මට උන ඇබැද්දි සහ ඒවා විසඳගත් මං (මං කිව්වෙ මෙතන මග හොඳේ)

සාමාන්‍යයෙන් බස්පට වගේ මට ලොකු කොම්පීතර් දැනුමක් නැහැ. ඒත් දන්ට දෙයින් ජාමේ බේරං වසනව. ඔය විදිහට වසනකොට ඇති වෙන පුරස්න වලට හොයාගත්ත හා ලැබුණ උත්තර මේ විදිහට පොස්ටුවකින් දිග හරින්ට හිතුව. සමහර කරුණු කාරණා අනෙක් අයටත් වැදගත් වෙයි කියල හිතිල...

මුලින්ම blog පැත්තෙන්ම පටන්ගන්නං... මූ අපිට බ්ලොග් කියල දෙනවද කියල ඒම හිතන්ට එපා පෙන්ඩ්ස්


ගොඩක් අයගෙ blog (blog theme) එක screen එකෙ ගානට සෙට් වෙන්නෙ නෑ. 4/3ක් වගේ තමා පෙන්නන්නෙ. ඒ නිසා මේක හදා ගන්ට ‘වම් පැත්තෙ තියෙන Main Menu එකේ Theme වලින් අපි ගත්ත theme එක ළඟ පෙන්නන customize බටන් එකෙන් ඇතුළට ගිහින් තියෙන Adjust widths වලින් හදා ගන්න පුළුවන්. වැඩි ඉඩක් post එකටත්, sidebar වලට යන අඩුම ඉඩත් බලල දෙන්න.

එතනම පහල තියෙන Layout එකෙන් කොලම් (column) ගණන හදා ගන්න පුළුවන්.. 2ද 3ද කියල. වඩාත්ම හොද, post එක ඇරුනහම තව එක කොලම් එකක් තියෙන එක.. කැමති පැත්තක. එතකොට blog කියවන කට්ටියට ඒක පහසුවක්. column 2,3ක් තිබ්බත් ගැටළුවක් නෑ ඉතින්. හැබැයි එතකොට post එකේ font සයිස් එක වැඩි කරන්න වෙනව ටිකක්. ඒ වගේම font කලර් එක background පාටට ප්‍රතිවිරුද්ධ පැහැයක් උනොත් ඒක කියවන කෙනාට තවත් ලේසි වෙයි.

--------

ආයෙ 3rd party template එකක් භාවිතා කරනවා නම් ඒක load වෙන්න යන වෙලාව වැඩිද කියල බලන්න ඕන. ඒ වගේම post එකට දාන photo බර වැඩි (high quality) නම් ඒවා අඩු කරන්න ඕන. වැඩකෑලි වැඩි සහ load වීම මන්දගාමී නම් කියවන්න එන අය ඒකට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ.

දීල තියෙන theme වලින් notable වගේ ඒවා නොවන Simple, Ethereal, Awesome Inc... වගේ උනොත් එන අයට ඒක පහසුයි. (Tile මාදිලියේ නොවන web ආකාරයේ ඒවා).

--------

එතකොට post එකට වෙන් වෙන column එකට අමතර එන අනෙක් column (sidebar) වල තියෙන්න ඕන අනිවාර්යය දේවල්/ gadget ටිකක් තමා -

Profile කියන gadget - තමුන් කවුද, කියවන අයට දන්වන්න එක (කැමති නම්)

Blog Archive කියල එන ලියපු post පෙලට දක්වන gadget එක. මේක සමහර අයගෙ අන්තිමට තියෙන නිසා එන අය දකින්නෙ නෑ බොහෝ විට.

Labels - වර්ගීකරණ තෝරා ගෙන post කියවන අයට ලේසි වෙන්න

Followers - එන අයට follow කරල අලුත් post ගැන දැනගන්න.

Popular Post - වඩාත්ම එන අය කැමති වූ post පෙන්වීමට

Contact Form - එන අයට පුද්ගලිකව අදහසක්, ගැටළුවක් ලියන්නාට ලබා දෙන්න. මේක ගොඩක් අය නොදාල තියෙන සහ දැමිය යුතු එකක්. මේවා වගේම අනිත් gadget වන adsence, HTML Codes, Image, Text, List... ගැන කට්ටිය ඉතිං දන්නව නෙව...

--------

ගොඩක් අය post එකකට comment එකක් දාන්නෙ Notify me ()ටික් කරල.. ආපු කමෙන්ට් mail එකෙන් බලන නිසා පරණ post වලට දාන අලුත් comment මිස් වෙන්න පුළුවන්. ඒ නිසා Main Menu එකෙන් එන comment සෙක්ෂන් එකටත් ගොඩ වෙලා බලන්න.

--------

ආයේ අපි Header එකට දාන photo එක ගානට fit වෙන එකක් වෙන්න ඕන. නැත්තං blog එකෙ ඉඩෙන් භාගයක්ම අරගන්නවා header photo එකට.

ඉස්සර නම් ගූගලය ගොඩක් ඒවා හදන්න පහසුකම් දුන්න. කස්ටිය නිතර හදාගන්න සහය ඉල්ලන හින්දද වෙන මක්ක හින්දද මන්ද blog පැත්ත බලන්නෙවත් නෑ googleය දැන්.



*****************


කියවන එක auto ලියවෙන software තිබ්බත් ඒවා රාජකාරි තැන, පාසල් වගේ තැන්වල පාවිච්චි කරන්න බැහැ සමහර වෙලාවට... ඉතින් ඒ නිසා අපිට Unicode හෝ normal text විදිහට type කර ගන්නම වෙන වෙලාවල් එනව.

 

සිංහල unicode වලින් type කරද්දී වෙන අකරතැබ්බයක් තමයි සමහර අකුරුත් හා ඉල්පිලි පාපිලි ඇතුව හරියට type කරන්න බැරි වෙන එක. මේකට විසඳුමක් විදිහට වෙන software ආයේ download කරන්න ඕනෙ නෑ windows වල default එනව ‘Charachter Map’ කියල එකක්, එකෙන් පුළුවන් මේ අමාරුවෙන් ගැලවෙන්න. Font ලයින් එකේ ඉස්කෝලේ පොත සිලෙක්ට් කරගෙන පල්ලෙහාට ගියහම හැම අකුරමත්, ඉල්පිලි පාපිලිත් තියෙනවා. mouse එක click කරලා ඕන අකුර, පිල්ලම එතන ගහගත්තා copy කරා අදාළ තැන past කර ගත්ත. මේකට සම එකක් word වල දීල තියෙනව. ඒ නිසා word වලින් මේ වැඩේ කරගන්නත් පුළුවන්.

 

All programe > Accessories > System Tool > Charachter Map. නැත්තනම් search එකේ Charachter Map කියල හොයල ගන්නත් පුළුවන්.

                  ඔය Accessories වල වැඩ පහසු කරන පොඩි පොඩි ගැජට් තියෙනව අපි නොදන්න.

 

ඒ වගේ හදිස්සියකදි unicode software හොයා හොයා ඉන්න බැරි උනොත් google translator එකට ගිහින් එතැන type කරලා ඕන තැන paste කර ගන්න පුළුවන්.

