මේ පොස්ටුව කාටවත් මඩ ගැශීම්ක් හෝ චරිත ඝාතනයක් ශඳහා නොවේය.

කලින් දැනුවත් කරල හිටින්න එපෑ. නැට්ටං පොලිස් ගානේ, හතරවෙනි තට්ටු ගානේ යන්ටයි වෙන්නෙ. මට ඒම යන්න, ශිර බයියන් කන්න, ලාච්චු ඇර ගන්ට බැරිය.

ඔන්න මහින්ද මාත්තිය දේසපාලන කලබගෑනි වලින් ඈත් මෑත් වෙලා ගෙදර පොඩි විවේක පාඩුවක ඉන්නකොට හිටන්, නෝනී ඇවිත් කිව්වා ‘මේ.. කෑම ලැහැත්ති...’ කියලා.

මහින්ද හිටියෙ මිදුලෙ හාන්සි පුටුවක කකුල් දෙක ඇඳි දෙකේ තියාන. සාටක පොටත් ළඟම... එතෝට සුරේ එක අතක අනෙක් අතේ පෝං එක. සුළං රැලි හෙමි හෙමීට එන වෙලාවක් මේ. පපුව ඇතුළු උඩ කොටහටත්, සරම අතරින් කයේ යටි කොටහටත් වැදෙන මේ සිහින් සුළං රැලි අතරේ හිත රිදෙන රිදුම් පිරිමදින්... හැබැයි ඒ මැටි පැලක හෙම නෙවේ.... හොඳින් සෙවිලි කළ අනේක විද පහසුකං ඇති modern ගෙදර. එහෙම හිට අප්පච්චි එදා - අද අතර ගැට ගැහුණු අතීත පාලම මත ගමන් කොර කොර හිටියෙ... අයිය, මලෝ, පවුල, තමුන් දැන් හිටින තැන් ගැන. ඒ අස්සෙ ගෝඨා මලයට හච්චුන් එකක් ගෙහුන්ද කොයිද මහින්ද අයියට කෝල් කරනවා.

අයියෙ දැන් කොයිද....... ඉන්නෙ

ගෙදර...... ජනපති මලේ, තා කොහිද?

මාත් ගෙදර...... නිකමට මතක් වෙලා ගත්තෙ. තියන්නං.

හ්ම්. හ්ම්... එහෙම කියල මහින්ද e-bay එකෙන් අලුත ගත් satellite පෝං එක පැත්තකින් තිව්ව. පරණ එකට හැම එකාම දැන් call කරනවනෙ... සැපද කියල බලන්නත් එක්කල. එකයි මහින්ද අලුත් එහෙකට මාරු උනේ... කාලේ අනුව.

මලය උනත් දැන් වැඩි ඇයි හොඳයියක් නෑ වගේ. ඔව් ඔව්.. මිනිහ ලඟදි හම්බුවෙච්චි කොට මට වැන්දෙත් නෑ’. අප්පොච්ච තමාටම කියා ගත්ත. ආයේ මතක් උනා ගෙදර පොඩි සන්දියෙදි මූ මට වැන්දෙත් නෑ නෙව මේ තරම් කියල. එතකොට මූ මට ජනපති වෙලා, හැම ප්‍රසිද්ධ තැනකම වාගේ වැන්දෙ..... ඇයි?. කෙල උනොත් මාව උකසට තියන්න වත්ද. මේ සැකය හිතට අවුදින් මහින්දගේ ඇඟේ මයිල් කෙලින් උනා. ඒ අතරේ ගෙදර ඉන්න වැඩකාර ගෑණිත් ඇවිදින් ‘සර් කෑම ලැහැත්තියි කරල ගොඩක් වෙලා...’ කියල කිව්ව. අප්පොච්ච ඒකටත් හුම් කියාගෙන කුස්සියට ගියෙ ‘වැඩකාරිත් දැන් එක විදියක්.. මේකිත් අපි නැති ටිකේ ගියාද දන්නෙ නෑ උද්ඝෝෂණ වලට’ කියල හිත හිත.

කාල කරලා හිට.. ආයේ ගෙයි වටයක් ගහල මහින්ද, පුටින්ට කෝල් එකක් දුන්න. එහෙ වෙන දේවලුත් දැන ගන්න එපායෑ. පුටියගෙ phone එක හොඳටෝම busy. ආයෙ මහින්ද ආව ඉස්සරහ හාන්සි පුටුවට. ට්‍රීන් ට්‍රීන්... ට්‍රීන් ට්‍රීන්...

හලේ... මහින්ද ගොරෝසු ස්වරය අඩු නොකරම කතා කරා.

හායි මයින්ඩ.....

කවුරු....... අප්පොච්චට දැන් හොඳටෝම කේන්ති. කාපු ඒවත් දිරෝගන්න try කරන වෙලාවෙ බඩත් අතගගා මතක් කරා.

මයින්ඩ... මං මං. මම Joe Biden. බයිය සිංහලෙන්ම කතාව පටන් ගත්ත. ආයේ මොකටද English කියල හිතල. මහින්ද එක පාරම පුදුම උනා අලුත් phone එකේ number එක කොමද මූ හොයාගත්තෙ කියල. ආයේ සිහි උනා සිරාගෙ web site ඒකත් hack කරපු එකේ... පොඩි එකකේ, මේවත් වැඩද කියල.

ආ.... Joe. මොකද මේ හැන්දෑ කරේ... කියල ඇහුවට, ජෝයිගෙන් ඇහුවෙ නෑ දැන් සැපෙන්ද කියල.

