ආගම
යනු පීඩා විඳින්නවුන්ගේ අඳෝනාවයි. හදවත් නැත්තවුන්ගේ ලෝකයේ හදවතයි. ආත්ම විරහිත
සමාජයේ ආත්මයයි. එය බහුතර ජනතාවගේ මත් උත්තේජකයි. මෙහෙම වැදෑරුවෙ කාල් මාක්ස්.
සමහරුන්ට නම් මෙතුමා උතුමෙක්. (කාල් මාක්ස් නම් මේක කිව්වෙ ආගම එකම හිමිකමක කරගෙන
විඳවන ජීවිත වල සමාජ පැතිකඩ දිහා බලලයි).
එතකොට
සමහර භෞතිකවාදී, විද්‍යාව කරපින්නා ගත් අය කියන දෙයක් තමයි ‘මේ ජීවිතයෙන් එහා
පැවැත්මක් තියෙන බවක් පිළිගන්න බෑ. වෙනත් හෝ නොපෙනෙන ලෝකයක් තියෙන බවක් තාම නවීන විද්‍යාවෙන්
වත් තහවුරු වෙලා නැහැ. එතකොට තව කියනව මිනිසා ක්‍රියාත්මක වීම කියන්නෙ මොලයේ ක්‍රියාකාරිත්වය
මත වන දෙයක් මිස අන් දෙයක් නෙවේ ’.... වගේ කතා.
මට
හිතෙන විදිහට අපිට තේරුම් ගන්න බැරි දේවල් නැහැයි කියල ප්‍රතික්ෂේප නොකර, කළ යුත්තේ
විමසා බාලා දෙයක් තියේ නම් ඒ දේ තේරුම් බේරුම් කර අවබෝධය පුළුල් කර ගැනීම උත්සුක
වීම හෝ නොදන්න දේවල් ගැන කතා නොකර සිටීමයි හොඳ කියල. මොන භෞතිකවාදී, න්‍යායාත්මවාදී
කතා කීවත් ඔය සමහරුන් කරවටක් එරී සිටින වෙලේ ආගම සිහියට ඒම වගේම, අවසන් මොහොතේ
ඊළඟට මොනවා වෙයිද, අනිත් ආත්මය ගැන වගේ දේවල් ගැන හිතට එන්නෙ ඉබේමටම.
මොනවා
තේරුම් නොගත්තත් අප අවට වන ලෝකයේ සංසිද්ධි වත් නිරුවත් දෑසින් බැලුවා නම් නිතැතින්ම
කියවෙන එක දෙයක් තියෙනවා. මේ සසරක හැටි...
Samsara (2011) යනු ආඛ්‍යාන නොවන වාර්තාමය චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය Ron Fricke වන අතර නිෂ්පාදනය Mark Magidson. ඒ වගේම
ඔවුන් මේ නිර්මාණයට රීල් කැමරා හා ඩිජිටල් කැමරා වර්ග දෙකම භාවිතයට ගෙන තියෙනවා. ඒ
තාක්ෂණයන් දෙකේ සංකලනයෙන් වඩා හොඳ නිමවුමක් ලබා ගන්නට. Rotten Tomatoes වල 76% අගයක්ද, Metacritic වල 65% ද, IMDb වල 8.5/10 ක අගයක්ද, Google පරිශීලකයන්ගේ 88% ක ප්‍රතිචාරයෙන් ද ඒ තාක්ෂණික සංකලනය මෙන්ම
සිනමාපටයේ විශිෂ්ටතාව යන දෙ කාරණාවන්ගෙන්ම Samsara (2011)
උසස් නිමවුමක් බව පෙන්වල දෙනවා. ඒ බව සිනමා සිත්තම විඳගත් පිරිසද එක සේ සාක්ෂි
දරනවා.
ජීවත් වෙන්න රැකියා කිරීම, භාණ්ඩ මිලදී ගැනීම, ආහාර ගැනීම, කාපුවා අයින් කරන්න සැත්කම් |
එක
මාතෘකාවක් ඔස්සේ රූප රාමු පෙළගැස්වී නොතිබෙන මෙහි තේමාව ලෙස ‘ඉපදීම, ජීවිතය, ලෝකය, මරණය, වෙනස්වීම වගේ කාරණා ඔස්සේ ගලා යන බව දැක ගන්න පුළුවන්. ඒ ඔස්සේ
ඔවුන් තම නිර්මාණය සම්පූර්ණ කිරීමට රටවල් 25ක් පුරා රූගත කිරීම් සිදු කර තියෙන බව සඳහන්.
ඒ බව චිත්‍රපටයේ අපූරු රූප රාමු සාක්ෂි දරනවා. අපූරු විතරක්ම නොවේ මේ ජීවිතය ගැන ගෙවූ,
ගෙවෙන කාලය ගැන නැවත සිතා බලන්න ඒ අපූරු රූප රාමු අපව යොමු කරනවා. ගැඹුරු ඇතුළාන්තයකට
අපිව ගෙන යනවා. මෙතෙක් ගෙවූ ජීවිතය අර්ථවත්ද...... ජීවිතය කියන්නෙ කුමක්ද. අපට
නොතේරෙන ජීවිතයේ, මනුෂ්‍යත්වයේ කොටස කුමක්ද..
ජීවත් වෙන්න රැකියා කිරීම, භාණ්ඩ මිලදී ගැනීම, ආහාර ගැනීම, කාපුවා අයින් කරන්න සැත්කම් |
සලෙළු ලියක් තෝරාගන්න නැතිනම් කැමති අයුරින් නිර්මාණය කරගෙන රසවිඳින්න |
ජීවිතයේ
නොපෙනෙන, නොදකින පැතිකඩ ඔවුන් ප්‍රේක්ෂකයාට විවෘත කර දෙනවා... සිතා බැලීමට. මේ ගෙවල්, මං මාවත්, යාන වාහන, තාක්ෂණික උපකරණ, සුපිරි කඩ සාප්පු, නොනිදන නගර, රැකියා ස්ථාන, අහස සිඹින ගොඩනැගිලි අතර අප
ගතකරන ජීවිතයට එපිටින්, ඉහළින් පවතින යමක් ඇද්දයි සිතන්නට යොමුවනව... සිනමාපටයට
යොදාගෙන තිබෙන විශිෂ්ඨ සංගීතයද එයට මනාව ඉවහල් වෙනවා.
කාලයේ වැලි තලාවට සැඟව ගිය නිවාස, අහස සිඹින නිර්මාණ හා නොනිදන නගර |
ආරක්ෂාවට නිපදවන අවිආයුධ, ආරක්ෂක අංශ, යුද්ධ හා හමුදා ඇතුළු රණ ශූරයන් |
ඉතින්
අපි මේ ගෙවන ජීවිතය ගැන “බලන් කඩතුරා හැර දෑසේ” වගේ කියමනක් රැගෙන එන හදවතට මෙන්ම
බුද්ධියටත් ගැඹුරු සංවේදනා ඇති කරන්නට හැකි මේ සිනමාපටය නරඹන්න ඔයාලටත් ආරාධනා කරනවා.
සිරවුණු ජීවිත හා සිරගත ජීවිත, යන්නෙ කොහිදැයි නොදත් ජීවන මගීන්, කැමතිම මිනී පෙට්ටියේ අවසන් ගමන |
විචාරක සටහනක් -
“ සාම්ප්‍රදායික සංචාරක සටහනක් හෝ වාර්තා සිනමාපටයක් නොවන samsara වාචික නොවන මග පෙන්වන භාවනාවක හැඩයක් ගනී ”