 

ඒ වගේ type කරගත්ත දේ තියෙන්නෙ එකම font style එකකින්. මොකද Iskola Potha ෆොන්ට් එක වෙන font style එකකට කෙලින්ම මාරු කරන්න බැ. මේ නිසා සමහරු සිංහලෙන්ම ඒ කියන්නෙ ‘FMfonts වලින් අමාරුවෙන් උනත් type කරනවා. (පුරුදු අයට නම් ගානක් නෑ. මටත් මුල් කාලේ අමාරු උනා). මේකට විකල්පයක් විදිහට converter software එකක් හෝ online converter එකක උදව් ගන්න පුළුවන්. සිංහල type අමාරු අයට හදිස්සි වෙලාවක මේ ක්‍රමේ බොහොම වටිනවා. කාලෙත් ඉතුරුයි. මේ තියෙන්නෙ ඒ වගේ online converter site එකක්. උඩ තීරුවේ copy කරාම unicode අකුරු පහල තීරුවේ fm type එකෙන් convert වෙලා එනව. එකත් අර විදිහටම අදාළ තැනට copy කර ගන්න විතරයි තියෙන්නෙ. දැන් විවිධ විදිහට සිංහල font භාවිතා කරන්න පුළුවන්. site එක -

https://projects.malinthe.com/converter/ 

 

අර කිව්ව විදිහට නැතුව සමහරු පුරුදු වෙලා ඉන්නවා සිංහලෙන්ම.. ඒ කියන්නෙ FM fonts වලට අමාරුවෙන් හරි හුරු වෙලා (රජයේ ලිපි ලියන තැන්වල වගේ) කරන අය එයාටල මේ software ලේසියෙන්ම install කරගෙන ඉස්පිලි, පාපිලි හරියට නොඑන ප්‍රශ්නෙ වලක්ව ගන්න පුළුවන්. පොඩිම පොඩි pluging software එකක් වගේ හින්ද ram එකට දැනෙන්නෙත් නෑ. (සමහර virus guard වලින් block කරන්නත් පුළුවන්. එත් virus නොවන හින්ද guard එක පොඩ්ඩක් ස්ටොප් කරලා මේක ඕන් කරලා ආපහු guard එක run කරත් කිසිම ගැටළුවක් ඇති වෙන්නෙ නෑ). Software එකේ නම KeyRep. මෙන්න ගන්න -


ඒවගේම තමයි අපි ගහගත්තු screenshot එකක හරි scan කරගත්ත file එකක තියෙන පැහැදිලි ඉංග්‍රීසි කොටස් හෝ පොත් පිටු කොහොමද word file එකකට, text එකකට ගන්නෙ කියන එක ප්‍රශ්නයක්. මේකනම් කාර්යාල හා පාසල් අයට ගොඩක් වැදගත්. මොකද දිග වැඩි එකක් type කර කර ඉන්නත් බෑනෙ. එතකොට මෙන්න මේක කරන්න පුළුවන්. මේකට අපි ගාව තියෙන windows software පැකේජ් එකේ එන One Onte එකින්.

Open කරා one note එක. insert ගිහින් pictures තෝරලා අදාළ photo එක ගන්නත් පුළුවන් නැත්තන් ඇදල (drag) දාල ගන්නත් පුළුවන්. ඊට පස්සෙ right click කරලා එන menuවෙ copy text from picture දීල. ඊට යටට ගිහින් හිස් ඉඩේ ආපහු right click කරලා paste option වල තුන්වෙනියට ඇති keep only text (T) දෙනවා. ඔන්න එතකොට word format එකෙන් (text වලින්) අර photo එකේ හෝ scan file එකේ තිබ්බ ටික එනව.

 

ඔන්න screenshot එකක් හරි scan කරගත්ත සිංහල එකක් හරි තිබ්බොත් බැරිද අර වැඩේ.. බැරි නෑ. ඒකට කරන්න ඕන අදාළ සිංහල අකුරු තියෙන file එක google drive එකට දාල ඒක right click කරලා google doc කරනවා. ඊට පස්සෙ doc ගිහින් අර උඩ එකේ විදිහට text එකකට අපිට ඕන file එක convert කර ගන්නවා. මේකටයි අර උඩ විදිහටයි දෙකටම ටිකක් පැහැදිලි screenshot හරි scan කරපු එකක් හරි ඕන කරනවා. ඒ වගේම ඒක අඳුරුයි නම් අර FastStone හරි වෙන software එකකින් හරි ලයිට් කරලා අරං convert කර ගන්න පුළුවන්. හෙල්ලිලා වැදිච්ච, බොඳ වගේ අකුරු නම් අමාරු වෙයි... බොහෝ දුරට.


Note, Doc හා Drive පහසුකම ලබා දෙන google


 

සමහර වෙලාවට අපිට අපේ එක එක වැඩ කරගන්න වෙනත් software ඕන වෙනවා... නොමිලේ භාවිත කළ හැකි ඒවා හොයන මං වගේ අයට. ඉතින් මේකට හොඳ හා යම් ආරක්‍ෂිත තැනක් විදිහට දක්වන්න පුළුවන් මේ වෙබ් අඩවිය. එයින් පුළුවන් හොඳ සොයා ගැනීමක් කර ගන්න තමුන්ට අවශ්‍යය කරන software එක. Site එකේ නම file Hippo. මෙන්න -



 

 සමහර විට අපිට photo වල සුළු සුළු සංස්කරණ කරගන්න ඕන වෙන වෙලාවල් එනව. මේ free software එක ඒකට කියාපු විසඳුම. ඒ වගේම professional වැඩ කරන අයත් මේක භාවිතා කරනවා සමහර ලේසි වැඩ කරගන්න. මාත් photoshop වලින් කරගන්න පුළුවන් උනත් මේකෙන් කරගන්න වැඩ තියෙනවා.. පහසුව නිසා. resize, contact sheet, slideshow, watermark, වගේ දේවල් වලට. අනික මාදිලි ගණනාවකින් තියෙන photo document මේකෙන් පහසුවෙන් නරඹන්න පුළුවන් (psd, video file පවා) කිසිම stuck වීමක් නැතුව.. screenshot ගහන්නත් පුළුවන්. (මුකුත් නැති/ හදිසි වෙලාවක screenshot ගහගන්ට ඕන උනොත් PrtSc SysRq බට්න් එක click කරලා paint, word වගේ default එන වැඩසටහනක open වෙලා තියෙන pic එක උඩ past කරන් save කර ගන්ට පුළුවනි). පින්තූරයක් oil paint, sketch, Bump Map වලට හරව ගන්න පුළුවන් එක click එකෙන්. මෙන්න -


සමහර වෙලාවට කෙනෙක්ට ඕන වෙන්න පුළුවන් video එකක audio එක විතරක් අයින් කරලා ගන්න. මේකට ලේසිම software එක තමයි ගොඩ දෙනෙක් ගාව තියෙන movie, music video බලන VLC player එක. මේකේ CTRL + R (නැත්තං fist බාර් එකේ තියෙන media එකේ මැද හරියට වෙන්ට convert /save කියල තියේ) ටයිප් කරාම converter panel එක එනව. එකෙන් video to audio විතරක් නෙමේ අවශ්‍යය වෙන වෙන හැඩයන් වලට තමුන් ගාව තියෙන media file හරව ගන්න පුළුවන්. ඕන නම් setup එක -

 



මටනම් මේ අවුල වෙලා තියෙනවා. මොනා හරි ගණන් ටිකක් එකතු කරලා, අඩු කරලා පස්සෙ වෙන ගානක් හදල ඉවර වෙනකොට ඉස්ස‍රින්ම ආපු පිළිතුර ඕන උනොත්.. අමතකත් වෙලා. මේකට windosල දෙන cal එකේ option එකක් තියෙනවා default එන්නෙ නැති. Cal එක open කරලා view ගිහින් මැද හරියේ තියෙන history එක click කරන්න නැත්තන් CTRL + H ඔබල history ගන්න. ඒ mood එක අරං ඊට පස්සෙ හදන ගණන් වලදි තමා පිටිපස්සට (back) යන්න පුළුවන්. ඒ නිසා නිතරම ඒක දාගෙන තියා ගන්න එක ඇඟට හොඳයි. මටනම් මේක සෑහෙන උදව්වෙලා තියෙනවා.

