මේ සාහිත්‍යය
මාසය නිසාත් විවිධ පොත් ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වෙන නිසාත් ඒ සම්බන්ධව අල්ලලා
ලියා තිබූ ලිපියක් post එක විදිහට දාන්න හිතුව.
මේ පුද්ගල
සංවර්ධන දේශක කැලුම් වැලිගම මහතා විසින් පුවත්පතක පල කළ ලිපියකි
අපේ ජීවිතය
පුදුමාකාර විස්මයක්. ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියල අපි කාටවත් හිතා ගන්න බැහැ.
එහෙත් ජීවිතයේ සෑම ඊළඟ මොහොතක්ම විස්මිත මොහොතක් බව මතක තියා ගන්න. එසේම එය
විශ්වාස කරන්න. ඔබ එහෙම විශ්වාස කළොත් පමණයි සෑම අසීරු තත්ත්වයක් තුළම වාසනාවන්ත
අවස්ථාවක් සැඟවිලා තියෙන්නෙ. මේක බ්‍රසීලයේ සිදුවුණ අපූරු දෙයක්. බ්‍රසීලයේ
බන්ධනාගාරයක සිද්ධ වුණ ඇත්ත කතාවක්. බන්ධනාගාරවල සිරකරුවන් වැඩියෙන් සිටීම අදටත්
අපේ රටෙත් තියෙන ගැටළුවක්. මේ ගැටළුව විසදන්න බ්‍රසීල රජය ගත්ත ක්‍රියාමාර්ග නිසා
සිරකරුවන්ගේ ජීවිත සැබවින්ම වෙනස් වුණා. අපි මුලින්ම ඒම කතාව වෙතට අවධානය යොමු
කරමු.
සැබවින්ම
සිරකරුවන් එක් කුටියක වැඩි වීම නිසා ඔවුන් වැඩිපුර දේවල් කතා කරන්න පටන් ගත්තා.
මෙම කතා බොහොමයක් නතර වෙන්නෙ අන්තිමේට ලොකු ගැටුමකින්. බොහෝ වෙලාවට එක්කෙනෙක්
දෙන්නෙක් අනිත් කෙනාගේ අතක් පයක් කැඩෙන්න ගහනවා. දිගින් දිගටම වර්ධනය වෙන මෙම
ගැටළුව නිසා බන්ධනාගාර පරිපාලනය සිරකරුවන් පැත්තකට කරලා නිශ්ශබ්දව තියන්න පුළුවන්
ක්‍රමයක් ගැන හිතන්න පටන් ගත්තා. ඊට විසඳුම ලෙස සිරකරුවන් පොත් කියවන්න යොමු කිරීම,
මේ ප්‍රශ්න විසඳන්න තියෙන හොඳම විසඳුම බව ඔවුන් වටහා ගත්තා. එහෙත් බොහෝ දෙනෙක් පොත්
කියවන්න අකමැතියි. අදටත් රූපවාහිනිය නැරඹීමට වඩා පොත් කියවීම තුළ කෙනෙකුගේ සිත සහ
කය කියන දෙකටම වාසිසහගත දේවල් සිද්ධ වුණත්, රූප පෙට්ටිය අමතක කරලා
ඔලුවට මෝල බද්ධ කරන පොත්වල සුවඳ හමන පිටු අතරේ සැරිසරන්න බොහෝ දෙනෙක් අකමැතියි.
නමුත් රූපවාහිනියේ සහ අන්තර්ජාලයේ ම එල්ලිලා ඉන්නවාට වඩා පොත් කියවීම ඉතා හොඳ
පුරුද්දක් බව පොත් නොකියවන අය පවා පිළිගන්නවා. කෙසේ වෙතත් දරුණු සිරකරුවන් තුළ
පොත් කියවීමේ පුරුද්ද ඇති කරලා ඔවුන් සන්සුන් කිරීම හිතන තරම් ලෙහෙසි දෙයක්
නෙවෙයි.
