tec කතා (with blog)...

මට උන ඇබැද්දි සහ ඒවා විසඳගත් මං (මං කිව්වෙ මෙතන මග හොඳේ)

සාමාන්‍යයෙන් බස්පට වගේ මට ලොකු කොම්පීතර් දැනුමක් නැහැ. ඒත් දන්ට දෙයින් ජාමේ බේරං වසනව. ඔය විදිහට වසනකොට ඇති වෙන පුරස්න වලට හොයාගත්ත හා ලැබුණ උත්තර මේ විදිහට පොස්ටුවකින් දිග හරින්ට හිතුව. සමහර කරුණු කාරණා අනෙක් අයටත් වැදගත් වෙයි කියල හිතිල...

මුලින්ම blog පැත්තෙන්ම පටන්ගන්නං... මූ අපිට බ්ලොග් කියල දෙනවද කියල ඒම හිතන්ට එපා පෙන්ඩ්ස්


ගොඩක් අයගෙ blog (blog theme) එක screen එකෙ ගානට සෙට් වෙන්නෙ නෑ. 4/3ක් වගේ තමා පෙන්නන්නෙ. ඒ නිසා මේක හදා ගන්ට ‘වම් පැත්තෙ තියෙන Main Menu එකේ Theme වලින් අපි ගත්ත theme එක ළඟ පෙන්නන customize බටන් එකෙන් ඇතුළට ගිහින් තියෙන Adjust widths වලින් හදා ගන්න පුළුවන්. වැඩි ඉඩක් post එකටත්, sidebar වලට යන අඩුම ඉඩත් බලල දෙන්න.

එතනම පහල තියෙන Layout එකෙන් කොලම් (column) ගණන හදා ගන්න පුළුවන්.. 2ද 3ද කියල. වඩාත්ම හොද, post එක ඇරුනහම තව එක කොලම් එකක් තියෙන එක.. කැමති පැත්තක. එතකොට blog කියවන කට්ටියට ඒක පහසුවක්. column 2,3ක් තිබ්බත් ගැටළුවක් නෑ ඉතින්. හැබැයි එතකොට post එකේ font සයිස් එක වැඩි කරන්න වෙනව ටිකක්. ඒ වගේම font කලර් එක background පාටට ප්‍රතිවිරුද්ධ පැහැයක් උනොත් ඒක කියවන කෙනාට තවත් ලේසි වෙයි.

--------

ආයෙ 3rd party template එකක් භාවිතා කරනවා නම් ඒක load වෙන්න යන වෙලාව වැඩිද කියල බලන්න ඕන. ඒ වගේම post එකට දාන photo බර වැඩි (high quality) නම් ඒවා අඩු කරන්න ඕන. වැඩකෑලි වැඩි සහ load වීම මන්දගාමී නම් කියවන්න එන අය ඒකට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ.

දීල තියෙන theme වලින් notable වගේ ඒවා නොවන Simple, Ethereal, Awesome Inc... වගේ උනොත් එන අයට ඒක පහසුයි. (Tile මාදිලියේ නොවන web ආකාරයේ ඒවා).

--------

එතකොට post එකට වෙන් වෙන column එකට අමතර එන අනෙක් column (sidebar) වල තියෙන්න ඕන අනිවාර්යය දේවල්/ gadget ටිකක් තමා -

Profile කියන gadget - තමුන් කවුද, කියවන අයට දන්වන්න එක (කැමති නම්)

Blog Archive කියල එන ලියපු post පෙලට දක්වන gadget එක. මේක සමහර අයගෙ අන්තිමට තියෙන නිසා එන අය දකින්නෙ නෑ බොහෝ විට.

Labels - වර්ගීකරණ තෝරා ගෙන post කියවන අයට ලේසි වෙන්න

Followers - එන අයට follow කරල අලුත් post ගැන දැනගන්න.

