දික්කසාදයක හේතු මොනවද?. බොනවා, කෑ ගහගත්ත ගමන්, වැරදීම හොයනවා, වෙන සම්බන්ධතා තියෙනව.. ඔය වගේ දේවල් තමා. ඒ කියන්නේ ගැලපීම් එක්කරන් කසාද බැඳලා ලං උනාට, නොගැලපීම් වැඩි වෙලා දැන් දුරස් වෙන්න හදනවා.
ඒක
නෙමේ දික්කසාදය ප්‍රධානතම හේතුව කසාදය වෙන්න බැරිද......
ලංකාවේ
පවා දැන් කලක පටන් දික්කසාද වැඩි වෙනෙ එක බොහොම වැඩි. සමහර වෙලාවට හිතෙනවා කසාද බඳීනවට වඩා කස්ටියක් divorce වෙනවද කියල. එහෙම වෙන්න බෑනේ නේ. කෝම උනත් අර කිව්ව විදිහට නොගැලපීම්
වැඩි තැන වෙන් වෙනකොට, වෙන් වෙන්න හදද්දි මතුවෙන ප්‍රශ්න මොනවද. ඒක ඉන්න ළමයින්ට
කොහොම බලපායිද. ඕව ගැන සමහරු නම් තඹ සතේකට මායිම් නොකරන බව තමයි වැඩි හරියක්
පේන්නෙ. කොහොමින් උනත් ඔය සියලු කාරණා ගැටගැහිච්ච ලස්සන film එකක් තියෙනව. A Separation (2012).
ඉරාන
මධ්‍යම පාන්තික යුවලක් නීතියෙන් වෙන්වීම පතයි. බොහෝ දුරට මෙයට නැඹුරුතාව දක්වන්නෙ කාන්තාව
වන Simin විසිනි. ඒ ඇයට රටින් පිටව ජීවත් වන්නට උවමනා නිසා. ඒ වගේම
ස්වාමිපුරුෂයාත් තමා සමග ඒ ගමන ඒ නම් දික්කසාද වීම නැවත්වීමට පවා ඇය කැමති බව
උසාවියේදී කියා සිටිනව. නමුත් ස්වාමිපුරුෂයා වන Nader එයට
අකමැති වන්නේ, තම ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින පියා හේතුවෙනි. ඉතින් දෙදෙනා එක
මතකය නොසිට හටගත් විරසකය උසාවිය දක්වා ඇවිත්. නමුත් උසාවියෙන් පවා උපදෙස් ලබා
දෙන්නේ දික්කසාදයකට යෑම තරම් දෙදෙනා අතර ගැටළුවක් නොමැති බවයි. ඇය හා ඔහුගේ වැඩ
නිසා තැලෙන්නෙ අහිංසක දුව වන Termeh ය.
උසාවිය - දික්කසාද ඔයා ඉදිරිපත් කරන හේතු මදි.
ඔහු ඔයාට අඩන්තේට්ටම් එහෙම වගේ කරනවද?
Simin - නෑ. ඔහු හොඳ වැදගත් පුද්ගලයෙක්.
A Separation (2011) වසරේ නිකුත් වූ සම්මානලාභි ඉරාන අධ්‍යක්ෂ Asghar
Farhadiගේ තවත් සම්මානිත සිනෙමා සිතුවමක්. එය 2012 වසරේ හොඳම
විදේශ චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානයද, බර්ලින් උළලේ
හොඳම චිත්‍රපටය (gold), ප්‍රධාන
නළුවා, ප්‍රධාන නිළිය යන අංශ ත්‍රිත්වයෙන්ම සම්මානවලට පාත්‍ර උනා. සහ අනෙක් බොහෝ
උළෙලවල් වල සම්මානවලටද පාත්‍ර උනා. සමහරෙක් විචාරකයෝ මෙය එම වසරේ ආ හොඳම නිර්මාණය
බවට ප්‍රකාශ කර සිටිය. ඒ වාගේම IMDb හි 8.3/10 ද, Rotten Tomatoes 99% ද, google පරිශීලකයින්ගේ මනාප 91% ද ලබා ගෙන පමණක් නොව සාර්ථක ලෙස ප්‍රේක්ෂක
ආකර්ශනයක්ද සමගින් Box office වාර්තා අතරටද මෙය එක් වී තියෙනව.
