පවුල සමග
එක් වීම
බොහෝ කල් ප්‍රතිකාර ගන්න අසාධ්‍ය රෝගියෙක් ලඟට
ගියපු දොස්තර මහත්තය, ඔහු දිහා බැරෑරුම් විදිහට බලලා... පස්සෙ පොඩි හිනාවක් දැම්ම.
බොහෝ දුරට හෙට ඔයාට පවුල එක්ක ආපහු එකතු වෙන්න පුලුවං.
රෝගියා - එත් ඩොක්ටර්..... මගේ පවුලෙ සේරම අය
මැරිලනෙ.
දොස්තර - ඒක මං දන්නවා....
කෑවේ
මොනාද?
පොලිස් - බීමතින් රෑ වාහනේ පදවල... මරුනෙ
කවුරුන් කියලද හිතන්නෙ නෝනා?
නෝනා - මගේ මහත්තය
පොලිස් - තමුන් දන්නවද ඒ සිද්ධිය වෙන්න කලින්
මහත්තය කොහෙද හිටියෙ කියල?
නෝනා - මට කිව්වෙ... රෑට කන්න පීසා කඩේ ගේන්න
යන්නෙ කියල.
පොලිස් - ඉතින් පැයක් ගිහිනුත් මනුස්සය ගෙදර
නාවම... තමුන් මොකද කලේ?
නෝනා - මං තිබ්බ නූඩ්ල්ස් එකක් හදන් කෑවා
ගමේ, වල් සාන්ත
නම සාන්ත උනාට ගොන් සාන්තගේ වැඩ සාන්ත නෑ. ඒ
නිසා ගමේ අය සාන්තට දාපු නම තමයි වලත්තයා. යන යන තැන කාන්තා පරාන පේන්න බෑ. දාසක්
සාන්ත වලා... බස් එකකට නැගල නගරෙ ලස්සන කෙලි පැටික්කියක් ඉන්න තැනකින් වාඩි ගත්ත. කතාවට
අල්ලගන්න විදිහ ගැන හිත හිතා හින්නකොට... කෙල්ලගෙ කරේ කතිර හැඩැති මාලෙ දැක්ක.
මේ ඔයා ක්‍රිස්මස් ද..... ?
මං ක්‍රිස්මස් නෙමේ. ඇයි එහෙම ඇහුවෙ ?
නෑ... ඔයා චර්ච් එකක් බෙල්ලෙ දාන් ඉන්න නිසයි ඇහුවෙ
ගිරව් දෙන්නගෙ යාඥාව
ගිරවියො දෙන්නෙක් ඇති කරපු වංශවත් කාන්තාවක් හිටිය. හැබැයි මේ
ගිරවියො දෙන්න හරිම වනචරයි. දවසක් මේ කාන්තාව ගියා පල්ලියේ පියනමගෙන් මේ ගැටලුවට
විසඳුමක් ගන්න. පියනම කිව්වා අයියෝ මං ඔය නැහැදිච්ච ගිරවියො දෙන්න බයිබලය කියවන
තැනටම පත්කරන්නම් කියල... තමන් ළඟ ඉන්න යාඥාවට හුරු කරපු දැහැමි
ගිරව් දෙන්නගෙ කූඩුවට දැම්ම.
දැම්මහම බයිබලේ පැත්තකින් තියපු එක ගිරවෙක්
අනෙක් ගිරවට මෙහෙම කිව්වා.
මචං... අපි මෙච්චර කල් කරපු යාඥාවලට දෙයියො කන් දීල
බම්
ලාම්පුව
මාටිය ඊයේ ගත්ත ලාම්පුව අරං කඩේට ගියේ හරිම
තරහින්. ලාම්බුව හොඳටෝම හිල් වෙලා.
මාටින් - බලනව
මුදලාලි, මං ඊයෙ
ගෙනිච්ච කුප්පි ලාම්පුව හිල්වෙලා. සල්ලි වලට ඕන කසිකබලක් විකුණනවද මුදලාදී
මුදලාලි - ඇයි
බං මාටින්... තේරුන්නැතෙයි. ලාම්පුව ගන්නකොටම මං කිව්වෙ... ඕකට තෙල් බොතලයක් උනත්
දාන්න පුළුවන්ය කියලා.
කොහිද ගියේ
දවසක් සමන් ගියා යාළුවෙක් හම්බවෙන්න... ගියාට වැඩක් නෑ මිනිහ
ගෙදර නෑ. හිටියෙ වයසක ගෑණු කෙනාගෙන් අහපුහාම හතරවරං වෙලා යන උත්තරයක් දුන්නෙ.
ආ එයා කොළඹ ගියා...... සම්පුක පිරික්කනේ හම්බෙන්නව කිව්වෙ.
මේ හතරවරං කතාව ගැන... පහුවදා යාළුව හම්බුන ගමන්ම සමන් ඇහැව්වා.
කොහින්ද ගියේ මොකක්ද බම්... සම්පුක පිරික්කනේ කියන්නෙ.
