එක කාලෙක ඇහිච්ච, හොයාගෙන ඇහුව, තාමත් අහද්දි දැනෙන සුපිරි ඉංග්‍රීසි සින්දු දෙකක්.

No Promisesහි නිරූපිකාව

එකක් No Promises. Shayne Wardගෙ. ඔහුගෙ කඩවසම් බව වගේම රූප රචනයේ හිටපු යුවතියටත් ගොඩක් ඇලුම් කළා ඒ ගීතය නිසා. ඒ වගේම සරල රූප රචනය ඉතාම ලස්සනට ගීතයට එක් කර තියෙනවා.



 

Shania Twain රූප රචනයේ

අනික Shania Twainගෙ You're Still The One සින්දුව. අර සින්දුවට වගේම මෙයටත් ඉතාම ලස්සන හා සරල රූප රචනයක් යොදල තියෙනවා. මේ සින්දුව නිසාත් ඇයව රූප රචනයට යොදා ගත් විදිහ නිසාත් ඇයගෙ සින්දුව, රූප රචනයට මෙන්ම ඇයටත් මන් ගොඩක් ඇලුම් කරන්න හේතු උනා. අනෙක් කාරණේ රූප රචනාව වර්ණ නොමැතිව (තනි වර්ණයකින්) කර තිබීමත් ගීතයේ අර්ථයට වඩාත් දායකත්වයක් දක්වන බවයි මට හිතෙන්නෙ.


No Promises - රූප රචනය

You're Still The One - රූප රචනය

No Promises -



You're Still The One -




         මේ විරිඳු කවිය වෙන වැඩකට පරණ එකතුකරපු පත්තර ගොඩක් අදිද්දි තිබිල හම්බු උනේ. එදා තරුණයාගෙ ආදර හිත සරලව පැහැදිලි වෙනවා මේකෙන්. ගොඩක් අය දන්නවා මේක කියන්නෙ සහන් ජයවර්ධනව රූපෙන්. නමුත් ඇම් පී ගුණදාසගෙ ප්‍රවීණ කවියාගේ පුතා කියල ගොඩක් අය දන්නෙ නැහැ.

රූපය - අන්තර්ජාලයෙන්

ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බටදඬු නලා

ජයපැන් බොන සෙබල රැලක් - විලසට හඩ තල තලා

රසකර මම පවසනෙමි - මිණි කිංකිණි සොලවලා

අසනු මැනවි අසනු මැනවි - අසනු මැනවි තුටුවෙලා

 

පරයන ඉඳුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට

වසඟ නොවන් මෙහි කවුරුද - නෑනගෙ එක බැල්මට

පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලි පෙරන්

පාසල් යන දෙවැට දිගේ - නෑනා මගෙ රත්තරන්

මම කැමතියි නෑනට //

 

මැල්ලුමකට වල් පළා - නෙලන්න සිහිනිඟ සලා

යන විට රණ මොණරි වගේ - මගෙ හද කුල්මත් කළා

අඩසඳ වන් නළලතේ - චන්දන තිලකය ඇතේ

සිකිපිල වැනි වැනි කෙස් කළඹද - කිතුල් රෑන පැරදෙතේ

මම කැමතියි නෑනට //

 

මුහුදෙහි රළ පෙල ගැසී - ගමන සදිසි යන ලැසී

ඇගෙයි මගෙයි ආදරයට - ආසිරි මල් වැසි වසියි

නහැඹුල් හද කිතිකැවී.. නව රසදුන් සරසවී

මගේ දුප්පත් පැලේ ඉන්න - එනවද මධු මාධවී

මම කැමතියි නෑනට //

 

ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ

කිරි පැණියි වගේ ඉන්න - එන්නද මගෙ වස්තුවේ

කරදර බාධක මැද්දේ - දිවි ගග පහලට ඇද්දේ

ගල් පර දැක පෙරමුණේ - මොන නදිය ද නැවතුනේ

මම කැමතියි නෑනට //

 

