ආටා එක, වීල් එක, ත්‍රීවිලය, ටැක්සිය.... ඔය කියන නම් වලින් වරනගන වාහනය තමයි කවුරුත් දන්න ත්‍රී රෝද රථය. හප්පන් ගිය වාහනෙ ගැන අහපු පොලිස් උන්නැහේට, ආච්චි කෙනෙක් නම් කියල තියෙන්නෙ "මහත්තයෝ මාව රේඩියෝ එකක් හප්පං ගියා" කියලයි. ඒ උන්ද ඒ වාහනේ දැකපු තාලේ.
හන්දියක් හන්දියක් ගානේ තියෙන, ඕන පාරක් දන්න, මහ
මග කරදරේකදි මුලින්ම එන කෙනා තමයි ත්‍රීවීල් මල්ලි.. නැත්තං අයිය. සමහර අයියල නම්
ලෝකෙ කාල වතූ බීල ඉන්නෙ. එහෙං දැමිලි, මෙහං දැමිලි නිසා ගොඩ වෙලාවට අනතුරු, තදබදය
වැඩි වෙන්න හේතුවක්ය කියල ආඬපාලි කියාගත්තු කස්ටියකුත් නැතුව නෙමේ... මේ අයට. කෝම
උනත් එදිනෙදා ජීවිත වලට මේ අයගෙ උදව් නැතුව බෑ. ඒ අස්සෙ සමහර අයට මේ අයගෙන් උන
ඇබැද්දිත් ඇති.... මටනම් ඉතීම් උදව් ලැබුන අවස්ථා හා අප්සට් seen වෙච්චි නැතිම තරම්. ඒ හින්ද මධ්‍යස්ථ මතයක මං ඉන්නෙ.. අඳුරන
බුවාලත් මේ රස්සාව කරන එකේ වැරදි කියලත් බෑ නෙව. කොරියන් විභාගෙට පාඩම් කරන උන් ටිකකුත්
හිටිය... කාලයක්. සමහර උන් බැඳලා. Park එකේ ඉන්න ගමන් කොරියන් ඉගෙන ගන්නවා... පොත් බල බල. ඒ අතරෙ සුද්දන්ට හයර්
යන්න කතා කරනවා... come sir/miss. මීටර් හෑව්.
යු වෙයා ගෝ....
මට උන හොඳ වැඩ
වලින් එකක් මේ -
ඒ කාලේ වැඩ කළ ඔපීසියේ වැඩකට කොහිදෝ ගොහින් ආපහු එනකොට පෝං එක ඒ ත්‍රීවීල් එකේ තියල ඇවිදින්. ඒ අස්සෙ හයර් එකේ ගාන දීල තිව්නෙත් අඩුවෙන් නිසා ඇඟේ මයිල් කෙලින් උනා... එකක් නෑර. හැබැයි උන්ද call කරපු ගමන් ගත්ත... අරං කීව, පෝං එක අහවල් කඩෙන් තියන්ටම් ගන්නෙයි කියල. එදා උන්ද ගිය පැත්ත බලං වැන්දෙ නැති ටික විතරයි ඉතීම්...
එක කාලයක් ආව කුෂන් සීට් අතුරාපු, ඇලුමිනියම් වැටවල් ලියවැල් වගේ වටේ දුවපු, තොරනකට නොවැඩි ගණනින් බලුප් වැල් ඇදපු, හයි පයි සමාන සවුන්ඩ් සිස්ටම් සතු වෙච්ච ත්‍රීවීල් යුගයක්. හරියට භවනක් වාගේ ඒවා. සමහර ඒවා නම් යකාගේ භවන සදිසි... මිනී ඔලුත් ගහල තිව්න. ඔය හැම වැඩකම යෙදුනේ ඉතින් තරුණ පිරිස තමා... උන්ගෙ කලාව එලියට ආපු විදිහ තමා ඉතින් ඒ. දැන්නං ඒ සුකුරුත්තං අඩුයි... ඒත් නැතුවාම නෙමේ. දැන් ඉතින් රත්තරං වටිනා තෙල් හොයාගන්නත් සෑහෙන කට්ටක් කන්න එපා.. ඒ වගේද spare parts වල ගණන්, service charge එහෙම. ඒ නිසා වෙන්න ඇති කෙනෙක් මේම ගහල තිව්නෙ.
නන්දෙ ඔයා දීපු සැපට දවාලෙ තරු පෙනුනා... |
මේ කොරෝනා වලට ගහපු වදනක්...
