පවුලේ බලවතා කවුද?

 

රූපය - අන්තර්ජාලයෙන්

මේ කතාව ඉංග්‍රීසි බසින් කොහි හරි තිබුණ මතකයි. හරියටම ඉතින් මතක නැති නිසා ඒ කතාවමද නැත්තං වෙන කතාවක්ද කියල කියන්නත් බෑ. ඉතින් ඒ නිසා පුවත්පතේ තිබ්බ ඒ කතාව ඒ විදිහටම දාන්නම්..

මේ කියන කාන්තාවගේ නම් ලින්ඩ අය දවසක් සාප්පු සවාරියක් ගියා. තමන්ට ඕන කරන හැම දෙයක්ම තියෙන සාප්පුවකට ගොඩවෙච්ච ඇය බොහොම නිදහසේ තමන්ට ඕන කරන බඩු මුට්ටු ටික තෝර ගත්තා. ඊට පස්සෙ බිල ගෙවන්න කවුන්ටරේ ලඟට ඇවිත් මුදල් පසුම්බිය ඇරියම කැෂියර් දැක්ක පසුම්බිය ඇතුලෙ, ගෙදර tv රිමොර්ට් එක තියෙනවා. දැන් කැෂියර්ට හරිම කුතුහලයක්. මේක හංගගෙන ඉන්න බැරිම තැන කැෂියර් ඇහුව.. “මැඩම් යන යන හැම තැනම ඔය රිමොර්ට් එක අරගෙන යනවද?. “අපෝ නෑ.. හැමවෙලාවකම නෙමෙයි.. අද මගේ හස්බන්ඩ් මාත් එක්ක shopping එන්න බෑ කිව්ව. මොකද දැන් world cup එකනෙ. මම එයාට හොඳ පාඩමක් උගන්වන්නම් කියල හිතාගෙන මේ රිමොර්ට් එක අරං ආව”.

පාඩම - ඔබගේ බිරිඳගේ විනෝදාංශවලට සහ අවශ්‍යතාවලට සහයෝගය දී ඇය සමග ඉන්න.

ලින්ඩගෙ කතාව අහපු කැෂියර්ට හොඳටම හිනා. ඒත් කැෂියර් ඇය ගත්තු හැම බඩුවක්ම මේසෙ උඩින් තියන්න ගත්ත.  ලින්ඩ දැන් පුදුමයෙන් වගේ ඒ දිහා බලාගෙන ඉන්නවා. “මොකද ඔය කරන්නෙ.. මං ඕව ගෙදර ගෙනියන්න ගත්ත දේවල්නෙ”. “සමාවෙන්න මැඩම්.. මහත්තය මැඩම්ගෙ credit card එක block කරල” කැෂියර් කිව්ව.

පාඩම - හැම වෙලාවෙම ඔබගෙ සැමියගෙ විනෝදාංශවලටත් ගරු කරන්න.

ඔය වෙලාවේ ලින්ඩ මුදල් පසුම්බිය ඇදල තවත් credit card එකක් එළියට ගත්ත. “මේක හස්බන්ඩ්ගෙ එක.. අවාසනාවට මේක block කරන්න අමතක වෙලා”. ලින්ඩ බොහොම ජයග්‍රාහී ලීලාවෙන් කැෂියර්ට එහෙම කිව්ව.

පාඩම - ඔබේ බිරිඳගේ බලය සහ මොළය අවතක්සේරු කරන්න එපා.

ඔන්න දැන් ලින්ඩ කැෂියර්ට දීපු credit card පතින් ගෙවන්නයි හදන්නෙ. ඒත් ඔන්න එකපාරටම මැෂින් එකෙන් පණිවිඩයක් එනව මෙන්න මෙහෙම. මෙය භාවිත කිරීමට ඔබේ ජංගම දුරකතනයට ලැබුණු රහස් අංකය ඇතුළත් කරන්න කියල.

පාඩම - පිරිමියා පැරදෙන්න යනකොට මැෂින් එක පවා ඔහුව බේරා ගන්නා ඉදිරිපත් වෙනවා.

ඊළඟට ලින්ඩ කැෂියර් එක්ක ලස්ස්සනට හිනා වෙලා බෑග් එකට අත දාල ගත්ත ජංගම දුරකතනයක්. ඔන්න ඒකෙ තියෙනව මේ දැන් ආපු මැසේජ් එක. “මේ ගෑනි හස්බන්ඩ්ගෙ ෆෝන් එකත් අරගෙන ඇවිත්, ෂොපින් කරද්දී එයාට කෝල් කර කර කරදර කරයි කියල”. කැෂියර් එහා පැත්තෙ හිටපු කැෂියර්ගෙ කනට ලංවෙලා රහසින් වගේ එහෙම කිව්ව. ඊට පස්සෙ ලින්ඩ තම සැමියගෙ credit card පතින් බිලත් ගෙවල බඩුත් අරං සතුටින් ගෙදර ගියා.

පාඩම - අපේක්ෂා සහගත විදිහට බිරිඳව අවතක්සේරු කරන්නට එපා.

