The Bucket List (2007)

 

රූපය - අන්තර්ජාලයෙන්

මැරෙන්න කලියෙන් කරන්න ඕන දේවල් කොලේක ලියල හරි, හිතේ තියාගත්ත හරි.. ඒ හැම දෙයක්ම කරන්න කෙනෙකුට පුළුවන් වෙයිද... එහෙම කරපු අයත් නොහිටියම නෙමේ. ගොඩක් වෙලාවට ඒවා හීන විතරක් වෙන්නෙ සල්ලි නැති කමත් එක්ක.. The Bucket List (2007) චිත්‍රපටයෙ කතාව පෙළ ගැහෙන්නෙත් ඔය සම්බන්ධව. දුප්පත් වයසක කාටර් හා සල්ලිකාර වයසක එඩ්වඩ් එකම රෝහල් කාමරේ එකම ලෙඩකට බේත් ගන්න අතරෙ ඇතිවන හදිසි මිතුදමත් එක්ක ඉදිරියට වෙන දේ තමයි චිත්‍රපටයෙ අන්තර්ගතය. චිත්‍රපටිය පටන් ගන්න හරියෙම වෙච්ච වැරද්දක් තමයි සල්ලිකාර එඩ්වඩ්ට තමුන්ටම අයත් රෝහලේ තනි කාමරයක් ගන්න බැරි වීම. දෙන්නගෙ හමුවීම කොහොමින් හරි වෙන්න ඕන නිසා තමුන්ම හදපු රෝහල් නීතිය වෙනස් කර ගන්න බැරි වෙනව අයිතිකාරයට. වැරද්දක් විදිහට පේන අනිත් දේ තමයි දුප්පත් මරුකටේ ඉන්න කාටර් තමුන්ට වගේම වැඩි කාලයක් නැති එඩ්වඩ්ගෙ හදිසි තීරණයක් උන “මැරෙන්න කලින් කරන්න ඕන list එක” ක්‍රියාත්මක කරන්න එකඟ වීම. ජීවිත බය ඇති, බිරිඳ දරුවන් ගැන වගකීම් සහගත, අනෙකා ගැන හිතන කාටර් මරණයට මාස ගණනක් තියෙද්දී වගකීම් විරහිත, ජීවිතයේ කිසිම සැලසුමක් නැති, පවුලක් නැති එඩ්වඩ්ගෙ චාරිකා සහයකයා වෙනවා සුළු මොහොතකින්. බිරිඳගෙ විරුද්ධත්වය මත උනත්. මෙහෙම හදිසි චරිත වෙනස් වීමක් විශේෂයෙන් මරණය අභියස/ දරුණු පිළිකාවක් එක්ක... ප්‍රේක්ෂකයාට ගෙනෙද්දී ඉතාම පරීක්ෂාකාරී විය යුතුයි කියලයි මගේ හැඟීම. විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ සිනමා නිර්මාණයක් නිසා. ඒත් නිර්මාණයක් කියන්නෙ ඇත්ත ජීවිතයම නෙමේ උනත් නිර්මාණකරුවා ප්‍රේක්ෂකයා ගැන හිතන්න උවමනායි..

Jack Nicholson, Morgan Freeman දෙදෙනාගෙ නියම රඟපෑමක් දකින්න පුළුවන් මේ චිත්‍රපටිය Rob Reiner තමා අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරේ. Rob Reinerගෙ තවත් මතක ඇති චිත්‍රපටි Stand by Me (1986), A Few Good Men (1992), When Harry Met Sally... (1989) වගේ ඒවා. ඒ වගේම ඔහුගෙ ගොඩක් film වල music වලට සම්බන්ධ වුනු Marc Shaiman තමයි මේකෙත් සංගීතය. හොඳ හා නරක විවේචන දෙකම ලැබුණ උනත් National Board of Review එක 2007දී ආ film අතුරෙන් top ten ලැයිස්තුවට ඇතුළත් කර තිබුණ. ඒ වගේම IMDB එකේ 7.4/10 ගනිද්දී 41% Rotten Tomatoes වල දැක්වුනු අතර සාර්ථක Box Office චිත්‍රපටියක් උනා.

 දුප්පතාටත්, පෝසතාටත් රෝගී වීම උරුමයි. සමාජ පරතර කෙසේ වෙතත් මරණය අභියස දෙදෙනාම එක මට්ටමක (එකම කාමරේ) ඉන්න බවක් එක් පැත්තකින් චිත්‍රපටිය තුලින් ගම්‍ය වෙනවා. ඒ වගේම කොයි විදිහට ජීවත්වෙන මිනිහට උනත් ලෙඩවීම හා මරණය ඒ හැම කෙනාටම පොදුයි වගේ අදහසක්ද චිත්‍රපටිය මුල් හරියෙ දැනෙන්න ගන්නවා.

කොහොමින් හරි දෙන්න Sky Diving, Car Driving, චීන මහා ප්‍රාකාරය, ටජ්මහල... වගේ list එකේ තියෙන දේවල් අතරින් බොහොමක් එකට සම්පූර්ණ කරනවා. ඒ අතර දෙදනා අතර ඇතිවන සංවාද, අදහස් හුවමාරු ගැඹුරුයි. ඒ කතාබස් චිත්‍රපටය වැඩිපුර අර්ථවත් කරනව වගේම ප්‍රේක්ෂකයාට හිතන්න දෙයක් ඉතිරි කරනවා.