හදිස්සි ගමනක් යන්න, ගෙදර වයසක උන්දැව
කොයි හරි එක්ක යන්න, ගෙදරට බඩුටික අරගන්න, බස් නැති දවසෙ/
වැහි දවසෙ ගෙදර යන්න, හොර ගමනක් යන්න... ඔය කියාපු
නොකියාපු හැම ගමනටම ත්‍රීවීල් සහෝල ඕන වෙනව. අතරින් පතර සහෝදරියොත් ඉන්නව නෙව. ඒ
විතරක් නම් මදෑ බොන තැනක ඝනපූර්ණය රකින්නත් උදව් වෙන වෙලාවල් තියෙනව... මේ සහෝල. ඒ
අතර වලි, kidnap, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඇතුළු නානාවිධ
දේවල වලට පවා සමහරක් අයගෙ සම්බන්ධය ඇදිල යනව.... ගෙවන සිල්ලර ජීවිතයත් එක්ක. මේ
බොහෝ අයගෙ වැඩි දුර අධ්‍යාපනයක් නොමැති කම, දුරාචාරවලට යොමු වීම, පවුල් අසමගිකම,
ජීවිතයේ සැලසුම් සහගත බවක් නැති කම නිසා... life එක එකම
තැන. අද හම්බකරොත් අද කනවා. ඉතුරු තිව්නොත් හෙට වැඩ නෑ වගේ ජීවන රටාවක් තමයි...
බොහෝ අයගෙ. ඒක දැන් ඒ අයට පත්තියන් වෙලා ඇට මිදුළු දක්වා. ඉතිං ගෙදර, පවුල තුළ දියුණුවේ කුඩාම ලකුණක්වත් දකින්න බැරි තරම්. ඔය අතරේ උපාදි
ගත්ත, උගත් දැනුමැති අය පවා මේ ජොබේ නැතුවාම නෙවේ.
ඔහොම ජීවන ගමන් යමින් මුළු ජීවිතේම මහමග ගෙව් ත්‍රීවිල් උන්දලා කස්ටියකුත් ඉන්නවා නෙව.
අපිට අමතක උනාට මේ උපසංස්කෘතියත්... ලංකාව ඉන්නෙ කොතැනද කියල
සලකුණු කරන්න දායකත්වය දරනවා.
එහෙව් විවිධ ජීවිත රටාවලින් වලින් නැගෙන වදන් තමයි අපට ත්‍රීවිල්
පිටිපස්සේ ලියවිලා තියෙනවා දකින්න ලැබෙන්නෙ. මේ සමහර වදන් ඒ අයගෙ මුළු ජීවිතම
විදහා දක්වන කැඩපත, ජීවන දර්ශනය වෙන්න පුළුහං... තමන්ගෙ අනාගත සිතුම් පැතුම්,
බලාපොරොත්තු වෙන්නත් පුළුහං.
ඒ නිසා ඒ හැම වදනක් තුළම නොකියවුණු කතාවක් ඇති.. පිටුහින්
වෙන්ට ලියාපු......
පිඹගෙන එන්නෙ ඉඹගෙන යන්නද
රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව
Masha
Allah
වමෙන් ගියත් අපි දකුණේ
මං නැති දා සිතට දුකක් නුඹට නම් නැති
If
you are Bad. I'm your Dad
රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත
හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්
මම ඇරලා යන්න හරිම සූරයා
මම රාජ කුමාරයෙක් නෙමේ ගමේ කොල්ලෙක්
ණයට හයර් යන්න සිතා රථයට ගොඩ වෙන්න එපා
කට්ට උනත් ආසාවෙන් කනකොට පට්ට
ගෙනාවෙත් නෑ ගෙනියන්නෙත් නෑ ඉන්නකං විතරයි යකෝ
කරුමේ ඩබල් පින සිංගල්
දවසක් ඒවි අපිත් අපේ හීන වලට යන
නැන්දම්මේ උඹත් එපා. උඹෙ දුවත් එපා
නැන්දෙ මාමෙ මේ අහන්න දුව බෑ අමතක කරන්න
ගුල්ල වැඩර් වෙන්නේ බාල ලීයෙදි විතරයි
අපිට හොරෙන් අපි විකිනෙන අමුත් රටක් මේක
අම්මා සඳක් වූ ලෝකෙ මුළු අහසම නුඹයි තාත්තේ
සෑම මවක්ම ලෝකයේ අනාගතය තම කුසේ දරා සිටී
කොලොම්පුරේ නුඹේ ගෙදර පහළ කාමරේ මාව තියා ගන්න බැරිද රත්තරං
පුතේ
අම්මේ ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදි
මල් පිරි පොකුණත් කලකට කලින් මඩ වලකි
රුපියල් සත නිසාද අපිට මේ දුක
ලොවට බොරු කළ හැකි නමුත් තම සිතට බොරු කළ නොහැක
අවංකව සිනාසෙන්නේ කිරි දරුවන් පමණි
ළිඳ මගේ නම්, මං ළිඳේ නම් කාටවත් ඇයි
වේදනා
සිංහලේ, දෙමළේ, මුස්ලිම් ලේ මිය ගියාම එකම වලේ
නුඹ ගඟක් වෙලා ගලන්න - මට හුඟක් වෙලා නාන්න
වයසට ගියත් - හවසට ගෙදර
අපිත් මාතෘකා, අපි නැති තැන්වල
ඔබ පහුඋනා නොවෙයි මා ඔබ පහුකලා
පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න
No
Race - අම්මා Case
මාලේ ගෙලේ, චේ පපුවේ, කිසිම දෙයක් නෑ ඔලුවේ
අපිට හිනා වුණු අයට රෝද තුනක්වත් තිබුනෙ නෑ අම්මෙ
කොල්ලො ළපටියි - කෙල්ලො කපටියි
කාසි සද්දෙ දැම්මට නෝට්ටු සයිලන්ස් Bro
කට්ට කන්න බැරිනම් පට්ට හීන දකින්න එපා බන්
හැමෝම දාන වදන්වලින් අපි දැන් පදං වෙලා Bro
වේලි වේලි හිටියත් කෑලි කෑලි කැපුවත් හාල් කෑලි නම් එපා
ගමට බහිද්දි මිනිස්සු මාව අඳුරගන්නෙ වාහනේ සද්දෙන්
කොල්ලො කරුවලට බයයි නම් මෝහිනීට කොහෙන්ද ළමයි
දුව ගෙදර පහන නම් අපි ලයිටර්ද අම්මෙ?