Popular Post - වඩාත්ම එන අය කැමති වූ post පෙන්වීමට

Contact Form - එන අයට පුද්ගලිකව අදහසක්, ගැටළුවක් ලියන්නාට ලබා දෙන්න. මේක ගොඩක් අය නොදාල තියෙන සහ දැමිය යුතු එකක්. මේවා වගේම අනිත් gadget වන adsence, HTML Codes, Image, Text, List... ගැන කට්ටිය ඉතිං දන්නව නෙව...

--------

ගොඩක් අය post එකකට comment එකක් දාන්නෙ Notify me ()ටික් කරල.. ආපු කමෙන්ට් mail එකෙන් බලන නිසා පරණ post වලට දාන අලුත් comment මිස් වෙන්න පුළුවන්. ඒ නිසා Main Menu එකෙන් එන comment සෙක්ෂන් එකටත් ගොඩ වෙලා බලන්න.

--------

ආයේ අපි Header එකට දාන photo එක ගානට fit වෙන එකක් වෙන්න ඕන. නැත්තං blog එකෙ ඉඩෙන් භාගයක්ම අරගන්නවා header photo එකට.

ඉස්සර නම් ගූගලය ගොඩක් ඒවා හදන්න පහසුකම් දුන්න. කස්ටිය නිතර හදාගන්න සහය ඉල්ලන හින්දද වෙන මක්ක හින්දද මන්ද blog පැත්ත බලන්නෙවත් නෑ googleය දැන්.



*****************


කියවන එක auto ලියවෙන software තිබ්බත් ඒවා රාජකාරි තැන, පාසල් වගේ තැන්වල පාවිච්චි කරන්න බැහැ සමහර වෙලාවට... ඉතින් ඒ නිසා අපිට Unicode හෝ normal text විදිහට type කර ගන්නම වෙන වෙලාවල් එනව.

 

සිංහල unicode වලින් type කරද්දී වෙන අකරතැබ්බයක් තමයි සමහර අකුරුත් හා ඉල්පිලි පාපිලි ඇතුව හරියට type කරන්න බැරි වෙන එක. මේකට විසඳුමක් විදිහට වෙන software ආයේ download කරන්න ඕනෙ නෑ windows වල default එනව ‘Charachter Map’ කියල එකක්, එකෙන් පුළුවන් මේ අමාරුවෙන් ගැලවෙන්න. Font ලයින් එකේ ඉස්කෝලේ පොත සිලෙක්ට් කරගෙන පල්ලෙහාට ගියහම හැම අකුරමත්, ඉල්පිලි පාපිලිත් තියෙනවා. mouse එක click කරලා ඕන අකුර, පිල්ලම එතන ගහගත්තා copy කරා අදාළ තැන past කර ගත්ත. මේකට සම එකක් word වල දීල තියෙනව. ඒ නිසා word වලින් මේ වැඩේ කරගන්නත් පුළුවන්.

 

All programe > Accessories > System Tool > Charachter Map. නැත්තනම් search එකේ Charachter Map කියල හොයල ගන්නත් පුළුවන්.

                  ඔය Accessories වල වැඩ පහසු කරන පොඩි පොඩි ගැජට් තියෙනව අපි නොදන්න.

 

ඒ වගේ හදිස්සියකදි unicode software හොයා හොයා ඉන්න බැරි උනොත් google translator එකට ගිහින් එතැන type කරලා ඕන තැන paste කර ගන්න පුළුවන්.