හසරැලි නැත්තම් මුහුණේ - සිතුවිලි ලස්සන ද නැතේ

වේදනාව නැති ලොවේ - ජීවිත රසවත් නොවේ

ගන්නට ඔබ වාඩුවක් - නැහැ මට ඉන් පාඩුවක්

හදමුද අපි කූඩුවක් - වෙමුද පරවි ජෝඩුවක්

මම කැමතියි නෑනට //

රූපය - අන්තර්ජාලයෙන්


ඇමරිකාවේ කළු ගෘහස්ථ සේවකයින් එදා ගත කළ ජීවිතය. අද සිවිල් අයිතීන්, මානව හිමිකම්, සමානාත්මතා ආදිය කතා කලත් පෙර ඇමරිකා එක්සත් ජනපදයේ එක් අඳුරු කාල පරිච්ඡේදයක් ගැන කියවෙන චිත්‍රපටියක් තමයි The Help (2011). මිසිසිපි ප්‍රාන්තය මේ වකවානුවේ (60 දශකය සහ ඊට පෙර) දැරුවේ, ක්‍රියාත්මක වුනේ කළු මිනිසුන්ට වඩා සුදු මිනිසුන් උසස් බවයි. ඒ වර්ණභේදය නීතියෙන් ද එසේම පිළිගැනිණි. ඉතින් මේ රදල සුදු මිනිසුන්ගේ වහලුන් වූ, සේවකයින් වූ, ගැත්තන් වූ කළු මිනිසුන් එදා විඳි පීඩා, දුක් වල එක් පැත්තක් අපූරුවට මේ චිත්‍රපටයෙන් පේනවා දෙයි. එදා ඔවුන්ව උදව්වට ඉන්නා අය විදිහට හැඳින්වූ නිසා ඒ නමම චිත්‍රපටියට යොදා ගෙන තියෙනවා.

සත්‍ය කතාවක් ඇසුරින් ඒ නමින්ම නිකුතු වූ නවකතාවක් පාදක කරගෙන මේ චිත්‍රපටිය නිපදවූ බව තමයි වාර්තා වෙන්නෙ. අධ්‍යක්ෂණය Tate Taylor වන අතර ඉතා දක්ෂ ලෙස රංගනයේ යෙදෙන Octavia Spencer Viola Davis, Emma Stone හැම දෙනාගේම පැසසුමට ලක් වෙනවා. ඒ වගේම දක්ෂතම සහය නිළියට අයත් ඇකඩමි සම්මානය ලබා ගැනීමට වගේම වෙනත් උළෙලවල් ගණනාවක නිර්දේශයන්ට හා සම්මානයන්ට පාත්‍ර වුනු Box Office හිට් එකක්. Rotten Tomatoes 76% කුත්, IMDB වල 8/10 ලබා ගන්නවා.

නීත්‍යානුකූල මාධ්‍යවේදියෙකු හා ලේඛකයෙකු වීමට උත්සාහ දරන ඉයුජීනියා ස්කීටර් අනෙකුත් ගෙවල්වල, කළු සේවිකාවන්ට දක්වන අඩු සැලකිල්ලි, පහත කිරීම් අතරෙ තම ගෙදර වැඩට සිටි හා තමන් කුඩා කලා සිට හදාවඩාගත් කළු සේවිකාව තමන් නැති අතරෙ නෙරපා දැමීම නිසා වේදනාවට පත් වෙනවා. මේ වේදනාව සුදු කාන්තාවන්ගේ තවත් කෲර වැඩ නිසා පලි ගැනීමේ අදහසක් දක්වාද දුර යනවා. ඒ අදහස කළු සේවිකාවන්ට වන දුක්ගැහැට රහසිගතව එකතු කොට නිර්නාමික පොතක් හැටියට එළිදැක්වීමත් එක්ක ඇය සඵල කර ගන්නවා. The Help (2011) චිත්‍රපටයේ සාරාංශය ඔහොමයි.


