බැරිම තැන පොතත් නැතුව ගිය බැංකුවට. මේ දුක්ගැනවිල්ල
අහපු බංකුවේ මැනේජර් මහත්තය “ඔයා දිවුරුම් සහතිකයක් ලියල අත්සන් කරල ගෙනත්
දෙන්න, මගේ බැංකු පොත නැති වුණා කියල. එතකොට අපි ආයේ අලුත් එකක් හදල දෙන්නම් ”
කියල කිව්ව. ආයෙ ගෑණි දහඅතේ කල්පනා කරා දිවුරුම් සහතිකයක් ලියන්නෙ කොහොමද කියල.
එච්චර ඉගනුමක් නෑ කියන්නේ සමහර වෙලාවට ඉතින් ඉස්කෝලෙ යන කාලෙම ගෙදරින් පැනල ඇවිල්ල
වෙන්න ඇති. ගෙදර ඇවිත් ළමයි දෙන්නගෙනුත් ඇහුව “උඹල දෙන්න දන්නවද දිවුරුම්
සහතිකයක් ලියන්න”. ළමයි දෙන්නම එක වචනයයි පිටකලේ ඒ නෑ කියල. ආයේ ළමයි දෙන්නටත්
ආයෙත් බැන බැන ගත්ත කොලයක් “දෙයියම්පල්ල මාගේ බැංකු පොත නැතිවී ඇත. බේබදු මගෙ මිනිහයි,
මගේ දරුවෝ දෙන්නයි පල්ල මගෙ බැංකු පොත නැතිවී ඇත. අලුත් එකක් ලබා දෙන්න”
කියල ලියල පහුවදා ගියා බැංකුවට. මේක දැක්ක බංකුවේ මැනේජර් බොහොම අමාරුවෙන් හිනා
නොවී මේ අසරණ ගෑණු කෙනාට හරි විදිහට ඒක ලියල දීල අත්සන් කරවගෙන, ඇයට අලුත් බැංකු
පොතක් අරං දීල.
වෛද්‍යවරු තමන්ගෙ දරුවන්ට ලොකු ලොකු පාසල් ඉල්ලපු, සැප පහසුකම් ඉල්ලපු කතා පත්තරයකින් දැකල ඒ හැටි වැඩිකාලයක් නෑ. ඊට හාත්පසින්ම වෙනස් විදිහට ගති පැවතුම් ඇති වෛද්‍යවරයෙක් ගැන ගිය ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තාකරලා තිබුණ. පා පැදියෙන් රෝහල් යන දොස්තර කියල. නිකං දොස්තර කෙනෙකුත් නෙමෙයි විශේෂඥ වෛද්‍යවරයෙක්. සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක්ව අපි දකින්න කැමති ටයි දාගෙන කාර් එකක එන කෙනෙක් විදිහට. දොස්තරල කැමතිත් උපරිම ඒ විදිහට ඉන්න. නැත්තං අරවගේ ඉල්ලීම් ඉදිරිපත් කරයිද?. ඒත් කරන සේවයත්, තියෙන දැනුම, දක්ෂකමත් හා යන එන වාහනෙ අතරේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවද.. බයිසිකලෙන් ආවොත් වෙදකම කරන්න බැරිද?. මේ කියන්නෙ ඉරිච්ච කොට කලිසමක් ගහන් බුලත්විටක් කෑවත් කමක් නෑ වැඩේ කරනවනම් කියන එක නෙමේ. දොස්තර කෙනෙක් වේවා, වෙන උගතෙක් හෝ කවුරුවත් අමුතුවෙන් පුම්බගෙන ඉන්න ඕනෙ නෑනෙ. ලංකාවේ කොහොමත් ගොඩක් අය යන්න හදන්නෙ අඩි 2, 3ක් උඩින් නිසයි මේ කියන අවුල එන්නෙ. ඒ නිසානෙ මේ විශේෂඥ වෛද්‍යවරයගෙ ආටිකල් එකක් පත්තරේ දාන්න තරම් සුවිශේෂී උනෙත්. අපි ගොඩක් දෙනා