 

අර උඩින් කිව්වා විදිහට නැතුව සමහර අයට ඕන වෙනවා තමුන්ටම video එකක් හදා ගන්න හරි video එකක් edit කරන්න හරි. එකට තියෙන සරල හා දියුණු software එකක් හැටියට මම දකින්නෙ windows Xp වල එන Windows Movie Maker. ඉතින් මේක තියෙයි ඈ අනෙත් windows වල... එහෙනම් මෙන්න... ලේසියෙන්ම video edit කරගන්න.


 

MP3 එකක් cut කරගන්න ඕනද..?. මේ Software එක තිබ්බට කිසිම stuck වීමක් නෑ computerරේ. video edit කරන එක පෙන්වල audio edit කරන්න හැටි නොකිය බෑනෙ. නේ..


 

මැකී ගිය file මොනාහරි නැවත ගන්න ඕන උනොත්..

Pandora Recovery හා Recuva - Recovery Software

 


 

අවසානෙට ලියා තබන වග නම් -

අවසානෙ දෙයක් මතක් කොරන්ට මේ හැදුවෙ. අපි ගාව තියෙන ඔය මෘදු යැයි සලකන ware වලින් අපි නොකරගන්න සමහර වැඩ කෑලි කොරගන්න පහසුකමත් තියේ. නොදන්න කොම හින්ද ඉතින් මග ඇරෙනවා.. ටිකක් ඒ software අතපත ගාල බැලුවොත් හොයා ගන්න පුළුවන් වෙයි ඒ වගේ කලින් නොදන්න වැඩ කෑල්ලක්. Software එක අනිප්පැත්ත ගහල බැලුවත් අවුලක් නෑ නොවැ මොකද ඔය හැම මුරුදුකාංගයෙම එනවනෙ default කියල පෙර හිටිය තැනටම ගාටන්න පුළුවන් විධානයක්. හැබැයි කෝකටත් පරිස්සමින් හත්පොලේ ගාගෙන software එක කම්බස් උනොත් මං නෑ... ඕන්නං ඔය රෑ බදුලු බස්පව හරි, වැම්පයර ඩ්රකි හරි, පංච කෙලින නිදියව හරි අල්ල ගන්නට ඒකයි ඇත්තෙ. මං ලිස්සුව.. (මෙතැන මං කිව්වෙ මටම තමා.. ඈ)

 

රූපය - අන්තර්ජාලයෙනි

ඊයේ සැන්දෑවේ රාවල්පිණ්ඩි නගරයේ පොත් සාප්පුවකට ගොඩ වැදුන මම, පොත් බර තොගයක් ම මිලට ගතිමි. සාප්පුවෙන් එලියට පැමිණි මට, මද ඇසිල්ලකින් ම පොත් මිටියේ බර දැනෙන්නට විය. මා වටා දක්නට ඇත්තේ හැඩට වැඩට ඇඳ පැළඳ ගත් ජෙත්තුකාරයින් ය. ඇත්තම කියනවානම්, මගෙ වැදගත් ධනපති තත්වය ගැන කල්පනා වූ මට, ලැජ්ජාවක් ඇති විය. බටහිර පන්නයේ ඇඳුම් ඇඳ සිටින මට බර පොත් මිටියකුත් උසුලාගෙන ගමන් කළ හැකිද? ඇත්තටම බැරිය. වට පිට බැලුවද කුලී කාරයෙකු ළඟ පාතක නැත. සාප්පුවෙන් මදක් පිටත පැකිලෙමින් සිටින විට, මා පිටුපසින් අසුනේ බයාදු හඬකි.

බාබුජී, මම පාර්සලය ගිහිල්ල දෙන්ඩ ද?

වටපිට බලන විට මා දුටුවේ සිනාසෙමින් මා දෙසට පැමිණෙන කිලිටි මුහුණකි. එහෙත් අලුත උපන් දරුවෙකුගේ අහිංසකත්වය එම කිලිටි තලයෙන් වැසී තිබුණේ ය. මේ මුහුණේ අයිතිකාරයා, බොහෝ ම මෑත දී මහ පොළෝ කුහරයෙන් එලියට පැමිණියෙකු විය යුතු ය.

හොඳයි, එහෙනම් මේක බස් එක ගාවට ගිහිල්ල දෙන්ඩ. මට පරණ ටවුමට යන බස් එක අල්ලගන්න තියෙනවා... ආ මෙන්න..” සාක්කුව අත ගෑ මම, පයිසා දහයේ කාසියක් ඔහු අත තැබීමි. කාසිය ඔහු අත තැබූ පසු මා තුළ හටගත්තේ ආත්මාභිමානයකි. මා මේ මිනිහාට වැඩේට කලින් ම කුලිය ගෙවා ඇත. ඔහුගේ විශ්වාසය ඇති වන්නට, එය හේතුවක් නොවේද?

බාබු සහීබ්, මට දැන්මම සල්ලි ඔනැ නෑ” කියමින් සිය අන්ඩ දැමූ අත් කොට කබායේ කිසියම් තැනක කාසිය ඔබාගත් හෙතෙම, අහිංසක ලෙස සිනාසුණේ ය. මේ මිනිහා වැදගත්යයි ද අවංකයයි ද මම සිතේ සනිටුහන් කර ගතිමි. සෙනග අතරින් වක ගැසී ඉදිරියට ගමන් කළ හෙතෙම, අන්තිමේ දී බසයට ගොඩ නැගී හිස් අසුනක් මත පාර්සලය තැබීය. මෙම පෞරාණික වාහනයේ ඉඩ ඇති අසුනක පහසු ලෙස හිඳගත් මට, මොහොතකට සියල්ල අමතක විය. වාහනය ගැස්සෙමින් ද පැද්දෙමින් ද පරණ නගරයේ අබලන් පාර දිගේ ඇදෙන්නට විය. හදිසියේම මා දුටුවේ මා දෙස බලා සිටින මගේ කුලී කාරයා ය. මම ඔහුට, මා සිටි අසුනේ බිඳක් ඉඩ දුනිමි. එහෙත් හිස සෙලවූ ඔහු මා ලඟින් ම බිම වාඩිවූයේ තුටු පහටු සිතිනි.

ඇයි, තමුසෙ බහින්නෙ නැද්ද?” මේ මිහිහාගේ ගුප්ත සිනහව තේරුම්ගත නොහැකිවූ මම, ඔහුගෙන් විමසුවෙමි. මලානික කම්මුල් මත තැවරී තිබුණු කුණු තට්ටුව මත වුව, ඔහුගේ පහන් සිනහව පැතිර ගියේ ය.