තවම කතාව ඉවර නෑ හොඳේ. ලින්ඩ ගෙදර එනකොට සැමියගෙ කාර් එක නෑ. ඒ මදිවට ගෙදර දොරේ පුංචි පණිවිඩයකුත් ලියල අලවල. “මට රිමොර්ට් එක හොයාගන්න බෑ. මං යාළුවෝ එක්ක එළියට යනවා match එක බලන්න. ගෙදර එනකොට රෑ වෙයි. ඔයාට මොනවහරි ඕන නම් මගේ ෆෝන් එකට කෝල් කරන්න”. ලින්ඩට දැන් කරන්න දෙයක් නෑ. හස්බන්ඩ්ගෙ ෆෝන් එකත් ඈ ගාව. ඒ මදිවට හස්බන්ඩ් ගිහින් තියෙන්නෙ ගෙදර යතුරත් අරං.

පාඩම - හැම වෙලාවෙම ඔබේ සැමියාව පාලනය කරන්නට යන්න එපා. ගොඩක් වෙලාවට දිනන්නෙ ගැහැණියට වඩා පිරිමියායි.

24 comments:

  1. මගේ වාසනාවට අපේ ගෙදර මං විතරයිබ්ලොග් ලියන්නෙයි කියවන්නෙයි දෙකම! (හැබැයි කථාවෙ ඔක්කොම විශ්වාසයි! තමංගෙ ෆෝන් එක වයිෆ් ගාව තියෙන කොට කූල් එකේ ඉන්න හබියෙක් ගැනනම් හිතන්න ටිකක් අමාරුයි වගේ! හි! හි!!)

    ReplyDelete
    Replies
    1. හාහ්.. ඇත්ත නෙමේනෙ ඉතින්. මන් හිතන්නෙ මේක විහිලු පොත් තියෙන්නෙ එකක එකක්. චූටි මල්ලියි, පොඩි මල්ලි කල ඔය සමහර එව්වත් පොත්වල දිබ්බ ඒවා..

      Delete
    2. ඔය කතාව හැදුණු කාලෙ ෆොන්වල වට්සැප්, ෆේස්බුක් වගේ දේවල් තියෙන්ඩ නැතුව ඇති...

      Delete
  2. හෙහ්, හෙහ් පට්ට. කියවල නෑ. මේ කාලෙට අපූරු බේත. කැමති නම් නිදිගෙ බ්ලොග් එක පැත්තෙත් එන්න, හිනා කතා කියවන්න. එහෙදි අනිත් අයව ඇඳින ගන්නත් ඇහැකි.
    මගේ බ්ලොග් රෝලට දාගන්නම්.

    ReplyDelete
    Replies
    1. එන්නම්.. ස්තුති අදහස් එකතු කලාට

      Delete
  3. බස්සෙක් කිව්ව ඔත්තුවකට ආමි මෙහේ-
    පෙනුම අපූරුයි කියවන් යන්ට හිතේ
    නෙක නෙක දේ ලියා ඇතිවා නෙවෙද ඔහේ
    ලියන නැකත ඇවිදිල්ලා බිනර මහේ

    ජය වේවා!


    ReplyDelete
    Replies
    1. හ්ම්.. හුඟක් කල් පටන් ගන්න හිතන් හිටියෙ.. ස්තූතියි ආවට!

      Delete
  4. Replies
    1. නමියගේ වීදිය ඔය ++++, හෙහ් වගේ ඒවා කෙටි කම්ප්ලිමන්ට්. ප්‍රාජේ දන්නෙ ඉතිහාස සහ සිරා කතා මිස විහිලු කතා නෙමෙයි.

      Delete
    2. හොඳින් නිරීක්ෂණය කලොත්, ඔබටම මේ සියුම් වෙනස්කම් අවබෝධ වෙයි.

      Delete
    3. මේ අය තාම ඔබව දන්නෙ නෑ. ඒකට ටික කාලයක් යාවි. තමන්ගෙ ගෙදර වගේ හිතට දැනෙන කං, බොහෝ දෙනෙක් නිදහසේ කමෙන්ට් කරන්නෙ නෑ. ඔහොම යං.😊

      Delete
    4. හ්ම් හරි. විවිධත්වයෙන් ඒකීයත්වයට.. මම කැමතියි!~

      Delete
    5. hmm

      https://imperiumromanum.pl/en/article/roman-sense-of-humor/

      Delete
  5. ඔය කතාව ඔතනිං ඉවර නෑ මතක විදිහට. තව කොටසක් හෝ දෙකක් තියේ.
    😃😃😃
    හම්බුණොත් දාන්නං.. ජය

    ReplyDelete
    Replies
    1. එහෙමද.. හම්බඋනොත් දාන්නම්..

      Delete
  6. කේෂ් නෑ මාතිය යෙපිලත් ඉතිං ෂවල් තමා දානවා.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ඔබටත් ජයවේවා හට්ටෝර් මහතා!

      Delete
  7. Replies
    1. ඔය ඇවිත් තියෙන්නෙ, බෙල්ල පරිස්සං කරගනිල්ලා. උන්දැට කොච්චොරවත් ලේ හිඟයි. 😂

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්