයෙන්


 customer - ඒත් මං සම්පූර්ණ එකක් අරං මොනා කරන්නද?

cashier - මිස් අපි භාග විකුණන්නේ නැහැ.

customer - ඇයි එහෙම කරන්නෙ. මට ඕන භාගයයි.

cashier – මිස්ට ඕන ගාන භාගයක් වෙන විදිහෙ එකක්ද? පොඩ්ඩක් බැලුවනම් හම්බෙයි සමහර විට..

customer – ගාන භාගයක් නෙමේ...

cashier – මං කලින් කිව්වෙ, අපි භාග විකුණන්නෙ නෑ මිස්..

customer – විකුණන්නෙ නැත්තෙ ඇයි? මට එකක් වැඩි.

cashier – සමාවෙන්න මිස්.. අපට අවසර නෑ මේවා භාග කරලා විකුණන්න.

customer – ඇයි බැරි.. මේ සම්පූර්ණ එකම මට දීල මාව මහත් කරන්න හදනවද? මාව ලෙඩ කරන්න හදනවද?

cashier – මිස්ට පුළුවන්නෙ මේක ගෙනිහින් ටික ටික කන්න..

customer – ඔයාල කිසිම සැලකිල්ලක් දෙන්නෙ නෑ මනුස්සයෙකුට.. මේ රටේ මිනිස්සු එන්න එන්න මහත් වෙනව. ඔයාල ඔයාල ගැනම ලැජ්ජ වෙන්න ඕන. රට ලෙඩ කරවන්නෙ ඔයාල වගේ අය... ඒ මදිවට රටේ උද්ධමනයත් හොඳටම වැඩි වෙලා තියෙද්දී මාව හූරං කන්න හදනවාද..

ඔහොම බැනල බැනල අන්තිමට මේ වයසක උන්දැ සම්පූර්ණ එකම සල්ලි දීල අරං ගිහින්. cashier ඉතින් වෙන කියන්න දෙයක් නැති නිසා සුභ දවසක් ගිහින් එන්න Jකියල..

 ඉතින් ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක පුද්ගලයෙක්ට දවසක් ලස්සන හීනයක් පෙනුණ. ලස්සන එකක් නිසා මේක මෙයාගෙ හිතට තදින්ම කාවැදුන. Wash එක දාගෙන ආවමත් හිතෙ හීනෙමයි වැඩ. හරියන්නෙ නෑ, නිවාඩු දාලා හරි මේ හීනේ ගැන හිතන්න ඕනෙ කියල මෙයා එදා වැඩට ගියේ නෑ. දැක්කෙත් එසේ මෙසේ හීනයක් නෙවේනෙ.

රූපය - අන්තර්ජාලයෙන්

“ඔන්න මෙයා room එකේ ඉන්න අතරෙ දිව්‍ය ලෝකේ දොරවල් පහක් ඇරගෙන පස් දෙනෙක් තමන් ඉස්සරහට ඇවිත් වස්තුව සහිත භාජන පහක් දීල.. යන්න ගියා.” මේකනම් ටිකක් අමුතුයි. අද කාලගුණයත් දැක්ක හීනෙ තිබ්බ විදිහට සමානයි. නෝන ලස්සන හිනාවකුත් දැම්ම වෙනද නැති.

මෙයා දැන් හිත හිතාම කුස්සියට ගියා උදේ කෑම එක ගන්න. නෝනා දැනගත්ත අද මෙයා ගෙදර තමා කියල. ඒ හින්ද කෑම පිඟානට බෙදල දුන්න කන්න බබෝ වගේ mood එකකින්. මෙන්න පිඟානෙත් පාන් පෙති පහයි බිත්තර පහයි. දැන් කන ගමනුත් හිත වැඩ “අද මට පහේ අංකෙ එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනව”. ඉක්මනට කාල ෂර්ට් එකත් දාගෙන පාරට ගියා. තවත් හිතන්න දෙයක් නෑ අද මගෙ වාසනාවන්ත අංකය පහ. ගත්ත ATM එකෙන් සල්ලි ගොඩක්, ඇල්ලුව රේස් දුවන අස්සයන්ගෙන් පස්වෙනියට ඉන්න එකාට. දැන් මුල් සෙට් එකේ මේ අස්සයත් ඉන්නව. මෙයා දැකපු හීනේ හරියටම හරි ගියා. ඒ කියන්නේ අස්පය cup එක ගැහුව එක නෙමේ. උනේ ඌ තරඟයෙන් පස්වෙනිය උන එක.. ඉතින් දැක්ක හීනේ හරියටම හරි ගියානේ. වරද්දගත්තෙ ඉතින් මේ මනුස්සයනෙ..