මාත් යන්නෙ පරණ ටවුමට” ප්‍රිය උපදවන හඬින් කී ඔහු මා දෙස බලා විරිත්තීය.

එතකොට තමුසෙගෙ නම?”

රාසුල් ජූ, ඔහු යලිත් සිනාසුණි. කොන්දොස්තර පැමිණි විට මම ටිකට් දෙකක් ම ගතිමි. එකක් රාසුල් ජූ අතේ තැබූ විට, ඔහුගේ දෙනෙත කෘතවේදී සිනහවකින් උතුරා ගියේ ය. රාජා බසාර්හි දී බසයෙන් බට මම, පොත් ටික ද කිහිලි ගසා ගෙන පදික වේදිකාව දිගේ ගමන් කරන්නට වුයෙමි. දැන් මා සිටින්නේ මට හුරු පුරුදු පරිසරයේ ය. එබැවින් කිසිවෙකුට කිසිවක් ඇඟවීමට කිසිම වුවමනාවක් ඇත්තේ නැත.

මද ඇසිල්ලකින් කිසිවෙකු මා පසුපස එතැයි මට දැනෙන්නට විය. ගැට කපන්නෝ සහ මං පහරන්නෝ මගෙ සිතෙහි මැවෙන්නට වුහ. මොකකටත් මම කමිස සාක්කුව අත ගා මුදල් පසුම්බිය ඇතිදැයි බැලුවෙමි. එය එහි විය. සැනසිලි සුසුමක් හෙළු මට යළිත් දැනුණේ කිසිවෙකු මා ලඟට ම පැමිණ සිටින බව ය.

කිසිම හෙවනැල්ලක් මා ඉදිරියට නැමෙයි. කහ පැහැ ගැන්වුණු දත් දෙපෙළ පාමින් සිනාසුනු කෙනෙක්, කිහිල්ලේ තිබුණු මගෙ පාර්සලය තමා අතට ගත්තේ ය. කලින් පැවති භීතිය වෙනුවට දැන් මා තුළ ඇත්තේ සැකයත් නොරිස්සුන්කමත් ය. ‘මේක තමුසෙගෙ පුරුද්දක් ද?’ පාරෙ යන මිනිස්සුන්ගෙ පාර්සල් බලෙන් උස්සන් යන එක?’ මා විමසුවේ සාවඤ ලෙස ය. මේ වන විට රාසුල් ජූ මගෙ පොත් මිටිය ඔහුගේ උරහිස මත තබාගෙන අවසන් ය.

බාබු සහීබ් කොහෙටද යන්නෙ?” බැගෑපත් ලෙස ඔහු මගෙන් විමසී ය.

මහ පල්ලිය ගාවට. ඔහේ කොහේ ද යන්නෙ?”

මං යන්නෙත් මහ පල්ලිය ගාවට, බාබුජි

මට හමුවී ඇත්තේ කරදරකාරී චරිතයක් බව ඔබට අමුතුවෙන් පැවසීමට දැන් අවශ්‍ය නැත. මේ මිනිහා අමතර කාසියක් දෙකක් සොයා ගන්නේ මොන තරම් දක්ෂ ලෙස ද? මේ මිනිහාට මීට වඩා මා තම්බන්නට ඉඩ දිය යුතු නැත. පයිස පනහකට වැඩියෙන් තබයක්වත් මම මිනිහාට දෙන්නේ නෑ.

මා ඔහු දෙස බැලුවේ විහිළුකාර ස්වරූපයක් මවාගෙන ය.

"තමුසෙගෙ බඩ ගෙඩිය ඇතුලෙ තියෙන ගින්දරට කන්ඩ දෙන්ඩ, දවසකට කොච්චර ඉන්ධන එකතු කරනවද?”

මා යෙදූ උරුදු ප්‍රස්තා පිරුළේ කිසිඳු අරුතක් ඔහුට වැටහුණු බවක් පෙනෙන්නට නැත, දූවිලි වැකුණු දෙතොල් හැර නිහඬ ව සිනාසුණු ඔහු තමාගේ දින චර්යාව ගැන දිග හෑල්ලක් කියන්නට වන්නේය. ඔහු කිසියම් කොන්ත්‍රාත් කරුවෙකු ළඟ දවස් කුලියට වැඩ කර ඇත. අන් හැම කොන්ත්‍රාත්කරුවෙකු මෙන් ම, මේ ,මිනිහා ද හොරගෙඩියෙකි. සිය කුලීකරුවන්ගෙන්, දවල් රෑ දෙකේ ම වහලුන්ගෙන් මෙන් වැඩගත් මේ මිනිහා මොකක් හෝ හේතුවක් අල්ලාගෙන කුලීකරුවන්ගෙන් පඩි කපන කලාව හොඳින් දැන සිටියේ ය.

තමුසෙ කොයි පළාතෙද? මගේ අශෝභන පුංචි මිත්‍රයාගේ අතීත වගතුග සොයන රිසියක් මා තුළ ඇති විය.

මම කාශ්මීරයෙන්, බාබු සහීබ්” ඔහු මා සමග පැවසී ය. “අපේ මුල් පදිංචිය ගොපූර්වල. ඉන්දියානු සොල්දාදුවො අපේ ගෙවල් පුච්චලා වගා විනාශ කලාට පස්සෙ, අපි පන්ජාබයට පැනල ආව. දුප්පත් මිනිහෙකුට මේ ලෝකෙ කිසිම හව්හරණක් නෑ, බාබුජි

ඉන් පසුව ඔහුගේ පාළු මලානික මුහුණේ සිනාවක් පහල වූයේ නැත. එහි ඇඳි තිබුනේ වෛරයයි. ඒ වෛරය ඔහුගේම වර්ගයා වෙත යොමු වූවක් ද? එසේත් නැතිනම්, තමා ගොදුරක් බවට පත්ව සිටින මුළු මහත් සමාජ ක්‍රමය කෙරෙහි ම එල්ල වූවක් ද?     හදිසියේ ම නැගී සිටි හෙතෙම, ගැඹුරු කල්පනාවේ නිමග්න විය. ඔහුගේ පෙනුම දාර්ශනිකයකුගේ වැනි වී යැයි මට සිතුණි.

ඔගේ දවසකට කීයක් විතර හම්බ කරනව ද?” ඔහු කෙරෙහි මා තුළ අනුකම්පාවක් හටගෙන ඇත්තේය.

රුපියල් දෙකක් විතර. වැස්සොත් එහෙම කීයක්වත් නෑ. ඒ කියන්නෙ එදාට අපේ ගෙදර සේරම බඩගින්නෙ කියන එකයි. එහෙම දවස්ල්වල අපි වේලිච්ච බාර්ලි ටිකක් කෑමට ගන්නවා.”

රාසුල් ජු මා සමග දැන් කතා කරන්නේ මිත්‍ර ලීලාවකිනි. මදින් මද තමාගේ ජීවිතය ගැන ඔහු කළ විස්තරයෙන් පෑරුණු සිතැති මම, පොදුවේ මිනිසුන්ගෙ ඉරණම ගැන සිතන්නට විය.

