ක්‍රැකෝෂියා
රාජ්‍යයේ සිට ඇමරිකාවට එන වික්ටර් නවොස්කි පැටලෙන්නේ පඹ ගාලකය. තම රටෙන් නැගුණු
ගුවන් යානය New York නුවර බලා එන අතරතුර, එහි සිවිල් යුද්ධයක් ඇතිවී තියෙනවා. එම නිසා ඇමරිකානු රජය විසින් ක්‍රැකෝෂියා
(ප්‍රබන්ධ) රාජ්‍ය තන්ත්‍රය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරනවා. මේ සිදුවනා මොහොතේ
ගුවන් යානයෙන් බැස New York ගුවන් තොටුපොළට ඇතුල්වන
වික්ටර්ට තම රටට ඇතුල් වීමට හෝ නැවත පිටත්කර යැවීමට හැකියාවක් ඇමරිකානු බලධාරීන්
සතුව නැහැ. කොටින්ම ඔහු වෙනුවෙන් පාලනාධිකාරියට ගන්න කිසිඳු ක්‍රියාමාර්ගයක් නැතුව
යනව. මෙයට විසඳුමක් ලැබෙන තුරු පාලනාධිකාරියට සිද්ධ වෙනවා ඔහුව පර්යන්තයේම රඳවා
ගැනීමට, තත්වය පහදා දීල. භාෂා ප්‍රශ්නයත් එක්ක එය ටිකක්
අපහසු කාර්යයක් වුනත් නවොස්කි වෙන්නෙ මොකක්ද කියන එක, වෙන
සිදුවීම් එක්ක තේරම් ගන්නවා. ඔහු ගුවන් තොටුපළෙ සිටින කාලෙ තුළ භාවිතයට කෑම සකාල
පත්, තොටුපල පුරා ගමන් කරන්න අවසර පතක් පවා බලධාරීන් ලබා
දෙනවා විසඳුමක් ලැබෙනකම් ඔහුව මුදාහරින්න බැරි නිසා.
Saving
Private Ryan (1998), Catch Me If You Can (2002) කියන චිත්‍රපට දෙකට පස්සේ නැවතත් තම ශක්තිමත්ම සංකලන සගයා වන Tom
Hanksව යොදා ගනිමි 2004 වසරේ නිකුත් කල මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය
කරන්නෙ Steven Spielberg. සත්‍යය කතාවක කොටසක් ගෙන එය ප්‍රතිනිර්මාණය
කර මෙය නිපදවූ බවක් තමයි සඳහන් වෙන්නෙ. පෙර සිනමා ද්විත්වය වගේම මේ චිත්‍රපටයත්
ඉතාම සාර්ථක වෙනවා වාණිජමය වශයෙන් හා විචාරක ප්‍රතිචාර යන දෙ අංශයෙන්ම. The
Terminal සම්පූර්ණ දාවන කාලයෙන් 85% කටත් වැඩි ප්‍රමාණයක් ඇතුළත්
වන්නෙ ගුවන් තොටුපොළක් ඇතුලේ වීම ප්‍රේක්ෂකයාට තවත් නවමු අත්දීමක්ය. සියලු සිදුවීම් ඇත්තම පර්යන්තයක සේ
පෙනුනත් එය සම්පූර්ණයෙන්ම චිත්‍රපටය සඳහා නිර්මාණය කරන ලද්දක් බව අපට නොපෙනෙන
තරම්ය. රූපගත කිරීමට, විවිධ පැති ඔස්සේ කැමරා කාච
මෙහෙයවීමට එය බෙහෙවින් ඉවහල් වී ඇති. කැමරාකරු Spielbergගේ
දීර්ඝකාලීන සගයා වන Janusz Kaminskiය. ඒ වාගේම මේ ප්‍රබන්න්ධ
රාජ්‍යය වන ක්‍රකොෂියාව සඳහා ජාතික ගීයක්ද ලියා තිබීම තවත් සුවිශේෂී කාරණයකි.