හැන්දෑ නෙවේ එළි වෙලා... උඹල කරපු වැඩ ඔක්කොම කොට උඩ නෙ. My god.. උද්ඝෝෂණ දැන් වැඩී නෙ. මේ පාර නම් ගමට ගිහින් බේරෙනවා බොරු වගේ නෙ. ජෝයි බයිය එහෙම කියද්දී මහින්ද පොඩි හිනාවක් දැම්ම. ‘ඕව ඉතින් දේසපාලන ජීවිතේ එනව නෙ. උඩ යනව. යට යනවා.... ඩාම් ඩූම්.   උංගල් උඩය පේර... ආ වැරදුනා. ඕව ගණන් ගන්න ඕන නෑ. ආ... මේ මං තියනව. බැසිල කතා කරනවා. පස්සෙ ගන්නං.

කියන්න බැසිල්.. කියල මහින්ද තම එක කුස උපන් මල්ලීට කතා කෙරුව. අයිය.. මං රට යනව. ගියාට මං ආයෙ එනව. හිතුනොත්... ඇවිත් ආයේ යනව. u can't see me.. එහෙනම් මං තියනවා. ඥාණ අක්කගෙ පිහිටයි.

%^#$# වේ..si. ඕකුං තමා අපිව කෑවේ. මාව කෑවා සුමානය. ගෝඨාව කෑවා මේ ගෑණි. එහෙම කියල මහින්ද රටේ ලොකුම ප්‍රශ්නය: තමන්ගේ රජකම බලුකමට දෑවේ කවුද කියල හිතන්න ගත්ත..

ආයේ කොලේ එකක් ආව ඔය අතරේ... චමල්. අයියත් දැන් වැඩි ඇයි හොඳයියක් නැති වග මහින්දට කතාවෙන් තේරුනා. පෝං එක අරං අනික් අතට මහින්ද ගත්ත උපන්දා හිට තමන්ට වැඩ කරපු 69ටත් වග කියන්න ඕන සමාගම් සභාපතියෙක්ට. ‘මේ ඕයි මං මහින්ද.....’

Hello.. go h.o.m..  ආ....... god evening සර්. කියන්න හදිස්සියේම. ඒම කියද්දී මහින්දට කල්පනා කරා හදිස්සි.... මට මොන හදිස්සිද. ‘මේ මං නිකං ගත්තෙ. තමුසෙ ගැන බලන්න. මං තියනව’. එහෙම කියල මහින්ද ආයෙම තමුන්ගේ සුපුරුදු පුරස්නය මතක් කර ගත්ත.

මං පයිල් තියාගෙන මුන්ට නටන්න දුන්නු හන්ද ද මේම උනේ. නැහ්නං සැලුන් දොර හන්ද ද. විමලයද මාව නැති කලේ... ගමන් පිලවද, ජොනි බෝයිද, වාසු, GL, කබරාල, බැසිලද?...... අපේ හාමුදුරුවනේ. හිත කෑ ගහල කිව්වා. මහින්දට හරියට හිතා ගන්නට බෑ. මොකාද මට, මගෙ රජකමට කෙලෙව්ව එකා කියල. පුටුවෙ මේම වාඩි ගෙන හිතන ගමන් තමන්ගේ හෙවනැල්ල දිහා බලං ගොඩ වෙලා මහින්ද ඒ ගැන කම්පනා කරා.

ඒ අස්සෙ ගොක් කොළ, පොල් කොළ අතරින් බිමට වැටුණු මද හිරු එළියෙන් ඉංගිරීසි අකුරු දෙකක් බිම ඇඳිල තිව්න...


* * * * * * * * *

මට හම්බුනා වෙනස් තාලේ නැකත් සීට්ටුවක්..... මේන් බලන්ඩ. මං හෙම නෙමෙයි ලීවේ ඔන්ට හොඳේ


නැකත් සීට්ටුව.

නව සඳ බැලීම -

හඳ... හඳ නෙවේ බලන්න දෙන්න ඕන අපාය. චන්ද අයිතිය ලැබිච්ච දා ඉඳ කොරගත්ත මරිමෝල් වැඩ හන්ද දැන් හඳේ හාවත් අපට කෝචොක් බොල. ඉතින් කොහොමෑ විලිබියක් ඇතුව හඳක් දිහා උනත් බලන්නෙ. බලනවනං ඕන් මැයි 5 බලාගන්න එකයි ඇත්තෙ. ගල් එහෙම ගහනව නෙමේ.... හිට. අර ඇමටි හුටංලගෙ ගෙවල් වලට වාගේ.

පරණ අවුරුද්ද සඳහා ස්නානය -

අප්‍රේල් 13 වෙනි බදාදා.

ගූ නාන එක කොමත් බොලාට පරම්පරාවෙන් උරුම නිසා ඔලුවෙයි කකුලෙයි නෙමේ පුම්කෙ ඉඳල ගූ අතුල්ලාන, ගාගෙන.... නාන එකයි ඇත්තෙ. ඉෂ්ට දේවතා විදිහට ඤාණක්ක, අර ඇස් අඳ සාත්තරකාරය වගේ අය සිහි කර ගනිල්ල. කොමත් උඹල ඉතිං උන්ගෙ සරණ යන එකේ ආයේ සිහි කරන්න දෙයක් නෑ නෙව... ඕකුං.

