මොකටද මුත්තේ මෙහෙම වෙන්නෙ...

 

හීන් සංදියේ ඇහුණ සිංදුවක්, අහම්බෙන් වාගේ ආයෙම ඇහුණ/ ඇහුව. ඇහුවා නෑහුවා මොකෝ ආයෙම අහන්නය කියලා හැමෝටම...  මේම පෝස්ටුවවේ දාන්න හිතුණ.

 

පරිසරය, ගහ කොළයට, සතා සීපාවට ආදරය කරන කෙනා, ඒ කියන්නෙ සොබාදම් මාතාවට ආදරය කරන මිනිහා වඩා යහපත් කෙනෙක්ය කියලා කියනවා නෙ. හැබැයි ඒ කියන්නේ පේස් බුක්, සමාජමාධ්‍යය ආදියෙන් ‘පරිසරය’ ගැන වැල්බයිලා ගහන කාණ්ඩය හැර වෙන්ට ඇති. කොහොමින් උනත් ඉතින් ඉදිරි කාලයේ අපි ජීවත් වෙන පරිසරේ තියෙන සොබා සෞන්දර්ය විඳ ගන්න වෙන්නෙ ඉතිහාස කතා පොත් වලින්දෝ කියලා තමයි සැක... මෙහෙම දිගටෝම ගියෝතින්.


 

ඇයි කියන්නෙ ඉතින් එක ගහක් හිටවන වේගෙට දාහෙන් වැඩි වේගෙකින් ගස් කැපෙනවා, කැලෑ එළිපෙහෙළි වෙනවා, වැව් පොකුණු ගොඩ කරනවා නෙව. ඇහැව්වොත්... සංවර්ධනයයි කියලත් කියවෙනවා නේ. කොහොම උනත් එන්න එන්නම ගිරීස්මෙ නම් වැඩිවෙනව. හෙවනකට තියා බෙහෙතකටවත් ගහක් හොයාගන්න අමාරුයි කොළඹ රටේ. නැතුවමත් නෙමේ; ඒත් මේ ලඟ කාලයකදී හිටවපුවා නෙවෙයි නෙව ඒවා උනත්.

 

ඒ තියා ගහක් හිටවන එකෙන් ඇති පලප්‍රයෝජනේ, තමන්ට ඇති වාසිය මොකක්ද කියල නෙ හිතන්නෙ... දැන් වැඩිහරියක් උදවිය. ඒකෙත් අත්තක් නැත්තේම නෑ. මොකද ගහක් හිටෙව්වාය කියල සල්ලියක්, ගතමනාවක් හම්බුවෙන එක්ක යෑ. ඒ ඇරත් රූස්සට හැදෙන ගහක් හිටවලා ඒකෙන් කවදා ලී කෑල්ලක්, ගස් ගෙඩියක් ගන්නය කියලද?.

 

  ..... ඔහොම කියාගෙන යන සෑඩ් ස්ටෝරියක් කියන්ට නෙවේ හැදුවේ.

 

කවද කොයි කාලෙත්, අප්පච්චි මයින්ඩ කියන්නා සේ ඩාම් ඩූම් සිදුවීම් වෙනව. ඉස්සර/ පැරණි සමාජය හොඳමද ?; දැන් ඉන්න තරුණ සමාජය නරකම ද?. හැමදාම තරුණ සමාජය අන්තිම නරක උනානම්, හෙටක් ගැන කතා කරන්න අදක් ඉතිරි වෙලා නෑ... නෙ?.

 

ඒ හන්ද මේ වගේ කවි, ගීත ආදී සෞන්දර්යාත්මක නිර්මාණ යෞවනයට/ තාරුණ්‍යයට අහන්න - විඳින්න වැඩි වැඩියෙන් සැලසෙනවා නම්. සලස්වනවා නම්...



18 comments:

  1. අර දෙවෙනි එකනං මරු. 😃 පළමුවෙනි සින්දුවේ හැටියට උනානම් අඹ යායවල් බලන් තිබ්බ.

    ReplyDelete
    Replies
    1. 😂හෙහ්.හෙ... විවිධ ඇට හිටෝමු හිටං අජිත් බෝෂා

      Delete
  2. ගීතය නම් ජනප්‍රියයි තවම, අදහස ඉටු නොවුනට!