රාජා බසාරයේ මහා හන්දියේ දී කවියෙකු හා නළුවෙකු වන මගෙ මිත්‍රයෙක් මට මුණ ගැසුණි. මහ පාර මැදම මා නවතා ගත් ඔහු සිය අලුත්ම දිග කාව්‍යයට සවන් දෙන මෙන් මට බල කරන්නට විය. ඒ වූකලී උර්දු කාව්‍යයෙහි විප්ලවීය වෙනසක් ඇති කරන කෘතියකැයි මගෙ මිත්‍රයා කියන්නට වන්නේ ය. එහෙත් මට නම් සිතුණේ ඔහුගේ කවියත්, පෙම්වතුන්ගේ හමුවීම හා වෙන්වීම ගැන කියවෙන එකම ජාතියේ තවත් කවියක් ලෙස පමණි. කවියේ ඉතිරි ටික පසුව සවන් දීමේ පොරොන්දුව පිට මිත්‍රයාගෙන් ගැලවෙන්නට අන්තිමේ දී මට හැකි විය.

මම වේගයෙන් ඉදිරියට ගමන් කලේ හැකි විගස ගෙදර යන බලාපොරත්තුවෙනි. එහෙත් වැදගත්ම දෙය නැතිවී තිබෙන බැව් මා පසක් කලේ එවිටය. මගේ පාර්සලය! රාසුල් ජු. වියරු වැටුණු කලෙක මෙන් වටපිට බලන්නට වීමි. මගෙ කවි - නළුවා, මා කලින් සිටි තැනම තවමත් සිට ගෙනය. එහෙත් රාසුල් ජු ? ඒ කාලකණ්නියා පේනතෙක් මානයකවත් නැත. මගෙ පාර්සලය ඉතා වැදගත් පුස්තකාල පොත් කිහිපයක් විය. ඒ කිසිවක් කිසිම තැනකින් යළිත් මට ලබා ගත නොහැක. සිහි කල්පනාව නැති වූ මම පදික වේදිකාවේ ඒ මේ ඇත ඇවිදින්නට වීමි. මම දුප්පත්කමත්, දුප්පත් කාලකණ්නි ගැනත් සාප කරන්නට වන්නෙමි. මුළු බසාරය ම මිනිසුන්ගෙන් පිරී ඇත. රාසුල් ජු තබා ඔහුගේ මුහුණුවර ඇති එකෙකුවත් ඒ අතරින් හඳුනාගත නොහැක. දැන් නම් මට උගේ බොටුව වුණත් මිරිකිය හැකිය. දැන් කළුවර වැටී ගෙන එයි. මා අනාතභාවයේ කලුපාට රාත්‍රියක ගිලෙමින් සිටින බවක් මට දැනේ.

මේ වාගේ මිනිහෙකු විශ්වාස කිරීම ගැන මම මටම සාප කර ගත්තෙමි. රාසුල් ජු අතුරුදහන්ව ඇත. එහෙත් ඔහුගේ අවංක මුහුණ මා ඉදිරියේ දර්ශනය වන බවක් මට දැනෙයි. ඒ වුණත් මිනිසෙකුගේ පෙනුම කොතරම් වංචාකාරී ද? මේ මිනිහා හෙරෙහි අනුකම්පා කිරීම ගැන මම මට ම වියරු ලෙස සිනාසුනෙමි. හැම දිසාව ම බලමින් ද කිසියම් ආශ්චර්යකින් මගේ පොත් ටික ආපසු ලැබෙතැයි සිතමින් ද මම ඉදිරියට ගමන් කරන්නට වුයෙමි. මේ පාරේ මා කලින් සිටි මහ හන්දිය වෙත ආපසු ගියෙ නම් මැනවයි මට හදිසියේ ම කල්පනා විය. ඇතැම් විට අර තක්කඩියා එතැන සැඟවී සිටිනවා විය හැකි ය. මම වහා ආපසු දිව ගියෙමි.

මා වටා ගොඩ ගැසෙන රිය පෙළ. එකිනෙක ඇදී යයි. සාප්පු යන ගැහැණු මිනිස්සු අනෙකාගේ ප්‍රීතිය හා වේදනාව ගැන නොසිතා ම එකිනෙකාගේ ඇඟේ හැපෙමින් ඔහේ යති. සාප්පු තුළින් නියෝන් එළිය විහිදෙයි. රිය පෙළ මැදින් නැග එන හඬ මහ ගෝසාවක් බවට පත් වෙයි. ජීවිතයේ කිසි කලෙක නූපන් අසරණභාවයක් දැනෙන්නට වෙයි. මේ වූ කලී කිසියම් කෙනෙකු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් ම මා වරද්දා ගත් මුල්ම අවස්ථාවය. ඒ සියල්ලටම වඩා මගෙ සිත රිදවන්නේ සුරාකනු ලබන නිර්ධන පංතියේ එකකු විසින්ම මා වංචා කරනු ලැබීමයි. ඇත්තටම මේ නම් තිත්ත වස කෝප්පයක් නොවේද? හදිසියේම එය පානය කරන්නට මට සිදු වී ඇත්තේය.

තව දුරටත් රාසුල් ජු සොයා යෑම පලක් නැත. එබැවින් අන්තිමේ දී නිවස බලා යාමට මම තීරණය කළෙමි. මහා පල්ලියත් එහි දීප්තිමත් වර්ණයෙන් සුසැදි කවුලුත් මා ඉදිරියේ නැගී සිටි. පල්ලිය මුදුනේ නගා ඇති ශබ්ද විකාශනයෙන් සංගීතවත් වූ යාඤා හඬ පැතිර යයි. “අල්ලා හ් ඕ - අක්බර්. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක.” රාසුල් ජුගේ වංචාකාරී බවත් මාගේ තකතීරු බවත් හේතු කොටගෙන මා තුළ කෝපයක් නැගි නැගී එයි. “අල්ලා ශ්‍රේෂ්ඨ වන්නට පුළුවන. ඒ වුණත් මිනිහා මොන තරම් ක්ෂුද්‍ර ද? මොන තරම් නීච ද? දෙවියන් වහන්සේ තමන්ගේම පහන දල්වා ගෙන සිටියි. එහෙත් තමන්වහන්සේ විසින් ම ගෙවල්වල පහන් නිවා දැමීම ගැන උන්වහන්සේට නිනව්වක් ඇත්තේ නැත. මිනිහා මවනු ලැබ ඇත්තේ දෙවියන්ගේම ප්‍රතිරූපයෙනි. ඒ වුණත් ඒ ශ්‍රේෂ්ඨත්වය ලෝකයේ තියෙන හැම වෙළද පොලකම වෙන්න්දේසි කරනු ලැබේ.” තිත්ත ස්වරයෙන් මම මටම කියා ගතිමි. මේ අයුරු දිලිසෙන පල්ලියේ හෙවන යට බොහෝ වෙලාවක් මා සිටින්නට ඇත.

 

 

කිසිවෙකු ම‍ට අඬගහන ශබ්දයක් ඇසෙයි. කටහඬද මට හුරුය. හදවත, පිම්බුණු ඊට ඇටවලට වැඩෙනු මට දැනිණි... ඔව් ඒ රසුල් ජුගේ කට හඬය.

බාබුජි පුදුම කෙනෙක් නෙ. මම බසාර් එකේ හැම තැනම තමුන්නාන්සෙව හෙව්වා. තමුන්නාන්සෙගෙ බංගලාව තියෙන තැන දැනගෙන හිටිය නම්, මට පාර්සලය එහෙ තියන්න තිබුණා.”

මම ඔහු දෙස බලා ගත් වනම බලා සිටියෙමි.