නොනගතය -

ඕනෙමනම් පොඩි උන් එක්ක ගොහිං පන්සල පෙන්නන එකයි ඇත්තෙ. ඒත් පොඩි එකා අර හාමුදුරුවෝ ඇයි නිල්, අරය ඇයි කහ කියල අහපුහම දිව කට වේලෙන්න ගනී නං ගෙදරම හිටු..... නැහ්නං ඉන්න පෝලිමක හිටු. කෙබර හලන්නෙ නැතුව... අවුරුදු දවසෙත්.

ආහාර පිසීම, කිරි ඉතිරවීම -

ආහාර පිහින්න කරන්ට්, ගෑෂ්, භූමි තෙල් නැති එකේ ඒ පෝලිම් වලටම වෙලා හිටු... ඒව එනකං. ඇඟේ මාලු නටෝ නටෝ.... එලියට උතුරල යනකං හරි.

ආහාර අනුභවය -

පවුල එක්ක 100යේ ටී එක බෙදාන, කොකිස් පැකට් එකක් කඩාන කන එකයි ඇත්තෙ. තියෙන ඈයො ඉතිං උස්මුරුත්තෙ හැදෙනකං කන, බොන එක කරනවා නෙව.... එපා කීවත්.

වැඩ ඇල්ලීම හා ගණුදෙනු කිරීම -

හරියට වැඩක් කරන පුරුද්දක් කොතැනද තිව්නෙ... අපේ ජහ මනයට. රාජකාරි වෙලාවෙත් මුකුත් නොකර හිටි එකේ වැඩ අල්ලන වෙලෙත් ඒ විදිහටම ඉන්ට එකයි ඇත්තෙ. එදාට බොරු සෝබන ඇතුව. අනික ඉතින් අපේ උන්දලා වැඩක් කරනවා කියන්නෙ ඉතින් නැට්ටෙ හිට ගොම නොවැ.

ගනුදෙනු කරන්න තියා කෑම දිසී මාරු කරගන්න හිතන්නවත් එපා. මේ වෙලාවෙ පෝලිමක නෙවෙයිනං ඉන්නෙ දොර, ජනෙල්, ගේට්ටුව වහල ඇතුළට වෙලා නිස්සදවම හිටු... බල්ලොත් ලිහ දාල. (ඕව ඉතින් කොමත් පුරුදු ඒවා නෙව). ගනුදෙනු කරන්න තියා.... හාල් එන්නෙත් ණයට නැව් වලින්. තියෙන පනං කීය හරි ඒවාට දෙන්න තියා ගනින්ල.

ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම කරන වෙලාවට රෙදි තිව්නොත්.. පාට නොබලා ඇඳගන්ට. ආයේ හෙට අනිද්දා රෙදිත් නැති වෙයි....... වැලේ වනල තියෙන එකේ හිට.

හිස තෙල් ගෑම -

ගාගන්නම ඕනෙ නං පන්සලට පල..... එකා දෙන්න හෙමීට. රොත්තම දැක්ක ගමනෙ හාමුදුරුවො පන්සලේ ගේට්ටුව වහයි.... උද්ඝෝෂණ උන් මෙහෙටත් එනව කියල හිට. හිරිකිතයක් නැති නම් අප්පොච්චිගෙ ගෙදරට ගිහින්ම ගා ගන්න try කරාට කමක් නෑ..... උන්දවත් බය නොකර.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම -

යෙදෙන්නෙ අප්‍රේල් 18. ඒත් වැඩපොළෙන් කතා කරන දාට පල. නැහ්නං එදාට වෙන එකෙක් උඹේ පුටුවෙ ඉන්න පුලුවහං.... ඒ තරමට job නැති උන් එලියෙ ඉන්නව බොලව්.

පැළ සිටුවීම -

අනේ උඹල හිටෝන පැළ. වවල තියෙන පැළේකට, ගහකට හරි වතුර ටිකක් දාපල්ලා... පුලුහං වෙලාවකට.

 

සම්මෝදමාන ජාතකය ඇසුරින්

බී.පී.කේ. තිලක

- දේශය වෙබ්අඩවියේ පළවූ සටහනේ සංශිප්ත කොටසක්

වන පෙතක් තිබුණා…. එහි වාසය කළේ කුරුල්ලන් විතරයි. එයිනුත් වැඩිපුර සිටියේ වටු කුරුල්ලෝ. උන් රංචුවක් වශයෙන් එකට සිටියා. ඒ නිසා විශාල රංචුවක් වුණා. මේ වටු රංචුවේ නායකයෙක්ද උන්නා. ඌ ගුණවත් යහපත් එකෙක්. රංචුව හොඳින් රැක බලාගත්තා. උන්ට මේ වනපෙතේ කෑම බීම හිඟවුණේ නෑ. පල වැල පිරිලා කලක් එසේ ගෙවී යන විට කුරුලු වැද්දෙක් මේ වනපෙතට ආවා. ඔහුට වටුවන්ට වගේ හඬ නගන්න පුළුවන්. මේ වැද්දා වටුවන් ඉන්න පෙදෙසට ඇවිත් සැඟවී වටුවෙක් වගේ හඬ නැගුවා. වටුවෝ ඒ හඬ ඔස්සේ ආවා. වැද්දා දැල දැමුවා. වටුවන් දැලට අසුවුණා. ඔහු උන් අල්ලාගෙන ගොස් විකුණා අඹුවත් සමඟ ජීවත් වුණා.

කාලය එසේ ගෙවී ගියා. රංචුවේ වටුවන් අඩු වුණා. එය නායකයාට දැනුණා. ඌ වටුවන් රුස් කළා.