සෑම නිර්මාණයක මෙන්ම අධ්‍යක්ෂ Asghar Farhadi යතාර්තවාදී
රංගන කාර්යය නළු නිළියන්ගෙන් ලබා ගැනීම දක්ෂ වී තියෙන අතර ඒ සඳහා ඔවුන්ගේ
දායකත්වයද ඉහලින්ම එයට ලැබී තියෙනව... ලැබුණු සම්මාන වලින් එය මනාවට පැහැදිලි වෙනවා.
මේ
රටයෑම අවශ්‍ය බව පෙන්වීමට Simin ගෙදරින් පිටව යනවා. ඒ
නිසා Naderට සිදුවෙනවා තමුන් රැකියාව කරන අතරතුර, තම පියා
බලාගැනීමට හා ගෙදර වැඩ කරගැනීමට සේවකයෙක් ගන්න. ඉතින් ඒ තැනට එන්නෙ එක්දරු මවක් වන
Razieh. ඇය වැඩකරන්න ආපු පළමු දවසෙම Naderගෙ තාත්ත ඇඳ තෙමාගන්නවා. වැසිකිලියට යැව්වත් වැඩි සිහිකල්පනාව නැති ඔහු
සෝදාගන්න, කලිසම මාරු කරගන්න තරම්වත් අපොහොසත්. සේවයට ආපු Razieh ඇමතුම් දී Siminව දැනුවත් කරනවා. එහෙත් ඇයට
එන්න විදිහකුත් නැහැ, ඒ සිසුන්ට උගන්වන ගමන් ඉන්න නිසා. Simin මහත්තයව සම්බන්ධ කරගෙන මොකක් හෝ පිළියමක් කරගන්න කියා ඔහුගේ දුරකථන
අංකය දුන්නත්.. ඔහු එහෙ ඉඳන් මොනා කරන්නද.
ඉතින්
වෙන කරන්න දෙයක් නැති තැන Razieh තම ආගමික දැනුවත්
කරන්නිය අමතල අහනව වයසක පිරිමි පුද්ගලයෙක්ට උදව් කිරීම සඳහා ඔහුව ස්පර්ශ කරාට කමක්
නැද්ද කියල......
මිනිසා
වග කිව යුත්තේ, අනුගත විය යුත්තේ තම ආගමටද, නීතියටද, ගුණධර්ම හෝ යුක්තියටද....
ඉතින්
දවසේ වැඩකර ඉවරඋන ඇය Naderට දන්වා හිටිනවා තවදුරටත් රැකියාවට
එන්න විදිහක් නෑ, මේ අසීරු තත්වය යටතේ කියල. Naderටත්
තේරුම් යනවා තාත්තව කාන්තාවකට බලාගන්න බැහැ කියල. ඉතින් ඔහු හොයා ගන්න වෙන
සේවකයෙක් නැති උනත් Raziehට දවසේ වේතනය ලබා දී යන්න
සලසනවා. නමුත් Razieh තම ස්වාමිපුරුෂයාට ඒ රැකියාව ලබා
ගැනීම සඳහා Naderන් ගෙන් අවසර ගෙන හෙට පමණක් වැඩට ඒමට එකඟ
කරගන්නවා... එතකොට එදින ඇයගේ සැමියාට හැකියි Nader හමුවී
ඔහු හා කතාබස් කර රැකියාව තහවුරු කර ගැනීමට. ඔහු Nader
හමුවුනත් පසු දින එන්නෙ නැහැ. ඒ ණය එකතු කරන්නන් ඔහුව පොලිසියට ගෙන ගොස් ඇති නිසා.
පසු දවසත් ඔහු නොවේ, Raziehයි වැඩට එන්නේ.. දින කීපයක්
මෙහෙම Razieh වැඩට ඒමත් සමග ඇතිවන සිදුවීම් මාලාවකින්
පසුව නවතින්නේ Nadar – Razieh
අතර ආරවුලක් ඇතිවී එය නඩුවක් දක්වා දුරදිග යෑමෙන්..
දිනක්
Razieh වැඩකරන කාලය අතරතුර Naderගේ පියා ඇඳේ ගැටගසා
එලියට ගිහින්.
තම
පියාට කළ දෙයත්, රැකියාව හරියට නොකිරීමත් නිසා Nader, Raziehව රැකියාවෙන් නෙරපනවා.
Nader ගැබිණි Raziehව තල්ලු/ පිටමන් කිරීමෙන් ඔහුට
මිනීමැරුම් චෝදනාවක් එල්ල වෙනවා.