තමුසෙ පල්ලිය ඇතුළේ මොනවද කළේ ? යාඤා කර කර හිටිය ද? ප්‍රීතිය නිසා ම ඔහු පපුවට තද කර වැළඳ ගන්නට සිතුණි.

නෑ නෑ බාබු සහීබ්, මම එහෙට ගියේ යාඤා කරන්න නෙමේ. ඔහු විරිත්තමින් කියන්නට වන්නේය. “මම තමුන්නාන්සෙ එනවද බලන්ඩ පඩිපෙළ උඩ ඉඳගෙන හිටියෙ. ඇයි තමුන්නාන්සෙමනෙ කිව්වෙ, තමුන්නාන්සෙ ඉන්නෙ මහා පල්ලිය ගාව කියල.”

වීදිය දිගේ ගමන් කළ මම, රාසුල් ජු ද කැටුව ගෙදර ගියෙමි. දොරට තට්ටු කර ඇරෙන තුරු මොහොතක් බලා සිටියෙමි. ඒ මොහොතේ මා කල්පනා කරමින් සිටියේ, මගෙ කවි නළු මිත්‍රයා විසින් සැබෑ ජීවිතයේ සුන්දරත්වයත්, අවලස්සනත් ගැන කවියක් ලියන්නේ නම් මැනවයි කියාය. මේ කඳුකර කුලීකාරයින් ගැනත් කවියක් ලියන්නට වටියි. මෙවන් දරිද්‍රතාවයකින් මතු වූ මිනිහෙකුගේ උදාරත්වයට මගෙ මිත්‍ර කවියා හිස නමා සිටිය යුතුය. තමාගේ ම උපන් බිමෙහි තමා සතුව තිබුණු සියලු දේ නැතිවුණු, ඉන් පසු තමා නොහඳුනන, කුරිරු සමාජයකට පැමිණ සිටින ඒ සමාජයේ කෲරත්වයෙන් විනාශයට පත් නොවී නැගී සිටින මේ අරුම පුදුම මිනිහාගේ උදාරත්වය ගැන ඔහු කවියක් ලිවිය යුතුමය.

දොර ඇරියේ මගෙ මෑණියන්ය. තමා ඉදිරියේ ප්‍රාදුර්භූත වුනු කඩමාළු මිනිසා දෙස වරක් හරී බැලු ඕ මොහොතකට සිය සුදුවන් හිස සලා යාඤා කරමින් සිටි තැනට ම ගියා ය.

රාසුල් ජු අතේ තිබුණු පාර්සලය ගත් මම, එය අසල වූ බැංකුවක් මත තබා ඔහු වෙත රුපියලේ නෝට්ටුවක් දිගු කළෙමි. ඔහුගේ පැතලි මුහුණේ සිනාවක් නැගුණි. ඔහු හිස සැලීය. ඔහු කෙරෙහි කලකිරුණු මම තවත් පයිස විසි පහක් ගෙන, ඔහුගේ අත් කොට කබායේ උඩ සාක්කුවට දැම්මෙමි. එහෙත් මුදල් එලියට ගත ඔහු එය යළිත් මා දෙසට දෙන්නට වෑයම් කලේ ය. මම ඔහු දෙස රවා බැලුවෙමි.

මට මේක ගන්ඩ බෑ” කොඳුරමින් කී හෙතෙම ඒ මුදල මගෙ පාර්සලය මත තැබී ය.

ඇයි තමුසෙට ඒක මදි ද? මීට වඩා එක පයිසයක්වත් තමුසෙට දෙන්නේ නෑ. ඕනෙ නම් ඒක අරං යනවා.” දැඩි ස්වරයකින් එසේ පවසන විට මගේ කට හඬ වෙවුලන්නට විය. රාසුල් ජු මා දෙස බලා ගත වනම තවත් බලා සිනාසෙයි.

යාඤා කරන්නට එලා ගත් ඇතිරිල්ල හකුලා දැමු මගෙ මෑණියන් මා වෙත පැමිණ සිට ගත්තා ය. “උඹට සල්ලි එපා නම් නිකා ඉඳින් කාලකණ්නි මනුස්සයෝ. උඹලගෙ ජාතියේ කුලීකාරයෝ සේරම එක වගේ. උඹලට දස දහස් ගානක් හම්බ වුණත් උඹල අඳින්නෙ කඩමාළු.” ඔහු දෙස හරී කෑ ගසන්නට වූ මගෙ මෑණියෝ, සිය ජප මාලයේ ඇට එකිනෙකට වේගයෙන් ගනින්නට වුවාය. හදිසියේම මා තුළ හටගත්තේ දැඩි අනුකමපාවකි. එතකොට අදත් රාසුල් ජුට වේලිච්ච බාර්ලි කන්ඩ සිද්ධ වෙයිද ?

මෙන්න පයිසා විසිපහක්. හැබැයි ඊට වඩා නම් බෑ.” රසුල් ජු මා දෙස බලාගත්වන ම නැගී සිටියේ ඉතා උදාර ලීලාවෙනි.

නෑ නෑ බාබු ජී. තමුන්නාන්සෙ මාව වැරදියට තේරුම් අරගෙන. තමුන්නාන්සෙ මට කරුණාව දැක්කුවා. මට මිනිහෙකුට වගේ සැලකුවා. මට තමුන්නාන්සෙගෙ සල්ලි කීයක්වත් ගන්ඩ බෑ.”

සිදු වූයේ කිමෙක්දැයි තේරුම් ගන්නට පෙර ඔහු නිවසින් එළියට පැන ගමන් කරන්නට වන්නේ ය. සල්ලි ටික ද මිටෙහි රුවා ගත් මම ඔහු පසු පස එළවන්ට වීමි. එහෙත් රාසුල් ජු අතුරුදහන්ව සිටියි. ඇතැම්විට ඔහු පොළෝ කුහරයටම ආපසු ගියා වන්නට ඇත. ලැජ්ජාවෙන් ද අපමණ වේදනාවෙන් ද පීඩිත වූ මම, ඔහු ගිය අත බලා සිටියෙමි.

 

ලතීෆ් කාශ්මීර්ගේ මෙම කෙටිකතාව සිංහලයට පරිවර්තනය කර ඇත්තේ W. A. අබේසිංහ මහතාය.

මේ කෙටිකතාව මතු දවසක බ්ලොග්ගත කොරන්ටයි හිටියෙ හිට.. ඒත් ඩ්‍රැකියගේ ඉල්ලීමට ඔන්ට අද දැම්ම.

 පෙබරවාරි 4 යෙදෙන විසේසත්වය රජය සමරුවට, ගොඩක් දෙනා celebrate කරන්නෙ පෙබරවාරි 14 යෙදෙන විශේෂත්වය කියලයි මට හිතෙන්නේ... හිත යටින් හරි. ඒක නිසා වෙන්ටෑති සිංහ කොඩි වලට වඩා රෝස මල්,  චොකොලොට් සහ condom, පොඩි පොඩි love gadget, විකිනෙන්නෙ. ඉත්ම් කල් තියාම happy valentine’s day එකක් වේවා කීල එක සිතින් පාත්තනා කරනවා ඔහෙලට.. හිටන්!

 

පිටසටකදි හරි ලැබෙන්න තියෙනවනම්, කෙනෙකුට ආදරයක්... මං කියන්නෙ ඒක ලැබෙනව. ලැබෙනවා මයි. බොරු කීල හිතෙනව නම් මේ කතාව කියවන්න. මේ කතාව මගෙ මිත්තරයෙක්ගෙ මිත්‍රයෙක්ට වෙච්ච සදා අනුවේදනීය වින්ඳනීය සිදුවීමක්..