    ReplyDelete
    Replies
    1. ජනප්‍රියනම් තමයි. ඒත් දැන්... ඇහෙන්නෙ නැති තරම් නෙ Litseeker

      Delete
  3. ගෙදර පුස්තකාලයක් තියාගෙන ඉඳල වෙච්ච වින්නැහිය පේනවනෙ. හැක්..

    ReplyDelete
  4. නව වීඩියෝව
    https://youtu.be/Qk3jAh9LZCI

    ReplyDelete
    Replies
    1. මොඩ් වර්සන් එක. ඒකත්... නාකම නෑ ඩ්‍රැක්ස් 😂

      Delete
  5. කොඳු උඩ තියෙන්නේ වැඩිපුර මැටි මුට්ටි
    ඒවා පුරවලා ඇත්තෙත් දාල මැටි
    කරුමේ තමයි ඒ ඉපදිල තියෙන හැටි
    මැට්ටෙන් මිදෙන ක්‍රමයක් කිව්වොතින් වටි

    ReplyDelete
    Replies
    1. උගත් -යහපත් පුජ්ජලයන්ගෙන් තමා... අපිටත් ඉතීම් ඒ කරමය දැන ඉගෙන ගන්ට වෙන්නෙ නේද නිදීතුමො

      Delete
  6. ඒ සිංදුවෙ අදහස පොඩි කාලෙ අපේ ඔලුවට දැම්මෙ 'තමන්ට නොලැබුනත් අනිත් අය වෙනුවෙන් ගහක් හිටවන්න' කියලා වුනත්, අඹ ඇටය සංකේතයක් විදිහට යොදාගෙන සිංදුවෙන් කියන්නෙ give selflessly කියන දේ නේද. දැන් කාලෙ buzz word එකක් වෙන sustainability වචනයේ පරණ හා සරල අර්ථ දැක්වීමක්.

    ඒ අතර ලස්සන කියමනක් හම්බ වුනා "Do things for people not because who they are or what they do in return, but because of who you are" (Harold S. Kushner).

    ReplyDelete
    Replies
    1. ඒ කියමන එක්ක මට මතක් උනේ... ලඟදි ආපු RRR (2022)කේ ඕකම කියවෙන තැනක් තිවන.
      "ඔබට ඕනෑම දෙයක් කිරීමට අයිතිය ඇත. ප්‍රතිඵල බලාපොරොත්තු වීමට අයිතිය නැත. ප්‍රතිඵලය ඔබේ අරමුණ කර නොගන්න. නුඹේ ක්‍රියාව ගැන අවධානය තබාගෙන සිටින්න". (මේක සංස්කෘත ස්ලෝකයක්).

      ඔන්න අද මට අහම්බෙන් ඇහුන පෞර්ෂ උපදේසක කෙනෙක් රේඩියේ කියනව. තව අවුරුදු 10කින්... කොළඹ හැම ගෙදරකම ඒසී එකක් තියෙන එක අනිවාර්ය දෙයක් වෙන්ට පුළුවන්ය කියල. මොකද එයාටත් දැනිලා තියෙනව මේ කාලගුණ වෙනස්වීම තදින්ම. ඒ කියල එයා අහනව අපි මේ කොයිබටද යන්නෙ කියල හිටන්.

      Delete
  7. Replies
    1. හ්ම් හ්ම් ප්‍රාජේතුමෝ!

      Delete
  8. ලෝකෙ උණුසුම වැඩි වෙනවා. මම හිතන විදියට නම් මෙච්චර කාලයක් ලෝකෙ බිහිවුණ civilizations මොකක්ම හරි වෙලා විනාශ වෙලා; අලුතින් ආයෙ පටන් ගෙන තියෙනවා...

    ඉතින් එහෙම අලුත් ආරම්භයකට යනව වෙන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. ආරම්භය පටන් ගන්නෙ... විනාසෙ අවසානේ හන්දනෙ මේ දුක

      Delete
  9. ඉස්සර ජාතික රූපවාහිනියේ ඕක බලපු හැටි මතක් උනා

    ReplyDelete
    Replies
    1. හුම්... ගුරුතරුව වෙන්ටෑ.
      ස්ටූටියි ආවට ජනිත්තුමෝ!

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්