චිත්‍රපටියට හාස්‍ය රසය එක් කරන්නද කොහෙද Celia Rae කියන චරිතය ඕනවට වඩා වැඩියෙන් ඒ පැත්තට යොදා ගෙනද මන්ද. ඒ වගේම ඇය වෙන පලාතකින් ආවත් කළු සේවිකාවන්ට දක්වන යහළුකම හා වෙනසක් නැති කම ටිකක් වැඩි වගේම අයගෙ සැමියත් කිසිම වෙනසක් නොපෙන්වීම ටිකක් අමුතුයි.

ඒවගේම අන්තර්ජාලයේ සැරිසරද්දී දැකගන්න ලැබුන ප්‍රධාන කළු චරිත රඟපාපු දෙදනා පස්සේ ඒ චිත්‍රපටියෙ රඟපෑම ගැන පසුතැවුණු කතාවකුත්.. ඇත්තද නැත්තද හරියටම දන්නේ නෑ. ඒ කොහොම උනත් ඉතා දක්ෂ රඟපෑම් සහිත මේ චිත්‍රපටිය ලෝකයේ එක් කාලයක හා සමහර විට තවමත් සිදුවන එක් සමාජ නොහොඹිනා කම්, පිරිසක් සුළුකොට තැකීම ගැන හරි අපූරුවට කතා කරනවා දැක ගන්න පුළුවන්.

 අද ලෝක ළමා දිනේ නිමිත්තෙන් ඉතින් ළමයි සම්බන්ධ කතා දෙකක් එකතුකරන්නම්...

  


ඔන්න එකෝමත් එක රටක ගෙදර වැඩ පහසුව තකා ළමයි බලා ගන්නා රොබෝ කෙනෙක් මිලදී ගන්න දෙමාපියන් හිතුව. දැන් ඔන්න රොබෝ, පාඩම් වැඩ කියාදීම කරනවා ලමයව බලාගන්න අතරේ. ඒත් මේ ළමය හරියට බොරු කියනවා. ඒක නිසා දෙමව්පියො දෙන්න තීරණය කරා රොබෝගෙ එන බොරු කිව්වොත් දඬුවම් දෙන ස්විච් එක ක්‍රියාත්මක කරන්න... දියුණු රොබෝ කෙනෙක් නේ.

   රොබෝ දඬුවම් දෙන විදිහට ක්‍රියාත්මක කල දවසෙ හවසම සද්දයක් ඇහුන. දෙන්නම දැනගත්ත ළමය බොරු කියන නිසා ගුටි කෑව කියල. අම්මට තරහ ගිහින් ළමයට හොඳටම බනිනවා දැන්. එතකොට ළමය කිව්ව ‘අම්මේ මං ආයි බොරු කරන්නෙ නෑ. මේ රොබෝ අයින් කරන්න’ කියල. ඒපාර තවත් ගුටියක් ළමය කෑවා රෝබෝගෙන්. අම්මට තවත් කේන්ති ගිහින් තාත්තට කිව්වා මේ ගැන පොඩ්ඩක් බලන්න කියල. තාත්ත ඇවිත් කිව්ව ‘පුතේ පොඩි වයසේ ඉඳල ඔහොම බොරු කියන එක හොඳ නෑ. තාත්තනං ඔයාගේ වයසේ ඔහොම නෑ’ කියල ඉඳගෙන ඉන්න කොට රොබෝ ඇවිත් තාත්තට පාරක් ගැහුවා. තාත්ත ලැජ්ජාවෙන් අම්ම දිහා හොරෙන් බලනකොට අම්ම ආයෙම කෑ ගහන්න ගත්ත ‘ඔය පේන්නෙ ඔහෙගෙ පොඩි කාලේ හැටිත්.. ඉතින් තමුන්ගෙ ළමය හැදෙයිද වෙන විදිහට’ කියල ඉවර වෙන්නත් කලින් රොබෝ අම්මටද පාරක් එල්ල කළා..