සල්ලිම ජීවිතේ කර ගත්තට මිනී ඇඳුමෙ සාක්කු නෑ මහත්තයො
ගොලුවොත් කාතාකරයි ඇති දාට, කතා කරන අයත්
ගොලුවෙයි නැති දාට
බොක්කෙන් ලව් කරපු කාලේ කෙක්කෙන් පොල් කැඩුවා නම් මම අද
කෝටිපතියෙක්
කෙල්ලො ළඟ හිටියොත් හොටෙල් බිල්, දුර හිටියොත් ෆෝන් බිල්, දාල ගියොත්
බාර් බිල්
රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත
අයිසැක් newton අපිත් දකින්නැති ගණන්
හදන්නැති ඒ කාලේ, campus යන්නට ලකුණක් මදි ඇති ඒකයි තවමත්
මහපාරේ
ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි දුන්නෙ මට ලයිසන් එකක්
ලොවේ විශ්වාසවන්තයින් දෙදෙනෙකි. එක් අයෙක් මියගොස් ඇත, අනෙකා ඉපදී නැත.
මා පසුකර යන රියදුරන්ට ත්‍රිවිධරත්නයේ පිහිටයි
මග හැරුණු අතීතයට වඩා ගොඩනගාගත් අනාගතය වැදගත්
අපිට පනින නයි, මුගටි හපා කයි
අපේම නයි අපිවම කයි
සෙවනැල්ල පවා සිටින්නේ ආලෝකය ඇතිවිට පමණි
හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද
ONLY
ONE SUN SHINE FOR ALL
NO
BODY HONEST IN THE WORLD
Oh
Please Let me Come in Your Dream This Night
NO
BODY HONEST IN THIS WORLD
assumption
is the mother of all screw ups
කොච්චර ගස්සල පද්දල ගියත් අන්තිමට කුස්සිය තමා නංගි
ආදරය නැමැති මාලිගාවේ යතුර විශ්වාසයයි
හෝන් ගැහුවට පාර පළල් වෙන්නෙ නෑ හු##
සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි
සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්
සම්බුදු සරණයි , එංජිම පරණයි
“ත්‍රීවීල් කරුවෝද මනුෂ්‍යයෝය”
ආයේ පත්තරේක දැක්ක මේ කවිය ත්‍රීවීල් එක්ක ගහල තිවන කියල...
මට මං වෙන්න මේ හොඳටෝම ඇති
මට ඌ වෙන්න තව ටිකක් මදි
ඒ ටික වෙන්න ජීවිතේ කාලය මදි
ඒ නිසා මට මේ ටික හොඳටම ඇති
මේ අස්සෙ තවත් blog වල ලියා තිව්න ත්‍රීවිල්
පොස්ට් හතරක් හම්බු උනා... ඒවත් ඉතීම් කියවල බලන්ට.
ඉවාන් පවුලූශා - කරුමෙ
ඩබල් පින සිංගල් - මේකනම් පොඩි විග්‍රහයක යෙදෙනවා යෙදුන් සම්බන්ධයෙන්
පාඨයකාගේ පිටුව - ''අපිත් මාතෘකා, අපි නැති තැන්වල'' ( 'නූතන ප්‍රස්ථා පිරුළු'
හෙවත් ත්‍රිරෝද රථ කියමන්)
සෑම්ගේ කතාව - ත්‍රීවීල් සහ පරිකල්පන මෙව්වා එක... SL Tuk Tuk
Habits !!