මේ හාදය බොහොම හොඳ කෙනෙක්. ඒ කියන්නෙ කෙල්ලන්ට බොරුවට ආල වඩන, කොළ කඩා පාන කෙනෙක් නෙවේ. හරි අහිංසක පොරක්. සත්‍යය පෙමක් පතන. අර එක පාර දුටුවම ඇතිවන සංසාරෙ සිට පතා ආ කෙනෙක් කියන feeling එක  එනකං මෙයා ලව් කරන්න ගිහින් නෑ.. ඉතීම් මේ කුල පුත්‍රයාට තම රැකියා ස්ථානයයේ සෙට් එකත් එක්ක ටුවර් එක්ක යන්න සෙට් උනා. කොඉටද දන්නවද. ලී කුවාන් යුන් අපේ රට දිහා බලාන හදා ගත්ත ඉසව්වට... සිංහප්පුරුවට. සමහරු මේ සට උච්චාර කාරන්නෙ සිංගප්පූ(ර්) යන ඉංගිරිසි ඉට්ටයිල් එකෙන්.

දැන් කට්ටිය සිංගප්පූ හෝටලයක. දන්නවානෙ රටේ හැටි. ඒ මදිවට දින දෙක තුනකට වැඩි ටිප් එක. කට්ටිය විනෝද වෙනවා... මසාජ් සෙන්ටර්, බඩු පොට්, බාර්, කැසිනෝ, සාප්පු සවාරි යන්න ඇති... නේ. නොයා ඉන්නෙ මොකටෙයි නෝනාල, ගර්ල් පෙන්ඩ්ල ඔක්කොම ලංකාවේ ඉන්නකොට හිටන්. ඒත් මේ තරුණය ඒ එක දුස්චරිතයකවත් යෙදුනෙ නෑ. එහෙ පවා තාම හිත යටින් හොයන්නෙ අර සංසාර ආදරී.

ඉතින් තනියෙම හොටෙල් එකෙන් එලියට ගිහින් ඇවිදින අතරෙ හම්බුනා කියපන්කො අර විදිහෙ හිතට දැනෙන කෙල්ලෙක්.. මූට. අනිත් සිංගප්පූ කෙල්ලො අතරින් වෙනම.. පොඩි අමුතු ලස්සනක් මෙයාට පෙනුන ඒ කෙල්ලගෙන්. ඒ අමුතු ඇස් විදුළි කොටනවා හා සමයි... ඒ විදුලිය මෙයා මත දෙතුන් පාරක්ම පතිත නොවුනාම නෙමේ. දෙන්නගෙ ඇස් කතා පේම කතාවකට මුල පුරන්න වැඩි වෙලා ගියෙ නෑ. පොඩි වෙලාවකින් දෙන්නට දෙන්න දැන ගත්ත මා පෙර සසරෙ පැතූ පැතුම් තමයි මේ ඉටු වෙන්නෙ කියල. කෙල්ලත් එක්ක පොඩි රවුමක් ගහල කොල්ල කෙල්ලගෙ අනුමැතියත් අරං තමුන් ඉන්ට හොටෙල් එකට එන්න පිටත් උනා...

දැන් කෙල්ල එක්ක මෙයා හොටලයෙ ඉස්සරහ දොරින් ඇතුළු උනා..

වැඩකරන එකා දෙන්න මූණ අමුතුකරන් බැලුම් හෙළුව. සමහර විට මෙයා වෙන කෙනෙක් එක්ක මේ හොටෙල් එකට කලින් අවිත් තියෙන්න ඇතිද....

පිටරටවල කෙල්ලො, කන්නියා භාවය පොඩි කාලෙම අහිමි කරගන්නව කියල මතක් වෙලා මෙයා තමන්ට හමුවුන සංසාර ආදරේ ඉදිරියේ ඒ රතු පැල්ලම් හොයන වැඩේ අතැරිය. ඒවා පිටරටවල සාමාන්නය දේවල්. එයත් මට ආදරෙයි. මාත් එයාට ආදරෙයි. එතනින් එහා දෙයක් නෑ... තදින්ම හිතට කියා ගත්ත. කාමරේ බලා ගමන් ඇරඹුවා. ඇරඹුවා තමා.....

රිසිප්ෂන් එක පහු කරන ලිෆ්ට් එකට ගොඩ වෙන්න හදන අතරේ රිසිප්ෂන් ගර්ල් පොඩි හිනාවක් දැම්ම... ඇඳුනුම් කමට වෙන්නෑ. හිනා වෙලා විතරක් නෙමේ ඒකි “සර්.... පොඩ්ඩක් මෙහෙට එන්නකෝ.. ” කියල අඩගැහුවා. ජෝඩුව ගියා රිසිප්ෂන් එක ගාවට. රිසිප්ෂනිස්ට් මේ හාදයව තව ටිකක් ලඟට අඩගහන් කිව්වා.

සර්......මේ හොටෙල් එකේ ඔය වගේ කපල් ඇතුලට ගන්නෙ නෑ..

සර්ජරියකින් කාන්තාවක් බවට පත්වූ ඇය -
රූපය අන්තර්ජාලයෙන්

             මේ ගීතය ඔහුට උපහාරයක් වේවා 


සිත පරව ගියා

වත මිලින වුනා

කඳුළින් දෑස තෙමා

ඔබ හඳුනාගනු කෙලෙසේ...

- - - - - -


 


ඔන්ට තරුණයො සැට් එකක් පෝය දවසක මල් වල සුවඳ විඳ ගන්ට කියලා හිටං අදහසක් ඇති කොරගත්ත. මේ මලේ උත්බිත විජ්ජාමක නාමය තණමල්විලා සුපීරියා... පැඟිරි විසේ නේ. විස්සවිජ්ජාල ළමයිනෙ. ඒත් ගන්න කියල තැනක් නෑ. හදිස්සියේ. එක එකාගෙන් ඉල්ලගෙන ගිහින් පෝය දා කැළණි හිඟන ගොඩට වැටෙන්න අදහසකුත් මුන්ට නෑ.

ටික වෙලාවක් යද්දී මතක් උනා සැට් එකේ කාලයක් හිටි පරණ හාදයෙක්ව.. ගෙවලුත් හු හඬ ඇසෙන නෑසෙන මානේ. එකම පරහ බුවා වැඩි හරියක් ගෙදර නෙමේ ඉන්නෙ. පොලෝසියෙන් හොයනවා තණමල්විල මල් සුවඳ දිගේ ඉව කොර කොර ඇවිත්. අනෙක් පරහ, කාලයක් අධිමාත්‍රාවෙන් ගෙවපු බඹර ජීවිතේ නිසා ටිකක් ට්‍රැක් පැනල වගේ ඉන්ටෙ. කොහොමින් නමුත් කට්ටිය බුවා සොයාන ගමන පිටත් වුනා.

කට්ටිය යද්දී මූ ආච්චිට අඬගහන හඬ ඇහෙනවා. දුර තියා එන ගමනින් බැලුවත් එකෙකුටවත් මූව පේන්නෙත් නෑ. බුවාගෙ හඬ විතරයි රූපෙ දර්ශන පථයේ නෑ.

