නස්රුදීන්... නම ඇහුව නැති කෙනෙක් නැති තරම්. ඒ වගේමයි ඔහුගෙ ජීවිතය හා බැඳී කතාත්. සමහර ඒවා බොහොම විචිත්රවත්, තවත් ඒවා බොහොම දාර්ශනිකයි සහ සමහර කතා බොහොම විනෝද ජනකයි. නමුත් ඒ සෑම කතාවක් ම එක වාගේ මිහිරි.
ඉතිහාසය විමසා
බලද්දී රටවල් කීපයකින්ම නස්රුදීන්ව හමුවෙනව වගේම, ඔහුව තම රටට අයිති
කරගන්නත්... රට රටවල් උත්සහ දරල තියෙනව. කොහොම උනත් ඔහු හිටියා ය කියලා පොදු පිළිගැනීම
තියෙන්නෙ තුර්කි රටේ. ජීවත් වූ කාලය ලෙස දැක්වෙන්නෙ 1208 – 1284 වගේ කාල පරාසයක්. පෙනෙන්නට
තිබෙන හැටියට... රටින් රටට යාමේ දී ඒ රටවල පුද්ගලයන් හා ඔවුන්ගේ කතාද, නස්රුදීන්
හා ඔහුගේ කතා වලට මිශ්ර වී ඇති හැඩයි. එයින් පසු සියලු කතා, පුද්ගල ස්වරූප
නස්රුදීන් යන නාමයට වටා ගොනු වන්නට ඇති. ඊසොප්ගේ උපමා කතා ද, සෙන් දහමේ සෙන්
කතාද... ඔහුගේ කතා අතරට එකතු වී ඇති බව පෙනී යාමෙන් මෙය වටහා ගන්න පුළුවන්.
කොහොමින්
උනත් වඩා හොඳ මොකක්ද... කාලයක් සිට මේ
පැවත එන වටිනා කතා සමුදාය අපේ ජීවිත කතාවට එකතු කර ගන්නවා ද, නැතිනම් ඉතිහාසය කාල්
ගගා ඇත්ත හොයමින් වෙහෙසෙනවා ද?
* * * * * * * *
බූරුවා පිටේ යෑම
බූරුවා සමග නගරයට යන නස්රුදීන්ගෙන් අශ්වයෙක් පිටේ නැග යන ධනවතෙකු අපහාසයට මෙන් ඇහුව ‘බූරුවෙක් පිටේ යන එක මොන වගේ ද?’ කියල.
‘අශ්වයෙක්
පිටේ බූරුවෙක් යනවට වඩා නම් හොඳයි’ නස්රුදීන් ඔහුට උත්තර දුන්න.
දවස කවද්ද
නස්රුදීන්
වෙළඳාමට වෙනත් ගමකට ගිහින් ඉන්න අතරවාරයේ එහි අයෙක් ඇවිත් ‘අද දවස කවද්ද?’ කියා ඇහුව. වෙළඳාම ගැන පමණක් අවධානයෙන් හිටි නස්රුදීන් ඔහුට මෙහෙම
කිව්ව.
‘මං මෙහෙට
ආගන්තුකයෙක්, මේ ගමේ කෙනෙක්ගෙන් අහල බලන්න’.
රහස
නස්රුදීන්ගේ
මිත්රයෙක් දවසක් ඔහුගෙන් ඇහුව ‘දිගුකලක් කරදර වලින් තොරව ජීවත් වීමේ රහස මොකක්ද?’
කියල. මිත්රයා දෙසට හැරුණු නස්රුදීන් ඔහුට මෙහෙම කිව්ව.
‘පාද
උණුසුම්ව තියාගෙන, හිස සිසිල්ව තබා ගන්න. ගැඹුරින් හිතන්න එපා.
ඒවගේම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න’.
ආදරෙන් බැඳීම
ලස්සන
කාන්තාවන් බොහෝ පිරිසක් සමග ආදරයෙන් බැඳුන පුද්ගලයෙක්, තමන්ට ඒ කිසිම කාන්තාවක්
කැමති නොවන්නේ ඇයි දැයි නස්රුදීන් ගෙන් විමසුවා.
‘ඔබ අවලස්සන
කාන්තාවක් සමග ආදරයෙන් බැඳුනොත් මොකද’ නස්රුදීන් අසා සිටිය.
හොඳ කොයි ගමද
දවසක් එක
නගරයක සිට අනෙක් නගරයට යමින් සිටි නස්රුදීන් වෙත, එහා නගරයෙන් ආ පුද්ගලයෙක් මුණ ගැහුණ.
‘ඔයා දැන් ඉඳල එන නගරය, කොහොමද?’ ඔහු නස්රුදීන්ගෙන් ඇහුව. නස්රුදීන් එම ප්රශ්නය
පෙරළා ඔහුගෙන්ම අසා සිටිය. ‘අපෝ ඒ නගරයද, කතා කරලා වැඩක්
නැහැ. මිනිස්සු තිරිසන්නු වගේ. හැම තිස්සෙම රණ්ඩු. කිසිම හොඳක් නැහැ’.
‘ආ එහෙමද...
මෙහෙත් එහෙම තමයි’ නස්රුදීන් පසුකර ආ නගරය ගැන විස්තර කරා.
නැවතත් මදක් දුර යද්දී නස්රුදීන් හට තවත් පුද්ගලයෙක් මුණ ගැහුණ. ඔහුත් අර ප්රශ්නයම
යොමු කරා. එවිට නස්රුදීන් පෙර සේ ප්රශ්නය පෙරළා ඔහුටම යොමු කළා. ‘එහෙ... කියන්න
තරම් වරදක් නැහැ. මිනිස්සුත් හොඳයි. සතුටෙන් ඉන්නව’ ඒ ඔහුගේ උත්තරයයි. එය අසා සිටි
නස්රුදීන් ඔහුට තම පිළිතුර කියා හිටිය.
‘ආ එහෙමද...
මෙහෙත් එහෙම තමයි’.
තියෙන සේරෝම
පොස්ටුවේ දාන්ට බැරි හන්ද pdf එකකට දැම්ම ගන්ට -