 

ඒ වගේ type කරගත්ත දේ තියෙන්නෙ එකම font style එකකින්. මොකද Iskola Potha ෆොන්ට් එක වෙන font style එකකට කෙලින්ම මාරු කරන්න බැ. මේ නිසා සමහරු සිංහලෙන්ම ඒ කියන්නෙ ‘FMfonts වලින් අමාරුවෙන් උනත් type කරනවා. (පුරුදු අයට නම් ගානක් නෑ. මටත් මුල් කාලේ අමාරු උනා). මේකට විකල්පයක් විදිහට converter software එකක් හෝ online converter එකක උදව් ගන්න පුළුවන්. සිංහල type අමාරු අයට හදිස්සි වෙලාවක මේ ක්‍රමේ බොහොම වටිනවා. කාලෙත් ඉතුරුයි. මේ තියෙන්නෙ ඒ වගේ online converter site එකක්. උඩ තීරුවේ copy කරාම unicode අකුරු පහල තීරුවේ fm type එකෙන් convert වෙලා එනව. එකත් අර විදිහටම අදාළ තැනට copy කර ගන්න විතරයි තියෙන්නෙ. දැන් විවිධ විදිහට සිංහල font භාවිතා කරන්න පුළුවන්. site එක -

https://projects.malinthe.com/converter/ 

 

අර කිව්ව විදිහට නැතුව සමහරු පුරුදු වෙලා ඉන්නවා සිංහලෙන්ම.. ඒ කියන්නෙ FM fonts වලට අමාරුවෙන් හරි හුරු වෙලා (රජයේ ලිපි ලියන තැන්වල වගේ) කරන අය එයාටල මේ software ලේසියෙන්ම install කරගෙන ඉස්පිලි, පාපිලි හරියට නොඑන ප්‍රශ්නෙ වලක්ව ගන්න පුළුවන්. පොඩිම පොඩි pluging software එකක් වගේ හින්ද ram එකට දැනෙන්නෙත් නෑ. (සමහර virus guard වලින් block කරන්නත් පුළුවන්. එත් virus නොවන හින්ද guard එක පොඩ්ඩක් ස්ටොප් කරලා මේක ඕන් කරලා ආපහු guard එක run කරත් කිසිම ගැටළුවක් ඇති වෙන්නෙ නෑ). Software එකේ නම KeyRep. මෙන්න ගන්න -


ඒවගේම තමයි අපි ගහගත්තු screenshot එකක හරි scan කරගත්ත file එකක තියෙන පැහැදිලි ඉංග්‍රීසි කොටස් හෝ පොත් පිටු කොහොමද word file එකකට, text එකකට ගන්නෙ කියන එක ප්‍රශ්නයක්. මේකනම් කාර්යාල හා පාසල් අයට ගොඩක් වැදගත්. මොකද දිග වැඩි එකක් type කර කර ඉන්නත් බෑනෙ. එතකොට මෙන්න මේක කරන්න පුළුවන්. මේකට අපි ගාව තියෙන windows software පැකේජ් එකේ එන One Onte එකින්.

Open කරා one note එක. insert ගිහින් pictures තෝරලා අදාළ photo එක ගන්නත් පුළුවන් නැත්තන් ඇදල (drag) දාල ගන්නත් පුළුවන්. ඊට පස්සෙ right click කරලා එන menuවෙ copy text from picture දීල. ඊට යටට ගිහින් හිස් ඉඩේ ආපහු right click කරලා paste option වල තුන්වෙනියට ඇති keep only text (T) දෙනවා. ඔන්න එතකොට word format එකෙන් (text වලින්) අර photo එකේ හෝ scan file එකේ තිබ්බ ටික එනව.

 

ඔන්න screenshot එකක් හරි scan කරගත්ත සිංහල එකක් හරි තිබ්බොත් බැරිද අර වැඩේ.. බැරි නෑ. ඒකට කරන්න ඕන අදාළ සිංහල අකුරු තියෙන file එක google drive එකට දාල ඒක right click කරලා google doc කරනවා. ඊට පස්සෙ doc ගිහින් අර උඩ එකේ විදිහට text එකකට අපිට ඕන file එක convert කර ගන්නවා. මේකටයි අර උඩ විදිහටයි දෙකටම ටිකක් පැහැදිලි screenshot හරි scan කරපු එකක් හරි ඕන කරනවා. ඒ වගේම ඒක අඳුරුයි නම් අර FastStone හරි වෙන software එකකින් හරි ලයිට් කරලා අරං convert කර ගන්න පුළුවන්. හෙල්ලිලා වැදිච්ච, බොඳ වගේ අකුරු නම් අමාරු වෙයි... බොහෝ දුරට.