1 - රූපය අන්තර්ජාලයෙන්


**********


   මේක ප්‍රංශ කතාවක්. ඔන්න දවසක් ප්‍රාථමික භාර පන්ති ගුරුතුමිය ළමයින්, ගොඩක් සත්තු ගැන ඉගෙනගෙන තියෙන නිසා කැන්ගරුවන් ගැන අද කියල දෙනවා කියල හිතුව. හරි ළමයි මට දන්න අය කියන්න මේ සතා ගැන කියල ගුරුතුමිය ඌගේ රූපයක් පෙන්නුවා. දැන් එක එක ළමය දන්න ඒවා කියනවා. ඔය අතරේ තව ළමයෙක් කිව්වා ටීච ඌට ඕන උසක් පනින්න පුළුවන් කියල. ආ කවුද පුතාට කියල දුන්නෙ... ගොඩක් දුර, උස කැන්ගරුවන් පැන්නට උන්ටත් උපරිම සීමාවක් තියෙනවා. හරි දැන් කියන්න පුතා දන්නව නේද අපේ රටේ තියෙන Eiffel කුළුන. ආ පුතා කියන්න ඒකටත් වඩා උඩින් කැන්ගරුවන්ට පනින්න පුළුවන්ද කියල.

ළමය ගත් කටටම ඔව් කිව්වා. එතකොට ගුරුතුමිය පුදුමයෙන් ඒ කොහොමද කියල ඇහුව. එතකොට ලමය කිව්වා ටීච Eiffel කුළුණට මොනම උසක්වත් පැනගන්න බෑනේ, එකතැනමනෙ. 

2 රූපය - අන්තර්ජාලයෙන්


 

රූපය - අන්තර්ජාලයෙන්

මේ කතාව ඉංග්‍රීසි බසින් කොහි හරි තිබුණ මතකයි. හරියටම ඉතින් මතක නැති නිසා ඒ කතාවමද නැත්තං වෙන කතාවක්ද කියල කියන්නත් බෑ. ඉතින් ඒ නිසා පුවත්පතේ තිබ්බ ඒ කතාව ඒ විදිහටම දාන්නම්..

මේ කියන කාන්තාවගේ නම් ලින්ඩ අය දවසක් සාප්පු සවාරියක් ගියා. තමන්ට ඕන කරන හැම දෙයක්ම තියෙන සාප්පුවකට ගොඩවෙච්ච ඇය බොහොම නිදහසේ තමන්ට ඕන කරන බඩු මුට්ටු ටික තෝර ගත්තා. ඊට පස්සෙ බිල ගෙවන්න කවුන්ටරේ ලඟට ඇවිත් මුදල් පසුම්බිය ඇරියම කැෂියර් දැක්ක පසුම්බිය ඇතුලෙ, ගෙදර tv රිමොර්ට් එක තියෙනවා. දැන් කැෂියර්ට හරිම කුතුහලයක්. මේක හංගගෙන ඉන්න බැරිම තැන කැෂියර් ඇහුව.. “මැඩම් යන යන හැම තැනම ඔය රිමොර්ට් එක අරගෙන යනවද?. “අපෝ නෑ.. හැමවෙලාවකම නෙමෙයි.. අද මගේ හස්බන්ඩ් මාත් එක්ක shopping එන්න බෑ කිව්ව. මොකද දැන් world cup එකනෙ. මම එයාට හොඳ පාඩමක් උගන්වන්නම් කියල හිතාගෙන මේ රිමොර්ට් එක අරං ආව”.

පාඩම - ඔබගේ බිරිඳගේ විනෝදාංශවලට සහ අවශ්‍යතාවලට සහයෝගය දී ඇය සමග ඉන්න.