බලන්න මේ රංචුවේ උන් අපේ සමහර නෑයන් මිතුරන් අද නෑ. විනාශවෙලා. එසේ වූයේ ඇයි? ඔබ දන්නේ නෑ, ඒ නෑයන් මිතුරන් අර වැද්දාගේ හඬට රුවටිලා. උගේ දැලට අසුවෙලා අපිට අහිමි වුණා. හෙට අනිද්දා  ඒ ඉරණම ඔබට අත්වෙයි.

නායකතුමනි, අපි ඉන් ගැලවෙන්නේ කෙසේද? උන් ඇසුවා. ඊට එක උපායයි තියෙන්නේ.

ඒ කුමක්ද?

ඔය වැද්දා ඔබ මතට දැල දැමූවිට එකිනෙකා එකාවගේ දැලේ හිල් අස්සෙන් හිස දමා එකට පියාඹන්න ඕනෑ. එතකොට දැල ඔසවාගෙන ඉගිල ගිය හැකියි. එසේ ඉගිල ගොස් කටු ලැහැබක වහන්න ඕනෑ. එවිට දැල කටු ලැහැබේ දැවටෙනවා. ඔබට පුළුවන් ඉන් බේරිලා ඉගිල යන්න. වටු නායකයා කිව්වා.

මීට පස්සේ අපි එසේ කරමු වටුවෝ කිව්වා.

පසුදින කුරුලු වැද්දා ආවා. සුපුරුදු හඬ නැගුවා. වටුවෝ ආවා. වැද්දා දැල දැමුවා. වටුවෝ නායකයා කිව් ලෙස දැලත් අරන් ඉගිලුණා. ඉගිල ගොසින් කටු ලැහැබක වැසුවා. ඉන් බේරී පලා ගියා. වැද්දා පුදුම වුණා. බොහොම අමාරුවෙන් කටු ඇනගෙන දැල බේරාගෙන හිස් අතින් ගෙදර ගියා. වැද්දා එය එතැනින් අතහැරියේ නෑ. හැමදාම දැල දැමුවා. වටුවෝත් දැල අරන් ඉගිලුණා. වැද්දා හිස් අතින් හැමදාම ගෙදර ගියා. මේ හේතුව නිසා වටු වැද්දාගේ ගෙදර අගහිඟ ඇති වුණා. බිරියට ඉවසුම් නැතිව ගියා. මොකක්ද මිනිහෝ මේකේ තේරුම ඇය ඇසුවා.

මොකක්ද තේරුම කිව්වේ.

ඔබ දැල අරන් වනයට යනවා. හිස් අතින් ආපසු එනවා. ගෙදර හරියේ කන්න හදන්න කිසිවක් නෑ.

මම මොනව කරන්නද ඒකට.

අඹුව හොඳටම කෝප වුණා. ඔය වැඩේ හරියන්නේ නෑ. ඔබ කැලෑවට යන්න එපා වෙනත් රැකියාවක් සොයාගන්නවා. එතකොට ගෙදර අග හිඟ නැති කරගන්න පුළුවන්.

යෝදියේ මට වෙන රැකියා කරන්න දන්නේ නෑ. තව ටික දවසක් ඉවසපන්. දැන් මට වටුවන් අල්ලන් බැරි උන්ගේ සමගිය නිසා. උන් දැල අරගෙන ඉගිලෙන නිසා. ඔය සමගිය වැඩි දවසක් තියෙන්නේ නෑ. එතකොට මට උන් අල්ලාගන්න පුළුවන්. උන් උඹට ගෙනත් පෙන්නන්නම් කිව්වා. බිරිය නිහඬ වුණා.

ඒ කිව්වා වගේම සිදුවුණා. වටුවන් රංචුව ගොදුරු සොයා ගොදුරු බිමකට බැස්සා. එක වටුවකුගේ නොසැලකීම නිසා තවත් වටුවකුගේ හිසට උගේ කකුල වැදුණා. ඉන් ඌට රිදුණා. කෝපවුණා. හැබැයි කකුල වැදුණු වටුවා ඌ දැක්කේ නෑ. ඌ වටුවන්ට දොස් කිව්වා. එය උන් අතර සටනක් වුණා. එය නායකයා දැක්කා. ඇවිත් සටන නතර කෙරුවා. එහෙත් වටුවන් අතර මෙතෙක් තිබූ සමගිය නැතිවෙන වග ඌ දැනගත්තා. වටු රංචුවෙන් ඈත් වී වෙනත් දිසාවකට ඉගිල ගියා.

වටු වැද්දා සුපුරුදු ලෙස ආවා. හඬ නැගුවා. දැල එලුවා. වටුවෝ කොටුවුණා. අසමගිය නිසා වෙනදා මෙන් කඩිනමින් දැල අරන් ඉගිලුණේ නෑ. පමාවෙන් වැද්දා ප්‍රයෝජන ගත්තා. දැල අකුලුවා ගත්තා. වටුවන් අරන් ගොස් අඹුවට පෙන්නුවා. ඇය සතුටු වුණා.





චිත්‍රය දකින්න රාමුවෙන් පිටතට ආ යුතු වේ.


 2022 අප්‍රේල් පළමුදා, වෙනදා මෝඩයාගේ දින වාගේ විහිළුවක් කරගෙන ආතල් එකක් ගැනීමට... හුදී ජන අපට බැරි වුනි. ඒ වෙනුවට මෙදා අප්‍රේල් පළමුදා ෆුල් සීරියස්, හිතන්නට බොහෝ කරුණු එකතු වුනු දවසක් නිසායි. ඒ මාර්තු 31 රෑ මහජනයාගේ පාරට පැමිණීම නිසා.... ආණ්ඩු පෙරලන්නම නෙමේ බඩගිනි සෑර්, ඔයාලට වගේ අපටත් ළමයි ඉන්නවා, ජීවනබර බර වැඩී වගේ එක්ක කියලා යන්නය.