Note, Doc හා Drive පහසුකම ලබා දෙන google


 

සමහර වෙලාවට අපිට අපේ එක එක වැඩ කරගන්න වෙනත් software ඕන වෙනවා... නොමිලේ භාවිත කළ හැකි ඒවා හොයන මං වගේ අයට. ඉතින් මේකට හොඳ හා යම් ආරක්‍ෂිත තැනක් විදිහට දක්වන්න පුළුවන් මේ වෙබ් අඩවිය. එයින් පුළුවන් හොඳ සොයා ගැනීමක් කර ගන්න තමුන්ට අවශ්‍යය කරන software එක. Site එකේ නම file Hippo. මෙන්න -



 

 සමහර විට අපිට photo වල සුළු සුළු සංස්කරණ කරගන්න ඕන වෙන වෙලාවල් එනව. මේ free software එක ඒකට කියාපු විසඳුම. ඒ වගේම professional වැඩ කරන අයත් මේක භාවිතා කරනවා සමහර ලේසි වැඩ කරගන්න. මාත් photoshop වලින් කරගන්න පුළුවන් උනත් මේකෙන් කරගන්න වැඩ තියෙනවා.. පහසුව නිසා. resize, contact sheet, slideshow, watermark, වගේ දේවල් වලට. අනික මාදිලි ගණනාවකින් තියෙන photo document මේකෙන් පහසුවෙන් නරඹන්න පුළුවන් (psd, video file පවා) කිසිම stuck වීමක් නැතුව.. screenshot ගහන්නත් පුළුවන්. (මුකුත් නැති/ හදිසි වෙලාවක screenshot ගහගන්ට ඕන උනොත් PrtSc SysRq බට්න් එක click කරලා paint, word වගේ default එන වැඩසටහනක open වෙලා තියෙන pic එක උඩ past කරන් save කර ගන්ට පුළුවනි). පින්තූරයක් oil paint, sketch, Bump Map වලට හරව ගන්න පුළුවන් එක click එකෙන්. මෙන්න -


සමහර වෙලාවට කෙනෙක්ට ඕන වෙන්න පුළුවන් video එකක audio එක විතරක් අයින් කරලා ගන්න. මේකට ලේසිම software එක තමයි ගොඩ දෙනෙක් ගාව තියෙන movie, music video බලන VLC player එක. මේකේ CTRL + R (නැත්තං fist බාර් එකේ තියෙන media එකේ මැද හරියට වෙන්ට convert /save කියල තියේ) ටයිප් කරාම converter panel එක එනව. එකෙන් video to audio විතරක් නෙමේ අවශ්‍යය වෙන වෙන හැඩයන් වලට තමුන් ගාව තියෙන media file හරව ගන්න පුළුවන්. ඕන නම් setup එක -

 



මටනම් මේ අවුල වෙලා තියෙනවා. මොනා හරි ගණන් ටිකක් එකතු කරලා, අඩු කරලා පස්සෙ වෙන ගානක් හදල ඉවර වෙනකොට ඉස්ස‍රින්ම ආපු පිළිතුර ඕන උනොත්.. අමතකත් වෙලා. මේකට windosල දෙන cal එකේ option එකක් තියෙනවා default එන්නෙ නැති. Cal එක open කරලා view ගිහින් මැද හරියේ තියෙන history එක click කරන්න නැත්තන් CTRL + H ඔබල history ගන්න. ඒ mood එක අරං ඊට පස්සෙ හදන ගණන් වලදි තමා පිටිපස්සට (back) යන්න පුළුවන්. ඒ නිසා නිතරම ඒක දාගෙන තියා ගන්න එක ඇඟට හොඳයි. මටනම් මේක සෑහෙන උදව්වෙලා තියෙනවා.

