නස්රුදීන්ගේ කතා... - Mullah Nasruddin Stories


නස්රුදීන්... නම ඇහුව නැති කෙනෙක් නැති තරම්. ඒ වගේමයි ඔහුගෙ ජීවිතය හා බැඳී කතාත්. සමහර ඒවා බොහොම විචිත්‍රවත්, තවත් ඒවා බොහොම දාර්ශනිකයි සහ සමහර කතා බොහොම විනෝද ජනකයි. නමුත් ඒ සෑම කතාවක් ම එක වාගේ මිහිරි.

ඉතිහාසය විමසා බලද්දී රටවල් කීපයකින්ම නස්රුදීන්ව හමුවෙනව වගේම, ඔහුව තම රටට අයිති කරගන්නත්... රට රටවල් උත්සහ දරල තියෙනව. කොහොම උනත් ඔහු හිටියා ය කියලා පොදු පිළිගැනීම තියෙන්නෙ තුර්කි රටේ. ජීවත් වූ කාලය ලෙස දැක්වෙන්නෙ 1208 – 1284 වගේ කාල පරාසයක්. පෙනෙන්නට තිබෙන හැටියට... රටින් රටට යාමේ දී ඒ රටවල පුද්ගලයන් හා ඔවුන්ගේ කතාද, නස්රුදීන් හා ඔහුගේ කතා වලට මිශ්‍ර වී ඇති හැඩයි. එයින් පසු සියලු කතා, පුද්ගල ස්වරූප නස්රුදීන් යන නාමයට වටා ගොනු වන්නට ඇති. ඊසොප්ගේ උපමා කතා ද, සෙන් දහමේ සෙන් කතාද... ඔහුගේ කතා අතරට එකතු වී ඇති බව පෙනී යාමෙන් මෙය වටහා ගන්න පුළුවන්.

කොහොමින් උනත් වඩා හොඳ මොකක්ද...  කාලයක් සිට මේ පැවත එන වටිනා කතා සමුදාය අපේ ජීවිත කතාවට එකතු කර ගන්නවා ද, නැතිනම් ඉතිහාසය කාල් ගගා ඇත්ත හොයමින් වෙහෙසෙනවා ද?

* * * * * * * *

 

 

බූරුවා පිටේ යෑම


බූරුවා සමග නගරයට යන නස්රුදීන්ගෙන් අශ්වයෙක් පිටේ නැග යන ධනවතෙකු අපහාසයට මෙන් ඇහුව ‘බූරුවෙක් පිටේ යන එක මොන වගේ ද?’ කියල.

‘අශ්වයෙක් පිටේ බූරුවෙක් යනවට වඩා නම් හොඳයි’ නස්රුදීන් ඔහුට උත්තර දුන්න.

 

දවස කවද්ද

නස්රුදීන් වෙළඳාමට වෙනත් ගමකට ගිහින් ඉන්න අතරවාරයේ එහි අයෙක් ඇවිත් ‘අද දවස කවද්ද?’ කියා ඇහුව. වෙළඳාම ගැන පමණක් අවධානයෙන් හිටි නස්රුදීන් ඔහුට මෙහෙම කිව්ව.

‘මං මෙහෙට ආගන්තුකයෙක්, මේ ගමේ කෙනෙක්ගෙන් අහල බලන්න’.

 

රහස

නස්රුදීන්ගේ මිත්‍රයෙක් දවසක් ඔහුගෙන් ඇහුව ‘දිගුකලක් කරදර වලින් තොරව ජීවත් වීමේ රහස මොකක්ද?’ කියල. මිත්‍රයා දෙසට හැරුණු නස්රුදීන් ඔහුට මෙහෙම කිව්ව.

‘පාද උණුසුම්ව තියාගෙන, හිස සිසිල්ව තබා ගන්න. ගැඹුරින් හිතන්න එපා. ඒවගේම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න’.

 

ආදරෙන් බැඳීම

ලස්සන කාන්තාවන් බොහෝ පිරිසක් සමග ආදරයෙන් බැඳුන පුද්ගලයෙක්, තමන්ට ඒ කිසිම කාන්තාවක් කැමති නොවන්නේ ඇයි දැයි නස්රුදීන් ගෙන් විමසුවා.

‘ඔබ අවලස්සන කාන්තාවක් සමග ආදරයෙන් බැඳුනොත් මොකද’ නස්රුදීන් අසා සිටිය.

 

හොඳ කොයි ගමද

දවසක් එක නගරයක සිට අනෙක් නගරයට යමින් සිටි නස්රුදීන් වෙත, එහා නගරයෙන් ආ පුද්ගලයෙක් මුණ ගැහුණ. ‘ඔයා දැන් ඉඳල එන නගරය, කොහොමද?’ ඔහු නස්රුදීන්ගෙන් ඇහුව. නස්රුදීන් එම ප්‍රශ්නය පෙරළා ඔහුගෙන්ම අසා සිටිය. ‘අපෝ ඒ නගරයද, කතා කරලා වැඩක් නැහැ. මිනිස්සු තිරිසන්නු වගේ. හැම තිස්සෙම රණ්ඩු. කිසිම හොඳක් නැහැ.

