චිත්‍රපටිය පටන්ගන්නෙ Abelගේ ප්‍රතිබිම්බයත්, ඔහුවත් හා ඔහුගේම සිතුවමත් පෙන්වමින්ය. Abel තම රූපය කන්ණාඩියකින් බලාගෙන සිතුවමට නගන අවස්ථාවයි ඒ. ඒ ලස්සන camera කෝණයක් එක්ක පටන් ගන්න Bridge Of Spies (2015) චිත්‍රපටිය Steven Spielbergගෙ අධ්‍යක්ෂණයක්. Steven Spielberg සහ Tom Hanksගෙ සුපරි එකතුවීම නැවත දැකගන්න පුළුවන් මේ චිත්‍රපටියෙ අනෙක් ප්‍රධාන චරිතය විදිහට, අර හරි අපූරු ආරම්භයෙ Ableට ඉන්න Mark Rylance. 90% ක ප්‍රතිචාරයක් Rotten Tomatoes වල ගනිද්දී IMDB වල7.7 විදිහට දැක්වුන Bridge Of Spies 2015 වසරෙදි Box Office හිට් එකක් උනා. මොකද රටවල් අතර සීතල යුද්ධය, බර්ලින් තාප්පය, රාජ්‍ය රහස් තොරතුරු කියන කරනා මේ චිත්‍රපටියෙ ප්‍රධාන මාතෘකාව වෙච්ච නිසා වගේම අර කිව්ව සුපිරි එකතුවක් දකින්න පුළුවන් වෙන නිසා.
රූපය - අන්තර්ජාලයෙන් |
නිව්යෝර්ක් නීතිඥ James B. Donovanට (Tom Hanks) තම රටේ ඔත්තු බැලූ රුසියන් ඔත්තු
කරු Abelගෙ (Mark Rylance)
පෞද්ගලික නීති උපදේශක වෙන්න වැඩ සැලසෙනවා. මානව හිමිකම් කියල දේකුත් තියෙන නිසා හා
අධිකරණ ක්‍රියාවලිය නිසි ලෙස සිද්ධ කර ගන්න ඕන වෙන නිසා. ඒ නිසා තමයි Jamesගෙ ලොක්ක ඔහුට කියන්නෙ නිකන් පෙනී සිටීමක් විදිහට වගේ මේ වැඩේ භාර ගන්න
කියල. එක පැත්තකින් තම රටට වැරදිකාරයෙක්, අනෙක් අතට දේශද්‍රෝහී ලේබලයට බයේ ගෙදරින්
දක්වන අකමැත්තද පැත්තකින් තියල “හැම
කෙනෙකුටම ආරක්ෂාව, නීති උපදෙස්.. අවශ්‍යයි” කියල James
වැඩේ භාර ගන්නවා. ඒ වගේම ඔහු චූදිතයව මරණ දඬුවමින්ද බේරා ගන්නවා. ඒ අනාගතයෙ
තමුන්ගෙ රටේ කෙනෙකුටත් මේ විදිහට වෙන රටක චූදිතයෙක් වෙන්න උනොත් ඒ දෙදෙනා හුවමාරු
කරගැනීමේ අදහස තර්කයට නගමින්. අධිකරණයේ හා ඉන් පිටතත්. James සිතූ හා ඒ පෙන්වා දුන් දෙයම ඒ විදිහට සිදුවුනා.
තම රටේ ඔත්තුකරු Powers හා Able හුවමාරු කිරීමේ නිල - නොනිල කර්තව්‍යයටද James ඉෂ්ඨ කරමින් තම රටෙන් ජර්මනියට ගොස් ඉගෙනීම හදාරන තරුණ Pryorව ජර්මන් සිරභාරයෙන් නිදහස් කරගැනීමටද උත්සහ කරනවා. එක හුවමාරුවක්
තමන්ගෙ පැත්තෙන් සිදු වෙද්දී එයට රුසියාව හා ජර්මන් පැති දෙකෙන් දෙදෙනෙක් කොහොම
ලබා ගන්නද. නමුත් නොපසුබස්නා උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන් ඔහු ඒ කාර්ය සාර්ථක කර
ගන්නවා.