නාට්‍යමය
හා ප්‍රහසන කාණ්ඩයට අයත් The Terminal (2004) චිත්‍රපටයෙ
ප්‍රධාන චරිතය වන නවොස්කිගෙ හරහට හිටින්නේ, වෙන්න බලන්
ඉන්න ඉහල නිලධාරියා වන ඩික්සන්ය. ඔහු අනෙක් අයට දන්වනවා නවොස්කි ගැන ඇහැ ගහගෙන
ඉන්න කියල. හොරෙන් රටට ඇතුල් වෙන්න හැදුවොත් නීතිමය පියවර ගෙන පොලිසියට භාර දීල
ඔහුගෙ කරදරෙන් නිදහස් වෙන්න. මොකද තම පත්වීම ලබන්න තියෙන කාලය අතරතුර අවුලක් හදා
ගන්න ඩික්සන්ට උවමනා නෑ. අනෙක පිටවන කාලයකුක් නොදන්න නිකරුනේ ඉන්න සිදුවුණ මේ
සේවකයකුත් නොවන මුහුණක් ආරක්ෂක කැමරාවල නිතර නිතර පෙනෙන්නට වීම.. ඊළඟට මොහු මොකක් කරයිද? මෙවැනි මානසික සිතුවිලි වලින් පීඩාවට පත් ඩික්සන් හට නවොස්කි
හිරිහැරයක්, මානසික වදයක්ය. ඉතින් නවොස්කිව තම දැලට හසු
කරගන්න ඩික්සන් විවිධ උපක්‍රමත් යොදයි.
ඒත් ඉංග්‍රීසිවත් හරිහැටි බැරි රටකජු කෑන් එකක්
තියන් ඉන්න නවොස්කි ඉවෙන් මෙන්, තමා වටා සිදුවෙන මේ දේවල්
තේරුම් ගන්න දක්ෂ වී ගැටලුව විසඳීමට කාලයට භාර දී බලා සිටි. ගුවන් තොටුපොල ඇතුලෙම
ජීවත් වෙමින්... එයට අනුගතව. මේ අනුගත වීම කොහොමද කියනවනම් කෑමට දුන්නු සලාක පත්
අහිමි වීම නිසා ගුවන් තොටුපොල ඇතුලේ රැකියාවක් පවා ඔහු හොයා ගනී. ඒ විතරක් නෙමේ
සාමාන්‍යය පුද්ගලයෙක් එදිනෙදා කරන සෑම කටයුත්තක්ම ඔහු මේ අංගනය තුළ රැඳෙමින් කරනවා
විතරක් නෙමේ කෙටි කාලීන පෙම්වතියකුත් සොයා ගන්න දක්ෂ වේ. මේ වෙනකොට නවොස්කි
තොටුපොළේ හැම දෙනාගේම හිත හොඳ මිතුරෙක් වගේම පෙම්වතුන් එකතු කිරීමේ අනංගය විදිහට
පවා ක්‍රියා කරමින් ඔවුන් සමග තම හිරවෙච්ච ජීවිතය මේ පර්යන්තයේ ගත කරනවා....
විඳවමින් නෙමේ විඳිමින්.
නවොස්කි ඇඟ සෝදමින් - පෙම්වතිය සමග රාත්‍රී ආහාර ගනිමින් - නිදා ගනිමින් |
ඇත්තෙන්ම ප්‍රශ්නය ඇත්තෙ රටේ හා සංක්‍රමණික නීතිය, ප්‍රතිපත්තිය තුළ මෙවන් මොහොතක ක්‍රියාත්මක වන ආකාරය ගැන සඳහනක් නොමැති කමයි. ඒ හැර ඩික්සන් පවා මේ මොහොතේ අසරණය. ඒ නිසා ඔහු නවොස්කිගෙන් මිදීමට වෙහෙසෙයි, අසාධාරණ අත්අඩංගුවකට ගැනීමෙන් තොරව. මෙයින් මතුවන ඝට්ටනය මුළු චිත්‍රපටය පුරා විහිදේ.