ගෑස් නැතිකමින්, තෙල්, විදුලිය, පොහොර, පිටි නැතිකමින් හෙම්බත් වූ පෝලිම්ගත වුනු ජනතාව හිතේ ගින්දර නිවා ගන්න, ආණ්ඩු කරන කස්ටියට කෑ ගහල දුක කියන්න... ආ මේ පාරට පැමිණීම, ප්‍රචණ්ඩත්වයකට හැරුනෙ කාගේ උවමනාවටද කියල දන්නෙ දෙයියො විතරය. ඒ දෙයියො විතරක් දන්නා කාරණය විමර්ශනයක් කර තමුනුත් හොයා ගන්නා බව පොලීසිය කියා හිටියහ. ඒත් රටේ ආරක්ෂක අංශ බලා සිටියදීම බස් රථයක් නිස්කාන්සුවේ ගිනි තිව්ව... තනි පුද්ගලයෙක් ඇවිත්. ඒවා කොයි හාස්කම් මත සිදුවුනාදැයි සොයා ගන්නට වෙන්නෙ අපටමය.

මේ හුටපට සේරෝම වඩාත් බරපතළ වෙන්නේ රටේ ජනාධිපතිවරයා වැඩ සිටින ජනපති නිවස අසල මෙය වුනු නිසයි... ඒ වගේම ඔහු ඒ මොහොතේ එහි වැඩ හිටි බවකුත් ඇමතියෙක් සාක්කි දීල තිව්නේය... මොහක හරි වැඩක ඉන්ටෑති.

සාමකාමී උද්ඝෝෂණයක ලක්සන තිව්න ජන එකතුවට... ළමයි අත දරන් හිටි කාන්තාවන්, වයසක උන්දලාගෙ අහිංසක දුක්බර මුහුණු හොඳටෝම සාක්කිය... ඒ සාක්කි පැත්තක තියපු ආරක්සක අන්ස, රටේ තත්වය නොතේරෙන පිරිසක් වාගේ... පාලකයාගේ හස්තයට ඒකාත්මික වී කිසි භේදයක් තොරව සලකලා තිව්න හැමට එකසේ... මාධ්‍යවේදීන් ද ඇතුළත් කරගෙන. නමුත් කරුවලේ ඔවුන්ව වෙනම අඳුනාගන්නට, IDයෙන් බලාගන්නට නොපෙනුනා දැයි කියා මාධ්‍ය ප්‍රකාසයකදී පවා ආරක්සක අන්ස වලින් කියවුනේ නැතිය..  එහෙම වෙයි කියල බලං හිටියත්. නැතිනං උඩින් ආ නියෝග සැමට සමව ලබාදීමට ආරක්සක අන්ස පසුබට නොවුනාද..... රණවිරු යන ගෞරව නාමේ පවා අමතක කරලා හිට.

කලක් තිස්සේ කොටඋඩ ආ රට, මෙලෙස පාරට ගෙනාවේ/ වැටුණේ මේ අවුරුදු 6,7 තුල වූ කසඩ වැඩ ගොඩකිනි. මේ අර්බුදයේ නිර්මාපකයින් කවුරුන්දැයි නොදන්නා නමුත් ජනපති ගෝඨනො මැතිතුමා තමා මෙහි පංගු කරුවෙක් නොවන වග පැහැදිලිවම කියා හිටියහ. මේ අතර අගමැති පවා ඉන්නෙ ඇල් මැරුණු තත්වයකය. නමුත් පසුගිය දවසක  වේදිකාවේ හැඟුම්බරව “මේ වෙලාවෙ දේශපාලන වාසි නොගෙන එක්වී රට ගොඩගමු ” යයි කීවේ ඇතුළේ ඉන්නා ජුදාස් කෙනෙකුන්ටද... දන්නේ මහින්ද විතරමය.

ජනෙල් කණ්ඩියේ එල්ලී හිටි ටටා මහින්ද නුගේගොඩ වේදිකාවට නග්ගා, මළවුන් මළනුවන් ජනපති අසුනේ හිඳ වූ ගම්මන්පිල, විමල් ජෝඩුව දැන් හිටං ඉන්නෙ ආණ්ඩුවෙන් පිටය. ඒ හිට අවලස්සන අමරිකානුවට බනී... සියලු අර්බුද තනි බැසිල්ගේය. මේ දෙනම ත්‍රී වීලයක යා හැකි සාමාජිකයින් ඉන්න සෙට් ඇතුළු පක්ස 11ක් එක්කලා දැන් වෙන අඩව්වක් අල්ලමින් සිටි. අන්තර්කාලීන ආණ්ඩුවක්, සර්වපාක්ෂික පූටුවක්...... ගැන දේසනා කරමින්. ගමන්පිලවා එදා අප්පොච්චිගෙ ගෙදරින් එළියට ආවේ ලෙන් දොර ඕපන් බව කියමිනි. ඒ කරලා හිට වැඩි දවසක් යන්නට නෑර ආපහු ඇයිදින් සරමේ එල්ලුනේය. විමලා රතු ඇත්තන්ගෙන් වෙන් වී අප්පොච්චිගේ සරමේ එල්ලුනේ සීගිරිය දැක ගැනීමේ ආසාව ඇතුවය. පහුව රජ සැප දැකගන්ට ඇති.... සීගිරියේ හෙම.

