බීම, සෝඩා හා කිරි ගැනීම - හිනා කතා

දේසපාලු ලෝකෙයි, ජීවන යුද්ධය හා ලෝක යුධ ගැටුමුයි නිසා ඇඟේ ලේත් රත්වෙලා ඉන්න නිසා හිනා පොස්ටුවක් දැම්මොත් හොඳා කියල හිතුන. කොයිද ඉතින් ඒකටත් සම්බාධක... ගෙදරින් නෙවේ. විදුලි බල අමාත්‍යංශ, මහජන උපයිගීතා කොමිසම වගේ ඉහල තැන් වලින්. නාමල් බේබි කියන විදිහට නම් ඔව්වා රජය වට්ටන්න හදන කුමන්ත්‍රණ. නැහ්නං අපේ සෑරුයි, අප්පොච්චයි මොන ඒකට තියයිද අපිව.... කරුවලේ. අනෙක් අතින් සෑර් ඕන අභියෝගයකට මුණ දෙන්න සුදානම් මනුෂ්පයනෙ.... නිව්ස් වල කීවේ. කෝම උනත් අවුරුද්ද සුභයි ඈ....... ඔය ජෞතිස්සය කාරයෙක් කියල තිව්නෙ.

තව ඩිංග දවසකින් ලයිට් කපන එකත් නතර වෙනව පොඩිම පොඩි ගණනකින් බිල ඉහල ගියහම...

 පිටි පෝලිම, ගෑස් පෝලිම, තෙල් පෝලිම වගේද... බාර් පෝලිම


කවදාවත් ඉවර වෙන්නෙ නෑ.....


ඔන්න පමණට පොඩ්ඩක් වැඩියෙන් ගත්ත මනුස්සයෙක් බාර් එකෙන් එලියට එනකොටම පරණ යාලුවෙක් සෙට් උනා. උන්ද ටිකක් වැඩිමල් මෙයාට වැඩිය. දෙන්න දැන් කතා කර කර ගමනෙ. හැබැයි ටික දුරක් යනකොට යාළුවා නිකං සෙට් මදි වාගේ. පිස්සුමයි කියවන්නෙ.... මේ බීල ඉන්න අස්සෙ.

මේ උඹ දන්නවද ඉස්සර.... ඉස්සර උඹේ බාප්පයි මායි එකට, එකට මුට්ට කරගැහුව කොටුවෙ.

නෑ..... මං දන්නෙ නෑ

ආයේ කාලයක්... උඹ දන්නවද උඹේ බාප්පයි මායි පතලක වැඩ කරා. ඒ කාලේ අම්මෝ......

මං දන්නෙ නෑ බම්..

උඹ දන්න..ව.ද.....

මං දන්නෙ කොමද ඌ ඒ කාලේ කරපු වැඩ යකෝ.. මොකද මං බාප්පගෙ classmate ද?

 

නෑ..... මං උඹෙන් අහන්න හැදුවෙ.. උඹ දන්නවද අපෙ ගෙවල් තියෙන තැ..න.

මං කොමද උට්&#*..........

 

මොන සෝඩා ද?

තා දවසක මේ මනුස්සයට එකපාර මතක් උනා තැබෑරුමේ ඉඳිදදීම, අද උසාවියේ පෙනී හිටින්න ඕන දවස නේද කියල.... ඊටත් පළමු දවස උසාවියකට ගොඩ වන. divorce case එකක්. මොනා කොරන්නෙයි, ගියා වෙරිමරගාතේම උසාවියට. ඔන්න ආපු ගමන් ගත්ත විත්ති කූඩුවට... පළමු නඩුවම තමුන්ගෙ එක වෙච්චි. සාලාවෙත් හරි සද්ද. ඊට හපන් මේ යකා දැන් බාග සිහියෙන්, ඉන්න තැනත් අමතකයි. තාම ඉන්නෙ තැබෑරුමේ..... හිතින්.



Order Order.......

මල්ලි පරාට එකයි. ඉස්සෝ වැඩේ ටිකකුයි..... තව සෝඩායි

Shut up

7up උනත් කමක් නෑ....

 

ගියෙ කොයිට ද ?

 

 ඉබ්බි දවසක් තරහ වෙලා ගෙදරින් යන්නම ගියා.. මේ ආරංචිය ලැබිච්ච ගමන් ඉබ්බගෙ හොඳම යාලුවෙක් ඉක්මනට එයාගෙ ගෙදර ආවා.

මචං ඉක්මනට යං.. දැම්ම ගියොත් හොයා ගන්න පුළුවන්..

ඕන නෑ බං... ගියා නම් ගියාවෙ... ඉබ්බ ඉවත බලාගෙනම කිව්ව.

මේ විකාර නැතුව වරෙන් යමන්... කෝ කොයි පැත්තටද ගියෙ..

අර යන්නෙ පාර අයිනෙ... එහෙම කියල ඉබ්බා යාර කිහිපයක් දුරින් ඉන්න ඉබ්බිව පෙන්නුව.

 

කොමද කිරි ගන්නෙ

 

මචං මට ඇත්තම කියපං උඹ කොහොමද උඹේ එළදෙන්නුගෙන් මගෙ එවුන්ට වඩා වැඩියෙන් කිරි ගන්නෙ.

ඒක පොඩි trick එකක් බං... අපේ ගොවිපොළට එහා පැත්තෙ තියෙන්නෙ මස් කඩෙනෙ..

ඔව්... ඉතින්.

ඉතින් මං උන්ගෙන් අහනවා.. උපරිමයෙන් කිරි දෙනවද නැත්තං හවසට එහා පැත්තෙ ඉන්නවද කියල.. 



19 comments:

  1. මේ කනගාටුදායක කාලෙ, හිත නිවෙන්න මෙවැනි කතා තමයි වටින්නෙ.🙏👌😊

    ReplyDelete
    Replies
    1. මොන පිස්ෂුද.. ලෝක සතුටින් ඉන්න රටවලින් අපි උඩට ඇවිත්

      Delete
  2. කෑම බීම ගැන කතා දාන කොට කොහොමද හිනා වෙන්නෙ? හිනාවත් ගිලෙනවා කෙලත් එක්ක.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙ.... Litseeker ඉස්සරහට කටේ කෙලත් නැතිවෙයි

      Delete
  3. ඒ කතාස් ටික මරු.

    පළවෙනි සීන් එක ඩ්‍රැකියට නුවරඑළියෙදි වෙච්ච එකක්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. වෙන්ටත් බැරිකොමක් නෑ පෂා....😄😄

      Delete
    2. පෂා ඕ කතාව ඩ්‍රැකියගෙ වඳ බාප්පගෙ වැඩකිඩ.

      Delete
  4. නියමයි නමී රස වෑහෙන කතා ටික
    හැඩ වැඩි කරයි දාලා ඇති රූප ටික
    නැති වෙන හැඩය ඉක්මනටම අඳුර ලක
    දැක්කද ඔයත් ඩීසල් ගැන news එක?

    ReplyDelete
  5. Replies
    1. පත්තුවෙච්ච ගිනි නිවාගන්නත් එපා Maliniතුමී...

      Delete
  6. මරු අප්පා. හැබැයි අර ඉබ්බාගේ කතාව නම් තේරුනේ නෑ හිනාවෙන්න. මම ආසම මෙ රස කතා වලට තමා. බෝහෝම ස්තූතියි මලෝ.

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්