‘ආ එහෙමද... මෙහෙත් එහෙම තමයි නස්රුදීන් පසුකර ආ නගරය ගැන විස්තර කරා. නැවතත් මදක් දුර යද්දී නස්රුදීන් හට තවත් පුද්ගලයෙක් මුණ ගැහුණ. ඔහුත් අර ප්‍රශ්නයම යොමු කරා. එවිට නස්රුදීන් පෙර සේ ප්‍රශ්නය පෙරළා ඔහුටම යොමු කළා. ‘එහෙ... කියන්න තරම් වරදක් නැහැ. මිනිස්සුත් හොඳයි. සතුටෙන් ඉන්නව’ ඒ ඔහුගේ උත්තරයයි. එය අසා සිටි නස්රුදීන් ඔහුට තම පිළිතුර කියා හිටිය.

‘ආ එහෙමද... මෙහෙත් එහෙම තමයි.

 

තියෙන සේරෝම පොස්ටුවේ දාන්ට බැරි හන්ද pdf එකකට දැම්ම ගන්ට -

PDF එක (කතා 75ක් තියේ)


41 comments:

  1. උඩින් බලන විට මෙව්වා හුදු විහිළු
    ගැඹුරින් බලනකොට නං සෙල්ලම් නැතිලූ
    පාඩම් පොත්වලින්වත් සෙවුමට බැරිලූ
    උගතොත් මෙවැනි දේ - දිවි ජයගත හැකිලූ

    ReplyDelete
    Replies
    1. ටැංක්ස්... නිදි. කයියකින් කරන සංග්‍රහයට

      Delete
    2. නමියත් ලියාංකෝ කවියක්..බැරි නම් සී පදයක් වත්..

      Delete
    3. ඔහේ අහලා නැද්ද කොමිටල් ඩ්‍රැක්ස් කතාවක් තියෙනව බැරිවැඩ නොකරන් නමියෝ කියල. ඒ නිසා මොන කයිද මොන ශීපදද

      Delete
  2. නස්රුදින්ගෙ කතානං අපි පොඩි කාලෙ ඉඳල අහල තියෙනවනෙ.
    බලමු මේ කතා ටිකත් බාගෙන.

    ReplyDelete
    Replies
    1. හොඳා පෂා... කතා ටික කැමති වෙලාවක කියවන්නකෝ

      Delete
    2. පොඩි කාලේ
      නයි රාලේ
      අපේ බාලේ
      ජිල් බෝලේ

      Delete
    3. කොමිය අදත්
      කෂිය ගහල
      වගෙ පේන්නෙ
      මට විතරද

      Delete
    4. හුම් හුම් ගාන්නේ.. උඹ බකුසු මස් කෑවද? බස්සාත් ලගදි ඉදලා අතුරුදහන්..

      Delete
    5. ඒ ඇත්තටම බෂ්ශ මොටා මිෂින් නෙව. ඌ නැති ටික දොහට මං උගේ ඩියුටිය කරන්නම්.... කොළොම්පුර්
      බොගෙ ඉතිරි සත්තු ටික ගැනත් ලියහන්කෝ

      Delete
  3. Replies
    1. වැටක් වැටක්
      මාර වැටක්...
      වැට දැකුමෙන්
      සිත කැලබෙයි.

      Delete
  4. පීඩීඑෆ් එකක් දැම්ම එක තව දාහක් වටිනව. ඒ වගේ ම ඔය කතා දහය දහය ලියල පෝස්ට් දැම්මනං, පෝස්ට් දහයක් විතර ගොඩදාගන්ඩත් තිබුණු බව කාරුණිකව සිහිපත් කරමි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්‍රැකී... වවන් කන ජාටික මාධ්‍යය වගේ අපට එව්වා පුරුදු නෑ නෙව. ඒකයි pdf එකක් හදල දැවේ.

      Delete
    2. අනේ පාලායන් යන්ඩ.. තොගේ කම්මැලි කමට කීන කෙබර

      Delete
    3. යකූ මොන කම්මැලි කමක්ද... දාන්න තිවන සේරෝම එකසැරේ කොටලා හිට pdf කරා. post දෑවනම් එකසැරේ කොටන මහන්සිය තියේ ද බොල

      Delete
  5. මායි අපේ තාත්තයි දෙන්නම කැමති නස්රුදින් ගෙ කතාව තමා, අර රැවුල කපන්ඩ ගිහිං, "එක පැත්තක පුළුං හිටෝනව, අනික් පැත්තෙ බාර්ලි හිටෝනව" කියපු සීන් එක.

    ReplyDelete
    Replies
    1. අනේ ඩ්‍රැකීයො ඒ කතාව දන්නෙ නෑ බාන්. පුලුහං නම් දාහන්කෝ පීස්

      Delete
    2. හෑ...!

      ඔන්න දවසත් නස්රුදින් ගිහින් රැවුල කපාගන්න. බාබර් ගෙ දක්ෂ කම කොච්චරද කියනවනං, අ‌ඟලෙන් අඟල කැපෙනව. ඒ කැපෙන කැපෙන තැන්වල බාබර් පුළුං කෑලි හිටෝනව.

