කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නෙ ඇයි
බලේ අරන් මොලේ නැතුව වැඩ
කරන්නෙ ඇයි
වැඩේ කාල රටත් කාල බලන්
ඉන්නෙ ඇයි
ලංකාවේ ඔහොම තමයි I don’t know why
දිනපුවාම මෝරාවගේ මහත්
වෙන්නෙ ඇයි
පැරදුනාම හූනා වගේ
කෙට්ටු වෙන්නෙ ඇයි
හූනා මෝරා වෙලා මෝරා හූනා
වෙන්නෙ ඇයි
මැති ඇමතිල ඕව දන්නෙ I don’t know why
I don’t know why //
එහෙම වෙන්නෙ ඇයි
මැති ඇමතිල ඕව දන්නෙ I don’t know why
ඇති එකාට දෙයියෝ පැන පැන
දෙන්නේ ඇයි
නැති එකාට දෙයියො මුකුත්
දෙන්නෙ නැත්තෙ ඇයි
පෙර කල පව් පින් අනුවලු
එහෙම වෙන්නෙ ඇයි
දෙයියො තමයි ඕව දන්නෙ I don’t know why
හිතුමතේ බැඳපු එවුන්
සොමියෙ ඉන්නෙ ඇයි
නැකත් බලල කරපු මගුල්
කැඩිල යන්නෙ ඇයි
ග්‍රහයො නීච වෙලාවත්ද
එහෙම වෙන්නෙ ඇයි
ග්‍රහයො තමයි ඕව දන්නෙ I don’t know why
ඉඩම් කඩම් උගස් තියල
ඉගෙන ගන්නෙ ඇයි
ඉගෙන ගත්ත එවුන් පාරෙ
හිඟා කන්නෙ ඇයි
අනේ නූගත් අය ලොකු
පුටුවල රජ කරන්නෙ ඇයි
ලංකාවේ ඔහොම තමයි I don’t know why
සතුට සොයා පොඩි guest house වලට ගියේ
ඇයි
ඒ ගියාම පොලීසියෙන් රේප් රේඩ් කෙරුවෙ ඇයි
5 star’s හොටෙල් වලට
පනින්නැත්තෙ ඇයි
පොලිස් ලොක්කො ඕව දන්නෙ I don’t know why
එකෙක් එක්ක දීග කන්න
කියල කිව්වෙ ඇයි
අපේ රජගොල්ලෝ අන්තඃපුර දමන් හිටියෙ ඇයි
අනේ ඒ විදිහට දැන්
කොරන්න දෙන්නෙ නැත්තෙ ඇයි
ඒ කාලෙන ඉන්න තිබ්බෙ I don’t know why
ඉඳල හිටල පොඩි අඩියක්
ගහන්නැත්තෙ ඇයි
බීල බීල තව සමහරු සත්තු
වෙන්නෙ ඇයි
ගානට අරගෙන මං වගෙ ඉන්නෙ
නැත්තෙ ඇයි
මටත් ටිකක් වැඩිද මන්ද I don’t know why
බුදුන් වහන්සේ සාමයෙ අගය
කිව්වෙ ඇයි
ජේසුතුමා සැමට ප්‍රේම
කරමු කිව්වෙ ඇයි
අනේ ඒ කියලත් අපේ එවුන්
මරාගන්නෙ ඇයි
යහගුණ දම් පිරිහිලාද මිනිසුන්
වල්මත් වෙලාද
අද දෙවියන් අමතක වෙලාද
එහෙම වෙන්නෙ ඇයි I don’t know why
ගායනය - Sunil Perera & Gypsies