ජීවිතය ක්‍රියාත්මක
වෙන්නෙ අපේ පුරුදු මතයි. එම නිසා පොත් කියවීම සිරකරුවන් අතර පුරුද්දක් බවට පත්
කරන්න නම් ඔවුන්ට ප්‍රතිලාභයක් ලබා දිය යුතුයි යන
තීරණයේ පරිපාලනය හිටියා. කිසියම් සිරකරුවෙක් පොතක් කියවා අවසාන කළොත් ඔහුගේ
සිර දඬුවමින් දින හතරක් නිදහසක් ලැබෙනවා. මෙම වැඩසටහන ඔවුන් නම් කළේ “කියවීම
තුලින් නිදහස් වීම” (Redemption through reading) වශයෙන්.
එහෙත් සිරකරුවන්ට වසරකට කියවන්න ඉඩ දුන්නේ පොත් දොළහක් පමණයි. එසේම එක් පොතක්
කියවා අවසානයේ එම පොත පිළිබඳව කෙටි අදහසක් සිරකරුවා ලියා භාරදිය යුතුයි. වසරකට
පොත් දොළහක උපරිමයක් නිසා හිතු මනාපයට පොත් ගොඩක් කියවලා දින නිදහස් කරගන්න සිරකරුවාට
බැහැ. කෙසේ වෙතත් පොත් දොළහක් වරසක් තුළ කියවූ සිරකරුවෙක්ට සති 6ක් තමාගේ සිර දඬුවමින් නිදහස් වෙනවා. කටුක සිපිරිගෙදර දිවියෙන්
විනාඩියකට කලින් හෝ ඉවත් වෙනවා කියන එකම ලොකු සහනයක් නිසා සිරකරුවාට මෙහි කිසියම්
වාසියක් තියෙනවා. සිරකරුවන්ට අවශ්‍ය පොත් නිර්දේශ කළේ කියවීම ගැන අවබෝධයක් තියෙන
කමිටුවකින්. සාහිත්‍ය, දර්ශනය සහ විද්‍යාව වැනි විෂයන්ට
අදාළ හොඳ පොත් ගොඩක් තිබුණා. මොනවා හරි පොත් ගොඩකින් බන්ධනාගාර පුස්තකාලය පිරවීම
ඔවුන්ගේ අරමුණ වුනේ නැහැ. සැබවින්ම බ්‍රසීලයේ දරුණුම සිරගෙදරක් තුළ ඉතා නිහඬව
සිද්ධ වුන මෙම කටයුත්ත නිසා කාලයක් යද්දී එම සිරගෙදර ගැටුම් අඩු වුණා. මන්දයත්
බොහෝ සිරකරුවන් නිදහසේ පොත් කියවන්න පටන් ගත්තා. සමහරු තවත් සිරකරුවන් සමග පොත් ගැන
කතා කරන්න පටන් ගත්තා. ඉතා හොඳ පරිසරයක් බිහි උනා.
අරවින්
ජේම්ස් (Erwin
James) කියන්නෙත් මේ සිරගෙදර හිටිය සිරකරුවෙක්. ඔහු මිනීමැරුම්
චෝදනාවකට වරදකරුවෙක්. වසර 20කත හිරේ ගිය දරුණු මිනිසෙක්. කෙසේ වෙතත් හිරගෙදර ඉන්න
කාලේ පොත් කියවීමේ ක්‍රියාවලිය ඔස්සේ ඔහුගේ සිරදඬුවමින් සැලකිය යුතු කාලයකට කලින්
සිරගෙදරින් පිටවෙන්න ඔහුට හැකියාව ලැබුණා. එහෙත් අරවින් ජේම්ස්ගේ ජීවිතය
සිරගෙදරින් එළියට ආවට පස්සේ නැවතුණේ හිතාගන්නත් බැරි තැනකින්. වසර 20කත පසුව ඔහුට ‘ද
ගාර්ඩියන්’ පුවත්පතට ලියන්න අවස්ථාවක් ලැබෙනවා. ඔහු සිරගෙදර සිට කියවපු පොත් ඔස්සේ
ඔහුට ලියන්න කියන්න නිර්මාණාත්මක අදහස් ගලාගෙන ආවා. ද ගාර්ඩියන් පුවත්පතට ඔහු
