Seven Years in Tibet - Sinhala Subtitle |
තම උපන්
බිමෙන් පවුලෙන් දුරස්වීම හා සිරගත වීමත්, වෙනත් දේශයක
කාලාන්තරයක් ජීවත් වන්නට සිදුවීමත් කෙනෙකුගේ ජීවිතයට කොහොම බලපෑමක් ඇති කරයිද....
ඔස්ටියානු
කඳු නගින්නකු වන හෙන්රිච් හැරර් පිරිසත් සමග නග්නා පර්බාත් තරණය කරන අතරතුර නොසිතූ
අර්බුදයකට මුහුණ දෙන්න වෙනව. ඒ ඔවුන්ගේ ජර්මානු පුරවැසිභාවය හේතුකොටගෙන... ඉංග්‍රීසින්ගෙ
සිර අඩස්සියට ලක් වීමෙන්.
කාලයකට පසු
එයින් ගැලවෙන හෙන්රිච්ට සගයෙකුත් එක්ක ආසියාවේ, ටිබෙටයේ ගෙවන
වෙන ජීවිතය... කටුක, රසවත්, ආධ්‍යාත්මික සුවය මුසුවූ එකක්. ඒත්
එක්කම අහඹු සිදුවීමකින් හෙන්රිච්ට ටිබෙටයේ, එවකට කුඩා
වියේ සිටින 14වන දලයිලාමා තුමා සමග සමීප ඇසුරක් පවත්වන්නටද අවස්ථාවක්
සැලසෙනව. මේ කාලයේ චීනය තම ආධිපත්‍ය වෙනත් රටවල් වෙත මුදා හැරීමත්, දෙවන
ලෝක යුද්ධයත් සිදුවන සමයක්. මේ සියලු දේ සමග ටිබෙටයට, ටිබෙටයේ ආධ්‍යාත්මික
ගුරුවරයාට, හෙන්රිච් හැරර්ට කුමක් වේද... හැරර් හා ටිබෙටයේ ආධ්‍යාත්මික
නායක දලයිලාමා තුමාගේ මිතුදමට කුමක් වේවිද...
ඒක දැන ගන්න
නම් ඉතින් හැරර් අතින්ම ලියවුනු Seven Years in Tibet පොත කියවන්න
වෙනව. නැතිනං ඒ පොත ඇසුරින් ඒ නමින්ම 1997දී නිපදවූ Brad
Pitt, David Thewlis, BD Wong ප්‍රධාන චරිතය හොබවන මේ චිත්‍රපටය
බලන්නම වේවි.
ආධ්‍යාත්මික
ස්පර්ශයක් සමග හදවත පුබුදුවන මේ සලරුව බලන්න... පුළුවන් නම් වෙලාවක් වෙන් කරගන්න.
සිංහල subtitle
හදා බයිස්කෝප් එකට දුන්නත් ඒ උන්දලා පළ කලේ නැහැ. ඒ නිසා මේ film එකේ
සිංහල sub ඒක මෙතනටම අමුණනවා. මේකෙ sub හොයන කෙනෙක්ට
මෙතනින් හරි ගන්ට පුලුහං වෙන්ටය කියල.