ලින්ඩගෙ කතාව අහපු කැෂියර්ට හොඳටම හිනා. ඒත් කැෂියර් ඇය ගත්තු හැම බඩුවක්ම මේසෙ උඩින් තියන්න ගත්ත.  ලින්ඩ දැන් පුදුමයෙන් වගේ ඒ දිහා බලාගෙන ඉන්නවා. “මොකද ඔය කරන්නෙ.. මං ඕව ගෙදර ගෙනියන්න ගත්ත දේවල්නෙ”. “සමාවෙන්න මැඩම්.. මහත්තය මැඩම්ගෙ credit card එක block කරල” කැෂියර් කිව්ව.

පාඩම - හැම වෙලාවෙම ඔබගෙ සැමියගෙ විනෝදාංශවලටත් ගරු කරන්න.

ඔය වෙලාවේ ලින්ඩ මුදල් පසුම්බිය ඇදල තවත් credit card එකක් එළියට ගත්ත. “මේක හස්බන්ඩ්ගෙ එක.. අවාසනාවට මේක block කරන්න අමතක වෙලා”. ලින්ඩ බොහොම ජයග්‍රාහී ලීලාවෙන් කැෂියර්ට එහෙම කිව්ව.

පාඩම - ඔබේ බිරිඳගේ බලය සහ මොළය අවතක්සේරු කරන්න එපා.

ඔන්න දැන් ලින්ඩ කැෂියර්ට දීපු credit card පතින් ගෙවන්නයි හදන්නෙ. ඒත් ඔන්න එකපාරටම මැෂින් එකෙන් පණිවිඩයක් එනව මෙන්න මෙහෙම. මෙය භාවිත කිරීමට ඔබේ ජංගම දුරකතනයට ලැබුණු රහස් අංකය ඇතුළත් කරන්න කියල.

පාඩම - පිරිමියා පැරදෙන්න යනකොට මැෂින් එක පවා ඔහුව බේරා ගන්නා ඉදිරිපත් වෙනවා.

ඊළඟට ලින්ඩ කැෂියර් එක්ක ලස්ස්සනට හිනා වෙලා බෑග් එකට අත දාල ගත්ත ජංගම දුරකතනයක්. ඔන්න ඒකෙ තියෙනව මේ දැන් ආපු මැසේජ් එක. “මේ ගෑනි හස්බන්ඩ්ගෙ ෆෝන් එකත් අරගෙන ඇවිත්, ෂොපින් කරද්දී එයාට කෝල් කර කර කරදර කරයි කියල”. කැෂියර් එහා පැත්තෙ හිටපු කැෂියර්ගෙ කනට ලංවෙලා රහසින් වගේ එහෙම කිව්ව. ඊට පස්සෙ ලින්ඩ තම සැමියගෙ credit card පතින් බිලත් ගෙවල බඩුත් අරං සතුටින් ගෙදර ගියා.

පාඩම - අපේක්ෂා සහගත විදිහට බිරිඳව අවතක්සේරු කරන්නට එපා.

තවම කතාව ඉවර නෑ හොඳේ. ලින්ඩ ගෙදර එනකොට සැමියගෙ කාර් එක නෑ. ඒ මදිවට ගෙදර දොරේ පුංචි පණිවිඩයකුත් ලියල අලවල. “මට රිමොර්ට් එක හොයාගන්න බෑ. මං යාළුවෝ එක්ක එළියට යනවා match එක බලන්න. ගෙදර එනකොට රෑ වෙයි. ඔයාට මොනවහරි ඕන නම් මගේ ෆෝන් එකට කෝල් කරන්න”. ලින්ඩට දැන් කරන්න දෙයක් නෑ. හස්බන්ඩ්ගෙ ෆෝන් එකත් ඈ ගාව. ඒ මදිවට හස්බන්ඩ් ගිහින් තියෙන්නෙ ගෙදර යතුරත් අරං.

පාඩම - හැම වෙලාවෙම ඔබේ සැමියාව පාලනය කරන්නට යන්න එපා. ගොඩක් වෙලාවට දිනන්නෙ ගැහැණියට වඩා පිරිමියායි.

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්