මේ කෙරුන්කාර නොවන,  කයිවාරු දෙනම තා ඉස්සර දවසක ‘කොරෝනා නිසා, බැසිල් නිසා, ඩොලර් නිසා වැටිච්ච රට ගොඩ ගන්න පොළොවේ සුවඳ හඳුනන තාත්තගෙ පුතා වන නාමල් බේබිට චන්දය දෙන්න’ කියලා කියන්නට බැරි නැත. ඒ තරම්ම සුවර් නැති බඩු දෙකකි මුන් දෙනම. සන්කිලි කටවල්ද ඒ හුරුවට සැකසී ඇත. ඊට විපක්සව ඉන්නා කස්ටියටද අපූරු කතා කියන්නට මේ දෙඅවුරුද්ද පවා හොඳටෝම ඇතිය. දැන් විපක්ස සජබෙ පවා ආණ්ඩු සැකැස්මවල් දියත් කොරන ගමනෙය... නැතුව ජනතා නගාසිටුවීමක් ගැන අදහසේ නෙවේය. අනුරත් රතු ආණ්ඩු සිහිනයක ඇතිය... කුළුඳුලේම හිට.

ඔය අතරෙ තවත් ජන රැලියකට, උද්ඝෝෂණ මාලාවකට 3වනදා සැරසෙන බව දැනන් ආණ්ඩුව 2වන දා රාත්‍රියේ හිට 3 උදෑහනක් වෙනකං ඇඳිරිනීතිය දමන බව නිවේදනය කරලා... පහුවට නිවේදනය කර දීර්ඝ කරා.... ඒ කපටි පාලනයේ හැටිය. ඒ මදිවට සමාජ මාධ්‍ය වෙත ගොඩවැදීමේ නිදහසද අහුරා තිව්නේය. ඔය අල්ලපනල්ලෙ සැනසුම් සුසුමක් හෙලන්ට වෙන්ටෑ විදුලිය බිඳ වැටීම පැයකට අඩු කරේ හිට. නැහ්නං ගෙදර ඉන්න වුන් කුලප්පු වෙන්ට බැරි නෑ හිරවෙලා ඉන්ට අස්සෙ මෙතන කිසි වැඩක්කක් කරගන්න නැතිව තව... කියලා හිට. ඒ අතර එදා වේල හම්බුකරන් කන අය ඇතුළු පිරිස ඇඳිරිනීති හන්ද අන්ද මන්ද වීය.

මෙහෙම පාර්තනා කරන ගමන්..... එනවාරේ මොකා එක්කං ඇවිදින් ජනපති පුටුවෙ වාඩි කරන්නද, ආණ්ඩු බලය දෙන්නද ?

අමාරුම වෙලාවලදී ගන්න තීරණ තීරණාත්මකම තීරණ කියලා කියනව නෙව. ඒ වගේම තමයි ගන්න තීරණයක් නැතිව ඉඳල ඉඳල ගන්න තීරණ බොහොම දරුණු වෙන්ටත් පුලුහං..... ඔය කොයි පැත්තටත්. ඒ නිසා මොළේ පාවිච්චි කිරීමත් අවශ්‍යයම මොහොතක්ය මේ. කොයි කොයි පැත්තත්... රට ගැන හිතල.



 ඔයා මට ඇත්තටම කැමතිද ?, ඔයා කැමති ඒ ගෑණිට නේද?” මේ ආදී ප්‍රශ්න ප්‍රේමවන්තයාගෙන් හෝ සැමියාගෙන් ඇසීමට හෙට දවසේ කාන්තාවකට තව දුරටත් සිදු නොවේ. ඒ විද්‍යාවේ හා තාක්ෂණයේ ආශ්චර්යෙන් පසුගියදා එළිදැක්වුණු නවතම උපකරණයක් නිසාවෙනි.



මේ උපකරණය ඉදිරියේ සිටින පිරිමියා හට කාන්තාවකගේ ඇසෙන නම, පෙනෙන රූපය මගින් ඔහුගේ සිතුවිලි හා ශරීරයේ ඇතිවන උත්තේජන, රසායනික හා හෝමෝන ක්‍රියාකාරකම් ආදී දේ මිනුම්ගත කරමින් තත්පර කිහිපයක් ඇතුළත ඒ පිරිමියා අර කාන්තාව හට දක්වන්නේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දැයි, මොන විදිහේ කැමැත්තක්/අකමැත්තක් දැයි මේ උපකරණය මගින් පෙන්වා දෙයි. වැඩිදුරටත් මෙම උපකරණය පිළිබද කරුණු දැක්වූ ජෝන් හොප්කින්ස්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් වන සමන්තා බැරට් පවසා සිටියේ මෙහි, වඩා නවීකරණයකින් යුතු උපැස් යුවලක් සේ පැළඳිය හැකි eye captcher උපකරණයක් ද සකසා ඇති බවත් එය මේ මස වෙළඳ පොලට නිකුත් කරන අතර එළඹෙන අප්‍රේල් ප්‍රථම දින සියලු දෙනාට මිලදී ගැනීමේ පහසුකම සැලසෙන බවද සතුටින් දන්වා සිටියාය. මේ අතර සියලුම අන්තර්ජාල අඩවි හරහා මිලදී ගැනීමේ පහසුකම්ද සලසා ඇති අතර විශේෂ පාරිභෝගික අංකයක්ද ඔවුන් හඳුන්වා දී ඇත.

