Man in Black (1997) එකේ ‘Agent J’ නොදන්න කෙනෙක් නැති තරම්. Will Smithව ලෝකෙම දැන ගන්නෙ ඒකෙන්. ලෝකෙම ආදරේ කරන Will Smithගෙ 53වන උපන් දිනය යෙදිල තියෙන්න අද. Smith චිත්‍රපට වලින් අතිශය ජනප්‍රිය වුනත් කළා දිවිය පටන් අරං තියෙන්නෙ 1980 ගණන්වලින් Rap සංගීතඥයෙක් විදිහට The Fresh Prince කියන අනුවර්ත නාමයෙන්. ඒ වගේම පළමු Grammy Award එක අරං තියෙන්නෙ 1989.
The Fresh Price ලෙස රැප් කරමින් |
Will Smith රඟපාපු හැම චිත්‍රපටියක් වගේම සාර්ථක උනා. Box Office හිට් උනා. පළවෙනි Box Office එක වෙලා තියෙන්නෙ
Bad Boys (1995). ඊට පස්සෙ අවුරුද්ද ආපු Independence
Day 1996යෙ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් එකක් වෙලා තියෙනවා.
1997 දි
අපි හැමෝම බලපු Man
in Black චිත්‍රපටියත් world හිට් එකක්
උනේ ස්මිත් hollywood වල සුපිරි තරුවක් බවට පත් කරලා. ඒකෙ
ස්මිත් කල රංගනයටද විචාරක පැසසුම් මදි නොකියන්න හම්බෙලා තිබුණ. ඒ චිත්‍රපටියෙ තේමා
ගායනා කරෙත් ස්මිත්. ඒ සින්දුවත් හැම චාට් එකකම No1 උනා.
ඒ වගේම මං ඇතුළු හැමෝම බලල තියෙන Bad Boys (1995), Men in Black 2(2002), i robot (2004), Bright (2007), Hancock (2008), Focus (2015), Concussion (2015), Collateral Beauty (2016), Aladdin (2019) සුපිරි චිත්‍රපටි.
රූපය - අන්තර්ජාලයෙන් |
Concussion (2015) - ක්‍රීඩකයන්ගේ හිස් ගට්ටනය වීම නිසා ඇතිවන මොළයේ රෝගයක් සොයාගන්න වෛද්‍ය ඔමාලුගේ සත්‍ය කතාව ඇසුරින් නිපදවුණු මේ චිත්‍රපටයේ ඔහුගෙ රඟපෑම ඉතා තාත්විකයි. 2016 ආපු Collateral Beauty චිත්‍රපටියේ රඟපෑමද විචාරක පැසසුමට ලක්වුනා. ඒ වගේම චිත්‍රපටියට අත්සන් තැබීමෙන් කෙටි කලකට පසු Smithට තම පියා පිළිකාවක් නිසා අහිමි වුනා. චිත්‍රපටයේ ඔහුට රඟ දක්වන්න තිබුනෙ පිළිකාවකින් තම දියණිය අහිමි වුන පියෙකුගේ චරිතයක්. එතකොට 2007දී Netflix නිෂ්පාදකයින් එතෙක් ඔවුන් දැරූ වැඩිම පිරිවැය යොදමින් Bright චිත්‍රපටිය සඳහා ස්මිත්ව යොදා ගත්ත.
Concussion (2015) හි තාත්වික රංගනයක යෙදීමින් |
ත්‍රාසජනක
අත්දැකීම් ලබා ගන්නටද කැමැත්තක් දැක්වන Smithගෙ ඒ ක්‍රියාවන්වල යෙදෙන
video ඔහුගේම YouTube නාලිකාවෙන්
බලා ගන්නත් පුළුවන්. ඒ හරහාද විශාල පිරිසක් ඔහු හා එකතු වෙනවා.. ඉතින් සුභ
උපන්දිනක් Will Smith.