 

අර උඩින් කිව්වා විදිහට නැතුව සමහර අයට ඕන වෙනවා තමුන්ටම video එකක් හදා ගන්න හරි video එකක් edit කරන්න හරි. එකට තියෙන සරල හා දියුණු software එකක් හැටියට මම දකින්නෙ windows Xp වල එන Windows Movie Maker. ඉතින් මේක තියෙයි ඈ අනෙත් windows වල... එහෙනම් මෙන්න... ලේසියෙන්ම video edit කරගන්න.


 

MP3 එකක් cut කරගන්න ඕනද..?. මේ Software එක තිබ්බට කිසිම stuck වීමක් නෑ computerරේ. video edit කරන එක පෙන්වල audio edit කරන්න හැටි නොකිය බෑනෙ. නේ..


 

මැකී ගිය file මොනාහරි නැවත ගන්න ඕන උනොත්..

Pandora Recovery හා Recuva - Recovery Software

 


 

අවසානෙට ලියා තබන වග නම් -

අවසානෙ දෙයක් මතක් කොරන්ට මේ හැදුවෙ. අපි ගාව තියෙන ඔය මෘදු යැයි සලකන ware වලින් අපි නොකරගන්න සමහර වැඩ කෑලි කොරගන්න පහසුකමත් තියේ. නොදන්න කොම හින්ද ඉතින් මග ඇරෙනවා.. ටිකක් ඒ software අතපත ගාල බැලුවොත් හොයා ගන්න පුළුවන් වෙයි ඒ වගේ කලින් නොදන්න වැඩ කෑල්ලක්. Software එක අනිප්පැත්ත ගහල බැලුවත් අවුලක් නෑ නොවැ මොකද ඔය හැම මුරුදුකාංගයෙම එනවනෙ default කියල පෙර හිටිය තැනටම ගාටන්න පුළුවන් විධානයක්. හැබැයි කෝකටත් පරිස්සමින් හත්පොලේ ගාගෙන software එක කම්බස් උනොත් මං නෑ... ඕන්නං ඔය රෑ බදුලු බස්පව හරි, වැම්පයර ඩ්රකි හරි, පංච කෙලින නිදියව හරි අල්ල ගන්නට ඒකයි ඇත්තෙ. මං ලිස්සුව.. (මෙතැන මං කිව්වෙ මටම තමා.. ඈ)

34 comments:

  1. හා ඔය කෙලල තියෙන්නෙ තාප්පෙට. දැන් බ්ලොග් එක ලස්සනයි, කියවන්න පහසුයි කිව්ව විතරයි, මාරු කලා නේද පාට? අර කලින් තිබ්බ බැක්ග්‍රවුන්ඩ් එක කොච්චර ලස්සනද? මේකෙ කන්ට්‍රාස්ට් වැඩියි, ඇස් කඩාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ඇස් කඩාගෙන යනවා. ඒක අහල පපුව සිදෙන්න ගත්ත මගෙ. (මේකනේ බස්පා මගෙ ඩ්‍රීම් ටෙම්පලේට්ටුව වෙලා තිබ්බේ). ඇත්ත කියාපන්.. අමාරුද මේක

      Delete
    2. ඇත්ත තමයි කියන්නෙ. අනික්වා ඕකේ. කලින් තිබ්බ අඳුරු රතට හුරු බැක්ග්‍රවුන්ඩ් එක සහ් සුදු අකුරු තමයි ඇහැට පහසුම. මේකෙත් මොකක්දෝ ටෙක්ස්ච එකක් තියනවා, ඇස් පෙනීම දුර්වල අපට පේන්නෙ නෑ.

      ඒත් ලස්සන/ කැත කියන්නෙ ස්පේක්ෂ වචන. වැඩිදෙනාගෙ කැමැත්ත තමයි හොඳ. ඒ නිසා අනිත් අයගෙනුත් අහල බලහං.