Bridge Of Spies - සත්‍ය කතාවක්
පාදකව තැනුණු මේ චිත්‍රපටය නාට්‍යම අකාරයෙන් ගලා යන අතර බර්ලින් වල සිදුවන
සිදුවීම් කෙටියෙන් දක්වා තිබීම වෙන්නට ඇත්තේ ඇමරිකාවේදී සෝවියට් ඔත්තුකරු හා James ගැන /කතා නායකයාන් දෙදෙනාගෙ පසුබිම් ගැන පෙන්වීම නිසා වෙන්නට පුළුවන්.
ඒ නිසා කතා තේමාව වුනු ‘ඔත්තුකරුවන්ගේ මාරුවීම’ පටන් ගන්නේ චිත්‍රපටයේ හරි අඩක්
ගිය පසුයි. ඒ නිසා බර්ලින් වල සිදුවන සිදුවීම් ටිකක් වේගවත් බවකින් ගලා යන බවක්
තමයි මට දැනුනෙ.
ඒ වගේම විචාරක අදහස් වල දකින්න ලැබුන - චිත්‍රපටය
නාට්‍යමය ආකාරය විචිත්‍රවත් බව නිසා සත්‍ය මදක් යටපත්ව තියෙනව කියල.
Steven Spielbergගෙ Tom Hanks ත්
හිටපු Saving Private Ryan වගේම, Lincoln, Munich චිත්‍රපටි හා මේකත් අරගෙන බැලුවහම ඒවායෙ
යම් දේශාභිමානි ගතියක්, ඇමරිකානු නීතියේ අභිමානයක් වගේ දෙයක් පෙන්නවන්න හදනවාදෝ
කියල හිතෙනවා. [Amistad (1997) එකේ තදින්ම තියෙනව කියලයි
මට හිතෙන්නෙ]. මොකද මේ හැම එකකම වගේ රට වෙනුවෙන්, නීතිය වෙනුවෙන් වැඩි දායකත්වයක්
දක්වන චරිත ප්‍රධන භූමිකාවල, කතාව තුල දකින්න පුළුවන් නිසා. ඒ වගේම මේ චිත්‍රපටියෙ පිරිස ඔත්තුකරුට අකමැති උනත්
ඇමරිකානුවන් නීතිමය සීමාවක් තුළ කටයුතු කරන බවක් පෙන්වනවා වගේම අනෙක් රටවල් දෙකේ අශික්ෂිත
බවක්, ඔවුන් වැරදිකාරයින් බවකුත් පෙන්වන්නෙ නැහැ. නමුත් එහෙම නෙමෙයි කියවෙන විදිහෙ
අර්ථයක් ගැබ් වෙන්න රූප රාමු සීරු මාරුවට යොදාගෙන දෝ කියල සැකයක් මතු වෙනවා. සමහර
විට සම්පූර්ණයෙන්ම එහෙම නොවෙන්නත් පුළුවන්. (Able සිරභාරයේ සිටියදී ඔහුට හිංසනයක්
ආමරිකාවෙන් සිදු නොවෙද්දී Powersට රුසියානු අත්අඩංගුවේදී,
Pryorට ජර්මනියෙදි හිරිහැර වෙනවා.)
සමහර විට Bridge Of Spies කියන්නෙ ඇමරිකානු
සභ්‍යත්වය, නීතියට තැන බව ලොවට කියන්න හදපු Steven Spielbergගෙ පාලමද දන්නෙ නෑ. නැත්තන් වෙච්ච සත්‍ය සිදුවීම
ඇසුරින්... නීතිය, මනුෂ්‍යත්වය හා සභ්‍යත්වය කෙසේ විය යුතුද කියා පෙන්වන්න හදන
පාලම කරන්න හැදුවද දන්නෙත් නෑ.