ලියපු දේවල් ජනප්‍රිය වුණා. අවසානයේ ඔහු නිව්යෝර්ක් ටයිම්ස් ලැයිස්තුවට ඇතුළත් වුණ
වැඩිම අලෙවියක් සහිත කෘති දෙකක් රචනා කළ ලේඛකයෙක් ද වුණා. අරවින්ගේ ජීවිතය මේ තරම්
වෙනස් වුණේ සිපිරිගෙදරදී ඔහු කියවූ පොත් නිසා බව ඔහු අද කියනවා. ගෙදරට දවසකට කලින්
හෝ යන්න අවශ්‍ය නිසා පොත් කියවන්න පටන් ගත්ත ඔහු පසුව පොත් ඉතා ආශාවෙන් කියවන්න
වුණා. “මම සිරගෙදර ඉඳිද්දී කියවපු පොත් මාව කලින් සිරෙන් නිදහස් කළා පමණක් නෙවෙයි, මගේ සිරවුණ සිතත් නිදහස් කළා” ඔහු පවසනවා. පොත් නොකියවපු අර්වින් පොත්
කියවන්න පටන් ගත්ත නිසා ඔහුට ජීවිතය දෙස වඩා විවෘතව සහ උපේක්ෂාවෙන් බලන්න හැකියාව
ලැබුණා. අපි ඒ ඉදිරිපත් කළේ ඒම සිරගෙදර හිටිය එක් සිරකරුවෙක්ගේ කතාවක් පමණයි. පොත්
කියවීම ඔස්සේ තවත් බොහෝ සිරකරුවන් ජීවිතය වෙනස් කර ගත්ත අතුරු කතා ගොඩක් ඇති.
“කියවීම
මිනිසා සම්පූර්ණ කරයි” කියලා ඔබ දන්නවා. එහෙත් කියවීමේ පුරුද්ද පවතින්නේ ඉතාම සුළු
ප්‍රමාණයකට පමණයි. එහෙත් තාක්ෂණය කෙතරම් දියුණු වුණත් තවමත් යුරෝපීය ජාතිකයින් පොත
විසිකරලා ජංගම දුරකථනය අතට අරගෙන නැහැ. විශේෂයෙන් පොත් කියවීමේ පුරුද්ද ක්‍රමානුකූලව
දරුවන් තුළ රෝපණය කළ යුතු පුරුද්දක් නිසා මේ සම්බන්ධව මව්පියන්ට කළ හැකි දේ
බොහොමයි. ඔහේ දරුවාට මොකක් හරි පොතක් කියවන්න දෙනවා වෙනුවට දරුවා කියවීමේ රසයට
හුරු කරන කෘති සොයා දීම මව්පියන්ගේ වගකීමක්. මා පහුගිය කාලයේදී ලංකාවේ විවිධ ප්‍රදේශ
රැසකට ගියා. එය කෙටියෙන්ම යාපනයේ සිට වැලිගම දක්වා. ලංකාවේ බොහෝ නගරවල පොත් අලෙවිසැල්
(bookshop) දකින්න පුළුවන් වුණා. එහෙත් මේ බොහෝ සාප්පුවල දකින්න තිබුණේ අභ්‍යාස
පොත් සහ පත්තර මිසක නවකතා හෝ කෙටිකතා හෝ පර්යේෂණ කෘතීන් නොවෙයි. දරුවන් අභ්‍යාස
පොත් කියවීම වෙතම කුඩා කල සිටම හුරු කරන නිසා පාසල් අධ්‍යාපනයෙන් පසුව පොත්
කියවන්න බොහෝ දෙනා හිතන්නේ නැහැ. බ්‍රසීලයේ දරුණු සිරගෙදරක ක්‍රියාත්මක වුණ ඉහත
සඳහන් කළ පොත් කියවීමේ වැඩසටහන වැනි දේවල් ලංකාව තුළ ක්‍රියාත්මක කරන්න උත්සහ
දරනවා නම් එය ඉතා වටිනවා. විශේෂයෙන්ම අනෙක් අයටද පරිහරණය කළ හැකි කුඩා පුස්තකාල
පවත්වාගෙන යන පිරිස් මට හමුවෙලා තියෙනවා. ඔබත් දන්න හඳුනන කෙනෙක් එහෙම හොඳ දෙයක්
කරනවා නම්, අප වෙනුවෙන් ඔහුව හෝ ඇයව තවත් ධෛර්යවත් කරන්න.
