මැස්සාගෙන් රජතුමා රැකිමට වඳුරා ගත් උපාය


 

එකෝමත් එක රටක හිටි රජ කෙනෙක්ට... දවසක් දා දඩයමේ යන්න අදහසක් පහල උනා. මේ රජතුමා ළඟ කාලයක් තිස්සෙ හැදී වැඩුණු වඳුරු මොටෙකුත් හිටිය. ඉතින් රජතුමා මේ දඩයමේ යන වැඩේට ඒ වඳුරු මොටාවත් එකතු කර ගත්තා.

කැලේ ටික දුරක් ආපු රජතුමාට පොඩි තෙහෙට්ටු ගතියක් දැනුණා. එතන තියෙන රූස්ස ගහක් දැකපු හැටියෙම රජතුමා තීරණය කරා ‘මෙතැන ටික වෙලාවක් ගිමන් හරිනව’ කියලා. එහෙම හිතලා රජතුමා වඳුරත් එක්ක ගහ යටට ආව. රූස්ස ගහෙන් ලැබෙන සෙවනයි, මද සුළගින් එන සිසිලයි නිසා රජතුමාට හොඳටෝම නින්ද ගියා. වඳුරාත් තම ස්වාමියට නින්ද ගිහින් තියෙන නිසා ඒ අවටම කැරකි කැරකී උන්න. වැඩි වෙලාවක් මෙහෙම ඉන්න හම්බුනේ නෑ... රජතුමාට. මැස්සෙක් ඇවිත් රජතුමාගෙ සුව නින්දට බාද කරන්න පටන් ගත්ත. මේ වදකාර මැස්සත් එක්ක කිපුණු වඳුර ඌට හොඳ පාඩමක් උගන්නන්නම් කියලා හිතුව.

එහෙම හිතල රජතුමාගේ රාජකීය කඩුව අරං ඌට කුරුමානම් ඇල්ලුවා. ඒත් එක්කම වේගවත් පාරක් මැස්සට එල්ල කළා.

මැස්ස වහාම රජතුමාගේ ඔලුවෙන් පියාඹලා ඈතකට යන්න ගියා. රජතුමාට තම රාජකීය කඩුවෙන්ම අවසන් ගමන් යන්න උනා... ඒ මෝඩ වඳුරෙක්ගෙ ආරක්ෂාව ලැබුව හින්ද.


* * * *

බෂ්ශන්ට විතරද videoවක් අටවන්න පුලුහං පොස්ටුවකට...😂🙈

කනට ගිහි තියන්ටෙයි කියන්නෙ මේ....



19 comments:

  1. වඳුරා දන්න වෙදකම කරගෙන ඉන්නෙ නැතුව කාබනික වගාවත් කලාද?

    ReplyDelete
    Replies
    1. වඳුරෝ ඉතීම් නැට්ට දාන්නෙම නොදන්න තැන්වල නෙව ප්‍රා.ජේ තුමෝ

      Delete
  2. නවයුගයේ කාටූන් ඇඳපු ඇස්. ඒ. දිසානායක ඕකට කාටූන් කතාවක් ඇඳලා තිබ්බා "අමුතු කතාවක්" කියලා. ඒකෙ හැටියට වඳුරා අවසානයේ ලියුමක් ලියනවා, "අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය ආයුධය පාව්ච්චි කිරීමට ලැබීම ගැන සතුටු වෙමි. මහජනතාවට යම් අපහසුතාවයක් ඇති වේ නම් මාගේ කණගාටුව කියලා."

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ 😄 ඒ වගක් දැනන් හිටියෙ නෑ. කීව එක හොඳයි Litseeker

      Delete
  3. මෝඩ වඳුරො වට කරගෙන රජ කරලා
    කණට ගිනි පෙනෙලි ඔබලා පුච්චාලා
    මොට්ට වාහෙලා පෙරටම දක්කාලා
    වීරවන් ඉන්නවා පුතාල අප්පාලා

    ReplyDelete
  4. දන්න කතාවක් වුනත්, අද කාලෙට ගැලපෙනවා. කනට ගිනි තිබීම කාටුන් එකත් නරක නෑ. රූපවාහිනී ලෝගෝ එක තියනවා. කාගෙ වැඩක් වුනත්, හොඳ ආරම්භයක්. අපි පොඩි කාලෙ තිබ්බෙ, රට කාටුන් වලට හඞ කවන එක විතරයි. හැබැයි ටයි මහත්තයා ඒක ලෙසටම කලා. දොස්තර හොඳ හිත, ගලිවර්ගේ වික්‍රම. ගලිවර් එකේ කුමාරිට බස්සො තාම ලව්.🤣😂

    ReplyDelete
    Replies
    1. ටයිමහත්තයට පස්සෙ අතුල රන්සිරිලාල්තුමත් හොඳට කරා.. දැන් ඉතීම් කෝමද දන්නෙ නෑ... බෂ්

      Delete
    2. අඩෝ ගලිවර්ගෙ සුවිසැරියෙ කුමාරිට මාත් ලව්...

      Delete
    3. අපේ කාලෙ හිත ගියේ නම්... spellbinder, harry potter වගේ ඒවායේ පටික්කියන්ට.
      spellbinder එකේ නම් කෙලීටයි, විල්ලන් නෝනිටයි දෙන්නටම හිත ගියාද මන්ද 😄

      Delete
  5. ගාල්ලෙ ක්‍රිකට් මැච් එක අතර ඔය වගේ වඳුරො කීප දෙනෙක් දැක්කා පෝස්ටර් එකතු කරන.

    "රජතුමාගෙ සුව නින්දට බාද කරන්න පටන් ගත්ත". දැන් රජතුමා සදාකාලික සුව නින්දෙ නේද මෝඩ වඳුරො 'සදා උකුළුතල මා සුව යහනට තොළගින් මැතිරූ නැළවිල්ලෙන්' කියන අතරෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ්හෙ... 😄😄😄
      ටැංකිව් Lotus ආවට

      Delete
  6. මරු මරු ඔහොම යං. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. හුම්... දැන්නම් ඇඩ්රස් නැතිව තමා යන්ටේ අනුරුද්ධ තුමෝ😄

      Delete
  7. අමරුවෙන් හරි පන්සීය පනස් ජාතකෙත් කොටගෙන යන්න පුළුවන් , අදාල කරගෙන.රණමග ඔස්සේ නොන්ඩි ට මෙහම අපහාස ස කරන එක හරිද?

    ReplyDelete
    Replies
    1. හෙහ්හෙ... 😄😄😄
      ටැංකිව් ajith ආවට

      Delete
  8. ඔව්වා පරණ කතා. දැන් ඉන්න රජවරුයි වඳුරොයි දෙගොල්ලම එකතු වෙලා ජනතාවගෙ බෙල්ලට කොටන්නෙ.

    ReplyDelete
    Replies
    1. හුම්... වැම්පයරුලත් කොටන්නෙ බෙල්ලට නෙව😄😄😄😄

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්