      Delete
    3. ඒ උනාට ඔහේනෙ මුල ඉඳල අඩුපාඩු කිව්වෙ.. ඒ නිසා මුල්තැන ඔහෙට

      Delete
    4. ඔව්. මාත් මේ වගේ කළු සුදු කන්ට්‍රාස් ටෙම්ප්ලේට් එකක් දාගෙන උන්න. පස්සෙ තමා සරළ එකකට මාරු වුණේ පාඨක ප්‍රතිචාර නිසා.

      Delete
    5. හ්ම්.... ඒමද. ඉට්ටූටියි අදහසට ඩ්‍රැකීතුමා.

      Delete
  2. ප්‍රයෝජනවත් ගුරු-හරුකම් ටිකක්. ඉස්කෝල පොත නැතුව වෙන ෆොන්ට් වලින් බ්ලොග් ලියන්න හැකිද කියල දන්නෙ නෑ. එහෙම ලිව්වත්, ඒවා අනිත් අයට, මොබයිල් වල සහ විවිධ බ්‍රවුසර් වල පේන්නෙ කොහොමද දන්නෙ නැති නිසා, ට්‍රයි කරලා නෑ.

    ReplyDelete
    Replies
    1. වෙන font වැඩ.. graphic design, office, ඉස්කෝල වලට ඕන වෙනවා නෙව බස්පාතුමා

      Delete
    2. ආ දැන් තේරුනා. ඇඩෝබි පොටෝෂොප් වල ලස්සන සිංහල අකුරු කෙටුවාම, ඔලුව ජපං කඳ ජර්මන්.

      Delete
    3. අර තරු පේලියෙන් උඩ ටික විතරයි blgoගැන.
      ඇයි office,පාසල් වල Presentationවලට... තා කීයකට නම් ඕනි වෙන්වද fm fonts

      Delete
  3. ඔන්න මාත් ආව.... නියමයි

    ReplyDelete
    Replies
    1. ලිඛිතාතුමී නෙ මේ... ටැංකිව් වේවා

      Delete
  4. ඉරිසියා හිතෙයි නමියෝ ලිපිය ගැන
    කොච්චර දේ තියෙද අපටත් දැනගන්න
    ඒත් බයයි දියඹට බැස පීනන්න
    දන්නා ටිකෙන් ඇහැකිය මට ගොඩ යන්න

    නමී, තරහක් තියෙනවා නේද- හිත යට. නැත්තන් මේ තාක්ෂණ ගැන මෙලෝ හසරක් නොදන්නා මං වහන්සේවත් අල්ල ගන්නයි කියල හිතක්-පපුවක් නැතිව ලියාවිද අප්පා.

    ReplyDelete
    Replies
    1. මාත් බොහොම ටිකයි නිදි දන්නෙ..
      තරහක් තියෙනවා නේද- ඔව් සවාරි ගොහින් අපට මුකුත් ගෙනා නැති හන්ද

      Delete
  5. නමියා ඔබේ ලිපිය අපි වගේ තාක්ෂණික දැනුම අඩු අයට හොද අත්වැලක්. මමත් උත්සාහ කරලා බලන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඔය තොරතුරු පොඩි වීඩියෝ ක්ලිප් එකක් විදිහට හදල යූ ටියුබ් එකට දැම්මොත් තවත් පැහැදිලි වේවි. එතකොට අපිට කවුරු හරි ඇහුවොත් ඒ විස්තර බෙදා ගන්නත් පුළුවන්.

    ඔබේ නව වෙනස හරිම ත්‍රිමාණ බවක් සහ තාක්ෂණික ඉහල අගයක් බ්ලොග් එකට දීල තියෙනවා. ඒත් බස්සා කියනවා වගේ එය කියවන අයට ඇස රිදවන ගතියක් තියෙනවා. කළු සහ රතු වෙනුවට ලා පැහැයක් සහ එහිම තද වර්ණයක් ගත්තොත් හොද වෙයි කියල හිතෙනවා. මට දැනුනු දෙයක් විතරක් නිසා පොඩ්ඩක් හිතල බලන්න. සාර්ථක බ්ලොග් සහ වෙබ් කිහිපයක් බැලුවොත් ඔබට ඒ බව තහවුරු වේවි.

