අවුරුද්දට කලින් කොටුව
පැත්තෙ සවුම්ක් දාන ගමන් phone shop එහෙකට ගියා
වැඩක් කරගන්න. ඒ අතරේ කතාවක් දාන් ඉන්නකොට phone display කඩාගත්තු අය ආවේ... හරියට අවුරුද්දට ඇඳුම් කඩයකට එනව වගේ. දැක්කම
පුදුමත් හිතුන... දවසකට මෙච්චර කට්ටියකගෙ display කැඩෙනවද
කියලත්. (අපේ නොසැලකිලිමත් කමේ තරම තමයි)
ආයෙ ළඟකදී යාලුවෙක්ගෙ studio එහෙක ඉන්නකොට කොලුවෙක් ආව IDයට පොටෝ අල්ලන්න.
පහුව දැනගත්තෙ... උන්ද ගාවට හොරු දෙන්නෙක් ඇවිදින් මූට දෙකක් ඇනල හෙම බෑග් එකත්
උදුරන් ගිහින්. බෑග් එක ඇතුලෙ පර්ස් එකයි, ලක්ෂ 3කට
කිට්ටු Apple පෝන් එකයි, ආයේ
ලක්ස ගානක් වටින බේස්ලට් එකයි තව දේවලුයි තිබිල. ඉතින් හොරු දෙන්නට නම් රජ මගුල්
ඇති. සිද්ධිය වෙලා තියෙන්නෙ රෑ 7ට විතර, කොටුව කෝච්චි ස්ටේසන් එකේ ඉන්දැද්දි.
ඉතින් මේවට පොලෝසි ගියත් වැඩක් නොවෙන තරම්... කොල්ලත් ඒක හොඳටම දන්න හන්ද
පැමිණිල්ලක් දැම්මත් ආයේ ඒවා හම්බුවෙයි කියන අදහස හිතින් අහක් කරන්.
මේ වගේ කාලෙක ලක්ෂ 5කට
ආසන්න ගානක් එක මොහොතින් නැති වෙන එක විතරක් නෙමේ තමන්ගෙ පෞද්ගලික තොරතුරු,
ලියකියවිලි, purse (wallet), phone, ID & driving license... වගේ දේවල් නැති වෙනව/ කරගන්නව කියන්නෙ අඬන්න හිටි මිනිහගෙ ඇහැට
ඇන්න වගේ කුජීත වැඩක්. සල්ලි අමතක කලත්, ලියකියවිලි ID
ඇතුළු අනෙක් දේවල් හදාගන්න වෙන මහන්සිය, යන කාලය - වියදම. ඒ මදිවට රජේ කන්තෝරු
ගානේ වෙන රස්තියාදුව. පිස්සු නොහැදි මේ ඔක්කොම හදාගත්තොත් ඒ ඇති. ඒත් සමහර දේවල්
කිසිදාක පියවගන්න බැරි තරමෙ පාඩු.
ඒ හන්ද... මේ පොස්ටුව
ලියන්න හිතුව කාට හරි හෝ වැඩක් වෙයි නෙව කියලා හිටං.
පසුම්බිය - ප(ර්)ස්
එක. යාළුවො ඇතුළු මට ආශ්රය කරන්න හම්බවෙන බොහෝ අය මට වඩා යමක් කමක් ඇති අය.
(පැදුරේ ඉන්න එකාට බූරු ඇඳත් ලොකුයි නෙව). අඩුම ගානේ මොට(ර්)සයිකල් කටුවක් හරි
තියේ. මේ අයගෙ වගේම සමහර අනෙක් අයගෙත් මන් දැකල තියෙනව... මේ ප(ර්)ස් එක ගත්තොත්,
බන්ඩි පුල්. ID, License, Credit Card, Bill ඇතුළු සබ්බසකලමනාවම ඕක ඇතුලෙ. රු. 100
ගනිද්දී දාහක් දේවල් එළියට එන සයිස්. ඒ හන්ද මේ ප(ර්)ස් එකේ තියෙන්නම ඕන මොනාද...
ඒ ටික විතරක් දාගෙන ඉන්නවනම් වඩා හොඳයි. අනික් එක ගොඩක් අය වාහනෙන් බැහැල කඩේකට
කන්න හෙම ගියහම phone එක, ප(ර්)ස් එක කඩේ table එක උඩ, ලඟට බිල ගෙනත් දෙන හන්ද ඒකත් ගෙවල යනව... අරව මේසෙ උඩම අමතක වෙල.