මුදල්
ගනුදෙනුවකින් ගැටලුව නිරාකරණය කරගැනීමට පවුල් දෙක සැරසෙනවා.
about Elly (2009) බලපු අයට මේකෙ hojjat ලෙස රඟපාන Shahabව එකපාර අඳුරගන්නත් බැරුව ඇති. අර ලස්සන කොල්ලගෙ කොන්ඩෙත් හැලිල වයසට ගිහින්... වේශනිරූපණය දස්කම් |
ආගම
- ගුණධර්ම - නීතිය - යුක්තිය අතර චිත්‍රපට ඇදී යනවා. Razieh, Naderගේ පියා ඇඳේ බැඳතබා ගියත් ඇය නරක
කාන්තාවක් හෝ සෙරක් නොවේ. Nader ඇයව තල්ලු කරත් ඔහුත් ආදරණීය
හොඳ ස්වාමියෙක්, පියෙක්. Simin, Nadarව හැර යන්න හැදුවත් ඇයද යහපත් ආදරබර බිරිඳක්, මවක්. වහා කිපෙන Hodjat පවා අසරණ මනුෂ්‍යයෙක්. අධ්‍යක්ෂකවරයා කිසිවෙක් කළු හෝ සුදු යයි කියා
පෙන්වමින් චරිත බෙදා සිටින්නේ නැත. ඒ වනුවට සිදුවීම් පමණක් අපූරුවට දක්වා සිටී. වරද/ගැටලුව
ඇත්තේ කොතැනද.... ආගමේද, නීතියේද, මිනිස් හැසිරීම තුලද. ඔවුන් ඔවුන්ගේ
ආත්මාර්ථභාවය, කාරණාවන් වෙත දක්වන අසංවේදී බවද.
ඒ
ඒ තත්වය මත ඔවුනොවුන් හිතට වහල්ව ගන්නා තීන්දු තීරණ මත තම/අනෙක් ජීවිතයට කෙබඳු
බලපෑමක් ඇති වේද.
ආගම,
නීතිය පවා තිබෙන්නේ මිනිසාගේ දියුණුව, හොඳ පිණිසය. චිත්‍රපටය විසින් කිසිවකට,
කිසිවෙකුට ඇඟිල්ල දිගුකර නොපෙන්වමින් අප දේවල් යොදා ගන්නා, උපයෝගී කරගන්න හැටියේ
වැරද්දක් පවතින බව ඉස්මතු කර පෙන්වයි. සියල්ලෝම අසරණයෝ ය. බුද්ධිමත්භාවය නොමැති
ඔවුන් තම යහපත පිණිස තිබෙන ආගම පවා කටුඅකුලක් කර ගනී. සබුද්ධික නොවූ ඔවුන් යුක්තිය
උදෙසා සාදා ගත් නීතියේ සිරකරුවන් වෙයි.
නීතියේ
වලංගුභාවය... නීතිය පවා මානුෂීය හේතු කාරනා ඉදිරියේ හැසිරෙන්නේ යුක්ති සහගතවද.
නීතිය මනුෂ්‍ය හේතු කාරණා ඉදිරියේ සංවේදීද.
- - - - -
අපේ සමහර අය කරන චිත්‍රපටි කරන්නෙ රසික පිරිසට නෙමේ.
ඒ අය තම චිත්‍රපටය හදන්නේ ජූරි සභාවක ඉන්න 4, 5 දෙනෙක් උදෙසා. තව සෙට් එකක් ඉන්නවා.. අනේ අපිට හෝල් නෑ, රසිකයෝ නෑ, රජයයේ උදව් නෑ, මේක කොරන්න බෑ කියා කියල
සිනමාව digital කරන්න, අරක මේක කරලා දෙන්න කියා කියා
ආණ්ඩු පස්සේ වැඳ වැඳ යන උන්දලා.
ලෝක සිනමාවේ හොඳ චිත්‍රපට රස විඳින්නෙක් නම් Asghar Farhadi ගැන කවුද නොදන්නෙ. ඉතා දක්ෂව ප්‍රේක්ෂකයාට සිනමාව කරන අධ්‍යක්ෂකයෙක්, රචකයෙක් නිෂ්පාදක වරයෙක්. තම රටෙ රජයෙන්ම කෙනෙහිලි බාධක තිබියදීත් Farhadi වගේ අය රට වෙනුවෙන්, රටේ මිනිසුන් වෙනුවෙන් නිර්මාණ කරනවා... රට දාල Hollywood යන්න අවස්ථාව තිබුනත්. අපේ උන්දලා එක්ක බලද්දී ඔවුන් රටක් රාජ්‍යයක් වටිනවා. ප්‍රාර්ථනා කරන්න තමා ඉතින් අපි තියෙන්නෙ මෙවන් නිර්මාණකරුවෝ ලංකාවේත් පහල වේවා කියල.