    ReplyDelete
    Replies
    1. අනේ මටත් වැඩි දැනුමක් නෑ අනුරුද්ධතුමෝ...
      අදහස් කියපු එකටනම් බොහොම ඉස්ටුටි

      Delete
  6. අර කී රෙප් එකටයි, වන් නෝට් එක ගැන තිබුණු විස්තරේටයි ගොඩාක් ස්තූතියි. මට උවමනාම කරපු දෙකක් තමා.

    ReplyDelete
    Replies
    1. download ලිංකු පොටෝ click කරලා ගන්ට ඩ්‍රැකී..

      Delete
    2. වන් නෝට් පාවිච්චි කරනවා, වෙබ් පිටු එහෙම්මම සේව් කරගන්න. අඩේ, ඒත් මේ පහසුකම ගැන දැණගෙන හිටියෙ නෑ. 🙏👌😊

      Delete
    3. හී... ඔබේ සැප මගෙ සතුටයි😊😊

      Delete
    4. ඔය කී මල ඉලව් පාවිච්චියට පුරුදු වෙන්න එපා යකෝ. අමාරුවෙන් හරි කීබෝඩ් එකෙන් කෙලිංම ගහන්න පුරුදු වෙයං.

      Delete
    5. මගේ යාලුවෙක් කී රෙප් පාවිච්චි කරල මළා. හැක්..

      Delete
    6. Praසන්ன ආවට ඉට්ටූටියි

      Delete
  7. //ඒ කියන්නෙ FM fonts වලට අමාරුවෙන් හරි හුරු වෙලා (රජයේ ලිපි ලියන තැන්වල වගේ)// හිනා.... උංට ඉස්කෝල පොතෙන් තොර ලෝකයක් නෑ. ඒකෙන් අමාරුවෙ වැටෙන්නෙ ඒව ප්‍රින්ට් ගන්න ආවම අපි වගේ කොමියුනිකේසං කාරයොයි. මටනං දෙයියනේ කියල ඔය TT ෆොන්ට්, යුනිකෝඩ් දෙකම මතකෙන් ටයිප් කරන්න පුලුවන් කීබෝඩ් එකෙන්.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය දෙකම පුළුවනි. google inputටූල් එක නිසා unicode පට ගාලා ගහන්න ලේසී. දැන් ඒ tool එක ගූගලය දෙන්නෙ නෑ.
      පෂා ඒම අමාරුවේ වැටෙන්න විදිහක් නෑ නෙව. (කම්පනා කරමින්). ඒනම් ප්‍රින්ට් කරන්න කලින් pdf කරලා හිටු.... ඉස්සරහට A4 නැති සීන් එකක් නෙ. ඒ මදිවට අස්ප ගණන්

      Delete
  8. Replies
    1. මක්කටෙයි ඔව් කීවේ......

      Delete
    2. එතුමාට ටැක්නිකල් පත්තියම් නෑ, ඒකයි ඔය කියන්නෙ.😂🤣

      Delete
    3. හෑ.. මේක ඔහෙ ලීලා තියෙනවගේ ගැඹුරු එකක් නෙවෙ නෙ......

      Delete
  9. දැන් තමයි මේක දැක්කෙ නමියො. මගෙ එක ඊයෙ ටිකක් වෙනස් කරා. ඔයා කියපු නිසාම.

    මේක ආයෙ හිමින් සැරේ කියවල; තව edit පාරක් දාන්න ඕනි.

    Thanks post එකට

    ReplyDelete
    Replies
    1. හුම්... ඒමද හිටින් කෝ ගෙහුං බලන්ට

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්