ඔන්න ඉතින් දවසක් මිනිස් පුළුටක්වත් වැදිලා නැති කැලේකට තනියෙන යන්න ඕනෙ කියල එක මනුස්සයෙක්ට හිතුණ. මේ ජීවිතෙන් ඇති වැඩක් නෑ. මං කැලේ සත්තුන්ට දිවි පුදලා මැරෙනව. යන එකේ ආයේ මොකටද ඇඳුම්.. මොකෝ මිනිය දකින්න තව කවුරුවත් ඉන්න එකක් ඈ. උපන් ඇඳුමෙන් සැරසිලා මෙයා දැන් අර කැලේට ඇතුල් උනා. උනා තමයි මෙයාව දුර තියාම දකින දකින සතා පණ කඩාගෙන දුවනවා. ආ මේ කැලේ ඇතුළට ගියෙ පිරිමි කෙනෙක්. එහෙම නිර්භීත කමකින් ජීවිතේ අතැරලා දායිද ගෑණු පරානයක්.


මෙහෙම දුවන හැම සත්තු අතරෙ ගොන්නු, වලස්සු, අලි වගේ ලොකු ලොකු සත්තුත් ඉන්නව. සමහරු රැලේ අය දුවන හින්ද උනුත් දුවනව, රැල මග ඇරුනොත් කියල. මේ විදිහට රැලත් එක්ක දුවන එක මුවෙක් යන ගමන් කල්පනා කරා ඇයි මේ හැමෝම දුවන්නේ. අහන්නවත් විදිහක් නෑ. වටපිට බලබල දුවන මෙය දකිනව සිංහයාත් දුවනව. මාරම අවුල් වෙච්ච මෙයා කොහොම හරි දුවන සිංහය ගාවට කිට්ටුව කරා. “ඇයි කැලේ රජා වෙච්ච ඔයත් දුවන්නෙ.. ඇත්තටම මේ මොකක්ද වෙන්නෙ කියල”. සිංහයා කේන්තියෙන් ඇහුව “ඇයි තමුසෙ දන්නෙ නැද්ද කැලේට අලුත් සතෙක් ඇවිල්ල. මොන ජාතියේ සතෙක්ද දන්නේ නෑ.. උගේ නැට්ට තියෙන්නෙ අපේ වගේ ඉස්සරහ නෙමේලු. තමුසෙ එහෙම සතෙක් ගැන කිසි දවසක අහල තියෙනවද. ඒ හින්ද එනව අපිත් එක්ක පැහෙන්නෙ නැතුව.


   මේකනම් පත්තරේක තිබුනෙ..

පිටිසර ප්‍රදේශයක හිටපු ගැමි යුවලකට තම එකම දරුවාට පෙලවහක් කරන්න කාලේ හරි කියල ඉතින් හෙව්වට ගමේ කෙල්ලො කැමති නෑ. මොකද පුතණ්ඩිය ටිකක් මෝඩ පහේ මොඩල් එකෙක් නිසා. තාත්තත් එක්ක කුඹුරු වැඩ ඇඟේ හයියට කරාට වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නෑ. ගෙදර අගහිඟකම් නිසා වෙන්න ඇති සමහර විට. ඉතින් බැරිම තැන බැඳල දෙන්නත් එපෑ.. ලොකු දෙන්න මැරුනොත් මේ යකා තනි වෙනවනෙ. ඉතින් පිට පලාතකින් කොහොම හරි මේ පුතණ්ඩියට පෙලවහක් කරල දීල. වැඩිමහල් දෙන්න වෙනම දැන් ඉන්නව. මේ හාදය දැන් බැන්ද පළවෙනි දවස.. නෝනා හදපු රෑ කෑමත් කාල ගෙනාපු රා කට්ටකුත් ගහල. සුපුරුදු පරිදි ගියා ගෙයි එළිපත්තට දා ගත්ත පැදුර ගොරෝද්දෙ ඇද ඇද නිදි. අර කැන්දන් ආපු  කෙල්ල රෑ පුරාම අඬල. උදේ ආපු දෙමහල්ලෝ දෙන්න ඉතින් වෙච්ච වැඩේ තේරුම් අරං.. තාත්ත පුතාට ලංවෙලා ඇහුව “මොකද්ද යකෝ මේ කරපු නස්පැත්තිය. තො මෙතන රෑ තිස්සේ දපල.. අර කෙළි ගෙයි තනියෙම” කියල වැඩේ තේරුම් කරලා දෙන්න හදල. ඊට පස්සේ මේ යොදය කියල “මං මොනවා කියල කරනද ඕකිට.. දීපු බත්පතත් කාල මං මේ මෙතනට වෙලා පැදුරු පඩංගුවෙ නිදා ගත්ත විතරයි. මං ඒකිව අතකින්වත් ඇල්ලුවෙ නෑ ඕන්. ඔය අඬන්න ඇත්තෙ ගෙදර ඈයො මතක් වෙලා වෙන්ට ඇති..