මෙම eye captcher උපකරණය නිමවුමේ පරීක්ෂණය සිදුකර තිබෙන්නේ පිරිමි පාර්ශවය පමණක් සම්බන්ධ කරගෙන නිසා නවමු පරීක්ෂණයක් කාන්තාවන්ද සම්බන්ධ කරගෙන කරන්නට අදහස් කරන බව හොප්කින්ස්න් විශ්ව විද්‍යාල පරීක්ෂණ කණ්ඩායම මාධ්‍යට එහිදී දැනුම් දුන්හ.

“අපි මේක මුලින්ම කරේ පිරිමි සම්බන්ධ කරගෙන. පිරිමි හා කාන්තා ශරීර පද්ධති, සංයුතිය ගත්තහම එකිනෙකට වෙනස්. ඒ නිසා අපිට සිද්ධ උනා දෙගොල්ලන්ගෙන් එක් පාර්ශවය මුලින්ම තෝරා ගන්න.”


“ගොඩ දෙනෙක් මේ eye captcher උපකරණය ගැන විවිධ අසත්‍ය තොරතුරු ඵල කරනවා. විශේෂයෙන් පිරිමි පාර්ශවය. මෙයින් පුද්ගල සම්බන්ධතා, පවුල, පුරුෂ සමාජය බරපතළ අර්බුදයකට ලක් කරන බව පවසමින්. නමුත් අපි කියන්න කැමතියි මෙතෙක් බිහි උන කිසිම උපකරණයක් සමාජයට හානිකර නෑ මිනිසා තරම්... අපි මේක කාලයත් සමග භාවිත කිරීමට හුරු වේවි. ඒ නිසා පිරිමි පාර්ශවය මේ සම්බන්ධව කලබල විය යුතු නැහැ. වැඩිමනත් පිරිමියාට තමන් කැමති කාන්තාව සොයා ගන්න පවා මෙය උදව්වක් වේවි” සමන්තා මහාචාර්යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියාය.

ඇය එහෙම කිව්වට....... මේක පිරිමින්ට අහන්න හම්බෙන හොඳ news එකක් නම් නොවේ. තමන්ගේ ගෑනි, පෙම්වතිය මේ කන්නාඩි කුට්ටම දාගෙන ‘ආ දැන් තමුසෙ ඊයේ කාත් එක්කද උකුළු මුකුළු කරේ....ආ. අර සඳුනි එක්කද, රේඛා, චමරි.. ඕම කියාගෙන යද්දී වැඩේ අතේ මාට්ටු.... කාත් එක්කද වැඩපලේ සෙට්, හොර එක කවුද කියල හැංගිලි බොරු. වෙනද වගේ මරිසියක් දාන්නත් බෑ මේ මගුල් ගැජමැටික් එකක් නිසා.

අනිත් එක මේ ගැජමැටික් එක විකුණ ගන්න මහාචාර්යවරු මොන කතා කිව්වත් කෙල වෙනව ඕන පුරුස පරානයකට... ඇඩ්රස් නැති වෙන්නම. ගෙදරට, පෙම්වතියට අහිංසකය වගේ හිටපු කොලුවගෙ වංහුන් එළිවෙලා... සායම යයි. ඇඟේ පතුරකුත් එක්ක. කන්න වෙන ගුටි පූජාත් මදි නොකියන්න. පෙර සම්බන්ධ දිගෑරෙන.... ඒ අස්සෙ බිරියට බොරු කරන් ලස්සනට පවුල් කෑ කස්ටියගෙත් මළගම තමයි මේ වෙන්න යන්නෙ.

ඒම බැලුවොත් ඉතීම් අපේ රටේ බාගෙට බාගයක් විතර පවුල්, සම්බන්ධකම් කැඩෙන්න පුලුහං පොටක් තමයි එන්න යන්නෙ. සමාරක් විට ලෝකෙම වෙන්ටත් බැරි නෑ. එහෙව් එකේ මේක ලංකාවට නාවට කමක් නෑ වාගෙ.... මේ තියෙන හැටහුටාමාරක් පුරස්න අස්සෙ.

අෆ්ෆා තවනං ලියන්ට බෑ.. මේ ලයිට් කපන අෂ්ශෙ.... මං කල්පනා කරේ ඇත්තටම ඒම දෙයක් උනොත්.. ඉඳල ඉවරයි නෙ.

*********

 

ඒනම් අපිරියෙල් පළමුදා ලබන්නා වූ ලෝක මෝඩයින්ගේ දිනය හැමෝටම සුබ දිනයක් වේවා.😆

ලයිට් කපපු දවසක මේ ටික අහම්බෙන් දකින්ට, අහන්ට හම්බුනා යු බටෙන්... Dongle ඒකයි, lapටයි පිංසිදු වෙන්ට. ලයිට් නෑ කියල ඇඟේ ලේ රත් කොරාන හරියනවෑ.. ඔන්න එයින් ටිකක් ඔහෙලටත් බලාගන්න පල්ලෙන් හලං යන්නං හොදේ.   ඔය බෂ්ශත් video දෙක, තුන දාන්නෙ.

ඔන්න පිළිවෙලට යන්ඈ...