මාත් අමතක වෙන එකා හන්ද එන්න කලියෙන්... යාළුවන්ගෙනුත් ඔක්කොම ගත්තද කියල අහනව,
මේ නිසා උන්දලත් බේරුණ වාර කීපයක්ම තියෙනව.
සමහරු ටික දුරක්
ගිහින් මතක් කරන්නෙ phone එක තිබ්බෙ මොන කඩේද කියල. ඒ හන්ද
වාහනෙන් එළියට බහින හැම වෙලේත්, වාහනේට නගින වෙලෙත්, තැනකින් තැනකට යන වෙලෙත්...
තියෙන්න ඕන ඔක්කොම දේවල් තියෙනවද බලන එක පුරුද්දක් කරගන්න එක හොඳයි. ඒ වගේම ප(ර්)ස්
එක අර trend එකක් විදිහට තියෙන දිග එකක් නොවනවනම් වඩාත්
හොඳයි. හොරුන්ට ඒව උස්සන්න අපහසු වෙන නිසා.
ඒ වගේමයි පහසුවටත්,
වැඩිපුර සල්ලි ප(ර්)ස් එකේ නොගෙනියන්නත්, card එක නැති උනත් ගැටළුවක්
නොවෙන්නත්... debit card එකක්
තියාගන්න පුළුවන් shopping පහසුකම deactivate කරල හෙම. කාඩ් එක නැති උනත් අවුලක් නෑ නෙව. (මං මේ දේ කරනව). පොකට්
ගහන කෙනා උනත්, ලොකු පර්ස් දිහා තමයි ඇහැ ගහන්නෙ. අනික කොටුවේ හරි, මිනිස්සු
වැඩියෙන් ගැවසෙන වෙලාවක බඩු ගන්න යනව නම්... සුද්දෙට ඇඳල නොයන තරමට හොඳයි. සමහර ලලනාවන්
fashion show එහෙකට යනව වගේ shopping කරන්න යන්නෙ. එතකොට වෙන අනෙක් අලාභෙ තමයි මූණ බලල කඩවල ගණන් කියන අය...
තව මිල උස්සන එක.
|
මංවහන්දෑ කොටුවේ හෙම රවුමක් දාන්න යන්නෙ ෂෝර්ටකින්/ සාමාන්යයම ඇඳුමකින්. ඒකෙන් වාසි වෙච්ච අවස්ථාත් නැතුවම නෙමේ. සමහර කඩවල දෙන්න පුළුවන් උපරිම මිල අඩුකිරීම් මට ලැබිල තියෙනව. ඒ වගේම සමහරු හිතල තියෙන්නේ මම දෙමළ/ මුස්ලිම් කෙනෙක් වෙන්න ඇතියත් කියල 😂 |
Credit ලිමිට් එක/
සල්ලි ගොඩක් තියෙන card එකක් උනත් හැම තිස්සෙම ළඟ තියෙන්න
ඕන නෑ නෙ. ඒ වගේම තමයි card වල රහස් අංකය ගොඩක් අය මතක්
කරන්නෙ ATM එක ලඟදි, නැත්තං ගෙදර කාට හරි කෝල් කරකර අහනව.
මේ වගේ තැනක, විශේෂයෙන් රෑක මෙහෙම කිරීම භයානකයි. ඒ වගේමයි පිරිමි කෙනෙක් උනත්,
නොදන්න හෝ දන්න පළාතක වේවා රෑ තනියෙම ATM යෑමත් නොකිරීමම
හොඳයි. ATM ළඟ මංකොල්ලකෑම් පවා සිදුවෙලා තියෙනව.
හොරු/කුඩු බොන අය මේ අවට බොහෝ විට ගැවසෙන්න පුළුහන්.
ඒ වගේම shopping යනකොට ගෑණු කෙනෙක් නම්, පිරිමි පරානයක් එක්ක යන එක නුවනට හුරුයි. ඒ
වගේමයි පුළුවන්තරම් ළමයි එක්කන් නොයනව වගේම, යන්න කලින් ගන්න ඕන බඩු list එකක් හදාගෙන... පුළුවන්නම් google එකෙන් search කරල, ඒවා තියෙන කඩේ තැනත් හරියටම දැනගෙන යන එක. නැත්තං මේක කොහෙද
තියෙන්නේ කිය කියා දහඅතේ හොයන්න හෝ පාරේ රස්තියාදු වෙන්න වෙන්නෙ නෑ. වැඩිපුර
මිනිස්සු අතරේ ගැවසෙනව කියන්නෙත් වැඩි අවධානමක් ගැනීමක්... අනික මේ උත්සව කාලේ විශේෂයෙන්.