ඔබට ඇස්
අරගෙන සිහින දකින්නෙක් වෙන්න අවශ්‍යනම්, ඔබ පැහැදිලිවම පොත් කියවීමේ
පුරුද්ද ජීවිතය තුළ ආරෝපණය කරගත යුතුයි.
ලෝකයේ
තවමත් අවම පිරිවැයකින් වැඩිම දැනුමක් ලබාගත හැකි මාධ්‍ය වන්නේ ද පොත් කියවීමයි. ඒම
නිසා එය සාහිත්‍ය මාසයට පමණක් සීමා නොකර සෑම මාසයකටම අනුගත කරගන්න.
“2015 වර්ෂයේදී මගේ අභියෝගය වන්නේ සෑම සති දෙකකට වරක්ම අලුත් පොතක් කියවීමයි. විවිධ සංස්කෘතීන්, විවිධ විශ්වාස, විවිධ මිනිස් හැසිරීම් සහ තාක්ෂණයට අදාළ පොත් කියවන්න මම බලාපොරොත්තු වෙනවා. වසර ආරම්භයේ දී විවිධ ෆේස්බුක් එකමුතු (Group & communities) රැසක් මට අභියෝග රැසක් එවලා තිබුණා. ඔවුන් සියලු දෙනාටම ගොඩක් ස්තූතියි. එහෙත් මම 2015 දී පොත් කියවීමේ අභියෝගය භාර ගත්තා. මම හිතනවා පොත් කියවීම ඔස්සේ ඕනෑම කෙනෙක් තුළ ඇතුළත බුද්ධියක් නිර්මාණය වෙනවා. අද ගොඩක් මාධ්‍යයෙන් මතුපිටින් ඔබට පෙන්වන දේවලට වඩා බොහෝ දේ ඔබට ලබා දෙන්න හොඳ පොත් සමත් වෙනවා. ඒක නිසා මම මේ වසර පොත් කියවන්න වෙන් කරනවා. මම කියවන පොත් පිළිබඳ තොරතුරු year of Books නම් පිටුවට යොමු කරනවා. ඔබට එයින් අදහසක් ගන්න පුළුවන්. ඔබ ඇත්තටම පොත් කියවන්න කැමති නම් විතරක් ඒම පිටුවට කැමැත්ත ප්‍රකාශ කරන්න”. ඒ 2015 ජනවාරි මස 02 දින මාර්ක් සකබර්ග් ඔහුගේ ෆේස්බුක් පිටුවේ යොදා තිබුණ සටහනයි. ඔහු 2015 වසර ආරම්භ කරේ සෑම සති දෙකකට වරක්ම පොතක් කියවීමේ අභියෝගය සමගින්. ෆොර්බ්ස් 2014 වර්ගීකරණයට අනුව මාර්ක් සකබර්ග් ලොව බලවත්ම මිනිසුන්ගේ ලැයිස්තුවේ 22 වැනි තැන ඉන්නවා. එසේම ලොව ලාබාලතම බලවතුන් අතර ඔහු පළමු වැනියා. එපමණක් නොව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ ඔහු පසුවන්නේ 16 වැනි ස්ථානයේ. වයස අවුරුදු 30 වෙන්නත් කලින් ලොව බලවත් මෙන්ම ධනවත් පුද්ගලයෙක් වුණ මාර්ක් සකබර්ග්ට තවත් පොත් කියවලා රැස්කරගන්න තියෙන දැනුම මොකක් ද? සෑම සති දෙකකට වරක්ම මොකක් හරි පාටියකට සෙට් වෙන්නේ නැතිව ඔහු පොත් කියවන්න හේතුව මොකක් ද? සැබෑ අධ්‍යාපනය යනු එයයි. එහෙනම් අපි ඇස් ඇරගෙන සිහින දකිමු.