අද තාරුණ්‍යයට.. කොල්ලන්ට, කෙල්ලන්ට මේවා මගෑරෙන එක මාර අපරාදයක්.. Pankaj Udhasගෙ මේ සිංදුව පපුවටම වදින ආදර සින්දුවක්. ගසල් එකක්. සිංදු කිව්වම ඉතින් වැඩි හරියක් ආදර හෝ විරහ ගීත නෙව කොහොමත්. හැබැයි හොටු පෙරාන, යදින... අද කාලේ වගේ වැලලෙන, ජනප්‍රිය සංස්කෘතිය තාලේ එකක් නෙවේ. සරල රූප රචනයක් උනත් කොහොමද කරන්නෙ කියල තේරුම් ගන්න හොඳ music video එකක්. කෙල්ලක් දැක්කම කෝමහරි අයිතිකරගන්න හදන එක වෙනුවට, ඇයගෙ අවට රැකවල් අල්ලමින්, වාත නොවන විදිහට ආදරේ - විරහ විඳගන්න හැටි එදා යුගය දැනන් හිටිය. බලහත්කාරකම් කරන, අයිතිකරගන්නම වලි කන අසහනයක් නැතිව.

අද පිහියෙන්, පොරොවෙන් අයිතිකරගන්න හදන්නෙ මේ ඉවසීම, හික්මීම, සංයමය නැති හින්ද නේද. අද සයිවර් මාධයෙන්, කලාවෙන් කරන්නෙත් ඒවාට පොර දමා සංවර්ධනය කරල..... මොකක් හරි වෙච්චි ගමනෙ breaking news ගසා ඒකත් විකුනං කන ජඩ ව්‍යාපාරයක් නෙව.

* * * * * * * * * * * *

මේ ගායිකාවගෙ හඬ ඉන්දියාවට මිස් වෙච්ච එකක්. අයගෙ නම Falguni Pathak. වැලි කඩදහියකින් මැදපු තරම් එන සිනිඳු ගතියක් තියෙන්නෙ... ඒ හඬේ. ලංකාවේ නම් මෙහෙම කටහඬකට උදාහරණ දක්වන්න පුලුහං දීපිකා පියදර්ශනීව.

ඇයගෙ හැම ගීතයක්ම හඬ වගේම ලස්සනයි. මේකනම් වෙන විදිහකට අහලත් ඇති... කස්ටිය. Music video එකත් සරලයි. හිතට වදිනව.



* * * * * * * * * * * *

සිංදුවකට හෝ වේවා රූප රචනයක්/ visual එකක් කරන්නෙ කොහොමද කියන එක මේ video එකෙන් කොහොමද කියල හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. අද තියෙන සම හරක් ඒවාට වඩා... ලස්සන, සරල concept එකක් එක්ක මේ videoව හරි අපූරුවට නිර්මාණය වෙලා තියෙනව... අදට වඩා තාක්ෂණය අඩු එදා උනත්. ශ්‍රියාගේ කටහඬ දිවයලෝකෙන් ඇහෙනව වගේ... ඒතරම් මිහිරී. සුල්තාන්ගෙත් ඒ වගේමයි.



* * * * * * * * * * * *

හිරිමල් ආදර හැඟුම්.. nostalgiaවක්



සිසුවියකට තමන්ගෙ හිරිමල් ආදර හැඟුම් ඇතිවෙන්නෙ තම ගුරුවරයා වෙත... මේ ඉඟි බිඟි තේරුම් ගන්න ගුරුවරයා ඒවාට  අවසරයක් දෙන්නෙත් නෑ.. ඒ හැඟීම් තලා පොඩි කරන හිතක්ද නෑ... ගුරුවරයා පවා ඉන්නෙ තාරුණ්‍යය අග්ගිස්සෙ.

ඒ ගැන අපූරුවට නිර්මාණය වුනු සුපිරි music video එකක්... 1991 තමයි නිකුත් වෙලා තියෙන්නෙ. අති සරල දේවල් එක්ක දැනෙන රූප රචනයක් කරන්නෙ කොහොමද කියල පෙන්නල දෙනවා. වැඩි සංකේත භාවිතාවක් එක්ක කරන රූප පෙළහර හිතාගන්න බෑ. කළු සුදු බව තවත් එය තිව්ර කරනවා. අද මෙහෙම රූප රචනයක් ලංකාවෙ තියා ඉන්දියාවෙත් තියේ ද මන්ද.


______________________

පහසුකම්, තාක්ෂණය තිව්නත් හොඳ නිර්මාණකරුවෝ, නිර්මාණ නැති කොට හොඳ ප්‍රේක්ෂක/ රසික පිරිසක් බලාපොරොත්තු වෙන්න බෑ... ඒ අතරේ නිලීන ජාන වලින් උපදින ඔත්පළ කලා- මාධ්‍ය ඇසුරේ වැඩෙන යෞවන පරපුර ගැන මහා ලොකු බලාපොරොත්තු තියා ගන්නත් බැහැ.

ඒ නිසා පිහියෙන්, පොරොවෙන්, ඇසිඩ් කුප්පියෙන්  ආදරේ හිමිකම හොයන යෞවන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ කතා අහන්න, දකින්න නිතරම අපට ලැබේවි.

ඒ අතර... කලාරසයක්, රසඤතාවකිනුත් පිරිහුණු සංයමයක් නැති වැඩිහිටි පරපුර මේ ගිනියම් වෙන, මාධයෙනුත් හොඳ හැටි අවුළුවන, ආර්ථික අසහනෙන් ඉන්න කාලෙ තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ හිට මරා ගන්න බැරි කමකුත් නෑ. ඒක එච්චර දෙයක් නෙවේ. මොකද කොහෙන් හරි ආවේග පිට වෙන්නත් එපෑ.

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්