මේ කාලවල හොරකම් ඉතා ඉහලයි. නිකරුණේ ගෙවෙන කාලයත් අපරාදෙ නෙ. ඒ හන්ද online shopping පහසුකමුත් තියෙන නිසා ඒවත් බලල කියල...
හොඳම විදිහට shopping කරන එක වාසී.
හැමෝ ලඟම හොඳ ලොකු display, smart phone හෙමත්
තියෙන නිසා ඒවායෙ පරිස්සම බලන්නත් ඕන. නැත්තං කැඩුනම හදන්න යන වියදම අධිකයි වගේම display දාපුහම ඒවා පෙර විදිහටම වැඩ නොකරන අවස්ථාත් බොහොමයි. ඒ හන්ද phone එකේ ආරක්ෂාවට tempered glass, back cover, phone grip/ finger holder වගේම වාහනේක නම් phone holder භාවිත කිරීම පරිස්සම්. තවත් පරෙස්සම්
හැමවෙලේම පාරේ පෝන් කටුව ඔබ ඔබ යන්නෙ නැත්තං.
ඒ වගේම ඕන
වෙලාවට GPRS උනත් on කරගන්න
බැරියැ... මොකද smart phone එකත්
එක්කම ගොඩක් අය power bank එකක්
තියාගෙන ඉන්න නිසා.
තොරතුරු
ආරක්ෂාව
ගොඩක් අය කලින් කිව්ව
වගේ credit/ debit card එකේ pin number මතක නෑ. නැත්තං සමහරු card එකේම මාකර් එකකින් ලියල තියන් ඉන්නව. ඒ වගේමයි සමහරු ප(ර්)ස්/ phone එකේ දාන් ඉන්නව. මේවා හොරුන්ට මරු චාන්ස්. ඒ නිසා card එකේ pin no: ලේසි -
මතක එහෙකට මාරු කරගන්න එක. (phone අන්තිම no 4 වගේ).
ඒ වගේමයි දැන් phone වල ලොකු space එකක් තියෙන නිසා ගොඩක් අය voice recording, photo, video, screenshot... ඔක්කොම ඒකෙ තියන් ඉන්නව. අනික
සමහරුන්ගෙ phone password ලඟම අය
(ලංකාවේ අය ගැන ඉතින් දන්නවනෙ) දන්න නිසා මේ අතිශය personal දේවල් තියන් ඉන්න එකත් හා මේ වගේ phone එකක්
නැති වෙන එකත් ගොඩක් භයානකයි. ගොඩක් අය මේ ගැන හිතන්නෙ නැති නිසා Backup එකක්වත් තියාගෙන නෑ. ඒ නිසා ඕනෑම කරන දේවල් ටික විතරක් phone එකේ තියාගෙන, ඒ ඇතුළු අනෙක් ඔක්කොම දේවල් ගෙදර computer, external hard වගේ ඒවායේ දාල... පෞද්ගලික
පරිහරණය සඳහා විතරක්ම තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ cloud - online backup
එකකුත් තියාගන්න එකත් ගොඩක් නුවනට හුරුයි. අර එකක් කැඩුනොතින්. අනික අද කාලේ හැම
කෙනාම data යහමින් පාවිච්චි කරනවනෙ.
ඒ වගේම Contact List, Email password, Card pin no:, Bio Data, ID- license scan...
වගේ දේවල ඕන මොහොතක ගන්න පුළුවන් වෙන විදිහකට cloud - online backup එකක් විදිහටත් තියා ගන්නව නම් පහසුයි.
හදිසියේ ID කොපියක් ඕන උනොත් scan softcopy එක යවල print කරගන්න එක ලේසි IDය ඇද ඉන්නවට වඩා. (බොහෝ shop වල අමතක වුණු ID ඕනතරම්).
මේවා කැමති විදිහකට backup කරගන්න අපිට පුළුවන්. ඕනනම් හැම document එකක්ම
වෙන වෙනම PDF කරලා password උනත්
දාල ගන්න පුළුවන්. mail එකකට දෙන free GB 15 අස්සේ මේ backup තියාගන්නත් පුළුවන්. (ආරක්ෂිත විදිහකට)
අනෙක් දේ තමයි phone එකේ IMEI, serial
ආදී number save කරගෙන තියා ගැනීම.
මිස්
වෙච්චි හෝ දන්න දෙයක් තියේනම් කොමන්ට් කරන්න...