ආච්චි.. මගේ බුදු ආච්චියෝ.. ඔයා මල් කඩනවාද.. එන්න මං පන්සල් එක්ක යන්නම්.. සුදු ආච්චියෝ.

ගේ පෙන්නුව නංගිම, කස්ටියට බුවා ඉන්න තැනත් අත දික් කරලා පෙන්නුව. බැලින්නං මූ ගස් දෙබලක් උඩ.. ඉස්සරහ අත්ත බදන් ඉන්නව. හිතන් ඉන්නෙ වාහනයක් පදිනවා කියල. මෙහෙමත් ජීවිත... මදෑ කස්ටිය මූගෙන් උදව්වක් ඉල්ල ගන්න ආව. මූගෙ කියවිල්ලට එහා වත්තේ පන්සල් යන්න මල් කඩන ආච්චි මූට අහෝසේට බණිනවා. බැණ බැණ මල් කඩනවා.

බැහැපන් යස්ස පැටිය. තොගෙ අම්මල මදෑ මට දීල ගිය කරුම ගොඩක මහත. අරෙහෙන් උඹේ මහ එකා කටේ ගාගත්ත ගමන් හවස් යාමේ. මූ මෙහේ අර මල් ඔතල උරල නැහෙන්න අරං.. බැහැපිය... වැටිලා තුනටිය කඩා ගන්න කලියෙන්.

 

අඩෝ බැහැපන් බිමට... මේ..

කවුද... බෑ බං. වාහනේ බ්‍රේක් නෑ.. රෑට වරෙන්. මං ආච්චිව වාහනෙන් පන්සලට දාල එන්නම්

යකෝ.. හු#@ටො තෝ ඉන්නෙ ගස් දෙබලක. ආන්.. උඹට බැනල බැනල ආච්චි ගියා තනියෙම.. බැහැපිය.

පිස්සුද ප#&යො ගස් නගින්න මං වඳුරෙක්ද...    ඒ... මෙ ඇත්තටම මේ ගහක් උඩද මං ඉන්නෙ.

ඔව් හු#@ටො තොට දැන් සිංහලෙන් කිව්වෙ ඒක තමයි. බැහැල තියේ නම් අරව ඩිංගක් දියන් අවිත්..

ඒ.. එ කවුද බ්ම් එතකොට මාව මේ ගහ උඩට නැග්ගුවේ..         ආච්චිවත්ද..

ආච්චි මගුලඅක් නෙමේ යකෝ අරව, අරව.. නැද්ද

ඒ අතරේ එකෙක් තව එකෙක්ට බනිනවා “ඒවා ඉල්ලන්න නෙමේ මූව බිමට ගන්න විදිහක් හිතපන් ” කිය කිය

අඩෝ.. උඹල මාව බලන්න ආව එහෙනම්.. ආද..රෙ.යි ඈ..

තොගෙ ල..#&ක් බලන්න ආව නෙමේ.. බැහැල ඇවිත් තියෙනවනම් මොනාහරි දීපිය අපිටත්..

- - - - - -

 


ඔන්න අරවයෙන් සප්පායම් වෙලා බෝඩිම බලා යන අතර මගදී සියලු දෙනාටම වාගේ පසුබිම් බරක් ආව එක සැරේටම. එක මොහොතේම. මේ රෑ කොයි හොයන්නද කක්කුස්සි.. කොළඹ හින්ද ඉතීම් අවුලකුත් නෑ. මහ රෑ වෙනකං කඩවල් ඇරලානෙ. ගමක උනත් ඉතීම් අවුලක් නෑ.. ගියා පඳුරක් ලඟට. ආව කාරණේ ඉෂ්ඨ වෙනව ඉන්තේරුවෙන්ම. කොල්ලෝනේ...

දැන් ගියා හොඳ සයිවර් කඩයකට.. වැඩකරන එකෙක්ගෙ කනට ලං වෙලා ඇහුව එකෙක්.. අයිය ටොයිලට් තියෙනවද..?.  අයිය මල්ලිලා දිහා මොහොතක් බලන් හිටිය.

තියෙනව මල්ලී..

ආ එහෙනම්.. තොසේ 4යි, හොදියි දාන්න..    ඒ ඇතිනේ බ්ම්

මල්ලිලට එච්..ච.රද ?

ආ.... අයියෙ ටොයිලට් එක තියෙන්නෙ කොහෙද..    කියල එක්කෙනක් අයියගෙන් ඇහුව. ඒ කෙනා පිටුපහින් අනික් සේරම එකට හිට ගත්ත... උසේ හැටියටද මන්ද. අයිය ආපහු මොහොතක් මල්ලිලා දිහා බලන් හිටිය.

අර පැත්තෙ කියල..   අයිය කඩේ පිටුපහින් වම් පැත්තට වෙන්න හැරිලා යන තැනක් මල්ලිලට පෙන්නලා දුන්න. මල්ලිලා අයිය පෙන්නලා දුන්නු ඒ පාර දිගේ පෙලට ගියා. කඩේ අයිතිකාර උන්ද මේ මල්ලිලා දිහා දාගෙන හිටි කන්නාඩිය යටින් බැලුව. බලල අර මල්ලිලට පාර පෙන්නුව අයිය දිහාත් බැලුව... පාර පෙන්නපු අයිය පාර දිහා බලන්න ගත්ත.

කොල්ලෝ ටික දැන් කඩය සතු වැසිකිලි බිමේ. තියෙන එක වැසිකිළියට ආපු පිළිවෙලට කට්ටිය එන්ටර් උනා. පිට උනා. ඔහොම පැයකට වැඩි කාලයක් අරං පිරිස කැෂියර් එක ගාවට සේන්දු උනා. පාර පෙන්නුවා අයිය සැනසුම් සුසුමක් හෙළුව. කඩේ අයිතිකාර අයිය කැල් එක දිහා බැලුම් හෙළුව... ගාන හැදුව. කස්ටිය රීල කරලා, ගෙවලත් ඉවරින් පහු, තොසේත් අරං යන්න පිටත් උනා.

ඒ.. අඩෝ. උඹ නේ මුලින් ගියේ.. වතුර ගහල තිබ්බේ නෑ හරියට හොඳද

අනේ පලයන් යන්න.. මං යන්න කලින් ඉඳල එහෙමයි තිබ්බේ..

 

ඒ මේ.. එක නෙමේ.. උඹ ඉඳගන්න පෝච්චිවල රෙන්න අකමැති එකා නේ. කොමද එතකොට එකේ ගියෙ.

ඔව් බං.. හැම එකාම පස්ස තියනවා. ඕවයෙ විසබීජ බෝවෙනවා බං..

අනේ නිකං පලයන් යන්න... උඹ ගමේ පුරුද්දට මෙහෙ ඇවිල්ලත් බිම තියෙන කක්කුස්සි වලවල් හොයනවා

හරි ඒක නෙමේ උඹ එතකොට කොහොමද බ්ම් එකේ වැඩේ කොරගත්තෙ..

මං රබර් දෙක හොඳට හෝදලා කරලා. කකුලේ දාන්.......

කකුලේ දාන්....??

කකුල් දෙක පෝච්චිය උඩ තියල ඉඳගෙන වැඩේ කර ග..ත්.ත.

මේන්ට මෙහෙම වාඩි ගෙන අර කොලුව


සුවපහසුව බලා වැරදි ජීවන රටාවන්ට හුරු වන අපි


වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්