මේ ගමත්,
අනෙක් ගම්මාන වගේමයි. කිසි වෙනසක් නෑ. තියෙන එකම වෙනස... උපදින බොහෝ දරුවන් නිවුන්නු
වීමයි. එයිනුත් වැඩි පිරිසක් සර්වසම නිවුන් ගණයට තමා අයත් වෙන්නෙ.
නිවුන් උපත්
දර්ශකයේ ඉහළ තැනක, ඉන්දියාවෙ නම සඳහන් වෙලා නැතන්... මේ ඉන්දියානු ගමට නම් ඒක
වලංඟු නෑ වාගෙ. බලන බලන හැම තැනම නිවුන්නු. විද්‍යාවටත් හරිහැටි තේරුම් බේරුම්
කරගන්න බැරි මේ ගම්මානයේ නම කොඩින්හි (Kodinhi). පිහිටා
තියෙන්නෙ කේරළයේ. වාර්තාවල සඳහන් වෙන හැටියට එහි පවුල් 2000 තියෙන අතර ඒ පවුලවල්
වලින් නිවුන් යුගල 400ක්වත් සිටී. කලකට ඉහත සඳහන් මේ වාර්තා නිසා දැන් තත්වය වෙනස්
ඇති. ඒත් ඇති තරම් නිවුන්නු නම් අඩුවක් නැතුවම ඇති.
කෘතීම සංසේචන
ආදිය නිසා බටහිර නිවුන් දරුවන් ලැබීමේ යම් වර්ධනයක් තිබුනත්... මේ ගමේ නම් එය
වෙන්නෙ ස්වාභාවිකමයි. පරීක්ෂකයින් ඔවුනගේ ආහාර වේල්, ජල සැපයුම්... ඇතුළු දේවල් ගැන
හිට පරික්ෂා කළත් මෙයට හේතුවක්, මෙතුවක් ලැබී නැති බවයි දකින්ට තියෙන්නෙ. ඒ උනත්
ජානමය සාධක ඇතුළු දේවල් ගැන පරීක්ෂකයෝ, විද්‍යාඥයො මේ දක්වා
සොයා බලන බව කියවෙනව.
(තවමත් ඇත්තෙන්ම, මෙහි ප්‍රධාන
පිළිතුර ලැබී නැත. කොඩින්හි අභිරහස දැනට අභිරහසක්ව පවතිනු ඇත. පර්යේෂක කණ්ඩායමක
සාමාජිකයෙක් එලෙස අදහස් දක්වලා තියෙනවා).
ඒ වගේම කලකට කලින්
කේරලයේ දොස්තරවරයෙකු වන ක්‍රිෂ්ණන් ශ්‍රීබිජු... “අවුරුද්දක් පාසාම නිවුන් ප්‍රතිශතය
එහි වැඩිවන බවත්, පසුගිය අවුරුදු දහයක් පුරා කොඩින්හි ගැන අවධානයෙන් හිටි තම
නිගමනය... මේ ප්‍රමාණය දෙගුණ වෙන්නට පුළුවන් බවයි.” ක්‍රිෂ්ණන් දොස්තර මහතා එසේ කියා
ඇත.
කොඩින්හි වැඩිහිටියන්ට අනුව නම් මෙහි ආරම්භය වැඩි ඈතක නොව... මීට පරම්පරා තුන හතරකට පෙර බවයි. (මීට අවුරුදු 70 – 80කට පෙර). ලෝකේ සියලු දේ විද්‍යාවට හසු නොවන බව පෙන්වන මේ නිවුන් ගමේ... නිවුන් සමාජයක් ද පිහිටුවාගෙන තියෙන අතර මුළු සාමාජිකයින් පිරිස 600ද ඉක්මවා තියෙනව.