වාහනයක් ගත්තොත් ළඟ කඩේට යන්නත් කාර් එක නැතුව බෑ බෑ වගේ. එතකොට ඉතින් ඇපල් ගෙඩියක් ගන්න ගියත් යන්න වෙන්නෙ supar-market එකකකට. මොකද කාර් එක park කරන්න තැනකුත් එපා. පාරේ traffic එකත් වැඩි කරන් ඇපල් ගන්න supar-market එන කෙනාට දොර අරින්න කෙනෙකුත් ඉන්න නිසා තවත් මැරු. මොකද දොර අරින එක්කෙනත් sir, miss කියාගෙනනෙ දොර අරින්නෙ. හැබැයි මේ chance එක බඩු 100ක් ගන්න උනත් පයින් එන කෙනාට සෙට් වෙන්නෙ නැති තරම්.. ඔහොමයි අපෙ සමාජ තත්වය maintain කිරීම.. හරිම professional. හැබැයි ඉතින් හිතින් දුප්පත්. හරි කුහකයි. ඉරිසියයි. පෙරේතයි. අනිත් කෙනා ඉස්සරහට යනවට කැමති නෑ. ඉවසන්න බෑ. දරාගැනීමේ හැකියාව අන්තිමයි. පට්ට ආත්මාර්ථය මතම උපත හා වර්ධනය වෙච්ච කොටසක් (බොහෝ) වගේ. ඉතින් මෙහෙම දොස්තර මහත්තයෙක් දැක්කම ඒක අපිට news එකක්... (මෙහෙම ජීවත්වන සරල චරිත නැතුවම නොවේ).
ඉතින් මේ වෛද්‍යවරයා කියල තියෙනව තමුන්ගෙ සරීර සෞඛ්‍යයට වගේම මානසිකත්වයටත්, තමුන්ගෙ මානය නැති කරගන්නටත් එය ඉවහල් වෙනව කියල. ඉතින් මෙහෙම බයිසිකලෙන් යන්නෙ ගැලපෙන විදිහට ඇඳපැළඳගෙන කියල තියෙනව. මොකද ටයි දාලත් බෑ, කොට කලිසම් ගහලත් බෑනෙ. තත්වයට ගැළපෙන විදිහට casual අඳිනව ඇති. ඉතින් මෙහෙම යනකොට සමහර කාර්වල යන උදවිය අහනවලු දාගන යන්නද කියල. මොකටද නිකං කකුල් රිද්දගන්නෙ කියල වෙන්න ඇති ඉතින්... ඒ වෙලාවට ඉතින් doctorට හිනා පාරක් යනවලු. තව දුරටත් doctor කියල තියෙනව මම බයිසිකලෙන් එනකොට මට මාව කවුද කියන එක වැටහෙන්න ගත්ත. මං කරන්න ඕන මොනවද කියල අවබෝධ වෙන්න ගත්ත කියල. ඒ කියන්නෙ ඉතින් ලීස් දාල දහදුක් විඳල වාහන ගත්ත අපේ අයට අපි කවුද, මොනවද කරන්න ඕන කියල හරි තේරුමක් නැති වෙන්න ඇති... නැත්තං එහෙම කියන්නෙ නෑනෙ. ඉතින් මේ සරලව ජීවත්වන ගැඹුරු අවබෝධයක් ඇති doctor ඉන්නව කියන්නෙ බදුල්ල නොමේරු ළදරු එකකය භාර ළමා රෝග විශේෂඥ විදිහටලු. ඉතින් නොමේරු අයට හම්බෙන්න කියාපු doctor... එතුමාගෙ නම තමයි වෛද්‍ය සේනක ගුණතිලක.
ඒ වගේම සේනක doctor සඳහන් කරල තිබුන හැම ගෙදරකම ජංගම දුරකථන කිහිපයක් තියෙනව (ඇත්තනෙ පෙරපාසල යන එකා ලඟත් touch screen) නම් හැම ගෙදරකම බයිසිකලයක් තිබුනොත් නරකද කියල. ගෙදර තියල තියන්න නෙමේ හැමදෙනාගෙම පාවිච්චියට..