      ඔහොම වදෙන් පොරෙන් කොහොම හරි බාබර් එක පැත්තක් කපල ඉවර කළා කියමුකො. අනික් පැත්ත කපන්න පටන් ගන්නකොටම නස්රුදින් කිව්වලු. "නෑ එක්කො අර පැත්තෙ පුළුං හිටෝනව. අනික් පැත්තෙ බාර්ලි හිටෝනව" කියල.

      Delete
    3. හුම්.... කෙටුවට ටැංක්ස් ඩ්‍රැක්ස්. මගෙන් බොට හදපිරි මෙව්වා එක

      Delete
    4. තාත්තා නේද නස්රුදින් ගේ රැවුල කැපුවේ.

      Delete
    5. කොමියයි, කොළොමයි,
      පලෙයව් යන්ඩ මැරුං නොකා!

      නමියා,
      වෙල්කම්.

      Delete
  6. ‘ආ එහෙමද... මෙහෙත් එහෙම තමයි’ මේ විදිහට උත්තර දීමේ කලාව ඉගෙන ගන්න ඕනෙ කියලා මමත් හිතාගත්තා. ජීවිතේ හරි ලේසි වෙයි එහෙම පුලුවන් වුනොත්. ප්‍රශ්න අහන ගොඩක් අය කොහොමත් බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ අදහසම අනිත් කෙනත් රිපීට් කරයි කියලනෙ.

    pdf එක කියවන්න බැරිවුනා. වෙන වෙලාවක කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ටිකක් ගැඹුරින් බැලුවොත්... ලොකු සමාජවිද්‍යාත්මක තේරුමක් තියෙන කතාවක් නේ Lotus. මං ආසම කතාවක් ඒක.
      නිදහස් වෙලාවක කියවන්නකෝ ඉතින් pdf එක... බාගෙන.

      Delete
  7. මට මතක විදියට නසිරුද්දින් ලංකාවට ගෙනාවේ පර්සි ජයමාන්න මහතා නවයුගයෙන්. එතුමාගේ මල් කැකුළු බ්ලොග් අඩවියෙන් තවත් කතා බලන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. Idries Shah කියන කෙනා තමා ඉංග්‍රීසියට කතා පරිවර්තනය කරලා ලෝකයටම ඒ කතා ගලා යන්න මූලිකත්වය දුන්නෙ. මං හරි නම් පොතේ නම 'of the incomparable Mulla Nasrudin'.

      සුනන්ද මහේන්ද්‍ර මහතාත් නස්රුදීන්ගේ පොතක්/පොත් ලියල තියේ... පර්සි ජයමාන්නට අමතරව Litseeker.

      Delete
    2. http://www.malkakulu.com/p/blog-page_20.html

      Delete
    3. කාලෙකට කලින් ඔය අඩවිය දැක්ක... ටැංකිව් ඩ්‍රැකී ආයෙම පෙන්නුවට🙏

      Delete
  8. Replies
    1. එල එල.... එල ද බ්‍රා මෙන්ඩා🙏

      Delete
  9. මේ ලිපි පෙල දිගටම ලියන්න. සමහර කථා අහල තිබ්බත් ඔබේ ලිවීමේ රටාව හින්ද වෙනසක් දැනුනා. හැබැයි ඔබේම විකට කථා මීට වඩා හොදයි. මම හිතෙන්නෙ ඔබ ලියන්න ඇත්තෙ නස්රුදීන් .... කියල. මටත් ගුගල් ආදාන මෙවලම පාවිච්චි කරද්දී එන්නෙ ඔය විදිහටම තමා . දන්න කෙනෙක් ගෙන් ඇහුව නම් හදන හැටි දැනගන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ... සමාවෙන්න. ඔයා කිව්වෙ නස්රුදීන් ලියපු විදිහද. එහෙනම් හරි විදිහක මොකක්ද ලියන. එක එක රටවල නමක් උච්චාරණ විදි වෙනස් නෙ... සමහර රටවල නසරුඩීන් කියලත් කියනවා.
      ස්තූතියි... ගොඩ වැදුනට

      Delete
  10. ටැංකිව් නමියෝ PDF එකට. කතා ටික අමතක වෙලා තිබුණේ.

    ReplyDelete
    Replies
    1. විනීත පූෂ්... අආට ඔයාටත් ටැංකිව්

      Delete
  11. අර රහස මට වැදගත් එකක්, ඒක ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕනි. pdf එකට අපගේ හදපිරි මෙව්වා එක💕🥰🤗

    ReplyDelete
    Replies
    1. කාටහරි මේවායේ වැදගත් දෙයක් තිබුනනම් මට එය ලොකු සතුටක්... ❤️🙏
      ටැංකිව් ගොඩඋනාට නවී.......

      Delete
  12. කතා සෙට් නම් මාරු. මම අසම "බූරුවා පිටේ යෑම" ටයි.
    ඉතුරු කතාත් හිමීට බලන්නම් කෝ. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. කාටහරි ප්‍රයෝජන් වෙනවනං තමා මයේත් එකම සතුට ඉතීම්. ටැංක්ස් ආවටත් !

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්