“මම බැඳලා ඉන්න කැමති... ප්‍රශ්නෙ කියන්නෙ මං තනිකඩව ඉන්නත් කැමති. දෙකම එක පාර කරන්නයි අමාරුයි”

අවුරුදු 45ක් වේගෙන් ගෙවිල ගියා.. හරියට සිදුරකින් දුම් පිට උනා වගේ”

“මැරෙන දවස දැන ගන්න කැමතිද කියල මිනිස්සු 1000ගෙන් ඇහුවම 94% කියල තිබ්බෙ නැහැ. මන් කැමති ඉතුරු 4% අයත් වෙන්න

දෙන්නා ලෝකේ විඳ ගනිමින් list එක සම්පූර්ණ කරගන්න යන ගමනෙ... මරණය දක්වා යන ගමනෙ දෙන්නට දෙන්නා ගැනත්, ජීවිතය ගැනත් යම් දුරකට තේරුම් යනව. දෙන්නගෙම වයසට පත් ජීවිතවල කාටවත් නොකියා විඳපු තැන් බෙදා ගන්නට, අදහස් හුවමාරු කරගන්නට සගයෙක් හම්බවෙනවා. ඒ වගේම දෙන්නගෙ සිතුම් පැතුම් පවා වෙනසට ලක් වෙනවා. අවසානේ එඩ්වඩ් හම්බෙන්නෙ නෑ කියල ඉන්න දුවව හම්බෙන්න යනවා. ඒ කාටර් list එකට ඒක දැම්ම නිසාත් ඔහුගෙ කැමැත්ත නිසාත් හා එඩ්වඩ්ගෙ වෙනස් වීම නිසාත්. ඒ වගේම “ලෝකේ ලස්සනම කෙල්ලෙක්ගෙ මුහුණ ඉඹින්න” list එකට දාපු එඩ්වඩ්ගෙ ඒ ආසාවත් දුවගෙ දුව (මිනිබිරිය) නිසා ඉෂ්ඨ වෙනවා. ඉතින් ජීවිතේ වෙන සමහර සිද්ධි නරකමත් නැහැ වගේ. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කිව්වා වගේ Bucket List එක නිසා වයසට ගියත් කාටර්, එඩ්වඩ් හොඳ පැත්තට හැරුණ. මරණයට තියෙන්නෙ තව ටික කාලයක් උනත්...

12 comments:

  1. අවුරු ගණනාවකට කලින් බලලා තිබ්බ film එකක්! හොඳටම හිතට වැදිලා තිබුණා. ඊයේ පොස්ට් එකේ මාතෘකාව දැක්කම ඇවිත් කියවන්න හිතා ගත්තා. ආවා. කියෙව්වා. ඔන්න එකත් ලකුණු කළා.

    ReplyDelete
  2. සතුටුයි, ස්තූතියි.. වඩා හොඳම ඒවා තෝරලා review දාන්න හිටහං ඉන්නෙ.

    ReplyDelete
  3. මගෙත් ප්‍රියතම film එකක්. එහෙම පිටින්ම ජීවන දර්ශණයක්.

    ReplyDelete
  4. ජැක් නිකොල්සන් සියුම් අභිනයන් පෙන්වන නමුත් ඒකායන විලාසයක් සහිත දක්ෂ රංගධරයෙක්. මෝගන්ගෙ ගැඹුරු හා තියුණු හඬත් රඟපෑම මෙන් තියුණුයි

    ReplyDelete
  5. Replies
    1. ටැංක්ස් නවී. පරණ post හෙමත් බැලුහට.

      මට මේකේ වැඩියෙම අගේ ඇති දේ මරණය ගැන හිතන්න ගන්න එක. ඒ සංසිද්ධියත් ජීවිතයේ හැම කෙනෙක්ගෙම අනිවාර්ය අංගයක් නෙ. ඒ නිසා අපිට ඒක නොවෙන්න කියල හෝ ඒ ගැන විශේෂ කම්පාවක් ඇති කර ගන්න එක අදූරදර්ශී කියලයි හිතෙන්නෙ

      Delete
  6. අහුවෙන අහුවෙන වෙලාවට පරණ ඒවත් කියවනව😁😁

    අපේ accounting මිස් නම් කීවෙ අපි මේ හැමදේම කරන්නෙ මැරෙන්නෙ නැති වෙයි කියලා හිතලා කියලා, අඛණ්ඩ පැවැත්ම කියලා සංකල්පයක් තියෙනවා accounting වල, ඒක පැහැදිලි කරනකොටයි කිවෙ.

    මැරෙනව කියල හිතන එක දැන ගෙන ඉන්න එක, අවබෝධයෙන් ඉන්න එක, නිතර මෙනෙහි කරන එක හොඳයි තමයි. ඒත් ඒක ටිකක් හිතට අමාරුයි වගේ එකක් නැද්ද🤔🤔

    ReplyDelete
    Replies
    1. අමාරුයි තමයි නවියො... ඒත් ඒ ගැන හිතන්නෙ නැතුව ඉඳල වැටෙන්නෙ ඊට අමාරුවල නෙවෙයිද.
      ළමයි පැටිය කාලේ කොච්චර අමාරුවෙන්ද නැගිටලා යන්න උත්සහ කරන්නෙ.. පස්සෙ කොච්චර හොඳට ඇවිදිනවද දුවනවද

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්