මොකා.....
ඇයි බම් උඹ කොලම ගියේ...
යකෝ... මං ගියේ සම්මුඛ පරික්ෂණයකට.
සම්මුඛ
පරීක්ෂණය
පරීක්ෂණයට අන්තිමට ආවේ සුදුසුකම්වත් හරියට
සපුරා නැති තරුණ ගෑණු ළමයෙක්. පරීක්ෂක තැන... කිසි සහතික පත්‍රයක් නැති file
එක වහල සාමාන්‍ය දැනුමවත් පරික්ෂා කරන්න හිතුව. කෙල්ලත් සෙල්ලං නෑ මෙහම හිටියට ආ...
හොඳයි මට කියන්න... පුරන්අප්පු මැරුණේ මොන
සටනෙදි ද?
-
අවසන් සටනෙදි.
හරි ඉතිහාසය ඕන්නෑ. පෘතුවියේ භ්‍රචලිතය...
කරකැවීම. ඒ ගැන ගැන දන්නවද ?
-
ස..ර්. කොයි වෙලාවෙ ඉඳලද කැර..කෙ.න. එද්දී පුටුවෙත්
පැටලුණේ ඒ හින්ද ද ස...ර්.
විද්‍යාවත් එපා.. කියන්න බලන්න රෑ ආහාරයට ගන්න බැරි ආහාර දෙකක්
-
උදේ හා දවල් ආහාරය
හරි සෞඛ්‍යත් එපා... සහතික
ගන්න බැරි වෙන්න, විභාග ෆේල් වෙන්න... හේතුව මොකක්ද වෙන්න ඇතිද?
-
විභාගය තමා ස..ර්.
ලංකාව තියෙන්නෙ.....?
එවකට ඉන්දියාවේ ජනාධිපතිනිය ඉන්දිරා ගාන්ධි
ලංකාවේ සිරි නැරඹීමට ආ ගමනේ දී...
හෙලිකොප්ටරයේ පිටුපස මැද අසුනේ ඉන්දිරා ගාන්ධි ද, JR ජනාධිපති හා ප්‍රේමදාස අගමැති, ඉන්දිරා ගාන්ධි
ගේ දෙපැත්තේ ද ඉඳගෙන හිටිය. ලංකාවේ ලස්සන තැන් පහුවෙනකොට... ජනේලයෙන් ඉස්සි ඉස්සී ඉන්දිරා
ගාන්ධි ඒවා දිහා බැලුව. මෙහෙම වෙනකොට ජනපති JRට ටොප් අදහසක්
පහල උනා.
ආයෙත් සැරයක් ඉන්දිරා ගාන්ධි ඉස්සෙන කොටම JR ඉන්දිරාගේ
ආසනෙ උඩින් අත තිබ්බ. ඉන්දිරා ගාන්ධි ඉඳගත්තෙ JR ගේ අත උඩ.
JR ප්‍රේමණීය සිනාවක් පාල ප්‍රේමදාසට මෙහෙම කිව්වා.
ඉන්දියාව තියෙන්නේ මගෙ අත උඩ
ඉන්දිරා ගාන්ධි ද ප්‍රේමදාස දිහා බලල... ලංකාව
තියෙන්නේ මගෙ පුම්ක උඩ කියල කිව්වා😂
(සත්‍යය සිදුවීමක් ද කියා දන්නෙ නැත)
බයිසිකලේ
වේගේ
දවසක් බයිසිකලේකින් කන්දක් නගින තරුණ කොල්ලෙක්
දැක්ක ලැම්බෝගිනියක්, නවත්තලා ලණුවක් දුන්න තරුණයට... බයිසිකලේ කන්ද පහු වෙනකම්
ඇදන් යන්නම් කියල. බලන්න බටහිර රටවල සල්ලි කාරයින්ගෙ පවා හිතේ තියෙන මනුස්සකම.
මේ මනුස්සකමට කෙලින්න ආපු BMW
කාරයෙක් කඩාගෙන ගියා ලැම්බෝගිනියත් පාස් කරන්... නොන්ඩි පාරක් දාගෙනම. BMW වගේද ලැම්බෝගිනි. පෙන්නන්නං තරම කියල මේ යකත් ස්පීඩ් කරලා ගියා... ගැටගහපු
බයිසිකලේ අමතක වෙලා. දැන් දෙකම තරඟෙට යනවා. මේක දැක්ක පොලිස් කාරයෙක් ඉස්සරහ චෙක්
පොයින්ට් එකට විස්තරේ කිව්වා... තව අරුම පුදුම දෙයකුත් එක්ක.
මට නිකං පිස්සු වගේ.... BMW
එකකුයි, ලැම්බෝගිනියකුයි කරට කර එනව... 230ත් පන්නල. ඒ
අස්සෙ පුට්සයිකල් කාරයෙකුත් එනව ඕයි ඒ speed එකෙන්ම...
බෙල් එකත් ගගහ, වාහන දෙකත් over take කරන් යන්න.