ඒ කියන්නෙ ඉතින් මනමාලි පළමු දා ඇඬුවොත් ඒ අඬන්නේ ගෙදර ඈයො මතක් වෙලා....




    මේකනම් ඇත්ත කතාවක්... ඔන්න ගම්බද පලාතක වාසය කරපු මැදි වයසේ දෙදරු මවක් හිටියලු. මෙයාගෙ පිලිවෙලේ හොඳ කමට බැංකුවට යන්න passbook එක හොයද්දි තමයි දන්නෙ එක කාලෙක ඉඳල ආගිය අතක් නෑ කියල. දහඅතේ කල්පනා කරල හොයනව ඉතින් දැන්. ළමයි දෙන්නගෙනුත් පොත හොයාගන්න උදව්වක් නැති නිසා බැන බැන තමයි හොයන්නෙ. “මට මේක හොයල දෙන්න උදව් වෙයල්ලකෝ. ගෙදර වැඩක් කරනනෙත් නෑ. උදව්වක් ඉල්ලුවහම එක කරන්නත් බෑ. ෆෝන් වලම එල්ලිලා හිටපල්ලාකො. මොකට හැදුවද මුන් වගේ දෙන්නෙක්..

බැරිම තැන පොතත් නැතුව ගිය බැංකුවට. මේ දුක්ගැනවිල්ල අහපු බංකුවේ මැනේජර් මහත්තය “ඔයා දිවුරුම් සහතිකයක් ලියල අත්සන් කරල ගෙනත් දෙන්න, මගේ බැංකු පොත නැති වුණා කියල. එතකොට අපි ආයේ අලුත් එකක් හදල දෙන්නම් ” කියල කිව්ව. ආයෙ ගෑණි දහඅතේ කල්පනා කරා දිවුරුම් සහතිකයක් ලියන්නෙ කොහොමද කියල. එච්චර ඉගනුමක් නෑ කියන්නේ සමහර වෙලාවට ඉතින් ඉස්කෝලෙ යන කාලෙම ගෙදරින් පැනල ඇවිල්ල වෙන්න ඇති. ගෙදර ඇවිත් ළමයි දෙන්නගෙනුත් ඇහුව “උඹල දෙන්න දන්නවද දිවුරුම් සහතිකයක් ලියන්න”. ළමයි දෙන්නම එක වචනයයි පිටකලේ ඒ නෑ කියල. ආයේ ළමයි දෙන්නටත් ආයෙත් බැන බැන ගත්ත කොලයක් “දෙයියම්පල්ල මාගේ බැංකු පොත නැතිවී ඇත. බේබදු මගෙ මිනිහයි, මගේ දරුවෝ දෙන්නයි පල්ල මගෙ බැංකු පොත නැතිවී ඇත. අලුත් එකක් ලබා දෙන්න” කියල ලියල පහුවදා ගියා බැංකුවට. මේක දැක්ක බංකුවේ මැනේජර් බොහොම අමාරුවෙන් හිනා නොවී මේ අසරණ ගෑණු කෙනාට හරි විදිහට ඒක ලියල දීල අත්සන් කරවගෙන, ඇයට අලුත් බැංකු පොතක් අරං දීල.

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්