කිසිඳු
පාර්ශවයක්, පුද්ගලයෙක් වීරයා හෝ දුෂ්ටයා නොකර, ලේබල් නොගසා ප්‍රේක්ෂකයාට එය ඉතුරු කිරීම Steven Spielbergගේ බොහොමයක් චිත්‍රපට වල දැකිය හැකි එක් සුවිශේෂී කාරණයකි. (එත් කිතු
දහම උසස් බව පෙන්වන එක නම් කරනවා ෂේප් එකේ). කලාකරුවා කළ යුත්තේද එයයි. වීරයා හෝ දුෂ්ටයා තෝරා දීම කලාකරුවා සතු
යුතුකමක් හෝ වගකීමක් නොවෙයි. ඔහු ප්‍රේක්ෂකයාට සිදුවීම හෝ සංසිද්ධි දැනීමට
සැලැස්වීම, සංවේදවට පත් කිරීම තුලින් රසිකයාටම, ප්‍රේක්ෂකයාටම ප්‍රඥාගෝචර එය තේරුම් ගැනීමට හා මතයකට පැමිණීමට උදව්
සැපයීමයි කළ යුත්තේ. එය ඉතා උසස් අන්දමින් ප්‍රධාන චරිත ද්විත්වය රඟපෑ Tom
Hanks හා Stanley Tucci සිදුකර ඇත. විශේෂයෙන්ම
Hanks වෙනස්ම තලයකට රංගනය රැගෙන ගොස් ඇත Forrest
Gump චිත්‍රපටයේ අප දැකගත් භූමිකාව වාගේ. ඔහු විහිළු තහළු
නොකරයි. චරිතය තුලින් හාස්‍යය මතු කිරීම නම් අති අමාරු කාර්යය විශිෂ්ට ලෙස සිදු
කරයි. (Charlie Chaplin චිත්‍රපටවල ආකාරයෙන්). එය මුළු
සිනමාපටය පුරාම ප්‍රේක්ෂකයා ඇද තබා ගැනීමට සමත් වේ.
වරක්
ඩික්සන් ඔහුගෙන්, ඔබ තම රටට නැවත යන්න කැමති දැයි අසනවා.
වර්තමානයේ එහි යුධ තත්වයක් තියෙන නිසා ඒ මත නැවත තම රටට යාමට ඇතිවන සාධාරණ බය
හේතුකරගෙන ඔහුව ඇමරිකාවේ රැකවරණයට යටත් කර ගැනීමේ අදහසින්. ඒ මාර්ගයෙන් හෝ ඔහුව
ගුවන් තොටුපොලින් ඉවත් කරගන්නට ගත් උත්සාහයත් වැළකෙන්නේ නවොස්කිගගේ සත්‍යවාදීබවද
නැතිනම් ඉංග්‍රීසි හරිහැටි නොතේරුම් කමද.. නැතිනම් ඒ දෙකමද වන්නට පුළුවනි. ඔහු
එහිදී සරවල පිළිතුරු දෙනවා නැහැ, එය මගේ රට... මේ කාමරයෙ
ඉන්න නම් මන් දැන් ටිකක් බයයි... අවශ්‍ය පිළිතුර නොලැබෙන තැන ඩික්සන් ඔහුට පිටත්
කරන්නට සැරසෙනවා. ඒත් සමග කෙසේ හෝ ඔවුන්ට අවශ්‍ය තමන් බය වෙන දෙයක් ගැන දැන ගන්නට
යැයි සිත, නවොස්කි තමා හොල්මන් වලට, ඩ්‍රැකිව්ලාට, මෝරුන්ට බය බව පවසයි... මෙවන්
සිතන්නට බොහෝ දේ ඉතිරි කරනා සිදුවීම් රැගත් සාර්ථක serious comedyයක් මේ දක්වා හොලිවුඩ් වල සිදු නොවූ තරම්ය.
නවොස්කි ගුවන් තොටුපොළින් පිටවෙන මොහොතේ එය දැක ගැනීමට සියලුම සේවකයින් පැමිණ. |
ඉතින්
ක්‍රැකෝෂියා රාජ්‍යයේ සිටි වික්ටර් නවොස්කි රටකජු කෑන් එකක් අතැතිව ඇමරිකානු
භූමියට ඇතුල් වන්නට හදන්නේ මන්දැයි දැන ගැනීමට නම් The Terminal (2004)
සලරුව නැරඹීමටම සිදුවේ.